අන්නාසි වලින් හදන්න පුළුවන් රසම රස ඩිසර්ට් රෙසිපි 7ක්

අන්නාසි ඩිසර්ට් කාලෙක ඉඳන් ගේන්න හිටියත් බැරි උනා. අන්නාසි වාරෙට හැමතැනම සුවඳ ගහ ගහ අන්නාසි පිරිලා. කෑම රුචිය වඩවන, රසම රස අන්නාසි කන්න අකමැති කෙනෙක් නැතුව ඇති. ඔන්න අද ගෙනාවා අන්නාසි වලින් හදාගන්න පුළුවන් ඩිසර්ට්ස් 7ක්ම. අනිවාර්යයෙන්ම හදන්න. මොකද මේවා හරිම ලේසි රෙසිපි. 

 

1. නෝ බේක් පයිනැපල් චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ක්‍රීම් ක්‍රැකර් හෝ බටර් කුකීස් 20 
  2. මෙල්ට් කරගත් බටර් ග්‍රෑම් 150

 

ෆිලින් එකට

 

  1. බටර් ග්‍රෑම් 10
  2. ක්‍රීම්චීස් ග්‍රෑම් 200
  3. අයිසින් ෂුගර්
  4. පොඩියට කපාගත් අන්නාසි කෝප්ප 2
  5. විප් ක්‍රීම් කෝප්ප 1

 

  • ක්‍රැකර් ටික කුඩු කරලා මෙල්ට් කරගත් බටර් වලට දාලා කලවම් කරගන්න. 
  • වෙනම බෝල් එකකට බටර් හා ක්‍රීම්චීස් බීට් කරගන්න. මේකට අයිසින් ෂුගර් ටිකත් දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරන්න. 
  • මේකට අන්නාසි ටික දාලා ස්පැතූලා එකෙන් මික්ස් කරගන්න. ග්ලාස් ට්‍රේ එකකට සාදාගත් ක්‍රැකර් ක්‍රස්ට් එක දාලා තද කරලා උඩින් විපින් ටොපින් එක දාගන්න. 
  • ඊට උඩින් කුඩුකරගත් ක්‍රැකර් ටිකක් ඉහළා පැය 2ක් ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න. 

 

 

2. පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක් (Pineapple upside down cake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 150
  2. බේකින් පව්ඩර් තේ හැඳි 2
  3. චොප්කර ගත් අන්නාසි කෝප්ප 1 
  4. බටර් ග්‍රෑම් 200
  5. බිත්තර 3
  6. චොප් කර ගත් චෙරි කෝප්ප 1 
  7. බ්ලෙන්ඩ් කර ගත් දුඹුරු සීනි කෝප්ප 1/2

 

  • ග්ලාස් ට්‍රේ එකක් අරන් ඒකට බටර් ටිකක් ගා ගන්න. ඊළඟට ඒකට චොප් කර ගත් අන්නාසි ටික දා ගෙන ට්‍රේ එක පුරාම අතුරගන්න. ඒකට උඩින් චෙරි ටික දාගන්න. 
  • බටර් හා සීනි බීට් කරගන්න. පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලාගන්න. සීනි බීට් උනාම බිත්තර දාලා ක්‍රීමි වෙනකල් බීට් කරන්න. 
  • අන්තිමට පිටි ටික දාලා ස්පැචූලා එකෙන් කලවම් කරගන්න. දැන් මේක අන්නාසි දාගත් ට්‍රේ එකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 25 ක් 30 ක් විතර බේක් කරගන්න. නිවුනට පස්සෙ අනික් පැත්ත හරවන්න. 

 

3. පයිනැපල් අප්සයිඩ් ඩවුන් චීස් කේක් (Pineapple upside down Cheesecake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. බේකින් පව්ඩර් තේ හැඳි 2
  3. අන්නාසි ජූස් 
  4. වෙජිටබල් ඔයිල් කෝප්ප 1/4
  5. බිත්තර 2
  6. බටර් 
  7. බ්ලෙන්ඩ් කරගත් දුඹුරු සීනි 
  8. අන්නාසි කෑලි කෝප්ප 1
  9. චෙරි ටිකක්
  10. ක්‍රීම් චීස් ග්‍රෑම් 200
  11. සීනි ග්‍රෑම් 200
  12. සවර් ක්‍රීම් මේස හැඳි 2
  13. වැනිලා ටිකක් 

 

ලේයර් 1 

 

  • බෝල් එකක් අරගෙන අන්නාසි ජූස්, වෙජිටබල් ඔයිල්, බිත්තර 1ක් දාලා හොඳට බීට් කරගන්න. පාන්පිටි ටිකත් දාලා කලවම් කරගන්න. 
  • දැන් බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට බටර් ටිකක් ගාලා කේක් බැටර් එකෙන් භාගයක් දාලා සෙල්සියස් 180° ට විනාඩි 30ක් වගේ බේක් කරගන්න. 

ලේයර් 2

 

  • බෝල් එකක් ගෙන ඒකට ක්‍රීම් චීස්, සීනි දාලා හොඳින් බීට් කරගන්න. බිත්තර 1ක් ඒකට එක් කරන්න. නැවත හොඳින් බීට් කරගන්න. සවර් ක්‍රීම්, වැනිලා දාලා හොඳටම බීට් කරගන්න. 

 

ලේයර් 3 

 

  • දැන් වෙනම ග්ලාස් බේකින් ට්‍රේ එකක් අරගෙන අන්නාසි කෑලි ටික අතුරගන්න. චෙරි ද එක් කරන්න. දැන් ලේයර් 1න් ඉතුරු වුණ කේක් බැටර් එක උඩින් දා ගන්න. සෙල්සියස් 180° ට විනාඩි 45 ක් විතර බේක් කරගන්න. 
  • මේ ලේයර් එක නිවුනම හදාගත්ත ක්‍රීම්චීස් ලේයර් එක දාලා මුලින්ම බේක් කරගත් ලේයර් එක උඩින් දාලා සැන්ඩ්විච් කරගන්න. ෆ්‍රිජ් එකේ පැයක් තියලා අනිත් පැත්ත හරවගන්න.

 

 

4. පයිනැපල් සුෆ්ලේ (Pineapple souffle dessert)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අන්නාසි ජෙලි පැකට් 1
  2. උණු වතුර කෝප්ප 2 
  3. චොප් කර ගත් අන්නාසි කෝප්ප 
  4. සීනි කෝප්ප 1 /4
  5. වතුර කෝප්ප 1/4
  6. ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1 
  7. මිල්ක්මේඩ් කෝප්ප 3/4

 

  • බෝල් එකක් අරගෙන ඒකට අන්නාසි ජෙලි දාලා ඒකට උණු වතුර එක් කරන්න. හොඳින් කලවම් කරන්න. දැන් අන්නාසි ජෙලි මික්ස් එක ග්ලාස් ට්‍රේ එකකට දාලා පැය 1 හෝ 2 ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න. ඊළඟට ජෙලි එක සෙට් වුණාට පස්සෙ කොටු වලට කපා ගන්න. 
  • වෙනම පෑන් එකක් ගෙන එය ලිපේ තියලා ඒකට චොප් කර ගත් අන්නාසි දාගන්න. සීනි හා වතුර එක් කරලා හොඳින් කලවම් කරගෙන ස්ටූ කරගන්න. ඒක වෙනම නිවෙන්න තියා ගන්න. 
  • වෙන බෝල් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් ක්‍රීම්, මිල්ක්මේඩ් දාලා හොඳින් මික්ස් කරගන්න. 
  • දැන් කලින් හදා ගත් අන්නාසි ස්ටූ එක මේකට දාන්න. නැවත හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට ඒකට අන්නාසි ජෙලි කෑලි ටික එක් කරන්න. හොඳින් කලවම් කරන්න. දැන් මේක පැය 2 ක් හෝ 3 ක් ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියන්න. 

 

 

5. පයිනැපල් සොර්බට් (Pineapple sorbet)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මැද නාරටිය ඉවත් කර කපාගත් අන්නාසි ගෙඩියක්
  2. මේපල් සිරප් මේස හැඳි 5 

 

  • අන්නාසි ටික බ්ලෙන්ඩර් එකට දා ගන්න. ඒකටම මේපල් සිරප් ද එක් කරන්න. දැන් එය බ්ලෙන්ඩ් කරගන්න. 
  • හොඳින් බැටර් එකක් එන විදිහට බ්ලෙන්ඩ් කරගන්න. 
  • ඊළඟට ඒක වෙනම බෝල් එකක දා ගෙන පැය 4 ක් විතර ෆ්‍රීස් කරගන්න. අවශ්‍ය වෙලාවට ස්කූප් එකකින් අරගෙන පිළිගන්වන්න.

 

 

6. පයිනැපල් කොකනට් ක්‍රීම් ඩිසර්ට් (Pineapple coconut cream dessert)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. විප් ක්‍රීම් කෝප්ප 1 
  2. පොල්කිරි 1 1/2
  3. මිල්ක්මේඩ් කෝප්ප 1/2
  4. චොප් කර ගත් අන්නාසි 
  5. සීනි ග්‍රෑම් 60
  6. රෝස්ට් කරගත් ෆ්‍රෙෂ් කොකනට් 

 

  • බෝල් එකක් අරගෙන ඒකට විප් ක්‍රීම් දමා හොඳින් බීට් කරගන්න. හොඳින් බීට් වුනාම ඒකට පොල්කිරි දාලා නැවත හොඳින් බීට් කරගන්න. ඒකටම මිල්ක්මේඩ් දාලා නැවත හොඳින් බීට් කරගන්න. 
  • දැන් වෙනම පෑන් එකක් අරගෙන ඒකට චොප් කර ගත් අන්නාසි, සීනි දාලා ස්ටූ එක හදා ගන්න. දැන් වෙනම ඩිසර්ට් කප් ගෙන ඒකට කලින් සදා ගත් විප් ක්‍රීම් මික්ස්චර් එක දා ගන්න. ඊළඟට ඒකට කලින් සදා ගත් අන්නාසි මික්ස් එක දා ගන්න. නැවත විප් ක්‍රීම් මික්ස්චර් ලෙයර් එක දා ගන්න. 
  • ඩිසර්ට් කප් එක උඩින් අන්තිම ලේයර් එක විදියට රෝස්ට් කරගත් ෆ්‍රෙෂ් කොකනට් ඉහ ගන්න. 

 

 

7. පයිනැපල් පයි  (Pineapple pie)

අවශ්‍ය ද්‍රව්‍ය

 

පයි ක්‍රස්ට් එකට

 

  1. පාන් පිටි ග්‍රෑම් 300
  2. අන්නාසි 
  3. සීනි ග්‍රෑම් 100 
  4. බටර් ග්‍රෑම් 150 
  5. බේකින් පවුඩර් තේ හැඳි 1
  6. අයිස් වතුර මේස හැඳි 6-7

 

ටොපින් එකට

 

  1. ක්‍රීම්චීස් ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 50
  3. වැනිලා ටිකක් 
  4. බිත්තර 1
  5. චොප්කරගත් අන්නාසි කෝප්ප 1

 

  • බෝල් එකක් ගෙන ඒකට පාන් පිටි, සීනි, බටර්, බේකින් පවුඩර් දාලා හොඳින් කලවම් කරන්න. අතින් පොඩි කරමින් පොඩි ක්‍රම්බ්ස් වගේ එනකම් කලවම් කරන් අයිස් වතුර ටික ටික එකතු කරලා ක්‍රම්බ් ඩෝ එකක් හදාගන්න.
  • දැන් පයි ට්‍රේ එකක් ගෙන ඒකට කලින් සදා ගත් ඩෝ එක අතුරා ගන්න. වටේ බිත්ති වලත් හොඳට වැහෙන විදියට දාගන්න. 
  • වෙනම බෝල් එකකට ක්‍රීම්චීස්, සීනි, වැනිලා හා බිත්තරය දාලා බීට් කරගන්න. මේකට චොප්කරගත් අන්නාසි ටිකත් දාලා බීට් කරලා පයි ට්‍රේ එකට පුරවගන්න. 
  • දැන් මේක සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *