පරිගණකය කියන්නේ එක කාර්යයකට මූලික වන උපකරණයක් නෙමෙයි. එහි ඇති
බහුවිධ ප්‍රයෝජන අද සමාජයේ ජීවත්වන පුරවැසියන් විදියට අපිට විවිධ පැතිකඩ ඔස්සේ උදව් උපකාරී වී තිබෙනවා. අපිට පරිගණකය ඒ තිබෙන මූලික ස්වරූපයෙන්ම දකින්නට හැකි තැනක් තමයි කාර්යාලය. කාර්යාල වටපිටාවෙදි මොනවද මූලිකව පරිගණකයක ඔබාගන්න ඕනි සොෆ්ට්වෙයාර්? මොනවද අපිට වැඩ ලේසිවෙන්න පාවිච්චි කල හැකි සරළ සාමාන්‍ය මෘදුකාංග? අපි ඒගැන මදක් සොයාබලමු…
1. ඔෆිස් සූට් එක
කාර්යාලයක වැඩ කරද්දි ලියුම් සැකසීම, ස්ප්‍රෙඩ්ෂීට් පවත්වාගැනීම සහ ප්‍රසන්ටේශන් වගේ වැඩ මූලික වශයෙන් කරන්නට ඔෆිස් පැකේජ් එක අපිට වැදගත්. ඒ සඳහා මූලිකව මයික්‍රොසොෆ්ට් ඔෆිස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔරිමජිනල් ගන්නවා නම් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැක් එක ටිකක් මිල වැඩියි. ඒ සඳහා ආදේශක විදියට ලීබ්ර ඔෆිස් සහ වෙනත් ඕපන් ඔෆිස් මෘදුකාංග භාවිතා කල හැකියි. එම් එස් ඔෆිස් තරම් හැඩ රුව නැතත් යාන්තම් වැඩ ටික ගොඩදාගන්න මේ නිකම් ගත හැකි ලීබ්‍රෙ සහ ඕපන් ඔෆිස් හරහා හැකියාව ලැබෙනවා.
2. මැසේජින් කෝලින් ප්ලැට්ෆෝම්
විශාල ව්‍යාපාරයක නම් ජාලකරණය වූ වටපිටාවක එකිනෙකා හා සන්නිවේදනය කරන්න විශේෂිත වූ චැටින් සහ කමියුනිකේශන් ප්ලැට්ෆෝම් තිබෙනවා. ස්ලැක් (Slack) වැනි අඩවි හරහා අපගේ වැඩ රාජකාරි වඩාත් පහසුවෙන් සාකච්ඡා කරගත හැකියි. එහෙත් කුඩාවට පටන් ගත් අලුත් ඔෆිසියක එකපාර එවැනි විශාල දෙයකට යන්න අමාරුයි. ඒ වගේ වෙලාවට ස්කයිප්, වයිබර් සහ වට්සැප් හරහා අපිට අවශ්‍ය දැනුම් දීම් සිදුකල හැකියි. එකවර කිහිප දෙනෙක්ට කතා කරන්න අවශ්‍ය වෙලාවට මේ ස්කයිප් ගූගල් හැඟවුට් වයිබර් වැනි චැට් ප්ලැට්ෆෝම් මහත් සේ උපකාර වෙනවා. අද කාලේ ස්මාට්ෆෝන් හරහා මේ පොදු චැට් ඇප් හැම එකක්ම පහසුවෙන් හසුරුවන්න පුලුවන් නිසා එළියේ සිට සම්බන්ධ වෙන අයත් එක්ක වුනත් සබඳතාවයන් ගොඩනගාගන්න මෙම ඔන්ලයින් චැටින් ෆ්ලැට්ෆෝම් වලින් ලොකු උදව්වක් ගත හැකියි.
3. ස්ටෝරින්
කාර්යාල වටපිටාවකදි ඩොකියුමන්ට් හැදීම වගේම ඒවා එකිනෙකා අතර හුවමාරුව සහ ගබඩා කරගැනීම වැදගත්. ඔෆිස් පැකේජ් එකක් විදියට ගූගල් ඩොක්ස් (Google Docs)වගේ ඔන්ලයින් එකක් භාවිතා කලොත් ලැබෙන එක වාසියක් තමයි කිහිප දෙනෙකුට එකම ඩොකියුමන්ට් එක හැසිරවිය හැකිවීම. ඒ කියන්නේ අපි හිතමු කිහිප දෙනෙකුට අදාළ එක්සෙල් ෂීට් එකක් පුරවන්න තිබෙන අවස්ථාවක්. හරිහැටි සෙටින් හදලා ගූගල් ෂීට් හෝ ඔන්ලයින් එක්සෙල් ඇප් එකක් ලබාදුන්නොත් කිහිප දෙනෙක්ට කිසි ගේමක් නැතුව එකවර තොරතුරු පුරවන්න සහ බලාගන්න හැකියාව ලැබෙනවා. ගූගල් ඩොක්ස් පැක් එක එක්ක ගූගල් ෆෝම්ස් (Google Forms)වගේ දේවලුත් පොඩි පොඩි තොරතුරු එකතු කරගන්න වැඩවලට වැදගත් වෙනවා.
මේ විදියට අපේ දත්ත අනික් අය එක්ක බෙදා හදාගෙන පොදුවේ පාවිච්චි කරන්න වගේම දත්ත කාලාන්තරයක් තිස්සේ ගබඩා කරලා තියාගන්නත් මේ ඔන්ලයින් ස්ටෝරු බොහොම වැදගත්. ලෝකේ ඕනෑම තැනකදි අදාල යූසර් ලොගින් එකෙන් මේ දත්ත ලබාගත හැකි නිසා කාර්යාල මාරු කලත්, බිස්නස් එකේ නම වෙනස වුනත් කොටින්ම අකුණක් ගහල පරිගණකය, ෆෝන් එක අලුවෙලා ගියත් දත්ත ටික ආරක්ෂා කරගත හැකියි මේ ඔන්ලයින් ස්ටෝරු වල දත්ත ගබඩා කරලා අපේ පොඩි බිස්නස් එක පවත්වාගෙන ගියොත්. ඩ්‍රොප්බොක්ස් (Dropbox) ගූගල් ඩ්‍රයිව් (Google Drive) වගේ ස්ටෝරින් අවකාශ රැසකුත් මේ දත්ත ඔන්ලයින්ව ගබඩා කරගන්නට අපිට උපකාර කරගත හැකියි.
4. ටයිම් මැනේජ්මන්ට්
වැඩ කරනවා වගේම වැඩ වෙලාවට කරන එකත් ව්‍යාපාරයක් හෝ යම් කාර්යාලයක මූලික දියුණුවට හේතු වෙනවා. හරි කාලයට තමුන්ගේ සේවාව හෝ භාණ්ඩය ලබාගන්න බැරිවුන සෑම පාරිභෝගිකයෙක්ම ඒ ආයතනය ගැන කළකිරීමෙන් තමයි පසුවෙන්නේ. ඉතිං මේ වෙලාවට බඩු දෙන්න අපිට එකිනෙකා අතර තිබෙන වෙලාව කළමනාකරණය කරගන්න මයික්‍රොසොෆ්ට් ප්‍රොජෙක්ට් (Microsoft Project) ගූගල් කැලැන්ඩර් වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරන්නට පුලුවනි.
5. සෝෂල් මීඩියා ඇප්ලිකේෂන්ස්
ව්‍යාපාරයක් හෝ කිසියම් සංවිධානයකට මේ යුගයේදී සෝෂල් මීඩියා වලින් ගැලවීමක් නැහැ. සෝෂල් මීඩියා හරහා සාමාන්‍ය මාධ්‍යවලට ගෙවලා කරන විශාල දැන්වීම් වලට වඩා අඩු පිරිවැයකින් අපේ පාරිභෝගිකයින්ට තොරතුරු ගෙන යා හැකියි. මේ සඳහා සියලු සෝෂල් නෙට්වර්ක් එකම විට අප්ඩේට් කරන Hootsuit සහ Buffer ඇප්ලිකේෂන් යොදගන්නට හැකියි. එසේම සමාගමකට තමුන්ගේ ගමන් මගේ විවිධ සංධිස්ථාන සටහන් කරන්නට අලුත් දේ ගැන අලුත් වෙනස් වීම ගැන පොදුවේ දැනුවත් කිරීම් කරන්නට බ්ලොග් අඩවියක් පවත්වාගැනීමත් වැදගත්. මීඩියම්, වර්ඩ්ප්‍රෙස්, බ්ලොගර් වගේ අඩවි හරහා තොරතුරු යාවත්කාලීන කරගත හැකියි. එසේ නිතර යාවත්කාලීන වන සෝෂල් මීඩියා සහ බ්ලොගින් අඩවි හරහා පාරිභෝගිකයින්ට සිය පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබෙන අතර අපේ සේවාව හෝ නිෂ්පාදනය පිළිබඳ සැබෑ පාරිභෝගික අදහස්ද එකතු කරගත හැකියි.
6. එකවුන්ට් ඇන් සී ආර් එම් (CRM)
එකවුන්ට් හැසිරවීමට ක්වික් බුක් වැනි සොෆ්ට්වෙයා තිබෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වලදී පෙර කාලේ පොත් පත් ලෙජර් වලින් කල බොහෝ දෑ අද මේ ගිණුම්කරණ මෘදුකාංග හරහා සපුරාගත හැකියි. ටිකක් ආයතනය විශාල වෙද්දි හරිහමන් CRM-Customer Relationship Management, ERP – Employee Relationship Management වගේ මෘදුකාංග වලට සම්බන්ධ වීම වැදගත්. ඒවා හරහා පාරිභෝගිකයින් කළමනාකාරණය සහ අපට සිටින ස්ටාෆ් එක කළමනාකරණය කිරීම වඩාත් පහසු දෙයක් වේවි.
මීට අමතරව කාර්යාල හෝ ව්‍යාපාරික, සංවිධාන අවශ්‍යතාවන්ට අනුකූල මෘදුකාංග රැසක්ම තිබෙනවා. ඉංජිනේරු සැලසුම් ශිල්පීය ක්‍රමවේද ආශ්‍රිතව ඔටෝ කැඩ් වැනි ත්‍රිමාණ ද්විමාන ඇඳීම් ශීල්පීය මෘදුකාංග භාවිතා වෙනවා. ඒ වැනිව ඒ ඒ අදාළ ක්ෂේත්රයන්ට විශේෂිත වූ මෘදුකාංග මගින් අපේ කාර්යාල වැඩකටයුතු විධිමත් කරගත හැකියි. ඇතැම්විට අපිට තිබෙන මෘදුකාංග වලින් අපේ අවශ්‍යතා සපිරෙන්නේ නැතිනම් හෝ ඒවායේ යම් වෙනසක් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහාද අද වනවිට මෘදුකාංග සංවර්ධන ආයතන (Software Development Companies) තිබෙනවා. භාවිතා කරන මෘදුකාංග තරම් මිලෙන් අඩු නොවූවත් හරියට සැලසුම් කරලා මෘදුකාංග වැඩිදියුණු කරගැනීමෙන් ආයතනයේ හෝ පද්ධතියේ ලාභ වැඩිදියුණු කරගත හැකියි.
කාර්යාල වල වැඩ පහසු කරගන්න යොදාගත හැකි මෘදුකාංග අතරින් කිහිපයක් පමණයි අපිට මෙතැන සඳහන් කරන්නට හැකි වුනේ. ඔබ වැඩකරන වටපිටාවේ ඔබේ වැඩ වඩාත් ලෙහෙසි කරන තවත් මෘදුකාංග තිබේද? එසේනම් ඒවා ගැනත් අපිව දැනුවත් කරලා යන්න කමෙන්ට් එකකින්.
Cover Image Source – wikimedia.org / canadianbusiness.com
Leave a Reply