බොන වෙලාවක ආතල් කුඩු කරන්න හේතු වෙන සිද්ධි 7ක්

හොඳටම කට්වෙලා, කබරයා දාලා චාටර් වෙච්ච දවසකට පස්සේ අපේ අය ඒ චාටර් එක වහගන්න කියන බොරු සෙට් එකක් තියනවා. “කාල නෙමෙයි හිටියේ”, “බයිට් එක චාටර් වුණා”, “මම කලිනුත් බීලයි හිටියේ” වගේ ජනප්‍රිය කතා ඒ සෙට් එකට අයිතියි. හැබැයි මේ කියන බොරු වලට අමතරව ඇත්තටම බොන වෙලාවක අපේ ආතල් එකට වින කරන්න පුළුවන් තව සිරා සිද්ධි තියනවා. අන්න ඒවා කීපයක් ගැනයි මේ අපි කියන්නෙ.

 

1. ෆ්‍රෙන්ඩ්ෂිප් ෂොට් එක

 

ෆ්‍රෙන්ඩ්ෂිප් ෂොට් එක කියන්නේ හොඳම ෆිට් පොරවල් ටිකක් සෙට් වෙලා අහවර වෙද්දි උදාවෙන සුන්දර මොහොතක්. හැබැයි ඉතින් මේ ෂොට් එක ගොඩක් දෙනෙක්ගේ සෙට්වීමේ අත්දැකීම අසුන්දර කරන්න බලපාන අවස්ථා තියනවා. ගස් ගල් වගේ නොසැලී ඉන්න සද්දන්ත චරිත බිමට පතබාවන්න මේ පොඩ්ඩ පොඩ්ඩ බොන ෂොට් එක හේතු වාසනා වෙනවා ගොඩක් වෙලාවට. මේකට ඉතින් හේතු වෙන්නේ අන්තිම ෂොට් එකට එද්දී බයිට්, සැන්ඩි බන්ඩි ඉවරවෙලා ෆුල් නීට් පිටම ව​ගේ මේ ෂොට් එක ගසන්න වීම නිසා තමයි. එහෙම නැතත් ඉතින් අන්තිම ෂොට් එක නිසා වෙරිය උඩ ගහන්නත් එක්ක මේ ෂොට් එක අමු අමුවේ ගසලා දාන්න අපේ අයියලා උත්සාහ කරන නිසාත් මේක විනාසයක් වෙනවා.

 

2. නීට් ෂොට් එක

 

මේක නම් ඉතාම සෝචනීය සිදුවීමක් මිත්‍රවරුණි. කොච්චර මීටරේ තියාගෙන බිව්වත් යාළු කතාබහ අතරේ නොදැනුවත්ම අමුම අමු නීට් ෂොට් එකක් අපිට වැරදීමකින් පෙවෙන අවස්ථා තියනවා. ආයෙ ඉතින් උගුරට ඇසිඩ් ගැහුවා වගේ පටන් අරගෙන, බඩබොකු රත් කරගෙන, ඉහමොළ කරකවාගෙන මේ ෂොට් එක අපේ ආත්මෙට කිඳාබැහැලා අපේ වෙරිය ඩබල් කරනවා. ඉතින් ගා​ණට වෙරියයි, ආතල් එකයි මැනේජ් කරන් යන වගකීම්සහගත බෙබාලටත් කෙළ වෙනවා මේ ඇබැද්දිය නිසා.

 

3. ගෙදරින් කෝල්

අම්මලා, පෙම්වතියෝ සහ බිරින්දෑවරුන්ගෙන් එන කෝල් නිසාත් සමහර වෙලාවට සෙට්වීම අප්සට් වෙලා, නට් ගැලවිලා යනවා. ​මේක වෙනම අප්සට් ලෙවල් එකකට යන්නේ ආයෙ එලාම් තියලා වගේ සැරින් සැරේට කෝල් දෙන එකෙන්. ඔන්න උදාහරණෙකට කොල්ලා කිවුවොත් 8 වෙද්දි බොන තැනින් එනවා කියලා ඔන්න 7.59ට කෝල් එක එනවා “කෝ ආවද?” කියල අහලා. තව පැය බාගයකින් එනවා කිවුවම ඔන්න ආයෙම පැය බාගෙකින් කෝල්. ඉතින් වෙලාව බලලාම, වෙලාව කියලාම කොල්ලා අතරමගදී වැඩි වෙලා බුදි.

 

4. ඔෆිස් කෝල්

 

සැපේ ඉන්න වෙලාවට එන ඔෆිස් කෝල් කියන්නේ පූරුවේ කරුමයක්. ලාවට සෙට් වේගෙන එන වෙලාවට මේ වගේ කෝල් එකක් ආවොත් තව කාට හරි කෝල් එකක් දීලා හරි, ෆෝන් එකකින්, ලැපකින් ජාලෙට ගොඩවෙලා හරි වැඩේ ෂේප්මන්ට් කරගන්න පුළුවන්. ඒත් සැපේ උපරිම වෙලාවෙදි ඔෆිස් එකේ මොකක් හරි හදිසි වැඩක් ගැන එන කෝල් එකක් කියන්නේම මානසික ව​ධයක්. එවෙලේ කරන්න බැරි වුණත්, පස්සේ හරි කරන්න තියන වගකීමක් හැටියට මේක වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න පොරවල්වල හිතට බරක් වෙලා සටහන් වෙනවා. ඉතින් ඒ වෙලේ ඉඳන් බීමේ ආතල් එක ඩවුන්ද පල්ලම්.

 

5. දුම්වැටියේ

කොල්ලන්ට දුම්වැටි වුණත් බොන බ්‍රෑන්ඩ් තියනවා. සමහරු කැමති සැර ඒවට. තවත් සමහරු කැමති මින්ට් සහ පළතුරු සුව​ඳ එක්ක එන ස්විච් ඒවට. අන්න එහෙම දුම්වැටි ගැන විශේෂ රුචි අරුචිකම් තියන උදවියට තමන්ගේ බ්‍රෑන්ඩ් එකෙන් පිට එව්වා වැරදිලා හරි පාවෙලා ඇවිත් වදිනවා කියන්නේ මහත් නස්පැත්තියක්. එක්කෝ බඩ කැළතෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් ඔලුවටම වැදිලා වෙරිය කන්ට්‍රෝල් නැතිව යනවා, කටේ අප්‍රසන්න ගතියක් ඉතුරු වෙනවා. ඒ මොකුත් නැති වුණත් පහුවදා උදේට සැර ඔලුවෙ කැක්කුමක් හරි අල්ලනවා. මේ විදිහම තමයි අම්බානක වැදිලා ඉන්න සමහර දවස්වලට ත්‍රෛලෝක විජයාපත්‍රයක් එහෙමත් පාවෙලා ආපුවහම. ඒ රහත් නෑ… මේ රහත් නෑ…

 

6. කලවං

සමහරු බොන්නේ දුඹුරු ජාති. තවත් සමහරු බොන්නේ සුදුවා. කෝක් ලීටරයක් විතර ෂැන්ඩි නොකර බීම එක බඩට බස්සගන්න අමාරු බුවාලා ඉන්නවා. තවත් සමහර පොරවල්වල​ට අරක්කු බෝතයලක් බීලා කෙලින් ඉන්න පුළුවන් වුණත් බියර් එක කෑන් එකක් ගහපු ගමන් උන් නස්කෘට් වෙලා යනවා. මේ විදිහේ රුචි අරුචිකම් තියන උන්දැලාට යාළු ෆිට් එකට හරි, වෙරිය මදි නිසා හරි වෙනත් බ්‍රෑන්ඩ් එකකින් එකක් වදිනවා කියන්නේ ඉතින් ආයෙ හොදි ඕන නෑ.

 

7. චිකන් නෙමේ බීෆ්

දැන් ඉතින් සමහරු ඉන්නවා වෙජිටේරියන්ස්ලා. තවත් සමහරු බිත්තර ටේරියන්ලා. හැබැයි බොන්න ගියාම ඉතින් කොයි කාගෙත් බයිට් හවුලේ තමයි මේසේ උඩ තියෙන්නේ. ඉතින් මස් වලින් චිකන් විතරක් කන එකෙක්​ට වැරදිලා බීෆ් කෑල්ලක් ​කැවෙන අවස්ථා තියනවා. හතු කෑල්ලක් කියලා හොට් බටර් කට්ල්ෆිෂ් කෑල්ලක් කැවෙන අවස්ථා තියනවා. අන්තිමට පස්සෙන් පහු වෙලා හරි තමන් කෑවේ නොකෑ යුතු දෙයක් කියලා දැනගත්ත අවස්ථාවේ ඉඳන් අදාළ පුද්ගලයාගේ බඩයි හිතයි දෙකම අප්සට් වෙලා වෙරිය චොර වෙලා යනවා. මේස යට කබරයෝ පාවෙලා යනවා.

 

මේ වගේ බොන අවස්ථාවලදී ආතල් කුඩු කරන අත්දැකීම් ඔයාලටත් ඇති. ඒ ගැන නොසඟවා අපිට කියලා මේ ආටිකල් එක තවත් සමීප අත්දැකීමක් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *