හැමදාම අඩු ලකුණු ගණිතයටද? එහෙනම් මේ ටිප්ස් 7 ඔයාටමයි

 ගණිතය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් අය අකමැති විෂයයක්. මොකද වෙන විෂයයන් වගේ කටපාඩම් කරලා ගණන් විභාගෙට උත්තර ලියන්න බැහැ. ඉතින් ගොඩාක් අයට අමාරු මේ විෂයයට A එකක් ගන්න පුළුවන් විදියේ ටිප්ස් හතක් අද අපි අරන් ආවා. 

 

1. Past papers ගණන් හදන්න

මේක අපි කලිනුත් කියලා ඇති. ගණිතයට විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් හැම විෂයකටම වගේ ගැළපෙන ටිප් එකක් මේ. සමහර අවස්ථාවල මීට අවුරුදු ගාණකට විතර කලින් විභාග වල ආපු ගණන් ඕලෙවල් විභාගෙට නෙමෙයි, සමහර විට ඔයාගේ ඉස්කෝලෙ වාර විභාගෙට වුණත් එන්න පුළුවන්. එනිසා මෙහෙම පරණ පේපර්ස් කරලා සූදානම් වෙන එක වැදගත්. ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් ටෙස්ට් එකක් කරගන්න පුළුවන් ඔයාට අමාරුම ගණන් ගැන. උදාහරණයක් විදියට පාස් පේපර් ඒකේ ජ්‍යාමිතික ගණන් ගොඩක් ඔයාගේ වැරදි නම් ඔයාට පුළුවන් ගොඩාක් ජ්‍යාමිතික ගණන් හදන්න. ඒක තමයි මේ පාස්ට් පේපර්ස් කරන එකේ වැදගත්කම 

 

2. Symbolab ඇප් එක 

 මේකත් ගණන්වලට ඉහළ ලකුණු ගන්න හිතන ඔයාට හොඳම ඇප් එකක්. මේකෙන් පුළුවන් ඔයාට හදපු ගාණක් හරිද වැරදිද කියන එක චෙක් කරගන්න. මේ ඇප් එකේ කරන්න ඕනේ ඔයාට හදන්න ඕනේ ගාණ ෆෝන් එකෙන් ස්කෑන් කරන එකයි. ඊට පස්සේ උත්තරේ එනවා. ඒත් මේකේ පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ගාණ හදපු සමීකරණය බලන්න ඕනෙ නම් මේකට පොඩි ගාණක් ගෙවන්න වෙනවා. එහෙම අපහසුයි නම් ඔයාට පුළුවන් මේකට ස්කෑන් කරද්දී වැරදිය කියලා පෙන්නපු ගාණක් තියෙනවනම් ඔයාගේ ගණිතය ගුරුතුමියගෙන් ගණන වැරදුන හේතුව අහගන්නත්.

 

https://www.symbolab.com/

 

 

 

3. එකම ගාණ දහපාරක්වත් හදන්න

මේක නම් ගොඩාක් අය අනුගමනය කරන ටිප් එකක් නේ. නොකරන අයත් ඇති. ඔයාට පුළුවන් ඔයාට අමාරු වුණු ගාණක් සාමාන්‍යයෙන් දහපාරක්වත් හදන්න. ඊට පස්සේ ඒක ඔයාට ගොඩාක් දුරට මතක හිටියි. ඒ වගේම මේ දේත් මතක තියාගන්න. ගණන් හදද්දි වැදගත් වෙන්නේ උත්තරේ නෙමෙයි, උත්තරේ හදන්න ගත්ත සමීකරණයයි ආදේශනයයි. ඉතින් මේ දෙක පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. එතකොට උත්තරෙත් ඉබේම හරියනවා

 

4. ක්ලාස් එකේදි අවධානය නැති කරගන්න එපා 

මොන දේ තිබ්බත් අවධානය නම් නැති කරගන්න එපා. ඉස්සර නම් ඔයාලා පන්ති කාමරයක තමයි ගණන් ඉගෙන ගත්තේ. ඒත් දැන් එහෙම නෑනේ. කොහොම වුණත් ඔන්ලයින් හරි ක්ලාස් එකට පුළුවන් තරම් අවධානය දෙන්න. එහෙම අපහසු නම් ඔයාට පුළුවන් ක්ලාස් එක රෙකෝඩ් කරලා පස්සේ ෆ්‍රී වෙලාවක බලන්න. ඊට පස්සේ නොතේරුණු දෙයක් තියෙනව නම් පස්සේ දවසක ටීචර්ට මැසේජ් එකක් දාලා ඔයාට අහගන්නත් පුළුවන් දැන් නම්… 

 

5. හැමදේම ලියන්න

මේ ටිප් එක නම් ගොඩාක් ගැළපෙන්නේ විභාගය දවසට. ඉතින් ගොඩාක් දක්ෂ අයගේ ගණන් වලට ලකුණු අඩුවෙන්න එක හේතුවක් තමයි එක පාරම උත්තරේ ලියන එක. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්තරේ අපිට ලකුණු ලැබෙන්නේ සාමාන්‍ය ගාණක උත්තරයට විතරක් නෙමෙයි, සමීකරණයයි ආදේශනයයි හරියට ලිව්වොත් තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නෙ. මේක ගොඩාක් අයට මඟ හැරුණ දෙයක් වගේම වැදගත්ම දෙයක්. ඉතින් ඔයත් පුළුවන් තරම් පුළුවන් නම් හදන කටු වැඩෙත් උත්තර ලියන කොළේ පැත්තකින් ලියන්න…

 

6. සමීකරණය කට පාඩම් කරගත්තා කියලා මදි 

ගණන් වල ඇත්තටම තියෙන්නේ සමීකරණය පාඩම් කරන එක විතරයි කියලයි ගොඩාක් අය හිතන් ඉන්නේ. ඒත් ඒක වැරදියි. ඒකෙන් අදහස් කරන්නේ සමීකරණය වැදගත් නෑ කියන එක නම් නෙමෙයි, ඒත් ගණන් වලට A එකක් ගන්න නම් සමීකරණය කටපාඩම් කරන එක විතරක් කරලා මදි. පුළුවන් තරම් සමීකරණයත් එක්ක ගාණ හදලා ප්‍රැක්ටිස් වෙන්න.

 

7. එපා කරගන්න නම් එපා 

කලින් කියපු ටිප්ස් හ‍යට වඩා වැදගත් වෙන්නෙ මේ ටිප් එක තමයි. ගොඩාක් අයට මඟ හැරෙන තැන් වගේම වැදගත්ම දේ මේක. අපි ගොඩාක් අය ගණන් වලට අකමැති වෙන්න එක හේතුවක් තමයි සාමාන්‍යයෙන් ගණන් වල MCQ නැති වීම. අනිත් එක කටපාඩම් කරලා උත්තර ලියන්න බැරි වීම. ඒත් ගණන් වලට අපිට තියෙන මේ අකමැත්ත හා බය නිසාමයි අපිට ගණන් බැරි වෙන්නේත්. ඉතින් අපි ඒ බය සහ අකමැත්ත පුළුවන් තරම් ගණන්ම හදලා නැති කරගත්තොත් ගණන් කියන්නේ ගොඩාක් ලේසි විෂයයක් වෙනවා අනිවාර්යයෙන්ම…

 

ඉතින් අද අපි ගෙනාවේ ගණිතය විෂය අමාරු ඔයාට ගණිතයට A පාස් එකක් ගන්න පුළුවන් වෙන ටිප්ස් හතක්. ඉතින් මේ ටිප්ස් හත අනිවාර්යයෙන් හරියටම කළොත් අනිවාර්යයෙන්ම ඔයාට හැමෝම අමාරුයි කියන ගණිතයට A පාස් එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ටිප්ස් හත ගණන් අමාරුයි කියන ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

 

ශශින් ප්‍ර​බෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *