ඔෆිස් එකේ බොස් සෙක්ස් කරන්න අහනවද? මොනවද ඒ වගේ වෙලාවකට කරන්න පුළුවන්?

දැන් ඔය පෝර්නෝ සයිට් එකකට ගියත්, ඔෆිස් සෙක්ස් කියලා වෙනමම කැටගරියක් තියෙනවනේ. ඒකේ වැඩිහරියක් තියෙන්නේ ඔෆිස් එකේ බොස් එක්ක සෙක්ස් කරන එව්වා තමයි. ඒකට හේතුව, එකක් මේක සෑහෙන්න ජනප්‍රිය කාරණාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී සිද්ධ වෙන දෙයක්. හරි නම් වෘත්තිමය හැසිරීමක් තියෙන මනුස්සයෙක් අතින් එහෙම එව්වා වෙන්න විදියක් නෑ. හැබැයි ඉතින් හැමෝම මනුස්සයෝනේ. ඕන වෙලාවක ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්.

 

දැන් සාමාන්‍යයෙන් අපිත් එක්ක එකට වැඩ කරන මනුස්සයෙක් අපෙන් සෙක්ස් ඉල්ලන එකට අපිට කැමති නම් හා කියන්න පුළුවන්, බැරි නම් බෑ කියන්න පුළුවන්. හැබැයි ඔෆිස් එකේ බොස් එහෙම සීන් එකකට එනවා නම් දෙපාරක් හිතලා බලන්න වෙනවා මොකද කරන්නේ කියලා. කොහොම ප්‍රවේශයක්ද ගන්නේ කියලා. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. ඩීසන්ට් ඉල්ලීමක්ද, සෙක්ෂුවල් ෆේවර් එකක්ද?

මෙන්න මේක තමයි මුලින්ම හිතලා බලන්න ඕන කාරණාව. කොහොම කළත්, ඔෆිස් රොමෑන්ස් වගේ දේවල් වල යම් යම් ගැටළුකාරී තැන් තියෙනවා. ඒකේ අහන්න දෙයක් නෑ. හැබැයි බොස් වුනත් සාමාන්‍ය මනුස්සයෙක්නේ. එයා ඔෆිස් වෙලාවෙන් පිට, ඔෆිස් එකෙන් පිට, සම්පූර්ණයෙන්ම ඔෆිස් එකට අදාළ නැති පුද්ගලයෙක් විදියට, ඩීසන්ට් විදියට අපෙන් ආස්ක් අවුට් කරනවා නම්, එහෙම නැතිනම් සෙක්ස් ආරාධනාවක් කරනවා නම්, ඒක සෙක්ෂුවල් ෆේවර් එකක් නෙවෙයි කියන එක තහවුරු කරනවා නම්, අපිට බොහොම සරලව ඒක පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර වෙලාවට බොහොම ඩීසන්ට් විදියට කරන ඉල්ලීමක වුනත් සෙක්ෂුවල් ෆේවර් එකක් හැංගිලා තියෙන්න අවදානමක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ඔෆිස් කාලයෙන් සහ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකෙන් පිටදී වුනත්, තමන්ගේ බොස් එක්ක සෙක්ෂුවල් හෝ රොමෑන්ටික් සම්බන්ධතාවයක් තියාගන්න එකේත් ප්‍රශ්න තියෙනවා. ආන්න ඒවා ගැනත් හිතන්න වෙනවා.

 

2. සෙක්ෂුවල් ෆේවර් එකක් තමයි, හැබැයි මම කැමතියි!

සමහරු ඉන්නවා බොස් එක්ක සෙක්ස් කරන ෆැන්ටසීස් තියෙන. සමහරු ඉන්නවා සෙක්ෂුවල් ෆේවර් වලට ලෑස්ති වෙලා ඉන්න. සමහරු ඉන්නවා උඩට යන්න ඕනෑම දෙයක් කරන. එහෙම අය ඉතින් බොස් සෙක්ෂුවල් ෆේවර් එකක් ඉල්ලුවත් ඒක අවුලක් කරගන්නේ නෑ. ඇත්තටම මේ ආටිකල් එකත් ඒ අයට නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ඒ ගැන කතාකරලා වැඩක් නෑ.

 

හැබැයි එකක්: සෙක්ෂුවල් ෆේවර් වලින් කවදාවත්ම හරිහමන් විදියක වෘත්තිය සාර්ථකත්වයක් නොලැබෙන බවත් සිහියේ තියාගන්න ඕන. ඒ වගේම තමන්ගේ ප්‍රතිරූපයට වුනත් ඒක බොහොම නරක විදියට බලපානවාය කියන එකත් සිහියේ තියාගන්න ඕන.

 

3. ගේමෙන් සෙක්ස් ඉල්ලීම

සමහර වෙලාවට ඔෆිස් එකේ බොස් බලය පාවිච්චි කරලා සෙක්ස් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ තමන් එක්ක සෙක්ස් කරන්න කියලා කරන ඉල්ලීමට එකඟ වුනේ නැතිනම් වැඩ කරන්න අහිතකර පරිසරයක්, සතුරු කාර්යාල පරිසරයක් ඇති කිරීම වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. අපහාසාත්මකව සැලකීම, අනවශ්‍ය විදියට තර්ජනයන් කිරීම, වෘත්තිය ජීවිතයට බාධා එල්ල කිරීම, රැකියාවෙන් ලැබිය යුතු වරප්‍රසාද ආදිය ලබා නොදීම, අයුතු ස්ථාන මාරු, රැකියාවේ ඉහළ යෑම් සහ වෘත්තිය ජීවිතයේ ප්‍රගමනය සඳහා අකුල් හෙලීම් වගේ දේවලුත්, මේ විදියට සෙක්ස් ඉල්ලීමකට අකමැති වුණු කෙනෙක්ට හිරිහැර කරන්න බොස් කෙනෙක් බලය පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අඬලා දොඩලා රස්සාවෙන් අයින් වෙන්න හිතන්න කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බොස් මෙතනදී කරලා තියෙන්නේ නීතියට අනුව වරදක්!

 

මෙතන නීතිමය පසුබිම ගැන අපි ඉස්සරහට කතා කරමු.

 

4. ක්විඩ් ප්‍රෝ කෝ සෙක්ස් ඉල්ලීම්

මේ Quid pro Quo කියන ලතින් වැකියේ තේරුම වෙන්නේ හිලව්වට දෙන දෙය කියන එක. ඒ කියන්නේ සෙක්ෂුවල් ෆේවර් එකක්. ඔයා මාත් එක්ක සෙක්ස් කළොත් මම ප්‍රොමෝෂන් එකක් දෙනවා, මාත් එක්ක ඇඳට ගියොත් පඩි වැඩි කරනවා, මාත් එක්ක ඔයා සෙක්ස් කරනවා නම් ඔයාව රැකියාවේ ඉහළටම අරගෙන යන්න වග බලාගන්නවා, වෙන අයට නොලැබෙන වරප්‍රසාද ලබාදෙනවා වගේ දේවල්. ඒ කියන්නේ තර්ජනයෙන්, ගේමෙන් සෙක්ස් ලබාගන්නවාට වඩා බොහොම සියුම්ව සිද්ධ වෙන ගනුදෙනුවක්. එතනදී ඒකට එකඟ නොවීමෙන් ඒ ඉල්ලීම එතනින් ඉවර වෙන්නත් පුළුවන්. හැබැයි සමහර අවස්ථා වලදී සෙක්ෂුවල් ෆේවර් එකක් මේ විදියට ඉල්ලලා, ඒකට එකඟ නොවුණොත් ඊලඟට බොස් අර උඩින් කියපු විදියට තර්ජනයෙන්, ගේමෙන්, රස්සාවට කෙලිනවා කියලා සෙක්ස් ලබාගන්න උත්සාහ කරන්නත් පුළුවන්. 

 

හැබැයි මතක තියාගන්න, ක්විඩ් ප්‍රෝ කෝ පන්නයට, ඒ කියන්නේ සෙක්ස් හිලව්වට අරක දෙනවා මේක දෙනවා කියලා බොස් කරන්නෙත් ලිංගික අතවරයක්, ඒ කියන්නේ වැරැද්දක් කියන එක.

 

5. ඇත්තටම ලිංගික අතවරයක් කියන්නේ මොකද්ද?

උඩ කියපු නීතිමය තත්ත්වය ගැන තමයි මේ කියන්න යන්නේ. ගොඩක් දෙනෙක් හිතනවා, ලිංගික අතවරයක් කියන්නේ ඇත්තටම බලහත්කාරයෙන් හෝ බියවැද්දීමකින් සෙක්ස් කිරීමක්, අඟ පසඟ ස්පර්ෂ කිරීමක් වගේ දෙයක් විතරයි කියලා. එහෙම නෑ. නීතියට අනුව අනෙකාගේ අකමැත්තෙන් අනවශ්‍ය විදියට භෞතිකව සමීපව සිටීම පවා ලිංගික අතවරයක් ගණයට තමයි වැටෙන්නේ. අනෙකාගේ අකමැත්තකින් ලිංගිකත්වය ගැන හැඟවෙන විහිළු කිරීම, ලිංගිකත්වය ගැන අනෙකාගේ අකමැත්තෙන් කතාබහ කිරීම, වෘත්තියට අදාළ සාකච්ඡා ලිංගිකත්වය මුල් කරගත් මාතෘකාවන්ට යොමු කිරීම, ලිංගික වාසි ඉල්ලා සිටීම, උඩින් කියපු විදියට ලිංගිකත්වය ඉල්ලා තර්ජනය කිරීම, රැකියා වාසි වෙනුවෙන් ලිංගික වාසි ඉල්ලා සිටීම වගේම අසභ්‍ය හෝ ප්‍රහාරාත්මක භාෂාවන් භාවිතය වගේම ඕපාදූප, කේලාම් හෝ කටකතා පතුරුවන හැරීමට ඉඟි කිරීම පවා ලිංගික අතවර ගණයට තමයි අයිති වෙන්නේ.

 

එතකොට ලිංගික අතවරයක් කියන්නේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්! බොස් කෙනෙක් කළත්, කවුරු කළත් ලිංගික අතවර චෝදනාවක් නීතිය ඉස්සරහට ගෙනිහිල්ලා, වරදකරුවන්ට දඬුවම් දෙන්න පුළුවන්! ඕනෑම කෙනෙක්ට රැකියාවක් කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම සුරක්ෂිත තත්ත්ව යටතේ වැඩකිරීමේ අයිතියක් සහ සේවාස්ථානයේ සම සැලකුම් ලැබීමේ අයිතියක් තියෙනවා. අන්න ඒක පැහැර ගන්න එකත් නීතිය ඉදිරියේ වරදක්. දැන් පැහැදිලියිනේ.

 

6. අපි අකමැතියි, දැන් මොනවද කරන්නේ?

අපිට උඩ කියපු විදියේ මොන යම් හෝ ලිංගික අතවරයක් සිද්ධ වෙනවා නම්, ඒක නොසලකා හරින එක හෝ ෂේප් එකේ ඉන්න හදන එක සාර්ථක නැහැ. එතකොට අර නොදී පෙන්න පෙන්න ඉන්නවා වගේ පියවර, ඒ කියන්නේ බොස් සෙක්ස් ඉල්ලනවා නම්, බොස් එක්ක සෙක්ස් කරන්න යන්නෙත් නෑ, හැබැයි රැකියාවේ ලාභප්‍රයෝජන තකා බොස්ට සෙක්ස් දෙන්න වගේ ඉන්නවා, මුකුළු කරනවා වගේ පියවරත් අතිශයින්ම අනර්ථකාරීයි.

 

හොඳම දේ තමයි බොස් විසින් උඩ කියපු විදියේ ක්‍රම දෙකෙන් එකකට හෝ දෙවිදියටම හෝ සෙක්ස් ඉල්ලලා ලිංගික අතවරයක් කරනවා නම්, ඒ ගැන සාක්ෂි තබාගැනීම. එස්.එම්.එස්, ස්ක්‍රීන් ෂොට්‍ස්, කෝල් රෙකෝඩින්, වොයිස් රෙකෝඩින් වගේ ඕනම සාක්ෂි තියෙන්න පුළුවන්. මේවා සිදුවීම් වුණු දින, වෙලාව ආදී හැම දෙයක්ම එක්ක විස්තරාත්මකව තිබිය යුතුයි.

 

ඉන් පස්සේ සේවාස්ථානයේ මානව සම්පත් අංශයට පැමිණිලි කරන්න පුළුවන්. එතනින් වැඩේ වෙන්නේ නැතිනම් වඩාත් ඉහළ කළමනාකාරීත්වයකට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම ඔෆිස් එකේ අදාළ අංශ වලින් පියවරක් ගැනෙන්නේ නැති නම්, කෙලින්ම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්නත් පුළුවන්. ඒ ඇරෙන්න වෘත්තිය සමිති, අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයන්, නීති ආධාර කණ්ඩායම් වගේ දේවලින් මේකට සහායක් ලබාගන්නත් පුළුවන්.

 

7. ඊට පස්සේත් එතන ඉන්නේ කොහොමද?

මෙන්න මේක බොහොම වැදගත් කාරණාවක්. සමහරු ලිංගික අතවරයන් සම්බන්ධයෙන් පියවර නොගන්න හේතුවක් තමයි තමන්ට ඉන් පස්සේ සමාජ ගර්හාවට මුහුණ දෙන්න වෙයි කියලා හිතීම. ඒ කියන්නේ බොස් සෙක්ස් ඉල්ලුවට පස්සේ ඒක පුළුවන් තරම් ගොඩින් විසඳගන්න බලනවා, එහෙම නැතිනම් ඒකට පැමිණිලි කිරීමක් හෝ නීතිමය පියවරක් ගන්නේ නැතුව, තමන්ගේ ජොබ් එක මාරු කිරීම වගේ දේකින් ෂේප් කරගන්න උත්සාහ කරනවා, මේකට පියවර ගත්තට පස්සේ එතන දිගටම වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය නිසා. තමන් ජොබ් එක මාරු කරනවා නම් මාරු කරන්න ඕන තමන්ට අවශ්‍ය නිසා කියන එක මෙතනදී මතක තියාගන්න ඕන. තමන්ගේ බොස් තමන්ට අයුතු ලිංගික යෝජනා කරලා, අපි ඒකට එරෙහි වෙලා පැමිණිලි කරලා ඒක අවසන් කරගත්තට පස්සේ, බොස්ම හෝ වෙනත් ඉහළ නිලධාරීන් හෝ තමන් එක්ක සේවය කරන අනික් අය ආයෙමත් අපිට සතුරු පරිසරයක් සේවාස්ථානය ඇතුළේ නිර්මාණය කරනවා නම්, අන්න ඒකත් වරදක්.

 

ඒ නිසා, සමාජ ගර්හාවට මුහුණ දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔලුව කෙලින් තියාගෙන, තමන්ගේ වැඩ හරියට කරන එක. එතනින් එහාට තමන් කළේ හරි දෙයක් කියන මතයේ ඉන්න එක.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *