වාහනයක තියෙන්න ඕනම ගැජට්ස් 7ක්

වාහනයක් පාවිච්චි කරන ඕන කෙනෙක් කැමතියි තමන්ගේ වාහනේ ගොඩක් ලස්සනට පිළිවෙලට තියාගන්න. ඒ විතරක් නෙමෙයි එක එක වැඩ කෑලි එකතු කරන්න කැමති කට්ටියත් ඒ වගේම ගොඩක් ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් වලින් තමන්ගේ වාහනේ අප්ඩේට් කරලා තියාගන්න අකමැති කවුරුත් ඇති කියල හිතන්න අමාරුයි.  වාහනේ අලුත් ද පරණද කියල අදා​ළම නෑ මේ පොඩි පොඩි ගැජට්ස් එකතු කරන්න. ඒක එක විදිහක පිස්සුවක් තමයි. ඉතින් අපි අද කතා කරනවා කෙනෙක් තමන්ගේ වාහනේ ඇතුලේ තියාගත යුතුම පොඩි පොඩි ගැජට්ස් කිහිපයක් ගැන. අපි මේ කතා කරන්න හදන්නේ හුදු ලස්සනට තියෙන දේවල් නෙමෙයි. ප්‍රයෝජනවත් ගැජට්ස් ගැන. අන්න ඒක ඔලුවේ තියාගෙන කාරණාව පැත්තට හැරෙමු.

 

 

1. Dash Cam (Car DVR)

සාමාන්‍යයෙන් ඩෑෂ් කැම් එකක් පාවිච්චි කරන්නේ පාරේ අනතුරකදී තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න සාධකයක් විදිහට සහ පාර්ක් කරලා තියෙද්දී වාහනේ ආරක්ෂාවට. ඒත් ලංකාවේ ඔය කාරණා දෙකට අමතරව පොලීසියෙන් කරන දඩ දඩයමෙන් බේරෙන්නත් මේ  ඩෑෂ් කැම් පාවිච්චි වෙනවා. කොහොම උනත් මේ ගැජට් එක වාහනේට පොෂ් පෙනුමක් එකතු කරනවා වගේම ඉතාම ප්‍රයෝජනවත් කියලා පැහැදිලි කිරීමෙන්ම තේරෙනවා ඇති. නමුත් ඩෑෂ් කැම් එකක් ගන්නන්වාලේ අරගෙන තේරුමක් නැහැ. දැන් රුපියල් දාහට දෙදාහටත් ඩෑෂ් කැම් ඕන තරම් තියෙනවා. ඉතින් ගන්නවානම් සාමාන්‍යයෙන් රුපියල් 7000ක් වත් වියදම් කරලා ඩෑෂ් කැම් එකක් ගන්න. අනිත් එක මේන්න මේ ඔප්ෂන් ටික වත් තියෙන එකක් ගන්න. Night Vision, Loop Recording, Voice Recording, G-Sensor, Motion Detection. 

 

 

2. Phone Holder

ෆෝන් හෝල්ඩර් එකක් කියන්නෙත් වාහනේක තියෙන්න ඕන අත්‍යවශ්‍ය ගැජට්ස් වලින් එකක්. මොකද ගොඩක් වාහන වල වාහනේටම එන මැප් සිස්ටම් එකක් නෑ. තිබුනත් ඒක ලංකාවට ඇක්ටිව් නෑ. ඉතින් බොහෝ වෙලාවට නොදන්නා පාරක යද්දී පාරවල් හොයාගන්න ගූගල් දෙයියන්​ගේ පිහිට ඕන උනාම ෆෝන් එක තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. ඉතින් ෆෝන් හෝල්ඩර් එකක් නැතුව මැප් එකක් ෆෝන් එකෙක් බලාගෙන යනවා කියන්නේ ඉතින් මාරයා එක්ක ගමනක් යනවා වගේ වැඩක්. ඉතින් ඊට අමතරව තව ගොඩක් ප්‍රයෝජනවත් වෙන ෆෝන් හෝල්ඩර් එකක් වාහනේකට අත්‍යවශ්‍යයි. ඉතින් මේ ගැජට් එකත් ඔන්ලයින් සයිට් වල ගොඩක් මාදිලි බලාගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ෂොප් වලත් සුලබව තියෙන ගැජට් එකක්. ලොකු ගා​ණක් වෙන්නෙත් නෑ. සහ තමන්ට සෙට් වෙන එකක් බලල ගන්න. 

 

 

3. Air Freshener

එයාර් ෆ්රෙෂ්නර් එකක් නැති වාහනයක් දැන් කාලේ හොයාගන්න නැති තරම්. නමුත් සමහර වාහන වල තියෙන්නේ උහුලගන්න බැරි සුවඳ තියෙන. එයාර් ෆ්රෙෂ්​නර්ස්. ඉතින් වාහනේක ඒසී එක්ක මික්ස් උනාම  අපහසුවක් නොවෙන එයාර් ෆ්රෙෂ්නර් එකක් තෝරාගන්න උත්සාහ කරන්න. ඊට අමතරව එයාර් ෆ්රෙෂ්නර් වර්ග ගොඩක් මාර්කට් එකේ තියෙනවා. ඒසී වෙන්ට් එකට සෙට් කරන මොඩල්ස්, හුඩ් මිරර් එකේ එල්ලන මොඩල්ස්, ඇතුලේ තියන බොක්ස් වගේ ගොඩක් වර්ග. ඉතින් තමන්ට කැමති මොඩල් එකක් ගත්තට කමක් නෑ. ලික්විඩ් ෆිල් කරපු එකක් ගන්නවානම් සැලකිලිමත් වෙන්න ඇතුලේ හැලෙන්නේ නැති එකක් ගන්න.

 

 

4. First Aid Kit

මේ සඳහන් කරපු සහ කරන ගොඩක් දේවල් වාහන වල දැනටමත් තිබුනත්, ගොඩක් දෙනෙක් අවධානය යොමු නොකරන, නමුත් ගැජට් එකකට වඩා එහා ගිය දෙයක් තමයි මේ. ඉතින් දුර ගමනක් යද්දී ඇතුලේ ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් සරල ප්‍රථමාධාර ටිකක් එක්ක තමන්ටම හදාගන්න පුළුවන් පොඩි Pouch එකකින්. එහෙම නැත්නම් ඔන්ලයින් ස්ටෝර් වලත් හොයාගන්න පුළුවන්. 

 

 

5. Portable Air Pump

වාහනේ හුලං ප්‍රශ්නේ කියන්නේ ඉතින් ලොකු ඔළුව කැක්කුමක් තමයි. ඒ වගේ වෙලාවට Portable Air Pump එකක් කියන්නේ පැනඩෝල් දෙකක් වගේ තමයි. මේකෙන් තියෙන ප්‍රයෝජනේ ඉතින් අමුතුවෙන් පැහැදිලි කරලා කියල දෙන්න දෙයක් නැහැනේ. සාපේක්ෂව ටිකක් වැඩි මුදලක් වැය කරන්න වෙනවා උනාට තියෙන ප්‍රයෝජනේ නම් ඉස්තරම්. ඉතින් ගන්න හිතේ තියෙනවනම් රුපියල් හත් අට දාහක් වත් වෙන එකක් ගන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි හුලං ගහගන්න ඕන වෙලාවක් අවොත්. 

 

 

6. Car Charger

හයවෙනි අයිටම් එක විදිහට අපි තෝරාගත්තේ කාර් චාර්ජර් එක. මේක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නෙ ෆෝන් එක ජීවිතේට අත්‍යවශ්‍ය වෙන හින්ද කිව්වොත් හරි. මොකද දැන් තියෙන ෆෝන් පාවිච්චි කරනවට වඩා වැඩි වෙලාවක් චාර්ජ් කරන එකනේ කරන්නේ. ඉතින් කොයි වෙලෙත් බහින්න බලන් ඉන්න ෆෝන් බැටරියට වාහනේ ඇතුලේ කියල වෙනසක් නෑ. බහිනවම තමයි. හැබැයි හැමදෙයක් වගේම නිකන් රුපියල් පන්සීයට දාහට තියෙන ඒවා අරගත්තට වැඩේ හරියට වෙයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ ෆෝන් එකට ගැලපෙන හොඳ චාර්ජර් එකක් ගන්න. මොකද ප්ලග් කරාම ලයිට් පත්තු වෙන එක නෙමෙයි වැඩේ.

 

 

7. Portable Vacuum Cleaner

මේ ගැජට් එකත් වාහනේ ඇතුලේ ලස්සනට පේන්න තියන්න තියෙන දෙයක් නොවුනත් වාහනේ ලස්සනට තියාගන්න උපකාරී වෙන අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන් සර්විස් එකකදී වාහනේ ​ඇතුල වැකුම් කරනවා උනත් ඒ මාසෙකට සැරයක් වගේ නේ. නමුත් දවස් දෙක තුනකට පාරක් හරි ඇතුලේ තියෙන ඩස්ට් එක සහ ෆ්ලෝර් එකේ තියෙන කුණු රොඩු අයින් කරන්න මේ වගේ අයිටම් එකක් ගොඩක් ප්‍රයෝජනවත්. මේ වගේ දේකින් තිතටම ඩස්ට් අයින් කරන්න නම් අමාරුයි, නමුත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් සෑහෙන දුරට කරගන්න පුළුවන්. රී චාර්ජබල් මොඩල් සහ cigarette lighter socket එකට ප්ලග් කරන්න පුළුවන් මොඩල්ස් වෙන වෙනම හොයාගන්න පුළුවන්. තමන්ට සෙට් වෙන විදිහට බලලා ගන්න. බ්‍රෑන්ඩඩ් වෙන තරමට වැඩේ හොඳට කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *