තමන්ටම කියල වාහනයක් තියෙන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ වාහනේ සර්විස් කරගන්නේ කොහෙන්ද? හොඳම, මිලෙන් අඩුම සර්විස් ස්ටේෂන් මොනවද කියන එක. සමහරු සර්විස් එක කියල විශේෂයෙන් තැනකට ගෙනියන්නේ නැතුව අදාළ දේවල් ගෙදරදීම කරගන්නවා. එත් සර්විස් ස්ටේෂන් එකක කරන හැමදේම අපිට ගෙදරදී කරන්න අමාරුයි. ඉතින් එහෙම පිට තැනකට වාහනේ දාල සර්විස් එකක් කරද්දී හොදම දේ තෝරාගන්න තමයි හැමෝම බලන්නේ. ඉතින් ඒ තේරීම කරන්න පොඩි සපෝර්ට් එකක් තමයි අපි මෙතනින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී කාර් වෑන් වගේ පුද්ගලික වාහන ගැන තමයි වැඩි බරක් දෙන්නේ සහ කොළඹ අවට තියෙන තැන් ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. ආහ් අනිත් එක මේ තැන් දාන්නේ කිසිම අනුපිළිවෙලකට නෙමෙයි කියලත් කියන්න ඕනේ.
1. Care Point
Care Point කියන්නේ වාහනේට ප්‍රිමියර් සාත්තුවක් දෙන්න ඕන නම් කියාපු ප්ලේස් එකක්. ගාණ නම් සාපේක්ෂව ටිකක් වැඩියි. හැබැයි වාහනේ ඇතුළට දාපු වෙලාවේ ඉඳල කස්ටමර් සර්විස් එක වගේම වාහනේට දෙන සර්විස් එකත් සුපිරි. ඊට අමතරව ගොඩක් පැතිරුණු ශාඛා ජාලයක් තියෙනවා. උදාහරණයක් විදිහට ජා ඇළ, මිගමුව, තලවතුගොඩ, නුගේගොඩ, මහරගම, වත්තල, ඇතුල් කෝට්ටේ වගේ. ආහ් තව දෙයක් තමයි මෙයාල 15 Minutes Car Wash කියල අලුතින් වැඩකුත් පටන් අරන් තියෙනවා. ඒ හැබැයි කාර් වොෂ් විතරයි හැබැයි. අවසානයේ කියන්න තියෙන්නේ සර්විස් එකක් කරපු කිසි කෙනෙක් වරදක් නොකියන තැනක් කියල තමයි. අනිත් එක දින හතේම ඕපන්.
2. Auto Miraj
Auto Miraj කියන්නෙත් බ්‍රාන්චස් ගොඩක් තියෙන සර්විස් ස්ටේෂන් එකක්. මහරගම, මොරටුව, රත්මලාන, මාතර, බණ්ඩාරවෙල, ගම්පහ වගේ ප්‍රදේශ ගොඩක Auto Miraj දකින්න තියෙනවා. ඉතාම සාධාරණ මුදලක් තමයි සර්විස් එකකට අයකරන්නෙත්. ඒක සාපේක්ෂව අඩු මුදලක් කියලත් කියන්න පුළුවන්. නාරාහේන්පිට Auto Miraj Premier කියලත් එකක් තියෙනවා. ඒක ඉතින් තියෙන්නේ ටිකක් ඉහළ පැලැන්තියේ වාහන වලට කියල නමින්ම තේරෙනවනේ. මෙතනත් සතියේ දින හතේම උදේ හතේ ඉඳන් හවස හත වෙනකන් ඕපන්. එකම වහලක් යටින් වාහනේට අදාළ සියළුම දේවල් කරගන්න කැමති කෙනෙක්ට මේක හොඳ ප්ලේස් එකක් කියල කියන්න පුළුවන්.
3. Laugfs Car Care
ගාල්ල, කලගෙඩිහේන ඇතුළුව ශාඛා 11ක් විතර තියෙන සර්විස් ස්ටේෂන් එකක් තමයි Laugfs Car Care කියල කියන්නේ. ඉතාම අඩු අය කිරීමකට බොහොම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් තැනක් තමයි මේක. ඇක්සිඩන්ට් රෙපෙයාර් ඇරෙන්න වාහනයකට අදාළ සියළුම නඩත්තු සහ සේවාවන් කරගන්න පුළුවන් තැනක් මේකත්. Hybrid වාහන වලට අදාළ සේවාවන් ගොඩකුත් මෙතනින් කරගන්න පුළුවන්. විශේෂම දෙයක් තමයි මේගොල්ලොන්ගේ කොස්වත්ත සහ කිරුළපන ස්ටේෂන් දෙක රාත්‍රී12 වෙනකන් ඕපන් කරලා තියෙනවා.
4. Kleen Park
1988 ඉඳල අද වෙනකන්ම වාහන සර්විස් ක්ෂේත්‍රයේ විශේෂ තැනක් දිනාගත්තු සර්විස් ස්ටේෂන් එකක් තමයි Kleen Park කියන්නේ. කස්ටමර් සර්විස් එකේ ඉදන් හැමදේම සුපිරි කියල බය නැතුව කියන්න පුළුවන්. හැබැයි ලංකාවටම බ්‍රාන්චස් තුනයි තියෙන්නේ. ඒ දෙහිවල, ජා ඇළ සහ ක්‍රෙස්කැට් එක ඇතුළේ. සාපේක්ෂව ටිකක් ගණන් නම් වැඩි. ඒත් ඒ ගෙවන ගානට ඒ ලැබෙන සේවාවනම් ඉතා හොඳයි. Interior ද Exterior ද leather Care ද Head Lamp Reconditioning ද Windshield Polishing ඕන එකක් මෙතනින් කරගන්න පුළුවන්. දෙහිවල සහ ජා ඇළ ශාඛා දෙක සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ. Crescat එකේ ස්ටේෂන් එක සඳුදා වහල. අනිත් දවස් වල විවෘත වෙලා තියෙනවා. සහ මේ හැම තැනම පෝය දවස් වලට වහල.
5. Mag City
කොළඹ 10, නුවර, ගාල්ල, නුගේගොඩ සහ රත්මලාන කියන ප්‍රදේශ වල විතරක් ශාඛා ජාලය පැතිරුණු සර්විස් ස්ටේෂන් එකක් තමයි Mag City කියන්නේ. මේ ඕනෑම තැනකින් වාහනේකට අවශ්‍ය ඕනෑම දෙයක් කරගන්න හැකියාව පවතිනවා. ඒ කිව්වේ Running Repairs, Services, Detailing, Repairs, Tune-ups වගේ ඕනෑම දෙයක් මෙයාල ලඟ තියෙනවා. මේ මැයි මාසේ අලුතින්ම රත්මලානේ ශාඛාවක් විවෘත කළා. සාපේක්ෂව අඩු ගාණකට හොඳ සර්විස් එකක් කරගන්න හිතේ තියෙනවනම් Mag City කියන්නේ හොඳ ප්ලේස් එකක්. මෙගොල්ලොත් සඳුදා ඉදන් සෙනසුරාදා වෙනකන් විතරයි විවෘත කරලා තියෙන්නේ. ඉතින් යන්න කලින් ඔන්ලයින් බුකින්ග් එකක් දාල ගියොත් වැඩ හොඳයි.
6. Mr. Wax
කස්ටමර් සර්විස් එක හොඳම තත්ත්වයේ තියෙන සාධාරණ මුදලක් අය කරන සේවා ස්ථානයක් තමයි Mr. Wax කියන්නේ. තියෙන එකම එක ශාඛාව තියෙන්නේ පන්නිපිටියේ. උදේ 07 ඉඳන් රෑ 10 වෙනකන්ම විවෘත කරලා තියෙනවා. ඇතුල පිටත හොඳම විදිහට සර්විස් එකක් කරලා දෙන්න මෙයාල ලොකු මුදලක් අය කරන්නේ නම් නෑ. අඩුපාඩුවක් විදිහට කියන්න තියෙන්නේ කස්ටමර් වේටින්ග් ඒරියා එකක් හරියට නැති එක තමයි. ඒ ඇරෙන්න අනෙක් සියළුම දේවල් සතටුදායක මට්ටමක තියෙනවා කියල කියන්න පුළුවන්. සතියේ දින හතේම මෙයාල විවෘත කරලා තියෙන්නේ. ගොඩක් කැපවීමෙන් වැඩ කරන සේවක පිරිසක් මෙතන ඉන්නවා. ඒ නිසා හැම වෙලේම මෙතන ටිකක් බිසී.
7. BMS Service Center
මෙයාලගෙත් තියෙන්නේ එකම එක බ්‍රාන්ච් එකක් විතරයි. ඒ බත්තරමුල්ල තලංගම කියන ප්‍රදේශයේ. සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ. ගණන් නම් බොහොම සාධාරණයි. වාහන සේවාවන්ට අදාළ කටයුතු විතරයි මෙතනින් කරගන්න හැකියාව පවතින්නේ.
කොහෙන් සර්විස් එක කළත් තමන්ගේ දේ නිසා ලඟ ඉඳන් කරගන්න එක කොයිකටත් හොඳ බව මතක තියාගන්න ඕන. පුළුවන් හැම වෙලාවේම ඔයිල් කෑන් විතරක් දාන්න බලන්න. අනිත් එක සර්විස් ස්ටේෂන් එකකින් අපි 100% බලාපොරොත්තු උනත් ඒක හැමවෙලේම ඒ ප්‍රමාණයට නොලැබෙන්න පුළුවන්. ඉතින් තමන් වියදම් කරන මුදලට වඩා සධාරණයක් කරලා දෙන තැනින් දිගටම ඒ අදාළ කටයුතු කරගත්තම කාලයක් යද්දී අලුතින් එන කස්ටමර් කෙනෙක්ට වඩා වැඩි සැලකිල්ලක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ විදිහට Brand Loyalty එකක් තියාගන්න එක හැමදේකදිම වැදගත් දෙයක්. අනික තමන්ගේ කාලය පුළුවන් තරම් ඉතුරු කරගන්න පුළුවන් බුකින් එකක් දාලම ගියොත් කියන එකත් මතක තියාගන්න.
Leave a Reply