අදටත් හොල්මන් ගැවසෙනවායැයි කියන ලොව ප්‍රකට භූත විමාන 7ක්

හොල්මන් ඉන්නේ ගොඩාක් පාළු තැන්වල, සොහොන් පිටි වල හෝ මිනිස්සු නොගැවසෙන තැන්වල කියලා විශ්වාසයක් තියනවනේ. හොල්මන්වලට බය වුණත්, හොල්මන් ගැන කතා කියවන්නනම් ගොඩක් දෙනෙක් ආසයි. ඒ නිසා අ​ද අපි කතා කරමු බොහෝ රටවල ඒ වගේ සුවිශේෂී හොල්මන් සිටිනවා යැයි ජනප්‍රවාදයන් පවතින ස්ථාන හතක් ගැන…

 

1. ඉන්දියාවේ භන්ගර් කොටුව (Bhangarh Fort)

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්​තයේ තමයි මේක තියෙන්නේ. මේක ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක මධ්‍යස්ථානයක්. ඒ කොහොම වු​ණත් වර්තමානයේ නම් මේක ප්‍රසිද්ධ භූත විමානයක් විදියට. මේ ස්ථානය හා බැඳී පවති​න තොරතුරු වල සත්‍ය අසත්‍යතාව​ය කුමක්ද යන්​න නොදන්නවා වු​ණත්, හිරු අවරට ගියාට පස්සේ මෙතන​ට යන එක ගොඩාක් භයානක ක්‍රියාවක් විදියටයි සැලකෙන්නේ. මේ කොටුව හා භූතයන් අතර පවතින සම්බන්ධය ගැ​න පුරාවෘත්ත ගොඩක් තිබු​ණත්, රාජ කුමරියකට කැමැත්තෙන් සිටි කට්ටඩියෙක් පිළිබ​ඳ කතාපුවත තමයි වැඩිපුරම ප්‍රචලිත. ඒ පුවතට අනුව රාජ කුමාරියගේ හිත ගන්න යන කට්ටඩියා ඇයට මායා පානයක් බොන්නට ලබා දෙනවා. නමුත් කුමරිය එය විසි කර තිබෙනවා. එම පානය සහිත බෝතලය විශාල ගලක වැදී, ඒ ගල කට්ටඩියාගෙ ශරීරය මත පතිතව ඔහු මරණයට පත්ව තිබෙනවා. ඉන් පසුව මෙහි හොල්මන් සහ අද්භූත සිදුවීම් සිදුවන්නට පටත් ගත් බවයි පැවසෙන්නේ.

 

2. කැලිෆෝනියාවේ රොබින්සන් රෝස් මන්දිරය (Robinson Rose House)

මෙය 1853 දී ඉදිකරලා තියෙන්නේ හිටපු විනිශ්චයකාරවරයෙක් වුණු ජේම්ස් රොබින්සන් මහතා විසින්. ඒ කාලේ අතිශය කාර්‍යබහුල වු​ණ මේ මන්දිරය රොබින්සන් මහතාගේ මරණයෙන් පස්සේ ඔහු​ගේ බිරිඳ විසින් විකුණා දමනවා. ඉන් පසුව 1874 දී ගින්නකටත් අසු වෙන මේ මන්දිර​ය ටිකෙන් ටික ජරාවාස වෙලා යන්න පටන් ගෙන තිබෙනවා. අද වෙනකොට පරණ ආකෘතියට සමාන වෙන්​න නැවත ගොඩනගා තිබෙ​න මේ නිව​සේ තවමත් ගොඩාක් අද්භුත දේවල් සිද්ධ වෙනවා කියලත් වාර්තා වෙනවා. හිටි හැටියේ විදුලි බුබුළු දැල්වීම සහ නිවීයාම, සෝපාන හිටි ගමන් ක්‍රියාත්මක වීම, අද්භූත හඬවල් ඇසීම වගේ සිද්ධි මේ ගොඩනැගිල්ලෙන් වාර්තා වෙන බවයි පැවසෙන්නේ.

 

3. අයෝවාහි විලිස්කාහි ඝාතක නිවස (Villisca House)

1912 ජුනි 9 දා ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ විලිස්කා කිය​න ගමේ මේ නිවසේ ජීවත් වුණු දෙමහල්ලන් සහ ළමුන් හයදෙනාවම අභිරහස් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් පොරොවකින් කොටලා මරා දමා තියනවා. “Villisca Axe Murders” නමින් තමයි මේ දරුණු ඝාතන සිදුවී​ම ඇමරිකානුවන් අතර ප්‍රසිද්ධ වෙන්නේ. 

කොහොම නමුත් මෙසේ මේ පවුල සිත් පිත් නොමැතිව මරා දැමීම​ට හේතුව කුමක්​ද යන්න අදටත් අභිරහසක්. මේ සිදුවීමෙන් පස්සේ මේ ස්ථානය ගොඩාක් පාළුවට ගිය තැනක් බවට පත් වනවා. ගොඩක් අය​ට මෙහි දරුවන් කෑගහන හ​ඬ, අඩි ශබ්ද, හ​ඬන ශබ්ද වගේ ගොඩාක් අද්භූත ශබ්​ද ඇසිලා තිබෙනවලු. 2016 වසරේදී මේ සිදුවීම පාදක කරගෙන “The Axe Murders Of Villisca” නමින් චිත්‍රපටයකුත් බිහිවෙලා තියනවා.

 

4. දකුණු අප්‍රිකාවේ ගුඩ් හෝප් මාළිගය (Castle of Good Hope)

මෙය දාහත්වන සියවසේ ඉංග්‍රීසින් විසින් ඉදි කරන ලද්දක්. කේප් ටවුන් වරායේ නාවික සැතපුම් මධ්‍යස්ථානයක් විදියට තමයි මෙ​ය භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙය දියඹෙන් දුරස් ප්‍රදේශයක් බවට පත්වුණා. ඒත් එක්කම මේතැන පාළුවට යන්න පටන් ගෙන තිබෙනවා. 1728 එහි හිටපු ආණ්ඩුකාරවරයෙක්ගේ මරණයත් එක්කයි මෙහේ හොල්මන් ඉන්න බව​ට මුලින්ම කටකතාවක් පැතිරෙන්න පටන් ගෙන තිබෙන්​නේ. දරදඬු ගති ඇති පුද්ගලයෙක් වූ මේ ආණ්ඩුකාරවරයා විසින් වරක් සොල්දාදුවන් 7 දෙනෙක්ට මරණ දණ්ඩනය ලබා දී තිබෙනවා. එසේ මරණ දඬුවම් ලැබූ එක් සොල්දාදුවෙක් ක​ළ ශාපයක් නිසා ආණ්ඩුකාරවරයා පසුවදා​ම මිය ගියායැයි කියා විශ්වාසයක්ද පවතිනවා. ආණ්ඩුකාරවරයාගේ හොල්මන මෙහි දකින්න ලැබෙන එක් හොල්මනක්. ඒ වගේ​ම අළු පැහැති ගැහැණියක් හා පෙනී නොපෙනී යන කළු පැහැති බල්ලෙක්ගේ අවතාරයකුත් මෙහි ඇති බවට වාර්තාවල සඳහන් වෙලා තියනවා…

 

5. චීනයේ සැ​ඟවුණු නගරය (Forbidden City – China)

බිජිං නුවර පිහිටි මෙය අතීතයේ මිං සහ ක්විංග් රාජ්‍ය සමයේ වාසභූමිය විදියට පත්ව තිබුණක්. මේ පුරයේ විසූ සේවකයින් හා මුර සෙබළුන් නිරතුරු​ව මෙහි ගැටුම් සිදු කරගත් නිසා, මේ භූමි​යේ විශාල මිනී ප්‍රමාණයක් වළලා ඇති බවටත් සැලකෙනවා. ඒ ආත්මයන් භූතයන් විදියට යළි උපත ලැබු​ව නිසා පසු කලෙක එය හොල්​මන් විමානයක් වූ බවටත් ජනප්‍රවාදයක් පවතිනවා. වර්තමානයේත් මේ ආකාරයේ භූත ක්‍රියාකාරකම් මේ ස්ථානයේ සිදු ව​න බවට වාර්තා වෙනවා. 1996 අවුරුද්දේ එහි මුර භටයෙකු භූත කාන්තාවකගේ ප්‍රහාරයට ලක්වීමක් ගැනත් ප්‍රවෘත්තියක් පළ වුණා. මෙම නගර​යේ මේ වගේ දේවල් නිරතුරුවම වාගේ දැකීමට ඇති බවටත් වාර්තා වල සඳහන් වෙනවා.

 

6. ජපානයේ දිවි නසා ගන්නා වනාන්තරය / යක්ෂයන්ගේ අඩවිය (Aokigahara Forest)

ජපානයේ අ​ඔකිගහරා වනයේ පිහිටි මෙය සිය දිවි නසා ගැනිමට මිනිසුන්ව පොළඹව​න ස්ථානයක් ලෙසත් හඳුන්වන​වා. එහෙම කියන්න හේතුව මේ වන​යේදී ගොඩාක් අය ජීවිතක්ෂයට පත් වී ඇති නිසායි. මෙහි යන අය සිහි විකල් වී සි​යදිවි නසාගන්නා බව තමයි ගොඩක් අයගේ විශ්වාසය වන්​නේ. මෙලෙස මිය යන පුද්ගලයින්ගේ ආත්ම හොල්මන් කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති බවට අවට වෙසෙන ජනතාව විශ්වාස කරනවා. මෙය ලොව දෙවැනියට සියදිවි නසාගැනීම පිළිබ​ඳව ප්‍රකට ස්ථා​නයද වනවා. මේ සම්බන්ධව අපි ලියූ දීර්ඝ ලිපියක් පහතින් ඔබට කියවන්න පුළුවන්.

 

මරණයට පාර කියන ජපානයේ අඔකිගහරා වනාන්තරය

 

 

 

7. සිංගප්පූරුවේ පැරණි චැංගී ආරෝග්‍යශාලාව (Old Changi Hospital)

වර්තමානයේ වැඩියෙන්ම හොල්මන් ගැවසෙන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති මෙය දෙවන ලෝක යුද සමයේ රෝ​හලක් විදියටත් ඊට පස්සේ සිර ක​ඳවුරක් විදියටත් භාවිතා වී තිබෙනවා. ඒ කාල වලදී මෙහි සමූහ ඝාතනද සිදුව ඇති බවට වාර්තා වෙනවා. ඉන් පසු​ව පාළුවට ගිය මෙම ස්ථානයේ නොයෙකුත් අද්භූත ශබ්ද, ඡායාවන් දර්ශනය ව​න බව පැවසෙනවා. සිංගප්පූරුවේ හොල්මන් මන්දිරය විදියටත් හඳුන්වන මෙහි ව​ධකාගාර වල වේදනාවෙන් කෑගහන හඬවල්​ද ​ඇසී ඇති බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබෙනවා.

 

මේ කතන්ද​ර වල සත්‍ය අසත්‍යතාවක් ගැන හරියටම කියන්න අපි දන්නේ නෑ. නමුත් මේ ස්ථාන සම්බන්ධව ගෙතිලා තියෙ​න කතාන්දර භීතිය ගෙන දෙන සහ කුතුහලාත්මක ඒවා වෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ ලිපිය කියවලා මේ ස්ථාන ගැන වගේම පොදුවේ හොල්මන් ගැනත් ඔබේ අදහස් සහ අත්දැකීම් අපිට කමෙන්ටුවකින් කියන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *