මේ දවස්වල තාරුණ්‍යයේ ඉහළම අවශ්‍යතාවයක් විදියට ඩේටා අවශ්‍යතාවය දක්වන්න පුළුවන්. එහෙමයි කියලා ඩේටාවලට විතරක් වියදං කරලා අත පිහදාගන්න බැහැනෙ. කොල්ලෙක් කෙල්ලෙක් වුනාම අනිත් ඕනකරන වැඩත් තියෙනවනෙ. අන්න ඒ නිසායි අපේ ප්ලෑන් එකකට පාවිච්චි කරන්න පුළුවන්, බෆරින් ෆ්‍රී වගේම නිතරම අපේ ඩේටා භාවිතය ගැන දැනුවත් කරන කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න කියන්නෙ. හැබැයි ඉතිං එහෙම කනෙක්ෂන් එකකට මාරු නොවුනොත් ඔයාටත් මේ දුක් විඳින්න වේවි.
68
1. පෙනුමත් තියෙන්න එපැයි
හරි ඉතිං කොල්ලො කෙල්ලොන්ට පෙනුමත් තියෙන්න එපැයි. මොකෝ ඩේටා විතරක් තිබුනම ඇතිද? චැට් කරන කෙල්ලෙක්ව කොල්ලෙක්ව හම්බෙන්න යන්න පුළුවන්ද මේ විදියට. හරි හමං ඇඳුමක් ගන්න වගේම කොල්ලොන්ට නං කොණ්ඩෙ පිළිවෙලට කපලා වැදගත් පෙනුමට වගේම ආසා කරන කට් එක ගහලා ඉන්න දැන් සැළකිය යුතු වියදමක් යනවා. කෙල්ලොන්ගෙ සැලෝන් වියදං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි ඉතිං ඔය ඔක්කොටම විණ කටින්න ඩේටා වියදමට පුළුවන්. සමහරු එකම ඩෙනිම මරණෙට, මඟුලට වගේම රෑ නින්දටත් ඇඳලා, කොණ්ඩ රැවුල වැවෙන්න දීලා ඉන්නෙ ඒකනෙ.
2. හැමදේම කරන්නෙ බඩට
අපි මේ හැම දේම කරන්නෙ මොකටද? කන්නනෙ. උපන්න ගමන්ම අම්ම හැදුවෙ කිරි දෙන්න. ඊටපස්සෙ බත් ටිකක් කවාගන්න. ඊටත් පස්සෙ අපෙන් ගෙදර තිබ්බ කෑම ටික පරිස්සං කරගන්න. අන්තිමට අපි ජොබ් එකක් කරලා ට්‍රයි එක දෙන්නෙත් හොඳට කාලා ඉන්නනෙ. මොනව කරත් බඩ හිස්වෙන්න දෙන්න හොඳ නැහැනෙ බ්‍රෝ. අන්න ඒ වුනත් හරියට කුසගින්නට රසමසවුළක් කන්න බෑ මේ ඩේටා වියදම හින්දා. ඩේටා හීරෙන හීරිල්ලට සල්ලි ඇදලම පර්ස් එකත් ඉරිලා නං රස කෑමක් කන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
3. බොස්ගෙන් බැනුම්
කොච්චර ඩේටාවලට වියදං කළත් මේ හීරෙන හීරිල්ලට ඩේටා මදියි. බෆරින්වලට වැඩිපුරත් එක්ක ඩේටා හූරන, හංගපු ගාස්තු බොහෝමයක් තියෙන ඩේටා පැකේජ් එකක් පාවිච්චි කරන අය ඔන්ලයින් ගේම්ස් ගහන්න, යූටියුබ් වීඩියෝස් බලන්න පාවිච්චි කරන්නෙ ඔෆිස් එකේ වෙලාව තමයි. මේකෙන් ඔෆිස් එකේ සම්පත් නාස්තිය වගේම, ඔයාට පඩි ගෙවීම අපරාධයක් වෙනවා. ඒ වගේම ඔයා දිහා බලං ඉඳලා තවත් අය නරක් වෙන්න පුළුවන්. වැරදි ඩේටා කනෙක්ෂන් එකක් නිසා මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ නේද? ඔක්කොටමත් වඩා මේ වැරැද්දට බොසාගෙන් බැනුම් අහන්න ගියාම එපාවෙනවනෙ.
4. ටූ ටයර්ඩ්
උදේට පයින් බස්හෝල්ට් එකට, එතනින් බස් එකේ ඔෆිස් එක ගාවට හිර වෙලා, ආයෙ පයින් ඔෆිස් එක ගාවට. හවසටත් ඔය සෙතේමයි. ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකකට වියදං කරන්න කෙසේ වෙතත් පොඩි දුරක් යන්න ත්‍රීවීලර් එකකට දෙන්නත් සල්ලි අමාරුයි මේ බඩගිනිකාර ඩේටා පැකේජ් එක නිසා. ඊට හපං කෙල්ල එක්ක ඇවිදිද්දි එයා ටූ ටයර්ඩ් කිවුවම. හිත පපුවත් පිච්චිලා යනවනෙ. වෙනං කපල් කැබ් නවත්තලා යනව දැක දැක පයින් අදින්න තමයි වෙන්නෙ. හොඳ වැඩේ වැරදි ඩේටා කනෙක්ෂන් ගන්නවට.
5. තාමත් ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට්
බැලුවොත්නං කොයිවෙලෙත් ඔන්ලයින්. හරිම අප්ඩේටඩ් චරිතයක්. හැබැයි තාම ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් ඕඑස් එක තියෙන ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ. ඇයි ඉතිං ෆෝන් එකක් ගන්නවත් අතේ සල්ලි ඉතුරුවෙන්නෙ නැහැනෙ මේ ඩේටා පැකේජ් එක හින්දා. මීට හොඳයි මාස තුනක් ඔන්ලයින් නොයා ඉඳලා හරි අලුත් ෆෝන් එකක් ගන්න එක කියල කට්ටියට හිතෙන්න පුළුවන් මේ වෙලාවට. හැබැයි එහෙම කරනවට වඩා හංගපු ගාස්තු නැති, අපිට ඕන විදියට ඩේටා ප්ලෑන් එක වෙනස් කරගන්න පුළුවන්, බෆරින්වලට වැයවෙන ඩේටාවලට අය නොකරන ඩේටා කනෙක්ෂන් එකක් පාවිච්චි කරානං තමයි හොඳ.
ඒ කතාවත් මේ කතාව වගේම නේද බලන්න.
Cover Image Source – dailydot.com/movin925.com
Leave a Reply