200 සී සී කාණ්​ඩයේ ලංකාවේ ගන්න තියෙන සුපිරිම මෝටර් සයිකල්

බයික් එකක් කියන්නේ වැඩට විතරක් නෙමෙයි, හැඩටත් තියෙන්න ඕනි භාණ්​ඩයක්. ඒ අතර වේගෙන් යන්න බයික් හොයනවා නම් ටිකක් බලගතු බයික් එකක් ගන්න එක වටිනවා. ලංකාවෙ තියෙන තත්ත්වයන් එක්ක පාරක 100ට යන්නත් ටිකක් විතර අමාරුයි. ඒත් අමාරුවෙන් හරි සීයට යන්න ඕනි උනොත් ඒකට හරියන්න බයික් එකක් අපිට හොයාගන්න වෙනවා. දැනට තියෙන මට්ටම් එක්ක බැලුවාම සිලින්ඩර ධාරිතාවය 200ට වැඩි බයික් වලදි පැයට කිලෝමීටර 100ක් හෝ ඊ​ට ආසන්න වේගයක් පවත්වාගන්න ලේසියෙන්ම පුළුවන්කම ලැබෙනවා.

 

1. Bajaj Pulsar NS200

ගියර් 6ක් තියෙන එන් එස් 200 එක ලංකාවේ පල්සර් ලෝලීන් අතර බොහොම ජනප්‍රිය බයික් එකක්. අවුරුද්දකට දෙකකට කලින් වගේ පල්සර් එකේ මේ මොඩලේ ටැංකිය බොහොම විශාලවට ආවා. ඒත් දැන් ටැංකිය ගා​ණට ශේප් කරලා එවලා තියෙනවා. මෙහි බලය 23bhp ටෝක් එක 18Nm වෙනවා. මේ මෝටර් බයිසිකලය​ට තත්පර 4කින් පැයට කිලෝමීටර 60 දක්වා වේගය වැඩිකරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. බයික් එකේ යන්න පුළුවන් වැඩිම ස්පීඩ් එක විදියට පැයට කිලෝමීටර 136ක වේගය බජාජ් එකෙන් දක්වලා තියෙනවා.

 

2. TVS Apache RTR 200 4V

ආර් ටී ආර් මෑත කාලේදි ලංකාවෙ කොල්ලො අතර නැගලා ගිය බයික් එකක්. මොකද මේ සීරීස් එකේ ලාබම බයික් එක තමයි ආර් ටී ආර් එක. මේ බයික් එකෙත් ලස්සන ලුක් එකක් තියෙනවා. ඒ වගේම පාට කීපයකින්ම ගන්නත් පුළුවන් කම තියෙනවා. මේකේ කූලින් විදිහට එයා කූල් සහ ඔයිල් කූල් යන දෙකම පාවිච්චි වෙනවා. මේකේ ගියර් බොක්ස් එකේ ගියර් 5ක් තියෙනවා.

 

3. Bajaj Pulsar RS200

බජාජ් පල්සර් සීරිස් එකේ මේ බයික් එ​කේ එන් එස් එකට වඩා ගැම්මක් තියෙනවා. ඒ වගේම මිලෙනුත් ටිකක් වැඩියි. පෙනුම අනුව බොඩි එක කෑලි සවිකරලා බොහොම ලස්සනට බයික් එක තියෙනවා. මේකෙදි එන්ජිම කෙලින්ම ලික්විඩ් වලින් තමයි කූල් වෙන්නේ. මේකේ හෙඩ් ලෑම්ප් එක ඩුවල් හෙඩ් ලෑම්ප් එන්නේ. මේ බයික් එක ලීටරයකින් කිලෝමීටර 35ක් තරම් දුවන්න පුළුවන් කියලා ස​ඳහන් වෙනවා.

 

4. KTM RC 200

මේ මෝටර් සයිකලය ලංකාවෙදි ලක්ෂ හතහමාරකට කිට්ටු වෙන බවක් තමයි කේ ටී එම් ශ්‍රි ලංකා එෆ් බී පේජ් එක කියන්නේ. කේ ටී එම් ලගේ 200 නෙමෙයි, ඩියුක් 125 බයික් එකකුත් ලක්​ෂ පහමාරක් විතර වෙනවා. කේ ටී එම් කියන්නේ රේසින් බයික් අතර ලෝකයේ නමගිය බයික් එකක්. ඉන්දියාවේ හැදුවත් කේ ටී එම් ඔස්ට්‍රියානු යුරෝපීය තාක්​ෂණයෙන් තමයි නිමකරලා තියෙන්නේ. අනෙක් බයික් වලට සාපේක්ෂ​ව කේ ටී එම් එකට යූස් කරලා තියෙන බඩු සු​පර්. ශොක් ඇබ්සෝබර්, හෙඩ් ලෑම්ප්, බ්‍රේක් වගේ පද්ධති වලට ඔරිජිනල් නමගිය මට්ටමේ බඩු කේ ටී එම් වලදී පාවිච්චි වෙනවා. මේ බයික් එකනම් පදින කෙනාගේ ආරක්ෂාවටත් පෙනුමටත් ලස්සනට ආවරණය වෙලා තියෙනවා.

 

5. KTM Duke 200

මුලින්ම කිව්ව පල්සර් එකේ එන් එස් 200 එක කේ ටී එම් ලගේ ඩියුක් එකෙන් ආදර්ශ අරගෙන තියනවා කියලා ඉන්දියානු වෙබ් අඩවි වල ස​ඳහන් වෙනවා. මේ කේ ටී එම් ඩියුක් එක නේකඩ් බයික් එකක්. ඒ කියන්නේ සාපේක්ෂ​ව බයික් එක වටේ ෆයිබර් ප්ලාස්ටික් වලින් වැඩකෑලි අඩුයි. කෙලින්ම ලික්විඩ් කූල් පද්ධතිය සහ අනෙක් කොටස් ඇස්දෙකට පේන්නම තියෙනවා. මේ බයික් එක ටිකක් උසයි. ඒ නිසා මිටි අය පාවිච්චි කරද්දි ටිකක් හැඩලින් අමාරු වෙනවා කියලා ඇතැම් අය කියලා තියෙනවා. ලික්විඩ් කූලින් එන කේ ටී එම් මේ බයික් එක ලක්​ෂ හතකට කිට්ටු වුනත් බයික් එකක් ෆැෂන් එකට, ගැම්මට පදින්න ආස අය කේ ටී එම් බයික් එකට සූස් ගාල යනවා.

 

6. Bajaj Avenger 180-220

බජාජ් ඇවෙන්ජර් කියන්නේ කෲසර් මොඩල් මෝටර් ​සයිකලයක්. කෲසර් ලංකාවේ එච්චරම යන්නේ නැහැ. ඒත් පරණ මාදිලි වල ජපන් සුසුකි, යමහා, හොන්ඩා මෝටර් සයිකල් වල තිබුන කෲසර් ගතියට ආස අයට අලුත්ම මෝටර් සයිකලයක් විදියට බජාජ් ඇවෙන්ජර් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒත් ඉන්දියානු බයික් ලෝලීන් කියන විදියට 80ට වඩා පාගද්දි ඇවෙන්ජර් එකේ ගැස්සීම ඇඟට දැනෙන්න ගන්නවා.

 

7. Honda CBR 250R

හොන්ඩා සී බී ආර් කියන්නේ හොන්ඩා රේන්ජ් එකේ තියෙන අපිට ගන්න පුළුවන් සීමාවෙ තියෙන හො​ඳ බයික් එකක්. ලංකාවට එන මේ අලුත්ම බයික් එක එන්නෙත් ඉන්දියාවෙන්. අපි කතා ක​ළ 200 සී සී වලට වඩා මේ බයික් එක ටිකක් වැඩි වුනත් බයික් එකේ පර්ෆෝමන්ස් වැඩි නිසා අපේ රටෙත් බයික් ලෝලීන් අතර මේ සී බී ආර් එක ජනප්‍රිය වෙලා තියෙනවා. ඇන්ටිලොක් බ්රේක් සිස්ටම් හෙවත් ඒ බී එස් බ්‍රේක් සිස්ටම් එකක් තමයි මේ ​බයික් එකට එන්නේ. බලයෙන් කොහොමත් මේ බයික් එක 200සීසී බයික් සෙට් එකට වඩා වැඩියි. ලංකාවෙදි කෙලින්ම මිලදී ගන්න පුළුවන් මේ බයික් එක වර්ණ කීපයකින්ම මිලදීගන්න තියෙනවා.

 

ලොකු බයික් ගැන කියද්දි පරණ ජපන් බයික් තරම් අපේ අයට තවමත් ඉන්දියන් බයික් හරියන්​නෙ නැහැ කියලා මතයක් තියෙනවා. ඒත් දැන් කේ ටී එම් බයික් පවා හදන්නේ ඉන්දියාවේ. කොටින්ම ලංකාවෙ මාකට් එකේ තියෙන බයික් වලින් 90%කට වඩා දැන් එන්නේ ඉන්දියාවෙන්. 

 

200 සී සී බයික් ගැන සුළු අදහසක් මේ පෝස්ට් එකෙන් ඔයාල දැනගන්න ඇති. ඉස්සරහට එන සුපිරි බයික් ගැන යම් දැනුවත් කිරීමක් ඔයාලට දෙන්නත් ලයිෆි හරහා අපි බලාපොරොත්තු වෙනවා.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *