හකුරු වලින් හදන්න පුළුවන් කෑම වර්ග 7ක්

හකුරු එක්ක තේ බොනවා, ආප්ප කනවා ඇරුණම අපි කරන්නෙ වටලප්පමක් හදාගන්න එකනෙ. හැබැයි හකුරු කියන්නෙ ඊට වඩා ගොඩාක් කෑම වලට රසට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඔන්න අද අපි හකුරු වලින් හදන්න පුළුවන් වෙන කෑම ගොන්නක් ගෙනල්ලා තියනවා. එහෙනම් මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න.

 

1. හකුරු බර්ෆි 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආමන්ඩ් කෝප්ප 1 1/2
  2. කරදුමුංගු 4
  3. හකුරු කෝප්ප 1/2
  4. වතුර කෝප්ප 1/4 

 

  • ට්‍රේ එකක් අරගෙන ඒකට බේකින් පේපර්ස් දාලා ගිතෙල් ටිකක් ගාගෙන පැත්තකින් තියන්න. ආමන්ඩ් හා කරදමුංගු බ්ලෙන්ඩර් එකට දාලා පවුඩර් එකක් එන විදියට ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා ඒකට හකුරු හා වතුර දාලා හොඳින් කලවම් කරන්න. ඊළඟට ඒක පෙරා ගන්න. පෙරාගෙන නැවත පෑන් එකකට දාලා ලිපේ තියලා හොඳට උතුරන්න තියන්න. 
  • සිරප් එකක් විදිහට හකුරු මික්ස් එක හැදුනම කලින් ග්‍රයින්ඩ් කර ගත් ආමන්ඩ් දා ගන්න. හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට කලින් සුදානම් කර ගත් ට්‍රේ එකට මේ මිශ්‍රණය දමා අතුරා ගන්න. ඒක විනාඩි 30 ක් විතර නිවෙන්න තියලා කෑලි කපා ගන්න. 

 

 

2. ලඩ්ඩු 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ගිතෙල් මේස හැඳි 4 
  2. කඩල පිටි කෝප්ප 1 
  3. හකුරු පවුඩර් කෝප්ප 1 
  4. කරදමුංගු පවුඩර් තේ හැඳි 1 /4

 

  • පෑන් එකක් අරගෙන ඒක ලිපේ තියලා ඒකට ගිතෙල් මේස හැඳි 1 හා පිටි දාලා විනාඩි 4 ක් විතර අඩු ගින්දරේ රෝස්ට් කර ගන්න. 
  • ඊළඟට බෝල් එකක් අරගෙන ඒකට කඩල පිටි ටික දා ගන්න. ඒකටම හකුරු පවුඩර් හා කරදමුංගු පවුඩර් දාලා හොඳින් කලවම් කරන්න. 
  • නැවත ගිතෙල් මේස හැඳි 3 විතර දාන්න. හොඳින් කලවම් කරන්න. ඊළඟට අතට ගිතෙල් ටිකක් ගාගෙන ලඩ්ඩු මිශ්‍රණයෙන් බෝල සාදා ගන්න. 

 

 

​3. හකුරු හල්වා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වතුර කෝප්ප 3/4
  2. ගාගත් හකුරු කෝප්ප 1 /4
  3. ගිතෙල් කෝප්ප 1/4
  4. කජු ටිකක් 
  5. පාන්පිටි කෝප්ප 1 /4 

 

  • පෑන් එකක් ලිපේ තියලා ඒකට වතුර, හකුරු ටික දාලා අඩු ගින්නෙන් බොයිල් කර ගන්න. 
  • ඊළඟට වෙනම පෑන් එකක් අරගෙන ගිතෙල්, කජු හා පිටි දාලා හොඳට කලවම් කරන්න. ඒකට කලින් සාදා ගත් හකුරු මික්ස් එක දා ගන්න. හොඳින් කලවම් කරන්න. 

 

 

4. හකුරු තෝ​සෙ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හකුරු කෝප්ප 1 /2
  2. වතුර කෝප්ප 1
  3. ආටා පිටි කෝප්ප 1 1/2
  4. කරදමුංගු පවුඩර් පින්ච් එකක්
  5. ඩේසිකේටඩ් කොකනට් කෝප්ප 1 (වියළි පොල්)
  6. ලුණු ටිකක් 

 

  • බෝල් එකක් ගෙන ඒකට හකුරු හා වතුර දාගන්න. හොඳින් කලවම් කරලා මේක පෙරා ගන්න. පෙරා ගත් හකුරු මිශ්‍රණයට ආටා පිටි එකතු කරන්න. හොඳට බැටර් එකක් එන විදිහට කලවම් කරන්න. අවශ්‍ය නම් වතුර දාලා නැවත හොදින් කලවම් කරන්න. 
  • ඒකටම කරදමුංගු පවුඩර් හා ඩෙසිකේටඩ් කොකනට් ටික එක් කර හොඳින් කලවම් කරන්න. ඊළඟට පෑන් එකක් අරගෙන ඒක ලිපේ තියලා ඒකට කලින් සදා ගත් බැටර් එකෙන් ටිකක් දාලා තෝසෙ එකක් වගේ සාදා ගන්න.

 

5. හකුරු පුඩිම 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හකුරු 250g
  2. ටින්කිරි 250 ml
  3. ෆ්‍රෙෂ් මිල්ක් 500ml
  4. බිත්තර 6
  5. කජු ටිකක් 
  6. ලුණු පින්ච් එකක්
  7. වැනිලා ටිකක්

 

  • පෑන් එකක් අරගෙන රත් වෙන්න තියලා ඒකට කුඩාවට කපා ගත් හකුරු, කිරි දාලා හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට වෙනම බෝල් එකක් අරගෙන ඒකට ටින්කිරි දාලා හදා ගත් හකුරු මිශ්‍රණය එක් කරන්න. හොඳින් කලවම් කරන්න. මේකට ලුණු හා වැනිලා දාලා හොඳට කලවම් කරන්න. 
  • වෙන බෝල් එකකට බිත්තර දාලා හොඳින් බීට් කරගන්න. දැන් මේ බිත්තර කලින් සදා ගත් මිශ්‍රණයට එකතු කරලා මිශ්‍රණය බෝල් එකකට පෙරා ගන්න. ෆොයිල් කොළයකින් කවර් කරගන්න.
  • අන්තිමට ට්‍රේ එකකට වතුර ටිකක් දාලා ඒක උඩින් මේ මික්ස් එක දාපු බෝල් එක තියලා සෙල්සියස් 180ට විනාඩි 45ක් විතර බේක් කරගන්න. නැත්නම් ස්ටීමරයක තියලා ස්ටීම් කරගන්න. 

 

6. හකුරු කේක් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුදවපු කිරි කෝප්ප 1/2
  2. හකුරු පවුඩර් කෝප්ප 1 
  3. ඔයිල් කෝප්ප 1 /2
  4. පාන්පිටි කෝප්ප 1 
  5. බේකින් පවුඩර් තේ හැඳි 1 
  6. බේකින් සෝඩා තේ හැඳි 1 /2
  7. ලුණු ටිකක් 
  8. වැනිලා තේ හැඳි 1 
  9. කරදුමුංගු පවුඩර් තේ හැඳි 1/2
  10. ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 4 

 

  • මුලින්ම කේක් ට්‍රේ එකට ඔයිල් ටිකක් ගාගන්න. බේකින් පේපර් දා ගන්න. බෝල් එකක් අරගෙන ඒකට මුදවපු කිරි හා හකුරු පවුඩර්, ඔයිල් දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් වෙනම භාජනයක් ගෙන අරගෙන පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, ලුණු කුඩු ටිකක් දාලා හලා ගන්න. දැන් කලින් සදා ගත් හකුරු මික්ස් එකට වැනිලා ටිකක් හා කරදමුංගු පවුඩර් දාගන්න. හොඳින් කලවම් කරන්න. 
  • ඒකට පිටි මිශ්‍රණය දාලා කලවම් කරන්න. මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් දාලා නැවත හොඳින් කලවම් කරන්න. කජු ටික එක් කරන්න. දැන් මේක කලින් සූදානම් කරපු බේකින් ට්‍රේ එකට දා ගන්න. මේක සෙල්සියස් 180ට විනාඩි 30 ක් විතර බේක් කරගන්න.

 

7. හකුරු පායාසම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සව් ග්‍රෑම් 100
  2. හකුරු බෑයක්
  3. රොස්ට් කරගත් මුද්දරස්පලම් 
  4. රෝස්ට් කරගත් කජු 
  5. පොල්කිරි කෝප්ප 1/2
  6. කරදමුංගු ඇට 2

 

  • භාජනයක් ගෙන වතුර දාලා උණු වෙන්න තියලා ඒකට සව් එක් කරන්න. හොඳින් කලවම් කරන්න. දැන් ඒකට හකුරු එකතු කරලා හැඳිගාන්න. 
  • මේකටම මුද්දරස්පලම් හා කජු එක් කරන්න. හොඳි කලවම් කරන්න. දැන් පොල්කිරි හා කරදමුංගු එක් කරන්න. හොඳට උතුරවගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *