නිරුවත්ව සිටින ඔබේ ගැහැනියට නොකි​ව යුතු දේවල්

ඔබ ආදරය කරන හෝ ඔබ ආශා කරන කාන්තාවක් එක්ක ඔබ නිරුවත්ව කල් ගත කරලා තියෙනවා. මේ කියන නිරුවත සම්පූර්ණ හිතේ තියෙන දේවල් කියලා හිතින් නිරුවත් වෙන එක ගැන කියන කතාවක් නෙමෙයි. ඇඳුම් සියල්ල උනා දමලා නිරුවත් වෙන එක ගැනයි කියන්නෙ. අපි මෙතන නිරුවත් වීම ගැන කෙලින්ම කතා කරන්නෙ සමහරු නිරුවත් වෙලා යහන්ගත නොවී තියෙන්නත් ඉඩ තියෙන නිසායි. අන්න ඒ නිසා මිසක් මේ කතාව අදාළ වෙන්න යහන්ගත වුණු, වෙන සහ වෙන්නට නියමිත පිරිමින්ටයි. ඒ තමයි නිරුවතින් සිටින තමුන්ගේ පෙම්බරිය ඉදිරියේ නොකිව යුත්තේ මොනවාද කියන එක.

දැන් මේක දැකලා හනේ අපොයි කියල කටේ අත් ගහගෙන නටන්නෙපා. මේකෙ ඉස්සරහට තියෙන්නෙ පුංචි ඈයොන්ට දකින්න ඒ තරමට සුදුසු නැති අසභ්‍ය කතා ටිකක් සභ්‍ය භාෂාවකින් ලියපු සටහනක්. ඒ නිසා තම තම නැණ පමණින් විමසා බලා ඉදිරියට කියවාගෙන යනු මැනවි.

 

1. පියයුරුවල සයිස් එක

පිරිමිත් ඉතිං ගෑනු ඉස්සරහ පෙන්නන්නෙ මං ඉස්සරහ ඇඳුම් නොගැලෙවුවේ ජෙනිෆර් ලෝපේස් විතරයි වගේනෙ. හැබැයි තත්ත්වෙ එහෙම නෙමෙයි. ඔය ඉතිං කඩ ගොඩකට ගියා කියන බොහෝමයක් දෙනා පෙට්ටි කඩේකට වත් ඔලුව දාලා නැති උදවිය වෙන්න හොඳටම ඉඩ කඩ තියෙනවා. අන්න ඒනිසා තමුන්ගෙ ඒ මානසිකත්වයෙන් මුලින්ම ගොඩ එන්න ඕන. ඔයාලා ඔය හිතං හිටියට ඔයාලා හැමෝටම මහා ලොකු ආයුධ නැහැනෙ. ඒ නිසා ගැහැනියකගේ ලස්සනම අවයවය වෙච්ච පියයුරු ගැන අවුල් ප්‍රකාශ කරන්න එපා. ටිකක් එල්ලෙනවා වගේ නේද? එහෙමත් නැත්තං පොඩි වුනාට කමක් නෑ. මම ආසයි වගේ ප්‍රකාශ කවදාවත් සිද්ධ කරන්නෙපා. ඒකෙන් ගැහැනියකට තමුන්ගෙ පියයුරු ප්‍රමාණයෙන් තමුන්ව ජජ් කරා කියන හැඟීම ඇති වෙනවා. ඒක සම්පූර්ණ යහන්ගත වීමේ ක්‍රියාවලියම අපගමනයකට ගෙනියන්න මූලික වෙන හේතුවක්.

 

2. ඇඟේ හැ​ඩේ…

බොහෝමයක් උදවිය කියන තවත් නරක කතාවක් තමයි මේ කම්පැරිසන් කතාව. බොහෝමයක් දෙනා මේ කම්පැරිසන් එක කරන්නෙ අවුල් කෙනෙක් එක්ක වීම තමයි අවුල. උදාහරණෙකට ඔයාගෙ ඇඟ ඩැනී ඩැනියල්ස්ගෙ වගේ කිවුවනං තරමක කම්ප්ලිමන්ට් එකක්. ඒ වගේම තමුනුත් නිල් චිත්‍රපට බලලා තියෙන, ඒ ගැන හොයලා තියෙන කෙනෙක් විත්තිය ඉඟි කරන කමෙන්ට් (එහෙමත් නැත්තං සිරිමත් මගෙ සකි වගේ හිටියොත් ගැහැනියට හිතෙන්න පුළුවන් මූ මගෙන් ඉගෙනගන්න එනවද කියලත්) එකක්. හැබැයි සමහරු කම්පෙයා කරන්නෙ ඔයාගෙ ඇඟ මගේ අම්මගෙ වගේ කතා කියල. එහෙම වුනාම අම්ම කොච්චර ලස්සන වුනත් නැතත් ගැහැනියට අවුල් සහගත හැඟීමක් ඇති වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. අනිත් වැඩේ තමයි පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කම්පෙයා කිරීම. එතකොට ඉතිං කෙල්ලට හිතෙන්නෙ මෙයා එයාගෙ ඇරියස් පියවගන්න ආපු ගමනක් කියලයි.

 

3. සුවඳ දැනී දැනෙනවා

ලිංගික ක්‍රියාවලියෙ මුල්ම අදියර කිහිපය සිද්ධ වෙද්දි හෝර්මෝනමය ශ්‍රාවයන් නිකුත් වීම සාමාන්‍ය දෙයක්. ඒක නීරෝගී සිරුරක ලක්ෂණයක්. මේ සුවඳ ගැහැනු පිරිමි භේදයකින් තොරව හොඳින් දන්න, සෙක්ස් ඩ්‍රයිවු එක වඩවන සුවඳක්. හැබැයි එහෙමයි කියල අයි කැන් ස්මෙල් යූ වගේ ගොන් කතා කියන්න හොඳ නෑ. ඇයි මහත්තයො කෙල්ලට එක පාරට හිතෙන්න පුළුවන්, එයාගෙ සුවඳ ඔයාට අවුල් කියලා. එහෙම වුනාම එයා හිතින් එයාටම බැරියර් එකක් දාගන්නව. ඒකෙ පාඩුව දෙන්නටමනෙ. වැඩිපුරම පාඩුව ඔයාට. එහෙම හිතලාවත් ඔය වගේ කතා කියන්න එපා.

 

4. ජිම් උපදෙස්

සමහරු ඉතිං ගෑනු ළමයින්ට උපදෙස් දෙන්න හරි ආසයිනෙ. නමුත් නිරුවත් ගැහැනියකගෙ සිරුර සකසාගන්න හැටි ගැන උපදෙස් දෙන එක තරං ගොං කමක් තවත් නැතුව ඇති. ඔයා ස්කොට්ස් ටිකක් ගැහුවනං ඔයාගෙ ඔය දෙපැත්තෙ ටයර්ස් ටික අඩු කරගන්න තිබුනා වගේ මෝඩ කතාවක් ජීවිතේටවත් කියන්න එපා. ඒක තව මනුස්සයෙකුගෙ හිත රිදවන දෙයක්. විශේෂයෙන්ම තමුන් එක්ක සුන්දර කාලයක් ගත කරන්න විශ්වාසයෙන් ඇඳුම් උනා දමපු කාන්තාවකට නොකිව යුතුම දෙයක්.

 

5. ඔන්න දැන්

සෙක්ස් කරද්දි සමහර කතා තියෙනවා නොකිය යුතු. ඔන්න දෙන්නත් එක්ක දෙදෙනා විසින්ම නිරුවත් වෙලා, ෆෝප්ලේ කරලා කාමගිනි අවුස්සගෙන යක්ෂ දෑසින් කෑදර කමකින් ඒ ඒ සිරුරේ වෙලිලා ඉන්න කොට පිරිමියා උගුරේ රැල් බුරුල් හැරලා එහෙනං දැන් කරමුද වගේ ගොන් කතාවක් අහන්න හොඳ නෑ. ඒකත් අර විදියටම දෙන්නගෙ බොඩි ලැංවේජ් එකෙන් තේරුං අරගෙන හෙමීට සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ නිසා ඔන් යුව මාක්, ගෙට් සෙට්, රෙඩී, ගෝ කියන්න එපා. මේවා ඇස්වලින් කියන්න හුරු වෙන්න.

 

6. මහන්සියි නේද?

හරි පිරිමියා තරමක් වැඩි වැඩ කොටසක් කරලා පිරිමියාට මහන්සි දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට කවදාවත් මට නං දැන් මහන්සියි, ඔයාට මහන්සි නැද්ද වගේ දේවල් අහන්නෙපා. තමුන්ට මහන්සි මොහොතක ගැහැනිය නොනවත්වා කාර්යයේ නියැලෙනවානම් තමුන්ට මහන්සි අඩු ඉරියවුවකට ෂේප් එකේ මාරු වෙන්න. ඒවා කියල කරන්න ඕන දේවල් නෙමෙයි. ඒක දෙන්නගෙ බොඩි ලැංවේජ් එක ගැලපෙද්දි දෙන්නටම තිතට තේරෙන දේවල්.

 

7. කියවිල්ල අඩු කරන්න

කොහොමත් පොදුවේ කියවිල්ල අඩු කරන්න. ඔයාට වුනාද? මට නං තාම නෑ! මම හොඳයිද? මම ෂේප්ද? කලින් කෙනාට වඩා මම ඕකේද? ආ යූ සැටිස්ෆයිඩ්? ප්‍රොමිස්? අයි ලයික් යුව ආස්! අයි වෝන්ට් ගෙට් අවුට් ඔෆ් දිස් ටිල් මයි ඩෙත්! බිලීවු මී! මේ ටැටූ එක ගැහුවෙ පොඩි කාලෙද? ඔයාගෙ අම්මල ඔයා රෑ එළියට යනවට ඕකේද? ගෙදර ගියාම හස්බන්ඩ්ට තේරෙන්නෙ නැද්ද? ෂේවු කරන්න ආසා නැද්ද? මම ටැබ්ලට් එකක් ගන්න ඕනද? ඔයා ආසා කොන්ඩම් දාලද? නැතුවද? පෝන් ෆිල්ම්ස් බලලා තියෙනවද? වගේ කතා අහන්න එපා. ප්ලීස්!

 

හරි. මේ දේවල් ඉතිං ප්‍රසිද්ධියෙ ෂෙයා කරන්න ලැජ්ජයිනං අඩුම තරමෙ වට්ස්ඇප් එකෙන් හරි මෙසෙන්ජර් එකෙන්වත් මිතුරන් අතරේ බෙදාගන්න. යාලුවොන්ගෙ සෙක්ස් ලයිෆ් එකට උදවුවක් වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *