හරි! දැන් ඔන්න අලුත් අවුරුද්දක් එන්නයි යන්නෙ. ඒ කියන්නෙ ඉතිං අපේ අයියල ආයෙ අලුතෙන් පරණ සිතුවිලි ටිකම ඔලුවට ගන්න කාලෙ. දැන් ඔය කියන විදියට අලුත් අවුරුද්දට සූදානං වෙන එකත් අමුතුම ආතල් එකක්. ඒව දැක්කම හිනා නවත්තගන්න තොල් දෙකට බයින්ඩර් ගම් ගාන්න ඕන. මෙන්න මේව තමයි ඒ වැඩ.
1. ජිමා

Source – mtlblog.com
මේ අය ඉතිං අලුත් අවුරුද්දෙ ඉඳන් ඇඟ හදාගන්නයි කල්පනාව. ඒ නිසා දැන්ම ඉඳන් එවුවට සූදානම් වෙනව. ජිම් යන්න ඇඳුම්, සපත්තු අරං තියනව, ආනල්ඩ්ගෙ(රසල් නෙමෙයි) පින්තූර ගහහගන්නව බිත්තියෙ, බයිසිකල් සර්විස් කරනව, කැසිලෑන් පිටි ගන්න සල්ලි එකතු කරනව. වැඩ කෝටියයි. හැබැයි ඉතිං අලුත් අවුරුද්ද පටන්ගන්නකං මේ කියන බඩු ලෑස්ති කරනව විතරයි. ලස්සන කෙල්ලො යන එන ජිම් හොයනව. ගනං අඩු ජිම් හොයනව. හැබැයි ඒ අයගෙ හිත පිළිගන්න කැමති නෑ අලුත් අවුරුද්ද පටන්ගත්තම මේ අවුරුද්දෙ ජිම් ඇඳුම් ටිකත් ආයෙ පරණ ටික දාපු තැනටම යනව කියල.
2. සුපර්කැලිෆ්‍රැජිලිස්ටික්එක්ස්පෙලිඩෝෂස්

Source – quora.com
ඔය කිවුවෙ ඉංග්‍රීසි භාෂාවෙ තියෙන දිග වචන වලින් එකක්. ඔයිට හපං වැඩක් තමයි දැන් වෙන්න යන්නෙ. ඒ තමයි අලුත් අවුරුද්දෙ ඉඳන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න එක. ඉංග්‍රීසි පොත් ගෙදර පුරා හොයල දූවිලි පිහදාලා මිදුලෙන් තියනව. අලුතෙන් ඩික්ෂනරියක් එහෙම ගන්නව. ඉංග්‍රීසියෙන් දවසෙ විස්තර ලියන්න අලුතෙන් ඩයරියකුත් ගන්නව. මීටපස්සෙ ඉංග්‍රීසි නිවුස් බලනව කියල හිතාගෙන ඉංග්‍රීසි චැනල් ටිකත් සල්ලිවලට දාගන්නව. ආය ඉතිං පරණ ඩික්ෂනරි ගොඩ උඩින් අලුත් ඩික්ෂනරිය තියනව ඇරෙන්න වෙනස් දෙයක්නං වෙන්නෙ නෑ ආයුබොවංඩ!
3. පෝන් එපා!

Source – healthywomen.org
අපේ අයියල ඉතිං නිල් චිත්‍රපට බලන එක නවත්තන්නෙ නැහැනෙ. නවත්තනව තියා අඩු කරන්නෙවත් නැහැනෙ. නිල් චිත්‍රපට මනසට හොඳයි සහ නරකයි විදියට විවිධාකාර අදහස් තිබ්බත් අපි කියන්නෙ අපේ අය ඒ සම්බන්ධව දීගන්න පොරොන්දුවක් ගැන. මුළු හාඩ් එකේම තියන ෆිල්ම් ටික ෆෝමැට් කරන්න හිතාගෙන දෙසැම්බර් 31 වෙනිද වෙනකං විතරක් බලනව කියල හිතාගෙන බලනව. ඒ බැලිල්ල වෙනද වගේ නෙමෙයි පුදුම ඇබ්බැහියකින් සිද්ධ වෙන දෙයක්. කොහොමින් කොහොමහරි 31 රෑ මැකුවට ජනවාරි දෙවෙනිදට කලින් ආයෙ අලුත් ඒවයෙන් පිරෙනව.
4. මාත් මේ පිලිවෙලක් වෙන්නෙයි කියල

Source – dweef.com
මේක තමයි හුඟක්ම අය හිතන, ඒත් නොවෙනම වැඩේ. ඔරලෝසුවක්, ඩස්ට්බින් එකක්, පිරිසිදු කිරීම් කට්ටලයක්, ඇඳුම් දාන්න භාජනයක්, අලුත් තුවායක්, අලුත් ටූත් බ්‍රෂ් එකක්, නේල් කටර් එකක්, ඉරිච්ච නැති මේස් ඇතුළු සියලූ දෑ අරගෙන ජනවාරි පළවෙනිදා වෙනකං බලාගෙන ඉන්නෙ මේ කියන දේවල් පාවිච්චි කරල එයාලත් පිළිවෙල හොඳ ළමයෙක් වෙන්න. හැබැයි ඉතිං හිතුවටම මදියිනෙ.
5. නොකා ඉන්නයි කල්පනාව

Source – dietdoctor.com
අලුත් අවුරුද්දෙ ඉඳන් කෑම පාලනය කරන්නයි කල්පනාව. පිටි කෑම නවත්තන්නයි හිත.ඒ හින්දා දැන් බිත්තර රොටි කනව, උළුඳු වඩේ කනව, පානුයි මස් හොඳියි දබ දබ ගාලා ගිලිනව. තෙල් ජාති අඩු කරන්නයි කල්පනාව. ඒ හින්දා රෝල්ස් පැටිස් වගේ කෑම, තෙල් බේරෙන බාබකියු චිකන් දීලා අරිනව. පැණි රස කෑම නවත්තන්නයි කල්පනාව. ඒ හින්දා දැන් බූන්දි ගොඩේ පෙරලි පෙරලි ඉන්නෙ. හැබැයි ඉතිං ඔය ටික රහ වැටිලා අලුත් අවුරුද්දෙ ඉඳගෙනත් ආයෙ ඔය ටිකමයි කන්නෙ.
6. අලුත් අවුරුද්ද වෙද්දි නැත්තං එපා!

Source – http://wallpapersknock.com
කෙල්ලෙක් හොයාගන්න හැමදාම ට්‍රයි කළා. ඉගෙනගන්නෙත් නැති විෂයන්වල ක්ලාස්වලට ගියා, අදාළ නැති බස් රූට්වල ගියා, රතු ඉරි ගහගෙන පරක්කු වෙලා ආවා. ආයෙ ඒව නෑ. අලුත් අවුරුද්ද වෙනකං විතරයි ට්‍රයි කරන්නෙ, ඊටපස්සෙ නං ලොවෙත් කෙල්ලෙක් ගැන හිතන්නෙ නෑ. නෑමයි.
7. මතේ
මෙන්න ගන්නව ජීවිතෙ ලොකුම තීරණේ. අලුත් අවුරුද්දෙ ඉඳන් අරක්කු බොන්නෙ නෑ. ඒ හින්දා දැන් තියෙන ඕන දෙයක් ගහනව. කොටින්ම දැන් ගල් අරක්කුයි ක්‍රීම් සෝඩයි එක්කත් ගහල මැච් වෙනවද බලල ඉන්නෙ. 31 රෑ ගසනව ගැසිල්ලක් උන් හිටි තැන් අමතක වෙන්නෙ. කොහොමහරි එදාට අමතක වෙනව බොන්නෙ නෑ කියල ගත්තු තීරණෙත්.
Cover Image Source – tylerintime.com
Leave a Reply