හිටිහැටියේ නොපෙනී ගිය අපේ ක්‍රිකට් තරු

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන නොදන්න කෙනෙක් කොයි අස්ස මුල්ලක වත් ඉන්න විදිහක් නෑ.  ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව ඇතුළේ ප්‍රසිද්ධයි. පොඩි දරුවාගේ ඉඳන් වැඩිහිටි මහළු කෙනා වෙනකන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන, ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන දන්නවා. ක්‍රිකට් කියන්නේ ලංකාව ඇතුළේ ජනප්‍රියම ක්‍රීඩාව වගේම ලෝකයේ දෙවන ජනප්‍රිය ක්‍රීඩාව. ඒ නිසා දේශීය විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන එහෙම ඕන දෙයක් අපේ ලංකාවේ ඩයි හාර්ඩ් ක්‍රිකට් ෆෑන්ස් ල දන්නවා. ක්‍රිකට් නීති රීති එහෙම ඉතින් අපේ අයට නතින්ග්. ඉතින් මෙන්න මේ තරම් අපේ හිතට කාවැදුණු ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩකයොන්ටත් ඉතාම ලොකු ජනප්‍රසාදයක් ලැබෙනවා. 

ඒ වගේම ඉස්සර නම් වැඩිය දකින්න නොලැබුන දෙයක් තමයි ක්‍රීඩකයෝ හිටිගමන් ටීම් ඒකෙන් අතුරුදහන් වෙන එක. එත් දැන් නම් ඒ වගේ දේවල් ගොඩක් ටීම් එකේ දකින්න තියෙනවා. ඒකට ඉතින් එක එක විදිහේ හේතු බලපාල තියෙන බව පේන්න තියෙනවා. අපි මේ කතා කරන්න යන ක්‍රීඩකයොත් හිටිගමන් ටීම් ඒකෙන් අතුරුදහන් වුණු ලිස්ට් එකේ ඉන්නවා. 

 

 

1. අසේල ගුණරත්න

අසේල ගුණරත්න කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ගොඩක් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අසේලගේ අපි දැකපු හොඳම දක්ෂතාවය තමයි 2017 ඔස්ට්‍රේලියාව එක්ක තිබුණු T20 තරඟාවලියේ දෙවෙනි තරගයේ අසේල පිත්තෙන් දක්වපු දක්ෂතාවය. එදා ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ තත්ත්වයකට වැටෙද්දී තනියම මැච් එක ගොඩ දාල දුන්නේ අසේල. ඒ වගේ දක්ෂයෙක් එක පාරට ටීම් එකේ පේන්න නැතුව යනවා. 2017 දීම ඉන්දියාව එක්ක පැවතුන පළවෙනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලකට තුවාල සිද්ද වීමත් එක්ක. හැබැයි ඒ අබාධය සුව කරගෙන ටීම් එකට ආවත් අසේලට සුපුරුදු දක්ෂතා පෙන්නන්න බැරිව යනවා. ඒ නිසාද කොහේදෝ අසේලට ටීම් එකේ තිබුන ස්ථානය අහිමි වෙනවා. ඉතින් එදා ඉඳල අද වෙනකන් අසේල අතුරුදහන්. 

 

 

2. චාමර සිල්වා

හා හා පුරා කියල 1999 දී 19න් පහළ ටීම් එකට සෙල්ලම් කරලා, දක්ෂතා පෙන්නලා ජාතික කණ්ඩායමට එන්න වාසනාව හිමිකරගෙන නමුත් දක්ෂතා පෙන්නන්න නොහැකි වීම නිසා ටීම් ඒකෙන් එළියට විසි වෙච්ච ක්‍රීඩකයෙක් තමයි චාමර සිල්වා කියන්නේ. ඊට පස්සේ පානදුර ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරලා දක්ෂතා පෙන්නලා ආයෙම ජාතික කණ්ඩායමට එන්න වාසනාව හිමි කරගන්නවා. ඒත් අයෙත් වරින් වර අසමත් වීම නිසා 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ චාමරව ටීම් එකේ දකින්න ලැබෙන්නේ නෑ.  චාමර අයෙත් පානදුර ක්‍රීඩා ක්‍රීඩා සමාජයට සෙල්ලම් කරමින් ඉඳිද්දී තරග පාවාදීමක් සම්බන්ධයෙන් චාමරට සියලු ආකාරයේ තරග තහනමක් පැනවුවත් අවසානයේ ඔහු එයින් නිදහස් වෙනවා. කොහොම උනත් චාමර සිල්වත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදහන් වුණ දක්ෂ ක්‍රීඩකයෙක්.

 

 

3. සචිත්‍ර සේනානායක

සචිත්‍ර  සේනානායක කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ පන්දු යවන්නෙක් විතරක් නෙමෙයි, දක්ෂ පිතිකරුවෙක්. මෙයා අපිට ගොඩ දාල දීපු මැච් එහෙම මතක නැති වෙන්න විදිහක් නෑ අපේ ක්‍රිකට් පිස්සන්ට. අවාසනාවට මොකක්දෝ හේතුවක් නිසා 2016 සැප්තැම්බර් මාසේ ඔස්ට්‍රේලියාව එක්ක තිබ්බ T20 තරඟාවලියට පස්සේ සචිත්‍ර ට ටීම් එකේ ප්ලේස් එකක් නැතිවෙලාම යනවා. ඒ උනාට ඒ වෙද්දීත් පළමුපෙළ තරග වල සචිත්‍ර හොඳින් දක්ෂතා පෙන්වමින් ඉද්දිත් මේ විදිහට ජාතික කණ්ඩායමේ ප්ලේස් එකක් නැති වීම හරි පුදුමසහගතයි. කෙසේ වෙතත් පස්සේ කාලෙක සචිත්‍ර ප්‍රකාශ කරලා තිබුනා එයාට වෙච්ච අසාධාරණකම් ගැන. ඉතින් එහෙම එක පාර ටීම් ඒකෙන් අතුරුදහන් වුන සචිත්‍ර මේ අවුරුද්දේ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදෙන බව කියල තිබුනා. 

 

 

4. චාමර කපුගෙදර

කපුගෙදර කියන්නෙත් අපිට හිටපු ගොඩක් දක්ෂ දකුණත් පිතිකරුවෙක්. 2006 ජනවාරි මාසේ ඕස්ට්‍රේලියාවේ පැවතුන තුන්කොන් තරඟාවලියෙන් එක්දින වරම් දිනාගන්න කපු, මැදපෙළ පිතිකරුවෙක් විදිහට තමයි ක්‍රීඩා කරන්නේ. නමුත් ඒ තරඟාවලියේදී විශේෂ දක්ෂතාවයක් දක්වන්න සමත් උනේ නැති උනත් ඉන් පස්සේ ජාතික කණ්ඩායමට දක්ෂතා පෙන්නනවා. එක අවස්ථාවක චන්දිමාල් ගේ අඩුව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයටත් කපුගෙදර පත් වෙනවා. එහෙමත් වෙලා 2017 අවසාන වතාවට අබුඩාබි වල පකිස්ථානය එක්ක තිබ්බ තරගයෙන් පස්සේ කපුගෙදරත් ටීම් ඒකෙන් අතුරුදහන් වෙනවා. ඉන් පස්සේ දිගින් දිගටම අවස්ථාවක් නොලැබීම හේතුවෙන් 2019 දී කපුගෙදර විසින්ම තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරනවා. එහෙම උනත් පහුගිය දවස් වල පැවැත්වෙන Road Safety World Series 2020 තරගාවලියේ Sri Lanka Legends කණ්ඩායමේ කපුගෙදර ක්‍රීඩා කරනවා බලාගන්න පුළුවන් වුණා.

 

 

5. අකලංක ගනේගම

අකලංක ගනේගම කියන්නෙත් අපේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වගේම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 2001 අවුරුද්දේ පකිස්ථානය එක්ක සාජා වල පැවතුණු සාජා කුසලානයේ දී එක්දින වරම් දිනාගන්නවා. (ඒ තරගයේදීම තමයි පකිස්තානු ක්‍රීඩක මොහමඩ් සාමි සහ හුමායුන් ෆර්හට් කියන ක්‍රීඩකයෝ දෙන්නත් එක්දින වරම් දිනාගන්නේ) හැබැයි ටෙස්ට් වරම් දිනාගන්න තරම් කාලයක් ඔහු ක්‍රීඩාවේ ස්ථාවර වෙන්නේ නෑ. ඒ අතරතුරේ කලාව පැත්තට යොමු වෙනවා සහ ඒ එක්කම අකලංක ගනේගමත් අතුරුදහන් ලිස්ට් එකට ඇතුළත් වෙනවා. දැනට උනත් අකලංක පළමුපෙළ තරග වල ක්‍රීඩා කරනවා මේ වනතුරුත් ගාල්ල ක්‍රීඩා සමාජය වෙනුවෙන්.

 

 

6. නුවන් කුලසේකර

ක්‍රිකට් ක්‍රීඩාව බලන ඕනෑම කෙනෙක් කුලසේකර කියන්නේ කවුද කියල හොඳටම දන්නවා. ඔහු ඒ තරම් දක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් ලොකු දායකත්වයක් දීපු ක්‍රීඩකයෙක්. මුලින්ම නුගේගොඩ ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙලා පස්සේ ගාල්ල ක්‍රීඩා සමාජයට එකතු වෙනවා. ඒ කාලේදීම හොඳම පන්දු යවන්නා වශයෙනුත් 2002-2003 (දේශීය තරග) කුලේ නම් කෙරෙනවා.  ඒ විදිහට ජාතික කණ්ඩායමේ දොර ඇරගන්න කුලේ සමත් වෙනවා. ඒ වගේම 2006 දී තමන්ගේ පළමු අර්ධ ශතකය ලබාගන්නව එංගලන්තයට එරෙහිව සහ ඒ තරගාවලියේදීම පන්දු යැවීමේ ගැටළුවක් මත මාස අටකට කණ්ඩායමෙන් ඉවත් කරනවා. නැවත කණ්ඩායමට එකතු වෙලා 2017 දී සිම්බාබ්වේ සමග හම්බන්තොට පැවතුණු තරගයෙන් පස්සේ අවස්ථාවක් නොලැබුන කුලේ ත් කණ්ඩායමෙන් අතුරුදහන් වුන කෙනෙක් බවට පත් වෙනවා. ඉන් පස්සේ මෑතක මාලිංග ගේ සමුගැනීමේ තරගය එක්ක අෂාන්ත ද මෙල් මහතා බොහෝ මතභේදයකට පත්  ප්‍රකාශයක් කළා කුලේ ගැන. කෙසේ වෙතත් මේ වෙද්දී කුලේත් ක්‍රීඩාවට සමු දීල ඉවරයි. 

 

 

7. දිල්ෂාන් මුණවීර

තමන්ගේ මවගේ සහ පියාගේ අඩි පාරේ ගිහින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුල් වුන දිල්ෂාන් මුණවීර කියන්නේ ඉතාමත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරලා තමයි ඉස්සෙල්ලම දක්ෂතා පෙන්නන්නේ. ඊට පස්සේ පළමුපෙළ තරග ක්‍රීඩා කරලා 2017 දී ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියෝජනය කරන්න අවස්ථාවක් ලබාගන්නේ. ඒත් ඒ තරඟාවලියේදී තමන්ගේ දක්ෂතා පෙන්නන්න මුණවීරට පුළුවන් වෙන්නේ නෑ. ඒ නිසාමදෝ මන්ද ඉන් පස්සේ ජාතික කණ්ඩායමේ දොර මුණවීරට ඇරෙන්නේ නෑ. ඒ නිසා අපේ ලිස්ට් එකට අවසනාවන්ත විදිහට එකතුවෙන්න මුනේටත් සිද්ද වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *