ලීක් කරගෙන ලෝකය කළඹවාපු ජනප්‍රිය තරු

සමහරුන්ට වැඩිපුර facebook friend request ලැබෙන්න පටන් ගනිද්දි එයාලා හිතන දෙයක් තමයි මගෙත් මොකක් හරි ලීක් වෙලාද දන්නේ නෑ, ජාත්‍යන්තරයට ගිහින්ද දන්නේ නෑ කියන එක. ලීක් වෙන්නේ මොනවද කියලා නම් ආයේ ඉතින් අලුතෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ නෑ නේද? අද වෙනකොට ජංගම දුරකථනයක් කියන දේ ඉතාමත්ම භයානක උපරකරණයක් බවට පත් වෙලා තියෙනවා.හේතුව තමයි ජංගම දුරකථන​යකින් අපි සන්නිවේදනයට වඩා එහා ගිය දේවල් විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වීම. විශේෂයෙන්ම අපි විසින්ම හදපු වීඩියෝස් එහෙම නැත්තන්  ඡායාරූප ගබඩා කරන උපකරණයක් බවට ජංගම දුරකථනය පත්වෙලා තියෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවල පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පවා අපි ජ​ංගම දුරකථනයේ තබා ගෙන තියනවා. ගැටලුව වෙන්නේ මේ අතිශය පෞද්ගලික වීඩියෝ සහ ඡායාරූප තුන්වෙනි පාර්ශවයක් අතට පත්වීම. ඊටත් වඩා ගැටලු සහගත වෙන්නේ ඒ තුන්වැනි පාර්ශවය හරහා අන්තර්ජාලයට මේ ඡායාරූප සහ වීඩියෝ මුදා හැරීම. 

කාලෙකට කලින් ක්‍රීඩා තරුවකට ජූස් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා, ඒ තවත් ලීක් වෙච්ච වීඩියෝ එක​කට පින්සිද්ද වෙන්න. ඒ වගේම හැට පැන්නත් වැඩකාරයා ජාතියේ ඇමතිවරයෙක්ගේ කියලා කියන ඡායාරූප වගේකුත් අන්තර්ජාලයේ සංසරණය වුණා. ඒ වගේම විවිධ නිලියන්ගෙ, ගායිකාවන්ගේ යැයි කියන ඡායාරූප සහ සහ වීඩියෝ අපිට අන්තර්ජාලය තුළ සුලබව හමු වෙනවා. ඒ නිසා අපි හිතුවා අද ජාත්‍යන්තර කැළඹීම් ඇති කරන්න සමත් වෙච්ච මේ වගේ ලීක් වෙච්ච වීඩියෝස් තියන සෙලිබ්‍රිටීස්ලා කීප දෙනෙක් ගැන කතා කරන්න.

 

1. පැරිස් හිල්ටන්

ලොව පුරා පැතිර පවතින හිල්ටන් හෝටල් ජාලයේ නිර්මාතෘ කොන්රඩ් හිල්ටන්ගේ මී මිණිබිරියක් වන පැරිස් හිල්ටන් යනු උපතින්ම ධනවත් කාන්තාවක්. ඇය තම විනෝදා​ංශය ලෙසත් වෘත්තිය ලෙසත් නිරූපණ ක්ෂේත්‍රය තෝරා ගෙන තිබුණා. ඇය සහ එකල ඇගේ පෙම්වතා වූ රික් අතර සිදුවුණු සංසර්ගයක වීඩියෝ පටයක් අන්තර්ජාලයට යම් විදියකින් මුදාහැරලා තිබුණා. ඒ හරහා ඇය විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමටත් සමත් වුණා. සමහරු කියන විදිහට ඇයට කොන්රඩ්ගේ මිණිබිරිය වූ නිසා ලැබුණු ජනප්‍රියත්වයට වඩා වැඩි ජනප්‍රියත්වයක් ඒ හරහා ලැබුණා.

 

2. පැමලා ඇන්ඩර්සන්

පැමලා ඇන්ඩර්සන් සැලකෙන්නේ සෙලිබ්‍රිටි පෝර්න් කලාව ආරම්භ කළ තැනැත්තිය විදිහට. “බේ වොච්” මාලා නාටකය හරහා අසීමිත ජනප්‍රියත්වයක් ලබාගෙන සිටි ඇය ටොමී ලී සමඟ බෝට්ටුව්කදී ලිංගිකව එක් වන ආකාරයේ දර්ශන ඇතුළත් ටේප් පටයක් රූගත කොට තිබුණා. පසුව නළුවන් කිහිප දෙනෙක් සමගත් ලිංගිකව එක් වන ආකාරය දැක්වෙන ටේප් පට කීපයක් සංසරණය වෙන්නට පටන් ගත්තා.

 

3. ෂේන් වෝන්

මේ නම දැක්ක ගමන් ඔයා සමහරක් විට පුදුමයට පත් වෙන්න ඇති. නමුත් මේ ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් තරුව එංගලන්තයේ දී ලීක් කරගත්තා. නිරූපිකාවන් දෙදෙනෙකු සමඟ හෝටල් කාමරේක දී ඔහු තුන් ඈඳුතු ප්‍රේම ජවනිකාවක් පටිගත කරලා තිබ්බා. මේ ටේප් එක මාධ්‍ය ජාලවලට නිකුත් වීමත් සමගම ඔහුගේ විවාහ ජීවිතය දෙදරා යාමට හේතු වුණා. ඔහු සමඟ එක්වුණු නිරූපිකාවන් නම් ප්‍රකාශ කරල තිබ්බේ ශේන් ගෙන් තමන්ට සීයට සීයක සාධාරණයක් සිද්ධ වුණා කියලා.

 

4. හල්ක් හෝගන්

රෙස්ලිං ගැන දන්න කියන අයට නම් හල්ක් හෝගන් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. හල්ක් හෝගන්​ගේ වීඩියෝ පට කීපයක් මාධ්‍ය වලට නිකුත් වෙලා තිබුනත් එක වීඩියෝ පටයක් නිසා ඔහුට නඩුවකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. ඒ තමන් පෙනී සිටින සෙක්ස් ටේප් එක මාධ්‍ය​යට නිකුත් කරපු පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමත් සමගම. නඩුවට මොනව වුණත් ඒ හේතුවෙන් හල්ක් හෝගන්ගේ කීර්තිනාමයට දැඩි හානියක් සිද්ධ වුණා.

 

5. කිම් කාඩේෂියන්

කිම් කාඩේෂියන්ගේ මුළු ජීවිතයම වෙනස් වෙන්න හේතු වුණේ සෙක්ස් ටේප් එකක්. ඇය සහ ඇගේ හිටපු පෙම්වතා වුණු රේ ජේ ගායකයා අතර සිදු වුණු සංසර්ග අවස්ථාවන් ඔවුන් කැමරා ගත කොට තිබුණා. මෙය අසභ්‍ය චිත්‍රපට වෙබ් අඩවියක් මගින් ප්‍රචාරය කිරීමත් සමගම කිම් කාර්ඩේෂියන්ට සුවිශාල ජනප්‍රියත්වයක් ලැබුණා. පළමු අවස්ථාවේදි ඇය විසින් එම සමාගමට නඩු පැවරීමට උත්සහ ක​ළත් පසුව ඇය එය අත්හැර දැම්මා.

 

6. ජෙනිෆර් ලෝපේස්

ජෙනිෆර් ලෝ​පෙස් සහ ඇයගේ පළමු සැමියා අතර සිදුවුණු ලිංගික ක්‍රියාකාරකම් රූ ගත කර ඇත්තේ ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන්. නමුත් විවාහය බිඳ වැටීමෙන් ​පසුව පළමු සැමියා එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරි බවට ජෙනිෆර් ලෝපේස් චෝදනා කළා. දික්කසාද නඩුවෙන් පසුව වසර හයක් පුරා ඇය ඔහුට විරුද්ධව නඩුවක් ගෙන යමින් පවතිනවා. පළමු සැමියා එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා වගේම ඔහු ප්‍රකාශ කරන්නේ තමන්ගේ විවාහය බිඳ වැටීමට සම්පූර්ණ වරද ජෙනිෆර් ලෝපේස් භාර ගත යුතු බවක්.

 

7. Mini Me

වර්න් ට්‍රයර් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ Mini Me විදිහට. ඔහු තමන්ගේ පළමු බිරියට විරුද්ධව  නඩු පැවරුවේ ඔවුන් දෙදෙනාගේ ලිංගික එකතුවීම් දර්ශන ඇතු​ළත් විනාඩි 50ක සෙක්ස් ටේප් එකක් අන්තර්ජාලයට මුදා හැරීමට එරෙහිව. කොහොම වුණත් Mini Me තමන්ගේ ශරීර ප්‍රමාණය සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්න ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඔප්පු කරා කියලා සමහරු නම් කියනවා.

 

අනිත් ආටිකල්වලට වගේ මේ ආටිකල් එකට කමෙන්ට් කරන්නවත් ෂෙයාර් කරන්නවත් කියලා අපි කියන්නේ නෑ. අපි දන්නවා මේ වෙනකොටත් ඔයාගේ සිහිය තියෙන්නෙ මේ සෙක්ස් ටේප්ස් අන්තර්ජාලයේ තියෙනවද කියල බලන්න බව. ඒක කරගන්න එහෙනම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *