වැස්ස කියන්නෙ මේ කාලෙට නුපුරුදු දෙයක් නෙමෙයි. සීතල සුලං එක්ක, කුණාටු කෝඩත් පිරිලා. ඉතිං මෙවුව නිසා අපේ අයියලගෙ බලාපොරොත්තු කෙල වෙනව ඕසෙට. අපි අද කියන්න යන්නෙ අන්න වැස්ස නිසා ඒ වගේ ප්ලෑන් කෙල වෙන සිද්ධි තමයි.
1. ප්‍රී ෂූට්

Source – youtube.com
දැන් ඉතිං කසාද බඳින්න කලින් තියෙන ප්‍රී ෂූට්. බබ්බු හම්බෙන්න කලින් තියෙනව ප්‍රී ඩිලිවරි ෂූට්. මැරෙන්න කලින් තියෙනව ප්‍රී ඔබිචුවරි ෂූට්. ඉතිං ඔය කියන වෙඩින් ප්‍රී ෂූට් කියන්නෙ කොල්ලයි කෙල්ලයි මැරෙන වැඩක්. හැම එකාම එළිපහලියට බැහැල ඈත තියෙන ගල් පෙන්නනව එකඑකාට. නැත්තං පස්ස මිරිකගෙන හිනාවෙනවා. ඔන්න ඉතිං ඔය ෆොටෝ ගහල ලයිට් දාලා එවුව මෙවුව කරන්න ප්ලෑන් කරගෙන ඉද්දි දෙනව වැස්සක් දෙරි ගැහෙන්න. කෙල්ලගෙ මේකප් දියවෙලා, කොල්ලගෙ ෂර්ට් ඇඟට ඇලිලා තමයි වැඩේ නවතින්නෙ.
2. ට්‍රැෆික්

Source – youtube.com
වැස්සෙදි තමයි ට්‍රැෆික් වැඩිම. සාමාන්‍යයෙන් ලංකාවෙ වැඩිම පිරිසක් එක කුලකයට වැටෙන අවස්ථාව මොකද්ද? ඔයාල හිතුව නේද සිංහල කතා කරන අය කියල. ඒක වැරදියි. ලංකාවෙ වැඩිම පිරිසක් වැටෙන කුලකෙ තමයි ගෙදර කාර් තියාගෙන බස් එකේ ගමන් යන කුලකෙ. ඉතින් මේ කුලකෙන් හරි අඩක් වැස්ස දවසට කාර් එකේ යන්න හදනවා. අන්න එතකොට නොසිතූ විරූ ට්‍රැෆික් එකක් සෙට් වෙනවා. ඒ වැස්සනං එපා!
3. කෙල්ල නිවාඩු නිසා අපිත් නිවාඩු

Source – FF screenshot
මෙන්න මේකත් තව කාරණයක්. දැන් ඉතිං ඔය ලවු කරන කෙනා ඉන්නවනෙ. එයා ටෙඩි බෙයාලා තුන්දෙනෙක් විතර තුරුළු කරගෙන නිදියගෙන ඉන්නව. ඔන්න ඒ පැටික්කි උදේ හතට විතර ඇහැරුණාම වැස්ස වහින සද්දෙ ඇහෙනවා. අනේ අද වැස්ස නිසා ඔෆිස් යන්න ඕන නෑ කියල එයා එයාගෙ බොසාට නලෝල දෙනව එක්ස්කියුස් කන්දක්. ලොක්ක ලත් තැනම ලොප් වෙලා කෙල්ලට දෙනව ලීවු. ඊටපස්සෙ කෝල් එක අපිට. ඒක කියන්නෙ ටිකක් සැරෙන්. අද වැස්ස. මං නිවාඩු. එනිසා ඔයත් නිවාඩු. යකෝ අපි අද එන්නෑ කියන්න ගියොත් ලොක්කගෙන අහන්න වෙනවා වඳුරු කුණුහරුප. ඒත් ඉතිං නිවාඩු දාන්න වෙනවා. මොකද ලොක්කට වඩා ගෑණිගෙ කටහඬ සැරයිනෙ.
4. රෙදි වේලෙන්නෙ නෑ

Source – tokyochapo.com
ඔන්න පුතේ මිනිහෙකුට වෙනවනං ව්‍යසනේ. ගන්න දෙයක් නෑ ඉතිං. ඇඳුං ටික තෙතම තෙතයි. ඇන්දම නිකං කිරි හොද්දක් ඇඟේ හලාගෙන ඉන්නව වගේ දැනෙන්නෙ. එහෙමයි කියල හෙලුවෙන් ඉන්නයැ. ෂර්ට් කලිසං නං ටිකක් තෙතට ඇඳගත්තත් අත්‍යව්‍යශ යටිතල පහසුකම් සේවා තෙතට අඳිනවට වඩා හොඳයි කෝලියට බෝල් කරලා සීයක් කන එක.
5. අකුණු නිසා

Source – youtube.com
ආතල් නෑ, මල් බෑ, කම්පියුටර් බෑ. ඇයි මේ බෑ. මෙහෙම බෑ කියන්න හේතුව තමයි අකුණු කෙටිල්ල. ටීවී දැම්මම අම්ම කෑගහනවා. ඔන්ලයින් හිටියොත් තාත්තා කෑගහනවා. මොකුත් නැතුව ඇඳට වැටිලා මලක් කඩන්න හැදුවොත් කෙල්ල ඉක්මණට ෆෝන් එක තියනවා. අපි ඉතිං හිරිවට්ටපු හක්කෙ දත් වගේ හපන්නත් බැරුව දැනෙන්නෙත් නැතුව ඉන්න ඕන අකුණු කොටල ඉවරවෙනකං.
6. මද්දො සහ බකයො

Source – kids.nationalgeographic.com
හම්මෝ මදුරු කැටිය ඉන්න තරමක් ඉන්නෙ වැස්ස කාලෙට. උනුත් වැස්සට හැඟීම් අවුස්සගෙන පැටවු ගහලද මන්දා වැස්සට මදුරුවො ගෙට එන්නෙ දොරට තට්ටු කරලා පොකුරු පිටිං. හරියට රත්ති නැන්දගෙ ගෙදරට සෙනග එනව වගේ. උන් කනවා කැවිල්ලක්, උදේට ඇඟ කරවිල ගෙඩිය වගේ ගැට දාලා. ඊට හපං කණක් ඇහෙන්න නැති බක බකේ. පඳුරක් පිරෙන්න ඉන්නව ගෙඹි කැල. රජාගෙ නින්දට බාධා කරලා අන්දරේගෙන් මැරුං කෑවෙ එකයි. අපේ ගෙදර ගාව ඉන්න එවුන් මරන්න ක්ලේමෝ ගහන්න ඕන.
Cover Image Source – newindianexpress.com/ thejakartapost.com
Leave a Reply