මිනිස්සු ඩ්‍රින්ක් එකක් දාන්න යන්නෙ වාත වෙන්න නෙමෙයි. ටෙන්ෂන් පිට ඉන්නත් නෙමෙයි. මිනිස්සු ඩ්‍රින්ක් එකක් දාන්න යන්නෙ හිත නිදහසේ ඒ මොහොත ගෙවන්න. ඉතිං හිත නිදහසේ ඒ මොහොත ගෙවන්න නං ඔහේ හිතුමතේ රෙස්ටුරන්ට් එකකට දුවන්නෙ නැතුව හරියට හොයලා බලලා, විපරං කරලා තමයි තැනක් තෝරාගන්න ඕන.
1. කෑ බෑ
සමහර රෙස්ටුරන්ට්ස් තියෙන්නෙ අමුතුම ක්‍රවුඩ් එකකට. ඒවයෙ පොඩ්ඩක් හයියෙන් හිනාවෙන්න කතා කරන්න බෑ. ඉතිං ගිය වෙලේ ඉඳන් බිබී ගල් බිල්ලො වගේ ඉන්න ඕන. ඇත්තටම රිලැක්ස් වෙලා ෆන් එකක් ගන්න යන මනුස්සයෙකුට මේ වගේ තැනක් කියන්නෙ අපායක්. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම අලුතෙන් රෙස්ටුරන්ට් එකක් තෝරගනිද්දි ඒ ගැනත් ටිකක් විපරං කරලා බලන්න.
2. හොර ගුහා
සමහර රෙස්ටුරන්ට්ස් තියෙනව හිත නිදහසේ ගිහින් සනීපෙට වැටිලා එන්න පුළුවන් විදියට පවත්වාගෙන යන. ඒත් සමහර තැන් තියෙනව මද පමණින් මත් වුණු මිනිසුන්ගෙ පොකට් එකට බහින. සමහර තැන්වල ෂොට්ස් හොරට මෙෂර් කරනව. සමහර තැන්වල නොකාපු බයිට් ප්ලේට්ස් බිලට සෙට්වෙනවා. නොබීපු තරම් බියර් බෝතල් වෙනුවෙන් අවසානයෙදි ගෙවන්න වෙනව. ඒ වගේ තැන්වලට නොයන්න වග බලාගන්න.
3. බයිට්ස්
හීනියට ඩ්‍රින්ක් එකක් දාලා යන්න හිතාගෙන ගියත්, ලොකුවට ඩ්‍රින්ක් එකක් දාලා සැපේ ඉන්න හිතාගෙන ගියත් අනිවාර්යයෙන්ම හොඳින්ම තියෙන්න ඕන දෙයක් තමයි බයිට්ස් කියන්නෙ. අන්න ඒ නිසා මන පිනන රස, පෝෂන් එක, කැලෑව සහ සතාගේ ප්‍රමාණය කියන දේවල් ගැන සංසන්දනයකුත් තැනක් තෝරාගනිද්දි අනිවාර්යෙන්ම කරන්න ඕන. නැත්තං පසුවට පසුතැවෙන්න වේවි.
4. ගිගිරි ගීතයක්
හීනියට ඔලුව මත් වේගෙන එනකොට, හිත හැම තැනම දුවන්නෙ නැතුව එක මතකයක් එක්ක හෙමිහිට සැතපෙන්න ගන්නව. අන්න ඒකට නියමම සනීපදායක ආධාරකයක් තමයි ලස්සන ගීතයක් කියන්නෙ. සිහින් ගිටාර් නාදයකට මුසුවෙන බොංගෝ රිද්මයක් එක්ක නියම කික් එකක් ඇති කරවන්න පුළුවන්. අන්න ඒ සැප දෙන තැනක් හොයාගත්තොත් ඕපදූපම කතා නොකර, නිදහස් පාඩුවෙ හිත හිරිවට්ටගන්න පුළුවන්.
5. ඇහැට සැපක්
බොන දෙයින් හිතට සැපක් දැනේවි. කන දෙයින් දිවට සැපක් දැනේවි. හැබැයි ඇහැටත් සැපක් තියෙන්න ඕන. මහා ලොකුවට එළිය වෙන්න සුදු පාට ලයිට් දාපු රාජ මන්දිරේ වගේ තැනක බොනව කියන්නෙ නං වහක්. හීනියට කහ පාටට හුරු බොර පාට ඇම්බියන්ට් ලයිට් එකක්, ෂේප් වීව් එකක්, ලී මේස, තෙතබරිත හිත් එක්ක ගෙවෙන හැන්දෑවක් කියන්නෙ සනීපය කියන එකට හොඳ උදාහරණයක්.
6. අසාධාරණ ගණං
අම්බෝ! මේක ගැනනං කියන්නම ඕන. සමහර ප්ලේස් තියෙනව බිල ආවම වෙරි හිඳෙන ජාතියෙ. ඒක සිද්ධ වෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනව. මුල්ම එක තමයි පිටින් ගෙනෙන බෝතල්වලට අය කෙරෙන කෝකේජ්වලින් අසාධාරණ විදියට කුට්ටිය කැපීම. අනික තමයි කෑමවල ඇඟ හිරිවට්ටන ගණං. තුන්වෙනි එක තමයි නොපෙනෙන ලෙසින් අය කරන සර්විස් චාජ් සහ ටැක්ස්. මේ ගැන හිතලා අනිවාර්යෙන්ම බොන්න තැනක් තෝරගන්න කියලනං කියන්නම වෙනවා.
7. සීමා
සමහර ප්ලේසස් ඉතිං ඉස්කෝලෙ වගේනෙ. අපි කලිනුත් කිවුවෙ කෑ ගහන්න බෑ වගේ නීති දාන තැන් ගැන. සමහර තැන්වල නීති ඊටත් වඩා දුර යනවා. රෑ 9ට කිචන් ක්ලෝස් කරන නිසා කන්න හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම අටහමාර වෙද්දි මේසෙට ගන්න වෙන තැන් තියනවා. කොච්චර සනීපදායක කික් එකක් ආවත් මේසෙට හීනි තට්ටුවක් දදා සින්දුවක් කියන්න බැරි තැන් තියනවා. ඒ වගේම ‘මෙතන දුම් බෑ එළියට ගිහින් බීලා එන්න’ වගේ සීමා පැනවීම් නිසා බීමේ ආතල් කැඩෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන්න.
Cover Image Source – bloomberg.com
Leave a Reply