අර්බුදකාරී අවස්ථාවල මිනිස්සු කරන දේ නිසා ඇති විය හැකි ප්‍රශ්න

පහුගිය වකවානුවෙ රටේ ඇති ​වුනු අර්බුදකාරී වාතාවරණය ගැන අපි හැමෝම දැනුවත්නෙ. අපි කතා කරන්නෙ ඒකට ඈඳුනු මාතෘකාවක් ගැන. අපි මේ දවස්වල කරන කියන දේ නිසා අපිට සහ අපේ රටට වෙන්න පුළුවන් සහ මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන් අවුල් ගැනයි මේ කතා කරන්නෙ. රටක පුරවැසියො විදියට අපි කරන දේ සුළු දෙයක් කියල අතහැරලා දාන්න අපිට බැහැ. අන්න ඒ නිසාම අපි මේ කියන කතාව ඔබට මට අපි හැමෝටම අදාළයි. ඒ නිසාම අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන ඔයාලගෙ අදහසුත් කියන්න.

 

1. බුද්ධි අංශ තොරතුරු

රටක යුදමය තත්ත්වය සහ රාජ්‍ය ආරක්ෂාව ගැන හිතද්දි මිලිටරි කාර්යයට වගේම වැඩි අවධානයක් සහ වගකීමක් රටේ බුද්ධි අංශ වෙනුවෙනුත් හිමි වෙනවා. ඒ නිසා බුද්ධි අංශවල දත්ත පිටතට නිකුත් වීම හෝ බුද්ධි අංශ නිළධාරීන් ගැන දත්ත නිකුත් වීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක්. එනිසා ඔබ නොසිතා වට්ස්ඇප් ගෘප් එකකට හෝ නිකුත් කරන දත්ත රාජ්‍ය ආරක්ෂාවට අර්බුදයක් වෙන්නට පුළුවන්. ඒ හැරෙන්නට ඔබේ නිවස අසළ හමුදාවෙන් පරීක්ෂා කරනවානම් ඒ ගැන පැවසීම හෝ හමුදාවේ මීළඟ වැඩ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ කියා පෑම කිසිසේත්ම ඔබව වීරයෙක් කරන්නේ නැහැ. එය බොහෝ මිනිසුන්ට නොමනා ක්‍රියා සඟවාගන්නට උදවුවක් වනු ඇති.

 

2. ඔවුන්ට අවස්ථා

ඔබේ හිත උණු වෙන බව ඇත්ත. ඒ බව ඔබ පෙන්වන්න ආසා බවත් ඇත්ත. ඒ වුනත් මෙහෙම වෙලාවක් ඒ පෙන්නිලිවලට හොඳම වෙලාව නෙමෙයි විත්තිය මින් ඉදිරියට ව්‍යසනයකට මුහුණ දුන්නොත් මුලින්ම හිතට ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේවල් ඔබ නොහිතා සිදු කළොත් එය පීඩාව ගෙනෙන පාර්ශවයට වඩා පහසුවක් වනු ඇති. උදාහරණයකට මේ මොහොතේ ඇති වී තිබෙන තත්ත්වය උඩ ඔබ මින් ඉදිරියටවත් තේරුම් ගත යුතු දෙය වන්නේ සතුරාට ඔබට අත තබන්නට හැකි ඉඩ වැළැක්වීමයි. අර්බුදකාරී අවස්ථාවක ඔබ නොසිතා හෝ ඔබේ සතුරාට ප්‍රහාර එල්ල කරන්නට ඉඩක් සාදා දීම සිදු විය හැකි ඉඩ වැළැක්විය යුතුයි. උදාහරණයකට දයාවේ තිරයට මුවාවී සතුරාට ඔබට අත තබන්නට ඉඩක් නොසාදන්න.

 

3. කෝලාහල

රටක ආරක්ෂාවට යම් අර්බුදයක් ඇති වී තිබෙන අවස්ථාවක, ඒ මතින් ඔබේ සිතට නැගෙන යම් කෝපයක් මුල් කරගෙන ඔබ විසින් තවත් ගිනි ඇවිලීම එගිනි නිවන්නට වෙහෙසෙන රාජ්‍ය ආරක්ෂක අංශයන්ට බාධාවක් බව තේරුම් ගන්න. එවන් අවස්ථා ඔබේ සතුරාට පහසුවෙන්ම තවතවත් ගිනි අවුලන්නට හැකි අවස්ථා බව සිතට ගන්න. මෙවර සේම ඉදිරියටත් එම වැරදි සිදුවීමේ ඉඩ අවුරන්න. ඔබේ අදහස් සමාජය කුපිත කරවන සුළුයි නම් ඒවා නිකුත් නොකර සිත තුළම තබාගන්න. මහපාරේ ඔබේ මිතුරන් අතරේ එම අදහස් බෙදා නොගන්න. ඔබේ ෆේස්බුක් ගිණුමේ සටහන් නොකරන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුව මොළයක් ඇති මිනිසුන් සිටිය යුතුය.

 

4. අයුතු ජන රාශි

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් සිදුවූ අවස්ථාවක වෙඩි තැබීමක් සිදුවූ අවස්ථාවක, මනුෂ්‍ය සංහාරයක් සිදුවූ අවස්ථාවක, බෝම්බයක් පුපුරා ගිය අවස්ථාවක එය නැරඹීමට එක් රැස් වීම කිසි සේත්ම නොකළ යුතු දෙයක් බව සිතට ගන්න. එහි කිසිඳු ප්‍රදර්ශනකාමී යමක් නැති බව වටහාගන්න. ඔබේ එකතුව නැවත බෝම්බයක් පුපුරවා හැරීමට ඉඩක් ලෙසින් වටහාගන්න. එයට ඉඩක් නොතබන්න. හැකි තාක් අයුතු ජන රාශීන් වළක්වන්න. සතුරාට ඔබට ලංවිය හැකි සියළු මංපෙත් වසන්න. මේ ඇති වූ තත්ත්වය මත ඔබට අනතුරක් නැති අවස්ථාවක් නොමැති බව වටහාගන්න. පෙර සූදානම සිතෙහි තබාගන්න. විමසිලිමත් වන්න.

 

5. සාවද්‍ය තොරතුරු

ඔබ ෆේස්බුක් ඔස්සේ ඔබට දකින්නට ලැබෙන, අසන්නට ලැබෙන සාවද්‍ය තොරතුරු, ඔබ සිතා අනුමාන කරන තොරතුරු ප්‍රචාරණය කරුණාකර නවත්වන්න. එය ෆේස්බුක් හෝ මුවින් මුවට හෝ සංසරණය වීම සැළකිය යුතු හානියක් සමාජයට සිදු කළ හැකි බව වටහාගන්න. එය ඔබේ කුරිරු අදහස් වැපිරීමටත් වඩා භයානක තත්ත්වයක් බව වටහාගන්න. රජය හෝ මාධ්‍ය වෙතින් තහවුරු නොකළ තොරතුරු එලෙසින් සමාජයට මුදාහැරීමේ ඇති භයානකකම වටහාගන්න. එයින් වැරදි මගක යන පුරවැසියා ගන්නා ක්‍රියාමාර්ගවලට ඔබට වගකියන්නට වන බව වටහාගන්න.

 

6. විදෙස් මාධ්‍ය

ඔබ විදෙස් මාධ්‍යයක අපගේ රට සම්බන්ධයෙන් ඇති යම් පුවතක සාවද්‍ය යමක් දුටුවහොත් එය නිවැරදි කරන්නට දෙවරක් නොසිතා ඉදිරිපත් වීම අගය කළ යුතු කාර්යයක්. නමුත් ඔබේ භාෂාව සම්න්ධයෙන් ඔබ දෙවරක් සිතිය යුතුමයි. ඔබ අමතන්නේ ජාත්‍යන්තරයට බව සිතිය යුතුය. ඔබේ පරුෂ වචන රටේ තත්ත්වය පිළිබිඹු කරන බව සිතට ගත යුතුය. ඔබ වැරදි තොරතුරක් දුටුවහොත් එහි සැබෑ තත්ත්වය පහදා දී එය රිපෝට් කිරීම හැරෙන්නට කෙහෙවළු පටලවා ගැනීම රටට ​නොහොබිනා බව සිතට ගන්න.

 

7. ආණ්ඩු බැනිලි

ඔබ වීරයෙකු විය හැක. ජනපතිට බනින්නට ඔබට හැකියාව ඇතැයි ඔබ සිතිය හැක. ඒවාට ලයික්ස් වැටෙනා විට ඔබට ආශ්වාදයක් දැනෙන්නට හැක. නමුත් දිගින් දිගටම ඔය විදියට ආණ්ඩුවට බැන වැදුණු ඔබ අන්තිමේදි ආණ්ඩුව ලංකාවෙන් ෆේස්බුක් තහනම් කළොත් ඔබේ විරෝධය දක්වන්නට වේදිකාවක් නොලැබෙන බව සිතට ගන්න. ඔබේ විරෝධයන්ට ඇති ඉඩ වාරණය වුවහොත් ඔබේ වීරත්වය දියව යන බව සිතට ගන්න. රටක් ලෙස අර්බුදයකට ලක්ව සිටින මොහොතේ ඔබේ වර්චුවල් වීරත්වය පොරත්වයක් කර පිට නොකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *