මේ මොන මාතෘකාවක්ද මේ..? කියලා ඔබ හිතනවා ඇති. ඔව් ඔබ හරි. කලාව තියෙන්නේ මිනිස්සු බෙදන්න නෙමෙයි නොවැ. ඒත් සමහර කලා නිර්මාණ ගැන පොඩි පොඩි මත භේදයන්ට රසික ප්‍රජාව දෙපිල බෙදෙනවා. අන්න ඒ වගේ ලංකාවේ ටෙලිනාට්‍ය රසිකයන්ව දෙපිලකට බෙදපු ටෙලිනාට්‍ය හතක් ගැනයි මේ කියන්න හදන්නේ. බලන්නකෝ මේ ටෙලිනාට්‍ය බලද්දී ඔබ හිටියේ මොන පිලේද කියලා…
1. කූඹියෝ

Image Source – ltunesblog.wordpress.com
කූඹියෝ කියන්නේ ශ්‍රී ලාංකීය රසිකයන්ව අන්ද මන්ද කරපු ටෙලි කෘතියක් බව කාටවත් අමතක නැතුව ඇති. විශේෂයෙන්ම කූඹියෝ ලංකාවේ ටෙලි නාට්‍ය ආකෘතිය නවමු තලයකට ගෙනියන්න සමත් වුණා. ඒත් අර “කොච්චර හොඳක් කළත් ලංකාවේ මිනිස්සුන්ව සතුටු කරන්න බෑ” ය කියන කියමන යතාර්ථයක් කරමින් කූඹියන්ටත් පිරිසකගෙන් දොස් ආවා. විශේෂයෙන්ම කූඹියෝ ටෙලිය සංස්කෘතියට නොගැලපෙන බව, එහි අඩංගු සමහර වචන අසැබි වචන වීම, කූඹියෝ ටෙලියේ සංස්කරණයේ තිබ්බ යම් යම් දෝෂ ආදිය ඒ පිරිසගේ තර්ක වල මූලික පදනම වුණා. අනික් පිරිස කිවුවේ කොහොම වුණත් කාලෙකින් රහට බලන්න ලැබුණු එකම ටෙලිය කූඹියෝ කියලයි.
2. දෙවැනි ඉනිම

Image Source – sirilakanews.com
ආයෙ අහන්න දෙයක් නෑ. දෙවැනි ඉනිම දැන් අවුරුදු ගාණක් තිස්සේ සෙට් එකකගේ ආදරයටත්, තවත් සෙට් එකකගේ විරෝධයටත් පාත්‍ර වෙනවා. දෙවැනි ඉනිම විරෝධී බලකායේ ප්‍රධාන තර්කය වෙන්නේ දෙවැනි ඉනිම අතිශය අතාත්වික, බොලඳ කතාවක් බව. ඒ වගේම දෙවැනි ඉනිමේ තියෙන්නේ එකම දර්ශන තල ටිකක් ය කියන එකත් සැලකිය යුතු චෝදනාවක් හැටියට නැගෙනවා. ඒ වගේම දෙවැනි ඉනිම කතාව හිතා මතාම ඇදගෙන යන බවක් පෙන්නන නිසා ඒකටත් දෝෂාරෝපණයක් එල්ල වෙනවා. කොහොම වුණත් දෙවැනි ඉනිමට ආදරය කරන සුවහසක් කාන්තා රසික ප්‍රජාවනම් කියන්නේ මොන වැරදි තිබ්බත් අනුහස්ගෙයි, අවන්තගෙයි හිනාව දැක්ක ගමන් ඒ වැරදි ඔක්කොම අමතක වෙනව කියලයි.
3. ස්වප්නා

Image Source – youtube.com
ස්වප්නා, සුරාජ්, සුරාජ්ගේ අම්මා, මීනක්ශි… මේ වගේ චරිත රැගත් “ස්වප්නා” කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආපු හඬකවපු ටෙලිනාට්‍යයක්. ඇත්තටම මේ කතාව තරම් ලංකාවේදී විවේචනයට පාත්‍ර වුණු ඉන්දියානු හඬකවපු කතාවක් නැතුව ඇති. ඇත්තටම මේකට විවේචන නොආවනම් තමයි පුදුමේ. කතාවේ තියෙන හද්ද අතාත්වික ගතිය, නොගැලපෙන සංගීතය, ඉතා සුලු දේවල් මහා සංකීර්ණ දේවල් ලෙස පෙන්වන පිටපත මේකේ විවේචකයන් අතින් දරුණුවට විවේචනයට ලක් වුණා. කොච්චර ඉතින් විවේචන තිබ්බත් බොහොමයක් ලංකාවේ කාන්තාවෝ ස්වප්නා ගිය වෙලාවට ටී වී එක ඉස්සරහට ආවා කියන එකනම් නොරහසක්.
4. අනන්තෙන් ආ තරු කුමරා

Image Source – youtube.com
අනන්තෙන් ආ තරු කුමරා කියන්නේ My Love From The Star කියන කොරියන් ටෙලියේ සිංහල හඬකැවූ ටෙලිනාට්‍යය. මේක ඇවිල්ලා මරු ප්ලොට් එකක් තියෙන කතාවක්. හිතන්නවත් බැරි අමුතු (වෙන්නම බැරි) කතාවක්. හොඳට මුදල් වැය කරලා නිර්මාණය කරලා කියලනම් කතාව බැලුවම ඕනම කෙනෙක්ට පේනවා. හැබැයි මේ කතාව රැල්ලක් විදිහට ලංකාවේ ජනප්‍රිය වීමත් සමග මේකට විවේචන කිරීමේ රැල්ලකුත් හැදුණා. විවේචකයන්ගේ විවේචනයට ප්‍රධාන ලෙස බඳුන් වුණේ මේ කතාවේ තියෙන අතාත්වික බව. ඊට අමතරව මේ කොරියන් කතාවල කොල්ලන්ට රැවුල නැතිවීම වගේ දේවලුත් විවේචනයට බඳුන් වුණා. අනේ ඉතින් ඒ මොක වුණත් මේක ලංකාවේ ජනප්‍රිය ලයිස්තු වල ඉහළටම එන්න නම් සමත් වුණා.
5. එක පෙළට ආ කොරියානු දියණිවරු

Image Source – lifeasasrilankan.blogspot.com
සුජාත දියණි, අභීත දියණි, සූරිය දියණී කියලා කතා තුනක් කොරියාවෙ ඉඳලා ලංකාවට ගෙනැල්ල පෙන්නුවේ ජාතික රූපවාහිනිය. මේ දියණිවරුන්ගේ ජීවිත වල තියෙන ආදර්ශමත් කම තමයි අපේ ලංකාවේ කට්ටියට බලන්න තිබ්බේ. පිරිසක් මේ කතා වලට සෑහෙන දොස් නැගුවා. ජපානෙන් ගෙනාපු ඔශින් කතාව තරම්ම කොලිටියක් නොතිබ්බත් ගන්න බොහෝ දේ තිබ්බ කතා පෙළක් විදිහට මේ කතා ටික හඳුන්වන්න පුලුවන්.
6. ප්‍රේම දඩයම 1,2

Image Source – mydreamswall.blogspot.com
“ප්‍රේම දඩයම” ගැන නොකිවුවොත් අඩුවක් වගේ නේද..? මේක ඇවිල්ලා ඉන්දියාවේ බිහිවුණ නාගින් කියන ටෙලිනාට්‍යයේ සිංහල හඬකැවුව කතාව. මේක ඇවිල්ලා දැනට සීසන් තුනක් විකාශය වුණු ටෙලියක්. ලංකාවේ තාම ගියේ දෙකයි. තුන් වෙනි එක ළඟ ළඟම එනවා. මේකටත් චෝදනා එල්ල වුණා එමට. ප්‍රධානම චෝදනාව තමයි මේකෙ ග්‍රැෆික් වලින් හදපු නයි නිකන් රෙදි පටි වගේ පෙනුණ එක. නයි විතරක් නෙමෙයි, ඔක්කොම ග්‍රැෆික්ස් තිබ්බේ පහළම පන්තියේ ළමයෙක් ඇඳපු චිත්‍ර වගේ. ඒ උනාට මේකත් ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ග ටෙලියක් බවට පත් වුණා.
7. වෙස්

Image Source – youtube.com
වෙස් කියන්නේ අලුත්ම අලුත් ටෙලියක් නොව. මේක පටන් ගන්න කලින්ම ලංකාවේ ප්‍රේක්ෂකයෝ දෙකට බෙදුණා සැරටම. මුහුණු පොතේ එහෙම දෙපසට පෝස්ට් ලොට් එකක් ශෙයා වුණා. එහෙම දෙපැත්තට බෙදෙන්න හේතු වුණේ මේ වෙස් කතාව ප්‍රකට තුර්කි ටෙලි නාට්‍යයක් වන එසල් හි තනි කොපියක් කියලා පිරිසක් කියන්න පටන් ගැනීම. අනෙක් පැත්තට නැගුණ තර්කය වුණේ “නෑ මේක හැදුණේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන ඇලෙක්සැන්ඩර් ඩූමාගේ නවකතාව පාදක කරගෙනයි. එසලුත් හැදුණේ ඒක බේස් කරගෙනයි” කියන එක. ඔය විදිහට දෙපැත්තට දෙගොල්ලෝ බෙදිලා කියාගන්න අතරේ වෙස් බොහෝ ජනප්‍රිය වුණා.
මේව ගැන හිතද්දී එක අතකට හිතෙනවා විවේචන වැඩි වෙන්න වැඩි වෙන්න කලා නිර්මාණ කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩි වෙනවද කියලත්. ඔබ හිටියේ මේ ටෙලිනාට්‍ය වල මොන පිලේද කියලත් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලම යන්නකෝ.
Cover Image Source – medicalxpress.com
Leave a Reply