ආයෙමත් දවසක – 24 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

23  කොටස මෙතනින් කියවන්න

24 කොටස

හිරි වැටිලා වගේ නින්ද ගිය හීනෙන් උදේ නදිකව ඇහැරෙවුවෙ සියුමි. එතකොටත් එලාම් එකක් වැදි වැදි තිබුනෙ. නදික හිතුවෙ පරක්කු වෙලා කියල.

“කීයද වෙලාව?”

“පහයි”

“මෙච්චර ඉක්මනට?”

“ඔවු දැන් පල්ලෙහා ඔයාගෙ කාමරේට යන්න”

“කිස් එකක්?”

“බෑ”

“අනේ…”

“ඔයා ඕක එකකින් නවත්තන්නෙ නෑ”

“අනේ”

“හරි… එකයි”

සියුමිගෙ දැඩි තීරණයට යට වෙලා එක කිස් එකක් අරගෙන නදික පහළ කාමරයට ගියා. උදේ හයහමාරට විතර ආන්ටි තේකක් අරගෙන කාමරයට එද්දි නදික ඒ වෙලාවෙ ඇහැරුනා වගේ ඇක්ට් කළා.

“පුතා උදේට කාලම යන්න”

“හා ආන්ටි”

“පුතා යද්දි මාවත් පොඩි ගමනක් ගෙනියනවද?”

“කොහෙටද ආන්ටි?”

“මම යද්දි කියන්නංකො. මම තාම අංකල්ට කිවුවෙත් නෑ”

“හා ආන්ටි”

උදේට කෑමට තිබුනෙ සුදු කැකුළු කිරිබතුයි, සීනි සම්බෝලයි, මිරිස් මාළුයි. නදික මාළු කන්න ආසාවක් නැතත් ඒ ආහාර වේලටනං අතිශයින්ම කැමති වුනා. නදික කවදාවත් කෑමට ලැජ්ජාවක් නොතිබුණු මනුස්සයෙක් නිසා එයා ආසාවෙන් කන දිහා සියුමිගෙ අම්මත් තාත්තත් දෙන්නම බලාගෙන හිටියා.

ගෙදරින් යන්න මොහොතකට කලින් වොෂ් රූම් එක ළඟදි සියුමිව මුණගැහුනම නදික සියුමිව බිත්තියට හේත්තු කරගත්තත් ඒක වැඩි දුර යන්න වුනේ නෑ. ඉක්මනටම ආයෙ මුණගැහෙන පොරොන්දුවක් ගැහී ගැහී වෙළුණු සියුමිගේ දෙතොලේ තිබුණා. නදික ගෙදරින් පිටත්වෙද්දි, තමුන්ගෙ යාලුවෙකුගෙ ගෙදරට එන්නට ගොඩ වුණු සියුමිගෙ අම්මාත් නදිකගෙ වාහනයට නැග්ගා. ඇය නිහඬව යද්දි නදිකගෙ හිතේ කුතුහලය ඇති වුනා. ඇය නදිකට වාහනය ඉස්සරහින් නවත්තන්න කියපු නිසා නදික වාහනය ඉදිරියෙන් නැවැත්වුවා. ඉන්පස්සෙ ඇය නදිකගෙ අත අල්ලපු නිසා නදික ඇය දිහා බැලුවා. එතන ඉඳන් ගිය දෙබස හිතන්නත් අපහසු දෙබසක්.

“පුතා”

“ආන්ටි!”

“මට ඔයාට දෙයක් කියන්න තියෙනව”

“කියන්න ආන්ටි”

“මම ඒක කෙටියෙන් කියන්නං”

“හා ආන්ටි”

“මේ දේ ඔයා දැනගෙන ඉන්න එක හොඳයි”

“හරි ආන්ටි”

“සියුමි කියන්නෙ අංකල්ගෙ දරුවෙක් නෙමෙයි”

“ඒ කිවුවෙ ආන්ටි?”

“සියුමි කියන්නෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ දරුවා”

“හ්ම්ම්ම්”

“ඊටපස්සෙ ඉපදිච්ච අංකල්ගෙයි මගෙයි දරුවා නැතිවුනා”

“හ්ම්ම්ම්”

“අංකල් තාම සියුමි ගැන ඇත්ත දන්නෙ නෑ”

“ඒ කොහොමද?”

“මං ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන්මයි අංකලුයි මායි මැරි කළේ”

“එතකොට බෝයිෆ්‍රෙන්ඩ්?”

“මේක ගෙදරින් කරලා දුන්නත් ඒක අමතක කරන්න මට පුළුවන් වුනේ නෑ”

“හ්ම්ම්ම්”

“ඒත් මං මැරි කළාට පස්සෙ මගෙත් එක්ක කතා ක​රන්නවත් එයා කැමති වුනේ නෑ”

“එතකොට?”

“එනිසා එතනින් පස්සෙ අපි කතා කරේම නෑ”

“ඒත් අවුරුදු විස්සකටත් පස්සෙ මම දැනගත්තා එයා අංකල්ගෙ යාලුවෙක් කියල”

“හරි…”

“එදා අපි මුණගැහුනත් එයා මට කිසිම වෙනසක් දැනෙන්න කතා කළේ නෑ”

“හරි… ඇයි ආන්ටි මේවා මට කියන්නෙ?”

“මගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි ඔයාගෙ තාත්තා…”

“මොනව… ආන්ටි දැන්ද මේක මට කියන්නෙ?”

“මං කොහොමද නැත්තං මේක පුතාට කියන්නෙ?”

“ඒ කියන්නෙ සියුමි මගෙ නංගි”

“ඔයාගෙ නංගි වෙන්නෙ නැහැනෙ පුතා”

“හාෆ් සිස්ටර් විදියට ගන්න පුළුවන්… ඒත්?”

“ඒත්?”

“ඒත් ඔයාගෙ තාත්තයි මායි මැරි කරලා හිටියෙ නැහැනෙ”

“ඒ වුනත්?”

“පුතා, මේක ඔයා දැනගන්න ඕන නිසයි මම කිවුවෙ”

“හරි ආන්ටි”

“මේක සියුමිවත් අංකල්වත් කවදාවත් දැනගන්නවට මම කැමති නෑ”

“හරි ආන්ටි”

“මේක මගේ තනි වැරැද්දක් නෙමෙයි”

“හ්ම්ම්ම්…”

“ඔයාගෙ තාත්තා මාව මැරි කරවන්න හදනව කියල දැන දැන තමයි මගෙත් එක්ක හිටියෙ”

“හ්ම්ම්ම්”

“හැබැයි එක දෙයක්”

“මොකද්ද ආන්ටි?”

“ඔයා මේ හේතුව උඩ සියුමිගෙන් ඈත් වෙන්න එපා”

“මං කොහොමද…?”

“ඔයා දන්නෙ නැති විදියට ඉන්න පුතා”

“ඒත් මං දන්නවනෙ?”

“මං ඔයාට යුතුකමක් විදියටයි කිවුවෙ”

“කොහොමහරි කිවුවනෙ”

“හරි… පුතාගෙ හිතට හොඳ දෙයක් කරන්න”

ආන්ටි වාහනෙන් බැස්සා. නදික තාමත් ගැහෙනවා. අංකල්ගෙ සහ ආන්ටිගෙ හොඳකමත්, සියුමිගෙ ගැලපීමත් හින්දම නදික මේක කසාදයක් කියන චැලේන්ජ් එක වෙනකං ගෙනියන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඒ අදහස ලත් තැනම ලොප් වෙන විත්තිය නදිකට දැනුනා. තමුන් ඊයෙ රෑ ලිංගිකව එකතු වුනේ තමුන්ගෙම තාත්තගෙ දරුවෙක් එක්ක කියලා හැඟීමක් නදිකට සෘජුව නොදැනුනත්, නදිකට මේ වැඩේ අවුලක් තිබුනා. ඒත් මේ ගැන ක්ෂණික අදහසක් අරගන්න නදිකට හිත ඉඩ දුන්නෙත් නෑ. ඒ වගේම මේ ගැන තීරණයක් ගන්නකං සියුමිට කියන්න බොරුවක් නදිකට මතක් වුනෙත් නෑ. මේ ගැන වෙනිං පෙම්වතියක් එක්ක කියලා උත්තරයක් හොයන්න නදිකට හිතුනෙත් නෑ. කොටිම්ම යාළුවෙකුටවත්. එනිසා නදිකම මේ දේට උත්තරයක් හොයන අදහසින් ගෙදර ගියා.

ගෙදර ගිහින් ෆෝන් එක අරං බලද්දි සියුමි දෙපාරක් කෝල් කරලා තිබුණු නිසා, නදික කෝල් බැක් කළා.

“ගෙදරද?”

“හ්ම්ම්ම්…”

“මොකෝ අවුලෙන්?”

“නෑ එහෙම අවුලක් නෑ”

“අම්මි මොකුත් කිවුවද?”

“අම්මි මොනව කියන්නද ඉතිං?”

“මං හිතුවා මාව අතාරින්නවත් කිවුවද කියලා”

“අම්මි කිවුව ඔයාව බදාගන්න කියල”

“ඉතිං බදාගන්නකො”

“මං එන්නංකො”

“ඉක්මනට?”

“ හා…”

කිස් එකකින් ඉවර වෙච්ච ඒ කතාව නදිකව ටිකෙන් ටික අවුල් කළා. සියුමි කියන්නෙ විවාහයකින් නොවුනත් තමුන්ගෙ හාෆ් සිස්ටර් විදියට පිළිගන්න නදිකගෙ හිත නැමුනෙ නෑ. මේකට උත්තරයක් හොයන්න පුළුවන් තමුන්ගෙම හිතට විතරයි කියලා නදිකට දැනුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *