අපි කොයිකාටත් අපේ ජීවිතේ අනිත් මිනිස්සුන්ට තෑගි දෙන්න හිතෙන, තෑගි දිය යුතු සහ තෑගි දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඔය මොකකින් මොකක් වුනත් ඉතිං අපි තෑගි දෙන්න ඕනනෙ. අන්න ඒ නිසාම මේ කියන්න යන්නෙ කාටහරි තෑග්ගක් දෙන්න කලින් හිතන්න ඕන දේවල් ගැන. මේ කතාව නිකං කියවල යන්නෙ නැතුව ඇත්තටම තෑග්ගක් දෙද්දි මේ විදියට හිතුවොත් මනුස්සයෙකුට ඕනම විදියෙ දෙයක් තෑග්ග විදියට දෙන්න පුළුවන් වේවි. ඒක තෑග්ග ලබන කෙනාගෙ සතුටට වගේම අපේ කාලය, ශ්‍රමය සහ මුදලටත් වටිනාකමක් එකතු කරාවි.
1. එයාගෙ ආසාවට ගැලපෙනවද?

Image Source – simplegiftguide.com
මේ දේ ගැන නිතරම හිතන්න. මේක තමයි අඳුරන කෙනෙකුට තෑග්ගක් දෙද්දි සිද්ධ වෙන්න ඕන මූලිකම දේ. එයාගෙ කැමැත්ත ගැන හිතන්න. වෘත්තිය මොකක් වුවත් මිනිස්සු චිත්‍රපටයට, සාහිත්‍යයට, ක්‍රීඩාවට, සතුන්ට යනාදී ලෝකයේ ඇති අටෝරාසියක් දෙයින් එකකට ආශාවන්නට පුළුවන්. ඒ ආශාවට පොඩි හෝ වටිනාකමක් එකතු කරන තෑග්ගක් දෙන්නට හැකිනම් ඔබේ තෑග්ග මතක හිටින තෑග්ගක් වේවි. එනිසාම යම් කෙනෙකුට තෑග්ගක් දෙනකොට වදෙන් පොරෙන් බේරෙන්න තෑග්ගක් නොදී හරියට හොයලා බලලා තෑග්ගක් දෙනවනං තමයි හොඳ.
2. එයාට ගැලපෙනවද?

Image Source – parentcenternetwork.com
එයාගෙ ආසාව මොකක් වුනත් ඒ අදාළ වයසට ගැලපෙනවද කියන දේ ගැනත් හිතන්න වෙනවා. මේක විශේෂයෙන්ම කරලියට එන්නෙ පොඩි ළමයින්ට තෑගි දෙද්දි. සමහර පොඩි ළමයින්ට කුඩා කාලයේ පටන්ම ගෙවල්වලින් පැණි රස ආහාර හුරුකරවන්නේ නැහැ. එනිසා කිසිත් නොහිතා ලේසියට පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට චොකලට් අරගෙන යන්නට එපා. ඒ වගේම වයසට ගැලපෙන තෑග්ගක් දෙන්නටත් වගබලාගන්න. උදාහරණයකට කුඩාදරුවකුට තුවාලයක් සිදුවිය හැකි තියුණු මුළු ඇති සෙල්ලම් බඩු දරුවන්ට දෙන්නට එපා.
3. ඒක දැනටම එයා ගාව තියෙනවද?

Image Source – time.com
මේ කතාවත් ආශාවට ගැලපෙනවාද කියන දේට සම්බන්ධයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් තමුන් ආශා කරන ක්ෂේත්‍රයේ දෑ එකතු කරන්නට පෙළඹෙනවා. ඒ නිසා කිසිත් නොහිතා ෆොටෝග්‍රැෆිවලට කැමති කෙනෙකුට ලෙන්ස් එකක් තෑගි දෙන්නට යන්න එපා. ඒ ලෙන්ස් එක ඒ පුද්ගලයා අත තිබෙනවානම් ඔහු වගේම ඔබත් අපහසුතාවයට පත්වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් යම් නිශ්චිත තෑග්ගක් දෙන්නට පෙර සොයාබැලීමක් සිද්ධ කරන්න. එය ඔබට පහසුවක් වේවි වගේම තෑග්ග ලබන්නාටත් උදවුවක් වේවි.
4. අවස්ථාවේ තරමට වටිනවද?

Image Source – everafterguide.net
මේක බොහෝවිට අදාළ වෙන්නෙ වෙඩින් එකකට හෝ පාටි එකකට. සාමාන්‍යයෙන් මගුල් ගෙවල්වලට ගිහින් රුපියල් දාහක් මිට මොළවලා එන තත්ත්වයක් තිබුනා. ඒක මේ වෙද්දි දෙදාහක් වෙලා. ඒත් බොහෝමයක් නවීන පැළැන්තියේ හෝටල්වලට සාපේක්ෂව එය ගැලපෙන ත්‍යාග මුදලක් නම් නොවෙයි. එනිසාම ඔබේ ත්‍යාගයේ වටිනාකම අදාළ අවස්ථාවේ හැටියට ගලපාගන්න.
5. හරිම දේ

Image Source – alamy.com
සාමාන්‍යයෙන් ඇතැම් දෑ මිනිස්සුන්ට අනිවාර්යයෙන් ගැලපෙන විදියෙ තෑගි විදියට දෙන්න සිද්ධ වෙනවා. මේක බොහෝවිට අදාළ වෙන්නෙ පෙම්වතුන් සහ පෙම්වතියන්ට. මොකද ඔවුන් තමයි අනෙකාට නූලටම ගැලපෙන දෙයක් හොයන්නෙ. බොහෝවිට තමන්ගෙ පෙම්වතියට ඇඳුමක් සොයන තරුණයෙකු නිශ්චිත මිමි හරියට නොදන්නවා නම් එය ප්‍රශ්නයක් වන්නට පුළුවන්. තම පෙම්වතාට බ්‍රේස්ලට් එකක් මිලට ගන්නා තරුණියකටත් ඔහුගේ අතේ වටප්‍රමාණය ගැන අවබෝධයක් තිබිය යුතුයි. බිරින්දෑට නව කතා පොතක් මිලට ගන්නා ස්වාමියා ඇයගේ රුචි අරුචි කම් තේරුම් ගත යුතුයි.
6. විශේෂිත දෙයක්

Image Source – makemesomethingspecial.com
මේකත් ඉතිං ආධ්‍යාත්මයෙන්ම බැඳුණු දෙන්නෙකුට තමයි ගැලපෙන්නෙ. ඒ කියන්නෙ පෙම්වතුන්ට හෝ විවාහකයින්ට. මොකද ඉතිං අපි හොඳම යාලුවව හිතාගන්න බැරි විදියට බයිට් කරනව මිසක් තෑගි දෙන්න යන්නෙ නැහැනෙ. මේ විදියෙ අවස්ථාවක අනිවාර්යෙන්ම විශේෂිත දෙයක් තෑග්ගක් විදියට දෙන්න පුළුවන් නම් ගැලපෙනවා. උදාහරණයකට දෙන්නටම සම්බන්ධ අත්දැකීමක් මතක් වෙන තෑග්ගක් නම් ඔවුන් අතර බැඳීමටත් ඒ තෑග්ගෙ වැඩි වටිනාකමක් හිමි වේවි. තමුන් ආදරය කරන කෙනාට රස කෑම වේලක් උයලා දෙන්නත් පුළුවන් තෑග්ගක් විදියට. මීට අමතරව සර්ප්‍රයිස් කරන්නත් පුළුවන්නෙ.
7. වැඩිය නොදන්න කෙනෙකුට තෑග්ගක් දෙද්දි

Image Source – bethanyjanedavies.com
තමුන් වැඩිය නොදන්න කෙනෙකුට තෑග්ගක් දෙනකොට පොදු අවශ්‍යතාවයට සරිලන දෙයක් දෙන එක කදිම විකල්පයක්. ආශාවන් හෝ අවශ්‍යතාවයන් නොදන්නා නිසා පොදුවේ සෑම සියළු සත්වයාටම අවශ්‍යවන දෑ මිලදී ගත හැකි ලෙස සුපර්මාකට් එකකින් හෝ ඊට වඩා මිල අධික යමක් දිය යුතුයි නම් ටෙක් ස්ටෝර් හෝ සුපර්මෝල් එකකින් ගිෆ්ට් වවුචර් එකක් අරගෙන දෙන එක යෝග්‍යයි.
Cover Image Source – promoproductinc.wordpress.com/ birthdaypartyideass.com/shoppingproduct.us
Leave a Reply