පොඩි කාලේ “පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” කිව්ව කටින් ම “දැන් නම් මේකේ වසලා ඇති ඉතාලියට බෝට්ටුවෙන් ගියත් සැපයි” වගේ කතන්දර කියන තත්ත්වයක් උදා වෙලා තියනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ බැබලි බැබලී ඉන්න පුළුවන්කමක් තියෙද්දී ඒ විදියට හිතන්න මිනිස්සු පෙළඹුනේ ඇයි? ඒක බොන්න ඕනිම ප්‍රශ්නයක්නේ. අපිට නම් පොදු හේතු කීපයක් විදියට පෙනුණේ මේවා.
1. උසස් අධ්‍යාපන අවස්ථා

Image Source – theorganisers.com
අධ්‍යාපනෙන් ඉහළටම යනවා නම් ඒක ලංකාවේ ඉඳන්ම කරන්නත් පුළුවනි. ඒත් ඉතින් වඩාත් හොඳයි නොවැ හොඳ විදේශ විශ්වවිද්‍යාලයකින් ඩිග්රියක් ලැබුණාම. මූලික උපාධිය ලංකාවේ සම්පූර්ණ කරලා අනෙක් ඒවාවලට විදේශගත වෙන අයත් ඉන්නවා. ඇත්තටම ලංකාවේ ඉඳන්ම පශ්චාත් උපාධි කරන්න ලැබෙන්නේ සීමිත ක්ෂේත්‍රවල විතරයි. ඒ කෙරෙන ඒවයෙත් විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ දියුණු පහසුකම් සහිත අධ්‍යාපන අවස්ථා රටින් තියෙද්දී මෙහෙ රැඳෙන්න වැඩි දෙනෙක් කැමති නැහැ.
2. රැකියා අවස්ථා

Image Source – careerbuilder.com
ලංකාවේ ගොඩක් දෙනෙක් නගන මැසිවිල්ලක් තමයි ඉගෙනගත්ත ඒවාට ගැලපෙන්න තරම් ජොබක් හොයාගන්න ලංකාවේ ඉඳන් බැහැයි කියන එක. සමහරවිට ලෝකයේ තියන පඩි අතරේ සොච්චම් පඩිය කියන එක තියෙන්නේ ලංකාවේ වෙන්න ඕනි. ඉතින් ඒ පඩියට වඩා හයිෆයි පඩියක් ගන්න බොහෝ දෙනා මේ රට දාලා යනවා. එතකොට ජීවන තත්ත්වේ හෙම උසස් වෙනවනේ. අධ්‍යාපනයක් ලබලා ඊට ගැලපෙන රැකියා වෙනුවෙන්මත් නෙවෙයි, ඊට පරිබාහිරව වෙනත් රැකියා සඳහා කෙලින්ම කට්ටිය යොමු වෙන්නෙත් අනික් රටවල් දිහාම තමයි.
3. ආර්ථික අවුල්

Image Source – ssslegalconsultancy.com
මේක දරුණුවටම මේ දවස්වල යන ප්‍රශ්නයක් නේ. රුපියල ඩවුන් ද පල්ලම් වුණත් හරි ආනයනික භාණ්ඩ අහස උසට වැඩියි. ෆිලුම් කෑලිවල වුණත් අපි දකින විදියට හැමෝටම වගේ මොකක් හරි වාහනයක් තියනවා. ඉහට වහළක් තියනවා. කාලා බීලා ආතල් එකේ ඉන්නවා. ඉතින් මෙහෙට වඩා එහෙ සුරපුරයක් කියලා විශ්වාස කරලා ඒ මත්තේ නැව් නගිනවා. හැබැයි එහෙමයි කියන හැම රටක ම වගේ කුණු බක්කියෙනුත් කෑම කන අය ඉන්නවා. ලංකාවේ ජීවත්වෙන්න අමාරුයි කියන ඒ හැඟීම මත විදේශගත වෙන අය ඉන්නවා ඉතින්.
4. ආකල්ප අවුල

Image Source – lifehacks.io
කයිවාරු ගැහිල්ල ඉතින් ආයේ ඉතින් නොම්බර එක. සෑහෙන විවෘත මනසක් තියෙන අම්බානෙක මානව දයාවක් හදවතේ තියන ඩෑල් වගේ හිටියට ආකල්පමය වශයෙන් ලොකු අවුලක් තියනවා. වන්නි හත්පත්තුවේ මනුස්සයාගේ ඉඳන් ඒ සී කාමරයේ කැරකෙන පුටුවේ ඉන්න ටයිකෝට් මහත්තයා දක්වා ඒක අඩුවැඩි වශයෙන් තියනවා. බැරි වෙලාවත් සමාජය යන මාවතෙන් ට්‍රැක් පැනලා වෙනස් විදියට කිසියම් අයෙක් ජීවත් වෙනවා නම් අන්න එහෙම එකාට කොච්චරවත් කුඩුකේඩු කතා අහන්න වෙනවා. ඒවා අහන්න බැරි නිසා ඒකා රට යනවා. මොකද අනික් රටවල මිනිස්සු ජීවිතවලට ඇඟිලි ගැහීමෙන් වැළකෙන නිසා. ඕකේ ම අනික් පැත්තක් තියනවා. රටට එදිරිව කතා කරන එක තමයි නියම රැඩිකල් ආකල්පේ කියලා හිතාන ඉන්න නඩයක් ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට කොහොමත් මේ රට පෑහෙන්නේ නැහැ. ඉතින් යන්න යනවා. යන එකමයි හොඳ.
5. දේශපාලන අවුල

Image Source – americamagazine.org
මේක එක අතකින් විහිළුවක්. ඒ වෙන මොකක්වත් නිසා නෙවේ. දේශපාලනේ නිසා රට බල්ලට ගියා නම් ඒක සිද්ධ කරන්න දායක වුණ අයම අන්තිමේදී ඒකට බනින එක. කාබාසිනියාතුමාලා ටිකක් පාර්ලිමේන්තු යවලා මෙන්න රට කනවෝ මේකේ ඉන්න බැරියෝ කියන එක නම් දෙකට දෙවාරණ කතාවක්. කොයි රටෙත් දේශපාලන ප්‍රශ්න තියනවා. අනේ අපිට මුන් ව පේන්න බෑ කියලා දියවන්නාවට බැනලා ට්‍රම්පච්චිගේ සෙවන ලබන්න ගියා කියන්නකෝ. හරි යයි ද ඉතින්.
6. වේදනාබර මතක

Image Source – vergemagazine.com
ගොඩක් වෙලාවට ලව් කේස් හබක් කර ගත්ත අය මේ විදියට රට යනවා. සමහරු ස්ව කැමැත්තෙන් යනවා. තවත් අයව යවනවා . පිට රටකට ගියාම ලංකාවේ දී ඒ මනුස්සයාට තිබ්බ මතක අලුත් රටක අලුත් පරිසරය එක්ක අමතක වෙලා යයි කියලා මිනිස්සු විශ්වාස කරනවා. ලව් ඉලව් විතරක් නෙවේ. අතීතය අපිට කියනවා ජනවාර්ගික ප්‍රශ්නය ඔඩු දුවපු කාලේ බොහෝ දෙනා විදේශගත වුණා කියලා. ඒ බොහොමයක් දෙනාට තමන්ගේ ප්‍රියයන් මෙහේ දී නැති වුණා. දේපළ නැති වුණා. අලුත් ආරම්භයක් තමයි ප්‍රධාන අරමුණ.
7. ආශාව

Image Source – lovingonme.com
විදෙස්ගත වෙන එක සමහරුන්ගේ හීනයක්. පුංචි කාලේ ඉඳන්ම දකින හීනයක්. අලුත් සංස්කෘතීන් එක්ක බද්ධ වෙච්ච මිනිස්සු අඳුරගන්න, ඒ ඒ රටවල කෑම වර්ග කන්න, සෘතු හතර ඇත්තටම මොන වගේ ද කියලා බලන්න වගේ පුංචි ආසාවලින් පිරුණ අය වෙනත් රටක උණුහුම හොයාගෙන යනවා. සමහරු පොඩි විනෝද චාරිකාවකට වගේ යනවා. ඒ ගිහිල්ලා ඒ රටට ආසා වුණාම එහෙම පදිංචි වෙනවා.
හැබැයි ඉතින් උපන් රට වගේ තැනක් තවත් කොයින් ද?
Cover Image Source – internations.org/inc.com/tam-bayanabroad.blogspot.com
Leave a Reply