ශ්‍රී ලංකාවේ අධි උද්ධමනයත් එක්ක මේ වෙනකොට ලංකාවේ ජීවත්වෙන එක ලේසි නෑ. වෙනදම මාසික වැටුපෙන් ජීවත් වෙන අයට දැන් අමතර රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න වෙලා. ඒ තරමට වියදම් අධිකයි. ඉතින් මේ නිසා ඔයාලට පුලුවන් විදියට, තියන හැකියාවන් ප්‍රයෝජනයට අරං ව්‍යාපාරයක් පටන්ගන්න හිතුවත් ඒකට මුදල් හරස් වෙනවනේ. ඉතින් අපි බලමු අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න පුලුවන් ව්‍යාපාර මොනවද කියලා..
01. රෙදි බිස්නස්
මොන දේ වෙනස් උනත් මේ සඳහා තියන ඉල්ලුමනම් කවදාවත් අඩු වෙන්නෙ නෑ. ඉතින් ඔයාට මහන්න පුලුවන් කෙනෙක් නම් අඩු මුදලට රෙදි ටිකක් ගෙනල්ලා ඇඳුම් ටිකක් මහලා මුලින්ම දන්න අයට අලවි කරලා පස්සෙ සමාජ මාධ්‍ය භාවිතයෙන් උනත් අලවි කරන්න පුලුවන්. මේවට රෙදි ගන්න පුළුවන් කොළඹ කොටුව දෙවන හා තුන්වන හරස් වීදි, මල්වාන, මහරගම – පමුණුව, කටුනායක – කෝවින්න වගේ තැන් වලින්. කෑලි රෙදි එහෙම ගොඩක් අඩුවට මේ තැන් වලින් ගන්න පුලුවන්. ඉතින් ඔයාලට පුලුවන් අතේ තියන මුදලකින් ඉස්සෙල්ලම පොඩි ප්‍රමාණයක් ගෙනල්ලා වැඩේ පටන් ගන්න.
02. කාබනික වගාව
මේ වෙනකොට ගොඩක් ඉල්ලුම තියන දෙයක් තමයි කාබනික එළවළු හා පළතුරු. විශේෂයෙන්ම පොඩි දරුවන්ට කෑමට දෙන්නමේ දේවල් හොයනවා. සුපර්මාකට් වල අධික මිල ගණන් වලට අලවි වන නිසා ඔයාලට එළවළු හා පළතුරු ගෙදරදිම වගා කරලා සාමාන්‍ය එළවළු හා පළතුරු වලට වඩා වැඩි මිලකට අලවි කරන්නත් පුලුවන්. ඉතින් මේක දැනට ලංකාවෙ ප්‍රචලිත වෙමින් පවතින ව්‍යාපාරයක්. හැබැයි ඉල්ලුමට සරිලන සැපයුමක් නම් නෑ. ඒ නිසා ඔයාට වැඩි අවස්ථාවක් තියනවා මේ වගේ ව්‍යාපාරයක් පටන්ගන්න.
03. පැල වගාව හා ඇට වර්ග විකිණීම
මේ වෙනකොට ගොඩක් අය වගාකරන්න යොමු වෙලා තියනවා. ඒත් ඉතින් නගරබද අයට පැළ වර්ග හෝ ඇට හොයාගන්න එක සෑහෙන්න අමාරුයි. සෝශල් මීඩියා වල ඕනතරම් මේ වගේ ඇට හා පැල ඉල්ලලා පෝස්ට් නිතර දකින්න පුලුවන්. ඉතින් ඔයාලට පුලුවන් ඔයාලගෙ ප්‍රදේශයේ වැඩිපුර තියන පැල හෝ තවන් දාලා එහෙම නැතිනම් නිසි විදියට ඇට වෙන් කරලා විකුණන්න. පැල වගේ නම් කුරියර් කරන්න විධි තියනවා. නමුත් ඇට වර්ග නම් ලේසියෙන්ම තැපැල් මාර්ගෙන් යවන්න පුලුවන්. ඉතින් ඔයාලගෙ ගෙදර හෝ වත්තෙ වැඩිපුර තියන වඳ කරගන්න බැරි පැල වෙන කෙනෙක්ට වටින දෙයක් වෙන්න පුලුවන්. ටිකක් වෙනස් විදියට හිතලා මේවගේ පුංචි දේකින් පටන් ගන්න ඔයාට වරදින්නෑ.
04. රී-සෙලින්
රී-සෙලින් කියන්නෙ කෙනෙක්ට ඉක්මනින් දියුණු වෙන්න පුලුවන් ක්‍රමයක්. ඒ කියන්නෙ නිශ්පාදිතයක් කෙනෙක්ගෙන් මිලට අරගෙන ගාණක් තියාගෙන විකුණන එක. ඉතින් මේ විදියට ඕනම දෙයක් අරන් සාධාරණ ලාභයක් තියාගෙන විකුනන්න පුලුවන්. මේ විදියටඇඳුම්, ආභරණ, ලිපිද්‍රව්‍ය වගේම අත්කම් නිර්මාණ උනත් කරන්න පුලුවන්. මේ වැඩේට නම් ලොකු මුදලක් නැතත් සැලකියයුතු මුදලක් ඕන වෙනවා. ඒ වගේම විවිධ විකුණුම් ක්‍රම මඟින් ඉක්මනින් ගැනුම්කරුවන් හොයාගන්නත් පුලුවන්.
05. බෑග්ස් ඇන්ඩ් පැකේජස්
මේ වෙනකොට පොලිතින් හැර කඩදාසි හෝ රෙදි භාවිතයට ගොඩක් අය යොමු වෙනවා. ඉතින් ඔයාලට පුලුවන් ලස්සන බෑග්, කවර නිර්මාණය කරන්න. ආහාර නිශ්පාදන කරන අයට වගේම ෆාමසි වලට අවශ්‍ය වෙන එක එක විදියෙ බෑග්, පෙට්ටි තියනවා. උදාහරණයක් විදියට ගත්තොත් මේ වෙනකොට මිනිකේක් ජනප්‍රිය වේගෙන යනවා. ඉතින් ඒකට අවශ්‍ය ඇසුරුම්, කුකීස්, ඩෝනට්ස්, කිසස්, විවිධ නට් වර්ග එහෙම ලස්සනට ඇසුරුම් කරන්න එක එක විදියෙ කවර ඕන වෙනව. ඉතින් ඔයාලට පුලුවන් මේ වගේ කවර හදන ලොකු ශීට් ගෙනල්ලා ඒ වගේ ටිකක් නිර්මාණය කරලා ඔන්ලයින් සෙල් කරන්න. මේකට ලොකු මුදලක් ඕන වෙන්නෙ නෑ.
06. කැක්ටස් හා සකියුලන්ට් ප්ලාන්ටින්
විනෝදාංශයක් විදියට කැක්ටස් පැල හදන අය ඉන්නවා. ඉතින් කැක්ටස් කියන්නෙ ටිකක් මිල අධික පතොක් විශේෂ. අනික හරිම ලස්සනට හැදෙන හා හදන්න පුලුවන් විශේෂයක්. මේ වගේ කැකටස් හෝ සකියුලන්ට් හදලා විකුණන්න පුලුවන් නම් අඩු වියදමකින් හොඳ ආදායමක් ගන්න පුලුවන්. විනෝදාංශයක් විදියට කැක්ටස් හදන අය මේවා හොය හොයා ගන්නෙ. ඉතින් අපිත් පටන් ගමු.
07. වෘත්තීය උපදේශනය
ජොබ් එකක් කරන කෙනෙක් නම්, ජොබ් එකක් කරලා බබාලා නිසා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ හැකියාව තියනවනම් ඒකටත් අවස්ථාවක් තියනවා. ඒ කියන්නෙ කෙනෙක්ව ජොබ් එකකට, අධ්‍යාපනිකව යම් දෙයකට ගයිඩ් කරන්න පුලුවන්. මේකෙදි රැකිය අයදුම්පත් සැකසීම, වෘත්තීය සුදුසුකම් පෙළගැස්වීම, සීවී සකස් කිරීම, ලින්ක්ඩින් අකවුන්ට් අප්ඩේට් කිරීම හා රැකියා වලට ඒජන්ට් කෙනෙක් විදියට කටයුතු කරන්නත් පුලුවන්. ඔයාලට හිතෙන් නැතිවෙන්න පුලුවන් මේවයින් සල්ලි හොයන්න පුලුවන් ද කියලා… ඔව් නිසැකවම පුලුවන්. ෆයිවර්, අප්වර්ක් වගේ ඔන්ලයින් ජොබ් වගේම අපිට අපේ අවට ඉන්නඅයට මේ වගේ සේවා සපයලා ගාණක් හොයාගන්න පුලුවන්. මතක තියාගන්න අපි කරම කියන හැමදේකටම ආර්ථිකමය වටිනාකමක් තියනවා කියලා.
Leave a Reply