කට්ටියට මූණටම කියාගන්න බැරි කාරණයක් ගැනයි මේ කියන්න යන්නෙ. ඒ තමයි ඔෆිස්වල ඉන්න එපා කරපු චරිත. මෙහෙම අය ගැන මූණටම කියන්න බැරුව ලතවෙන අයට පුළුවන් මේක වදින තැනකට වැදියන් කියල ෂෙයා කරන්න. හැබැයි ඒ ඔක්කොටම කලින් කියන්න ඕන ඔෆිස් එක අවුල් කියල ඒ තැනින් අයින් වෙලා වෙනිං තැනකට ගියත් ඔයාට ඒ කට්ටියම වෙනස් ඇඳුම් ඇඳගෙන ඉන්නව දකින්න ලැබෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොළේ කල්පනා කරලා කටයුතු කරන්න.
1. පුනීල බොසා

Source – health.com
කන පුනීලෙ කරන් අනිත් උන් කියන කේලං අහන, ඒ විදියටම කේලමට අහුවෙලා වැඩ කටයුතු කරන බොසෙක් යටතෙ ඉන්නව කියන එක වහක්. කොටිම්ම අන්න බොස් අරූ ඩෙනිමක් ඇඳගෙන වැඩට ඇවිත් කියල කිවුව ගමන්, ෆුල් ඔෆිස් කිට් එක ගහන් ඉන්න එකාටත් ඔහේ බලන්නැතුව ඉවක් බවක් නැතුව බනින මට්ටමේ බොසාලා ගොඩක් ඔෆිස්වල ඉන්නවා. මේ අතරේ සමහර බොස්ලා ගාණට කේලං ටික අහලා, ඒකෙන් ඇත්ත නැත්ත පෙරාගෙන රැකියා ස්ථානෙ ගාණට මැනේජ් කරගෙන යන අවස්ථාත් නැතුව නෙමෙයි.
2. චීත්ත

Source – inc.com
ඔෆිස් එකේ සමහර බුවාලා ඉන්නව චීත්ත වැඩ කරන. කොල්ලො සෙට් එක ඩ්රින්ක් එකක් දාද්දි එකෙකුට වෙරි වෙන වීඩියෝ අරගෙන ගිහින් කෙල්ලොන්ට පෙන්නන, කොල්ලො සෙට් එක කෙල්ලො ගැන කතා වෙන දේවල් කෙල්ලොන්ගෙ කනේ තියන, ඔෆිස් එකේ දෙන්නෙක් අතරෙ රහසෙ යන සෙනෙහෙවන්තකං ගැන හොයන සහ ඒ ගැන තැන තැන කියවන, කාගෙද පඩි වැඩි, බොස් කාටද ට්රයි කියලා හොයන ඩයල්ස්වලට චීත්ත කියනව ඇරෙන්න වෙනිං නමක් නෑ.
3. ටාසන්ස්

Source – youtube.com
මේ කියන්නෙ ඩබ්ලියු. බී. ටාසන් වරුන් ගැන. ඇහුවොත් හැටකට ගහන්න කතාව. මං අරක කරා, මේක කරා, මං කරපු ප්රසන්ටේෂන් එකට චෙයාමනුත් අප්පුඩි ගැහුව, චෙයාමන්ගෙ නෝනා විසිල් ගැහුවා, චෙයාමන්ගෙ ළමයි බල්ටි ගැහුවා, මගේ ඔලුවෙත් ඔය අයිඩියා තිබ්බ මම කිවුවෙ නැතුවට, කියන අයට තමයි ටාසන්ලා කියන්නෙ. වැඩක් කරන විදිහවත් හිතාගන්න බැරි වුනාට, ඒ අය දෙන්නෙ දවසෙන් මේ කොම්පැනිය ඇපල් සමාගමේ ඩොලර් ට්රිලියනේත් පන්නන්න ස්ට්රැටජිකල් ප්ලෑනින්ස් වගේ ටෝක්.
4. ග්ලැසියර්

Source – aycw.wordpress.com
මේ අයට වැඩ පුළුවන්. හැබැයි කරන්නෙ නෑ. පුළුවන් තරමක් මග ඇරලා ඉන්න තමයි බලන්නෙ. මේ වගේ ඩයල්ස් තමුන්ගෙ ගෲප් වලට සෙට්වුනාම අනිත් මිනිස්සුන්ට වැඩ වැඩියි. ඇයි ඉතිං ඒ අයගෙ ඒවත් එක්ක කරන්න වෙනවනෙ. වැඩේ කියන්නෙ මෙහෙම උන්දැලා තමයි ඔෆිස්වල වැඩිම. ඒ අය උපරිම ට්රයි කරන්නෙ වැඩක් කරන බුවාලා ගාවට එකතු වෙන්න. එතකොට ෂේප් එකේ හිටියැහැකිනෙ.
5. සභාපති

Source – fortune.com
මේ අයගෙ එකම අරමුණ හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී තියරිය යටතේ ආයතනේ මුදුනා වීම. මේ අයගෙ තියෙන එකම විශේෂත්වය තමයි ඒ අය ආයතනයක යම් කලක් සේවය කරපු අය වීම. හැබැයි ඉදිරියක් නෑ. ඒ ඉතිං ඒ අය වැඩ නොකරන නිසා. මේ අය බලන්නෙ කොයිවෙලෙත් තමුන් මුදුනා කියල ලෝකෙට පෙන්නන්න. ඒ වෙනුවෙන් එයාලා බැලූ බැලූ අතේ මීටින් ගන්නව. සමහරු ලන්ච් රූම් එකේ සින්ක් ටැප් එක ඇරලා ගියා කියල කියන්නත් මීටින් ගන්නව. මේ ආයතනේ ඒ වතුර බින්දුව රැක්කනං සිද්ධ වෙන හොඳ ගැන දේශනයක් දෙනව.
6. කිරි ගොටු

Source – huffingtonpost.com
ගොටුවෙ හොඳ එක තමයි මේ. අම්මෝ බොස් ඔයා ලස්සන වෙලා. ටයි එක මාරයි. බොස් එදා ගත්තු තීරණේ නිසා මුළු ආයතනේම ගොඩ ගියා බොස්. මට බොස්ට ඉස්ධූදි කරන විදියක් හිතාගන්න බෑ බොස් කියල තමයි ඒ අය ටෝක්ස් ඉෂූ කරන්නෙ. බොස්ට ඔෆිස් එකේ අය වැඩ කරන හැටි ගැන විස්තර කිරීම, ඔෆිස් එකට තව කොස්සක් ගමු වැනි ගොං අයිඩියා දීම, පාපිසි තුනකුත් ගමු වැනි මී ගොන් අයිඩියා දීම, ටොයිලට් එකේ උඩින් වතුර බින්දුවක් ලීක් වීම, ලන්ච් රූම් එකේ ජනේලෙ ළඟ මී බෙටි තිබීම වැනි යටිතල පහසුකම්වලට අදාළ කාරණා සෙවීම වගේ බැරෑරුම් රස්සා තමයි ඒ අය කරන්නෙ.
7. මගේ වැඩක්!

Source – wikihow.com
මිස්ටර් හෙට්ටිගොඩ වගේ තමයි. කණ්ඩායමක් එකතු වෙලා අමාරුවෙන් කරපු වැඩක් ගැන කිසිම හිරිකිතක් නැතුව මේ මගේ වැඩක් කියලා කියන්න පුළුවන් එවුන් තමයි මේ. ඔහොම කිවුව ගමන් එක පේළියට රාජ්ය නායකයො ටිකකුත් මතක් වුනා නේද? අන්න එහෙමම තමයි මේ අයත්. කතාව කිසිත් නොදන්න අයට මේ අය ගිහින් දෙනවා රජ ටෝක්. මම තනියෙන් බර කරට අරං මේ තැන සංවර්ධනය කළේ ඉතිං දහඩිය මුගුරු හෙලාගෙන කියල. ඇත්ත දන්න අය ළඟින් යද්දි මෙයාලා ගොලුවෙනවා.
මේ විදියෙ ඈයො එක්ක ඔෆිස් එකක ඉන්න අමාරුයි කියල අපි හොඳටම දන්නව. ඔයාලගෙ ඔෆිස් එකේ මීට වඩා වෙනස් වාත කේස් ඉන්නවනං එයාලා ගැනත් අපිට කියන්න.
Cover Image Source – wikihow.com
Leave a Reply