ඕනම තරුණයෙක් කැමති විදිහේ සුපිරි පෙම්වතියක් වෙන්නෙ කොහොමද?

යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එන කාලෙ වෙනකොටම දැන් කාලෙ තරුණ තරුණියෝ ඉතින් කොහොමින් හරි පෙම් පලහිලව්වක පැටලෙනවම තමයි. ඒකෙ වැරද්දක් කියනවනම් නෙමෙයි මේ. ඕව ඉතින් තරුණ කාලෙට ඇතිවෙන සිතුවිලි එක්ක සාමාන්‍ය දේවල්නේ. තමන් මේ කරන්නේ මොකක්ද කියල හරි අවබෝධයකින් කරනවනම් කිසිම දේක ගැටළුවක් නැහැ. කොහොමින් හරි ඔය හිරිමල් වයසෙන් යමක් කමක් තේරෙන තරුණ වයසට ඇවිල්ල ස්ථිරවම ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න කාලෙකට වැදගත්වෙන කාරණාවක් ගැන තමයි මේ කතා කරන්න යන්නෙ. මේ ඉතින් ගැහැණු දරුවන්ට වැදගත් වෙන කාරණාවක්. නිකන්ම නිකන් යාළුවෙලා ආදරේ කරනවට වඩා තමන් ජීවිතේ බෙදාගන්න හිතාගෙන ඉන්න ආදරවන්තයට හිතට සුපිරියටම ෆිට් වෙන විදිහේ පෙම්වතියක් වෙන්න මෙන්න මේ දේවල් අත්හදා බලන්නකෝ.

 

 

1. ඔබේ පෙම්වතා විශේෂ බව දැනෙන්න දෙන්න

 

මිනිස්සු විදිහට අපි කවුරුත් කැමතියිනෙ තමන් ගැන ටිකක් ලොකුවට හිතන්න. ඉතින් තරුණ කොල්ලෝ කොහොමත් කැමතියි ටිකක් පොරක් වගේ හිතට ගන්න. විශේෂයෙන්ම තමන්ගේ පෙම්වතිය තමන් විශේෂ කෙනෙක් බව නිතර නිතර කියනකොට කව්ද ඉතින් අකැමැති. මේ කියන්නෙ හිත හොඳ කරන්න නිකන් බොරුවට අගය කරන්න කියල නෙමෙයි. කාගෙ උනත් මොකක්ම හරි විශේෂත්වයක් තියෙනවනේ. ඒකනෙ ඒ කෙනත් එක්ක ආදරයෙන් බැඳෙන්නේ. ඉතින් ඔයාගේ පෙම්වතා විශේෂ බව ඔහුට දැනෙන්න හරින්න. අනිත් හැමෝගෙම මට්ටමට එයාවත් දාල පහත් කරලා කතා කරන්න එපා කිසිම වෙලාවක. පිරිසක් ඉස්සරහ එයාගෙ හොඳ අගය කරන්න පසුබට වෙන්න එපා.

 

 

2. ලස්සනට අඳින්න

 

ලස්සනට ඇඳලා ඇහැ පිනවනවට කොල්ලෝ කොහොමත් ආසයි. අනිත් එක මොන කොල්ලද අකමැති ලස්සනට, පිළිවෙලට ඇඳපු කෙල්ලෙකුගේ අතින් අල්ලගෙන ආඩම්බරෙන් ගමනක් යන්න. යාලුවන්ට ඒ ලස්සන පෙන්නන්න. ඒ නිසා හැම වෙලාවෙම ලස්සනට, පිළිවෙලට ඇඳුම් අඳින්න. සරලයි කියලා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ගහගෙන බාටා දෙකක් දාගෙන යන එක හැම ගමනටම හැම වෙලාවකම සුදුසු නැහැ.

හැබැයි මේ කියන්නෙ සරුංගලයක් වගේ සුකුරුත්තන් පුරෝගෙන යන්න කියලත් නෙමෙයි. තැනට ගැලපෙන්න පිළිවෙලට අඳින්න කියලයි. 

 

 

3. ඔහුගේ පවුලේ අය සතුටු කරන්න

 

ගෙවල් දොරවල් එක්ක සම්බන්ධකම් ඇතිකරගත්ත පලහිලව්වක් නම් ඒ ගෙදර අයත් ශේප් කරගන්න එක කරන්නම ඕන. නිකන්ම මූණිච්චාවට නෙමෙයි. ඇත්තටම එයාල එක්ක හිතවත් වෙන්න. තමන්ගේ අනාගත නෑදෑයො මොන වගේද කියල දැන අඳුන ගන්න. තමන්ගේ පවුලේ අයත් එක්ක තමන්ගේ පෙම්වතිය හොඳින් ඉන්නවා කියන එකට කොයි කොලුවත් ආසයි. අනික ඒක එයාගෙ හිතටත් සහනයක්. පස්සෙ කාලෙක පවුලේ වලි වලට මැදිහත් වෙන්න ඕන නෑ කියලා කලින්ම දන්නවනේ. ඉතින් කොල්ලගෙත් හිත නිදහස්.

 

 

4. ඇඟේම එල්ලෙන්න යන්න එපා  

 

ලඟින් ඉඳන් හුරතල් වෙන එකත් ඕනම සම්බන්ධතාවයක් උනහම කෙරෙන්න ඕන තමයි. හුරතල් වෙන, ඇඟේ එල්ලෙන එකට කොල්ලෝ ආසයි කියන එකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් ඕන එකටයි එපා එකටයි හැම තිස්සෙම තොදොල් වෙවී ඇඟේ එල්ලෙන එකෙන්නම් වෙන්නේ කොයි කොල්ලටත් එපා වෙන එකයි. අවශ්‍ය තැනදී හුරතල් වෙනවා වගේම එහෙම නැති තැන් වලදී කෙලින් තීරණ ගන්න, තනියෙන් වැඩකරගන්න, බය නැති කෙල්ලන්ට කොල්ලෝ කැමතියි. මොකද ජීවිතේදී ඉස්සරහට තමන්ට ඕනවට වඩා ඇණයක් වෙන්නේ නැහැ කියලා දන්නවනේ. 

 

 

5. ඔහුගේ ගමනට සහයක් වෙන්න

 

පෙම්වතා ගන්න තීරණ වලට උදව් කරන්න. වරදින්න පුළුවන් තැන් පෙන්වලා දෙන්න. ලඟින් ඉඳන් වගේම අවශ්‍ය අවස්තාවක් උනොත් ටිකක් ඈත්වෙලා හරි එයාගෙ වැඩවලට උදව් කරන්න. එයා ජීවිතේ ඉලක්කයක් ඇතුව වැඩ කරනවනම් ඔයත් ඒ ඉලක්කයට උපරිමයෙන් සහයෝගය දෙන්න ඕන. එහෙම හරි ඉලක්කයක් නැත්තම් ඉලක්කයක් ඇතිකරගන්න සහයෝගය දෙන්න ඕන. මොකද දෙන්නත් එක්ක එකතු වෙලා ඉස්සරහට එක ගමනක් යන්නනේ ඉන්නෙ. ඒ ගමන තමන්ගෙම කරගෙන පෙම්වතාට උපරිම සහයෝගය දුන්නම ඔයා ගැන හිතේ තියෙන ආදරේ දෙගුණයකින් වැඩිවෙයි. මොකද එතකොට එයා දන්නව පෙම්වතියක් වගේම බිරිඳක් හැටියට ඉස්සරහටත් ඔයා එයා ළඟින්ම ඉන්න බව. 

 

 

6. ගෞරවය උපයාගන්න

 

ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලේ ආදරය විතරක්ම තිබුණට මදි. රැකවරණය වගේම ගෞරවයත් තියෙන්න ඕන. දෙන්නම දෙන්නටම ගෞරව කරන්න ඉගෙන ගන්න ඕන. එකතුවෙලා ගමනක් යනකොට ඒක හරිම වැදගත්. එහෙම නැති තැන්වල තමයි රණ්ඩු සරුවල්, මිනී මැරුම් අහන්න ලැබෙන්නේ අපිට. කෙනෙකුට ගෞරව කරනවනම් ඒ කෙනා අපිත් එක්ක හිටියත්, නැතත්, මොන විදිහේ ප්‍රශ්නයක් ඇති උනත් එයාගෙ අයිතීන්, පෞද්ගලිකත්වය කියන දේවල් අපි අතින් ඉබේම ආරක්ෂා වෙනවනේ. ඉතින් මේ ගෞරවය ලබගන්න පුළුවන් එකම විදිහ තමයි ගෞරවය ලබාදෙන එක. ඉතින් ඔහුට දෙන්න අවශ්‍ය ගෞරවය දෙන්න අවශ්‍ය තැන්වලදී දීලා ඔයාට ලැබෙන්න ඕන ගෞරවය ඒ තැන්වලදී ලබාගන්න එක තියෙන්නෙ ඔයාගේ අතේ තමයි. 

 

 

7. ඇඳේදි ඉස්සර වෙන්න

 

මේ කතාව විවාහයට පෙර ලිංගික සම්බන්ධතා කිව්වම “හපොයි හෑයියා” කියල දුවන නංගිලාටනම් නෙමෙයි. පැහැදිලිවම විවාහයට කලින් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවද නැද්ද කියන එක තම තමන්ගේ පෞද්ගලික තීරණයක්. හැබැයි එහෙම දුර දිග ගියපු ලිංගික සම්බන්ධතා පවත්වන කෙනෙක් නම් මෙන්න මේ කාරණාව වැදගත්.

අපි හුඟ දෙනෙක් හිතන් ඉන්නේ ලිංගික කාර්යය කියන්නේ පිරිමි ළමයාගේ පැත්තේ වැඩක් කියලනේ. හැබැයි ඉඳලා හිටලා මේ වැඩේට තමන්ම මුල පුරන කෙල්ලෙකුට කොයි කොල්ලද අකමැති? සෙක්ස් කරනකොට පොඩ්ඩක් ලජ්ජාශීලී වෙන එක වෙනමම කාරණාවක්. හැබැයි අවශ්‍ය තැනදී මූලිකත්වය අරගෙන පෙම්වතාව පුදුම කළෝතින් ප්ලස් මාර්ක් එකක් දාගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ විතරක් නෙමෙයි හිතේ තියාගෙන නොයිද තමන්ට අවශ්‍ය දේවල් කරවගන්නත් පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *