ලෝකයේ ප්‍රසිද්ධම ස්ත්‍රී ලෝලීන් 7 දෙනෙක්

7 world renown womanizers

කතාවට මේ අයව හඳුන්වන්න යොදාගත්තු ප්‍රබන්ධ චරිතය තමයි දොන් ජුවන් කියන්නෙ. හැබැයි ඔය කියන දොන් ජුවන්ට වඩා ගෑණුන්ගෙ හිත් සහ ශරීර එක්ක පෙමින් වෙළුන චරිත ටිකක් ගැන තමයි අපි මේ කියන්න යන්නෙ. ලෝකයේ ප්‍රකට ක්‍රීඩකයින්, නළුවන්, ගායකයින් වැනි පිරිස පිරුණු මේ ලැයිස්තුවේ අපි විසින් ඇතුළත් කර නොගත්තු ප්‍රකට දේශපාලනික චරිතත් ඉන්නවා. ඇත්ත වශයෙන්ම සත්‍යයක්දැයි දකින්න, සොයන්න අපහසු වීමේ හේතුව උඩ ගැහැණුන් තිස්පන්දහසක් සමග ආලිංගන කාරියේ යෙදුනු ඇතැම් දේශපාලනික චරිත අපි මගහරින්නේම එය මතවාදීමය අර්බුද ගෙනෙන්නත් පුළුවන් නිසායි.

 

1. ජාකොමෝ කැසනෝවා

7 world renown womanizers

Source – biography.com

ප්‍රේමණීය මිනිසෙක් විදියට හඳුන්වන්න පුළුවන්, වුමනයිසර් කියන නමෙන්ම තැන තැන කියවුණු නමක් තමයි ජාකොමෝ කැසනෝවා කියන්නෙ. වෙනත් දේකින් ප්‍රසිද්ධ නොවුනත්, ඔහුගේ ජීවිත කතාව ලියපු ස්වයං චරිතාපදානය ඒ කාලයේ ජන ජීවිතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පෙන්නනවා. රාජකීයයන් වගේම ලෝකයේ ප්‍රමුඛ මිනිසුන් සහ වෘත්තීයවේදීන් ආශ්‍රය කරපු කැසනෝවා, තමුන්ගෙ නොගිණිය හැකි තරම් විශාල ආදර සම්බන්ධතාවලට පෙළඹුම ලබන්නේ තරුණ සොයුරියන් දෙදෙනෙකු සමග යෙදෙන ආලිංගන සුපහසින් පසුවයි. එතැන් පටන් ඔහු විවිධ තැන්වල සංචාරය කරමින්, ස්ත්‍රී සුපහස විඳිමින් කල් ගෙවනවා.

 

2. ජෙංගීස් ඛාන්

7 world renown womanizers

Source – therichest.com

1630දි දොන් ජුවන් ගැන කතා ආවට, ඊට සියවස් ගාණකට කලින් හිටපු මොංගෝලියානු යුදකාමී ඒකාධිපතියා ගැහැණුන් හා ගෙනගිය සම්බන්ධතා අතිවිශාල ඉමකට ගෙනගිහින් තියෙනවා. ඉතිහාසය අරගෙන බැලුවම මිනිසුන් මිලියන ගණනින් මරා දැමූ ලේ පිපාසිත ඒකාධිපති මිනීමරුවෙක් විදියට තමයි ජෙන්ගීස් ඛාන්ව හඳුන්වන්නෙ. ඔහුගේ ස්ත්‍රී ආලෝලනයේ තරම කොතරම්ද කියනවා නම් රුසියානු විද්‍යාඥයින්ට අනුව ජෙංගීස් ඛාන්ගේ ජානමය පුරුක් මේ වෙද්දිත් මිලියන 16ක් පමණ ලෝකයේ සිටින බවයි කියැවෙන්නෙ.

 

3. හියු හෙෆ්නර්

7 world renown womanizers

Source – economist.com

එයාව ප්‍රසිද්ධ වෙන නමෙන්ම දන්නවනෙ. ප්ලේ බෝයි කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමහරු කියන විදියට නං හෙෆ්නර්ගෙ මේ ස්ත්‍රීන් කෙරෙහි වූ අධික පෙළඹවීම ඇතිවුනේ ඔහුගේ පළමු බිරිඳ ඔහු හමුදා සේවයේ යෙදී සිටපු 1950 කාලයේදී ආරම්භ කරපු අනියම් පෙමක් නිසාලු. ඒ කොහොම වුනත් බොහෝදෙනෙක් කාන්තාවන්ගෙ රුවගුණ දකින්න ඔහුගේ සඟරාව මිළදීගත්තා වගේම ඔහුගේ චරිතයත් බොහෝ කාන්තාවන් හා ඇළුනු පෙම්වත් සම්බන්ධතා එක්ක ගලාගිය බව නං රහසක් නෙමෙයි.

 

4. විල්ට් චේම්බර්ලින්

7 world renown womanizers

Source – youtube.com

යොවුන් වියේ තරුණියන් අතින් සිද්ධ වෙච්ච බැහැර කිරීම නිසාම NBA බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වුණු විල්ට් චේම්බර්ලින් තමන්ගේ අධික ස්ත්‍රී ලෝලී ජීවිතයට ඇතුළු වුණු බවයි කියවෙන්නෙ. ගණනින් කියතොත් ඔහු කාන්තාවන් 20,000කට අධික පිරිසක් සමග ආදර සම්බන්ධතා පවත්වා තියෙනවාලු. ඒ වගේම ඔහු දුටු සැනින් කාන්තාවක් ඔහු වෙත පොළඹවා ගැනීමක් කරන්නට පුහුණුවක් තිබුනු මිනිසෙක් කියලයි කියන්නෙ. ඇත්තටම ඉතිං අතිශය ලස්සන ස්ලෑම් ඩන්ක් එකක් තරම්ම ආටිස්ටික් වැඩක් විදියට ස්ත්‍රිය‌කගේ ආදර සුපහස දිනාගන්න ගහන ගේම් එක හඳුන්වන්න පුළුවන්නෙ.

 

5. වොරන් බීටි

7 world renown womanizers

Source – youtube.com

හොලිවුඩය හොල්ලපු ස්ත්‍රී සොඬා කියල තමයි පොරට කියන්නෙ. අවුරුදු විස්සෙදි මුලින්ම වර්ජිනිටිය නැති වුනාට පස්සෙ ඉඳන් අවුරුදු 55දි කසාදයක් බඳින තෙක් ගැහැණුන් 12,775ක් එක්ක ඔහුගේ සම්බන්ධතා තිබිලා තියෙනවා. මේ සම්බන්ධතාවලට දර්ශන තලයේ සිද්ධ වෙන හදිසි එක්වීම් අයිති වෙන්නෙ නෑ කියලත් කියනව. බීටි පස්සෙ කාලෙක තමන් එහෙම නෑ කියලත් කියල තියෙනවා. සමහර ගායිකාවො ඔහුට සින්දුත් කිවුවලු. ඒ නැතත් ජුලී ක්‍රිස්ටි, විවියන් ලේ, ජැකලයින් කෙනඩි, ජෝනී මිචල්, බියන්කා ජැගර්, ඩයනා රෝස්, ඩයෑන් කීටන්, මරියා කැලස්, ෆේයි ඩනවේ, මාගරට් කුමරිය, ලින්ඩා මැකාට්නි, වැනෙසා රෙඩ්ග්‍රේව්, බ්‍රිජට් බාඩෝ සහ ෂර් වගේ ප්‍රසිද්ධ නම් ඔහු හා එක් රැයකට හෝ බැඳී තිබෙනවාලු.

 

6. පැබ්ලෝ පිකාසෝ

7 world renown womanizers

Source – youtube.com

අපි දන්නවනෙ පිකාසෝ ප්‍රසිද්ධ චිත්‍රකාරයෙක් කියල. ඒ මදිවට පුංචි කාලෙ අපේ ඇහැට ලස්සනයි කියන චිත්‍ර ඇඳපු, පස්සෙන් පහු විකාරරූපී රුවකට තමුන් දන්න කලාව වෙනස් කරපු ඔහුගෙ චිත්‍ර ගැන වගේම ප්‍රසිද්ධ කතා ඔහුගේ ස්ත්‍රී සම්බන්ධතා ගැනත් තියෙනවා. ෆර්නාන්ඩ්, ඊවා, ඔල්ගා, මාරි-ටිරීස්, ඩෝරා, ෆ්‍රැන්කොයිස්, ජැක්ලීන් විදියට ඔහුගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධානම ගැහැණුන් දක්වන්න පුළුවන්. ඒ හැරෙන්නට ඔහුගේ ආදරය අහිමි වීමෙන් ඇතැමුන් සියදිවි නසාගත්තා වගේම ඇතැමුන් අතිශයින් ශෝකීව කල් ගෙවූ බවත් සඳහන් වෙනවා. ඔහු කාන්තාවන් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ බොහෝමයක් ඉදිරිපත් කරලත් තියෙනවා.

 

7. ජැක් නිකල්සන්

7 world renown womanizers

Source – youtube.com

හැමෝම දන්නවනෙ ඔස්කා සම්මාන කිහිපයක්ම දිනපු අති දක්ෂ නළුවෙක් කියල. ඒ හැරෙන්නට නිකල්සන් කියන්නෙත් ගැහැණුන්ගෙ හිත කියන සම්මානෙත් දිනාගත්තු දක්ෂයෙක්. ඔහුගේ හිනාවට බොහෝ කාන්තාවන් වශී වුණු බවයි පැවසෙන්නෙ. ඔහුට අනුව ඔහු සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් හා ලිංගිකව එක් වූ බව කියනවා. එසේම ඔහු ඇතැම් ලඳුන්ගෙන් නොනැවතී ඒ ලඳුන්ගේ මවුන් සමගත් සබඳතා පැවැත්වූ බව පවසනවා.

 
Cover Image Source – Lifie Graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *