හුඟක් අය පාඩම් කරන්න යද්දි මොනාද පාඩම් කරන්නෙ කියලාම හෙන වෙලාවක් හිතනවා. අන්තිමේදි පාඩම් කරන එකත් එක්ක එපා වෙනවා. පාඩම් කිරිල්ල එපා නොවෙන්න අපි අද හරියට කාල සටහනක් හදන හැටි බලමු.
1. මොන විදියේ එකක්ද?
මුලින්ම බලන්න ඔයාට ගැළපෙන්නේ මොන වගේ කාල සටහනක්ද කියන එක. මාසයකට එකක්ද, සතියකට එකක්ද, නැත්නම් අවුරුද්දකට එකක්ද කියන එක. හැබැයි ගොඩාක්ම හොඳ මාසෙකට එකක් හදාගන්න එක. නැත්නම් හැමදාම එකම දවසේ එකම විෂයය පාඩම් කරද්දි සමහර විට කම්මැලි හිතෙයි.
2. දවසකට පැය කීයක් පාඩම් කරන්න වෙන් කරනවද?
කාලසටහනක් හදද්දි උදේ අටට විද්‍යාව, නවයට ගණිතය, දහයට සිංහල වගේ වෙන්න කාලසටහන හැදුවොත් වෙන්නේ මේ මොකක්වත් ඔයාගේ ඔළුවට යන්නැති එක වෙන්න පුළුවන්. ටිකක් අමරු විෂයයක් විනාඩි 30 – 45 වගේ පාඩම් කරනවා කියලා ඔයාලගේ කාලසටහනට දාගන්න. ටිකක් ලේසි විෂයක් අමාරු එකට පස්සේ දාගන්න. ඒ අතරේ පොඩි විනාඩි 10ක වගේ බ්රේක් එකක් ගත්තට කමක් නෑ.
3. පාඩම් වැඩ විතරමද?
ඔයාට ඔයාගේ විනෝදාංශ, ඒ කිවුවෙ ෆිල්ම් එකක් හෝ ටීවී සීරීස් එකක් බැලීම, පොත් කියවීම වගේ දේවල් මේකට දාන්න පුළුවන්. ෆිල්ම් එකක් වගේ නම් සතියකට එකක් වගේ දාගන්නවා නම් තමා ගොඩාක්ම හොඳ. ටීවී සීරීස් එකක් නම් දවසකට පැය භාගයක් වගේ. ඕනෙමනම් අර කලින් කියපු බ්‍රේක් එක අතරේ ඔයාට පොතක් කියවන්න, හිත නිවෙන සිංදුවක් අහන්න වගේ පුළුවන්. හැබැයි පාඩම් කරන අතරේ ෆිල්ම්, ටීවී සීරීස් වගේ දේවල් නම් බලන්න එපා…
4. Reminder දාගන්න
දැන් කාලේනම් තාක්ෂණේ ගොඩාක් දියුණුයිනේ. හැමෝගෙම ෆෝන්වල රිමයින්ඩර් ඇප්ස් තියනවා. කාලසටහනට අදාළ දේවල් අමතක වෙනවා වගේනම් රිමයින්ඩර් ඇප් එකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට හැමතිස්සේම අර කාලසටහන් කොළේට ඔළුව දාන් ඉන්නත් ඕන වෙන්නෙ නෑ…
5. අනවශ්‍ය දේ අඩුකරමු
අනවශ්‍ය දේ කියලා අදහස් කළේ ඔය අතේ තියන ෆෝන් එක. ෆෝන් එකේ නොයෙක් දේවල් කරන්න, බලන්න හුරු වෙන එක නොදැනුවත්ම ලොකු කාලයක් නාස්ති කරන පුරුද්දක්. ඔයාගේ කාලසටහනේ මේකට තියෙන තැන ගොඩාක් අඩුකරන්න. නැත්නම් exam එකක් වගේ ලං වුණාම ඔයාට මේකට යොදන කාලේ අඩුකරගන්න ගොඩාක් අමාරු වෙයි. දැන්ම ඒක හදාගන්න…
6. අමාරු ඒවට වැඩි තැනක්
අමාරු දේවල් කියලා අදහස් කළේ අමාරු විෂයයන්. කලින් කිව්වා වගේ අමාරු විෂයයන්ට විනාඩි 30, 45 වගේ කාලයක් යොදන්න. හැබැයි හැම දවසෙම මේක කරන්න. මොකද අපි අමාරුයි කියලා හිතන විෂයයන් තමා ගොඩක් වෙලාවට වැදගත්ම විෂයයන්. ඒ නිසා ඒවා වලට උපරිම ලකුණු ගන්න බලන්න. ඒත් එක්කම ලේසි විෂයනුත් අතපසු නොකර පාඩම් කරගන්න…
7. හැමදාම එපා!
හැමදාම මේ රාමුවෙම පාඩම් කරන්න එපා. අපි මුලදිම කිව්ව වගේ එතකොට ගොඩක් කම්මැලි හිතෙන්න පුළුවන්. ඔයාට පුළුවන් අවුරුද්දකට කීප වතාවක් කැමති සංචාරයක් යන්න, නැත්නම් ෆිල්ම් හෝල් එකකට වගේ පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක ගිහින් හොඳ ෆිල්ම් එකක් බලන්න. පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න. එහෙම කියලා පාඩම් නොකර ඉන්න එපා. ඔක්කොම බැලන්ස් කරගෙන ඉදිරියටම යන්න
කල්පනාකාරීව හරි විදියේ කාල සටහනක් හදාගත්තොත් මේ හැමදේම ඔයාට ගොඩාක් ඵලදායීව කරගන්න පුළුවන්…
Leave a Reply