අපේ අනුරපුර රාජධානිය පොලොන්නරුවට මාරුකළ සොළීන්

Chola who moved Anuradhapura kingdom to Polonnaruwa

සොළීන් පලවා හැර නැවත රජකමට පැමිණි මහාවංශයේ පරිච්ඡේද ගණනාවක් පුරා විස්තර කර ඇති දුටුගැමුණු රජතුමා එකල අප දිවයින එළාර නැමැති සොළී රජ පලවා හැර යළී අත් පත් කරගත්තේය. ඉන් අනතුරුව 1017 සිට වසර 60ක් සොළී පාලනයේ ගිලී තිබුණ රජරට යළි අත්පත් කරගත්තේ විජයබා රජතුමාය. ඔය අතර කාලයේ ගජබාහු රජු විසින් සොළී රටින් දොලොස් දහසක් සේනාව මෙහි ගෙන ආ බැව් ජනප්‍රවාද වල සදහන් වුවත් මහාවංශය, දීපවංශය වැනි පැරණි පොත්වල සදහන් නොවන එම කතාව පසුව ගෙතූ එකක් බව ගණනාථ ඔබේසේකර මහාචාර්යතුමාගේ අදහස වේ.

 

1. චෝල යනු කවුද?

Chola who moved Anuradhapura kingdom to Polonnaruwa

Source – twitter.com

සිංහලෙන් සොළීන් යනුවෙන් දක්වා තිබෙන චෝලයෝ දක්ෂිණ ඉන්දියාවේ බිහිවූ ප්‍රබල රාජධානියකි. එහි ස්වර්ණමය කාල පරිච්ඡේදය 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා කාල  පරාසයක විහිදේ. තන්ජාර්වූර් පලාත මූලික කොටගෙන ආරම්භ වූ චෝල රාජධානිය රාජ රාජ සහ රාජේන්ද්‍ර චෝල යන රජුන් සමයේ ලංකාව ඉන්දියාව සහ මාලදිවයින කරා ව්‍යාප්ත විය. නාවුක හමුදා වලින් සවිමත් වූ චෝලයෝ සිය දේශය රැක ගැනීමට මෙන්ම ආසන්න ලංකාව වැනි දේශ යටත් කරගැනීමටද සිය නාවුක බලය යෙදවූහ. ඔව්හු එමගින් ඔවුන්ගේ වෙළඳාම් කටයුතු සාර්ථක කරගත්තා සේම අනෙක් දේශයන් කෙරෙන් ආර්ථිකමය වාසි ලගාකරගැනීමටද සමත් විය.

 

2. ලංකාවට චෝල ඒම සහ යෑම

Chola who moved Anuradhapura kingdom to Polonnaruwa

Source – blogger.com

ලංකාවට චෝලයින් පැමිණියේ අනුරාධපුර රාජධානියේ අවසාන සමයේදීය. රාජ රාජ චෝල යනු චෝල අධිරාජ්‍යය විශාල කිරීමේ පුරෝගාමියෙකි. එකල ඔහුගේ බලපෑම මත පස්වන මිහිඳු රුහුණ දක්වා පලවාහරින්නට සමත් විය. ඉන්පසු රජවන රාජේන්ද්‍ර චෝල චෝල අධිරාජය ගංගා නම් ගග තෙක් ඉහලට ඉන්දියාවේ බලය ව්‍යාප්ත කලේය. ඔහු සමස්ත දකුණු ඉන්දියාවම පාහේ චෝල බලපැමටත යටත් කරගත් ප්‍රබල රජෙක් විය. ඔහුගේ කාලේ පස්වන මිහිදුගෙන් පසු බලය චෝලයන් වෙත ගියේය. 1017 දී පමණ බලය අල්ලාගත් සොලීහු රජරට පෙදෙස වසර 60ක්පමණ එකදිගට පාලනය කළෝය. අවසන දෙවන රාජේන්ද්‍ර ගේද කාලසීමාව ඉක්මවී කුලෝතුංග යන චෝල අධිරාජයාගේ කාලයේ චෝල අධිරාජයේ වැටීම ආරම්භ විය. එකලදී චෝලයන්ට විජයබා රජතුමාගේ ප්‍රහාර වලින් ඉක්බිත් නැවත ලංකාව හැරදා ඉන්දියාවට පල්ලම් බැසීමට සිදු විය.

මේ අතර කාලයේ වික්‍රමබාහු නම් රජෙක් රාජේන්ද්‍ර චෝල සමයේ දී ලංකාවේ සිට චෝල බලයට අභියෝග කළේය. එහෙත් එම කාලයේදී රාජේන්ද්‍ර චෝලගේ පාලනය යටතේ සොලීන් අති ප්‍රබල ජාතියක් විය. අවසන විජයබාහු රජටද එක් අවස්ථාවකින් සොළීන් සම්පුර්ණයෙන් ලංකාවෙන් පලවාහැරීමට අවකාශ ලැබෙන්නේ නැත. ත්‍රීකුණාමලය සහ මන්නාරම දෙසින් වූ පුරාණ වරායන් වලින් මහ සේනා රැගෙන එන සොලීහු නැවත යුද්ධ කර රාජ්‍යය ලබා ගන්නට වූහ. කෙසේ වෙතත් සමස්ත චෝල අධිරාජයේ ප්‍රබලතාවය අඩු වත්ම විජයබාහු රජුට ලංකාව එක්සේස්ත් කිරීමට අවකාශ ලැබුණු බව කාල වකවානු හා චෝල රාජ්‍යයේ වැටීම බැලූවිට නිරීක්ෂණය කල හැකිය.

 

3. රාජ්‍යයේ ඇති වූ වෙනස්කම්

Chola who moved Anuradhapura kingdom to Polonnaruwa

Source – blogspot.com

සියවස් ගණනාවක් පුරා රටේ රාජධානිය ලෙස පැවති අනුරාධපුරය පොලොන්නරුව දක්වා වෙනස් වීමට චෝල ආක්‍රමණ ප්‍රබල බලපෑමක් එල්ල කලේය. පොලොන්නරුවේ සිට පාලනය මෙහෙවූ චෝලයෝ එතෙක් පැවති රජරට වාරි ශිෂ්ඨාචාරය නැංවීම වෙනුවට ඔවුනගේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව භාවිතා කලෝය. මන්නාරම් සහ ත්‍රීකුණාමල දෙසින් වූ වරායන් හරහා චෝලයෝ දකුණු ඉන්දියාව සමගත් ඉන් එහා ඉන්දුනීසියාව තරම ඈත දේශ සමගත් සම්බන්ධතා තබා ගත්හ. රාජරාජ චෝල කාලයේ සහ ඉන් පසුකාලීන චෝල කාසි රැසක් අනුරාධපුරයෙන්ද සාක්ෂි වශයෙන් සම්භ වී තිබේ.

 

4. ආගමික බලපෑම

Chola who moved Anuradhapura kingdom to Polonnaruwa

Source – facebook.com

මහාවිහාරික බෞද්ධ ආධිපත්‍යය යටතේ බෝ කලක් වැජඹුණු රජරට දේශයට ප්‍රබල ලෙසම හින්දු බලපෑම ඇතුළු වූයේ චෝල කාලසීමාවෙදීය. අනුරාධපුරයේ සඳකඩපහනේ ඇති ගවයා පොලොන්නරුව රාජධානියේදී ඉවත්ව ගොස් ඇත්තේ හින්දු ආගමේ සලකුණක් වූ ගවයා පෑගීම නුසුදුසු නිසා යැයි සැලකේ. තවමත් විරාජමානව පවතින පොලොන්නරු නටඹුන් අතර සුරැකිව තිබෙන ශිව දේවාල චෝල කාලසීමාවේ ඉදිවූ ඒවා වෙති.

චෝල රජවරු රට පාලනය කළේ වර්තමානයේදී පරිදි පලාත් දිස්ත්‍රික්ක ආදි වශයෙන් බෙදාගෙනය. ඒ අනුව මණ්ඩලම් යනු විශාල රටක් වැනි පලාතකි. මුම්මුඩිචෝල මන්ඩලම් ලෙස ලංකාව හඳුනා ගෙන තිබේ. චෝල සමයේ පාලනය වඩාත් විධිමත් සහ ක්‍රමානුකූල එකකි. පාලනයේදී ජනතාවගේ මතය විමසන කුඩා සංගම් මගින් ගම්මාන ආශ්‍රිතව පාලනය ගෙනගොස් තිබේ.

සැබැවින්ම දකුණු ඉන්දියාව යනු ලාංකික දේශපාලනයේදී අමතක කළ නොහෙන සාධකයකි. කිසිම කලෙක ලංකාව සම්පූර්ණයෙන්ම  දෙමළ අධිරාජයෙකුට යටත් වී නැතත් චෝලයෝ රුහුණ ඇතුලු විශාලතර පලාතක් යටත් කරගන්නට සමත් වූ ප්‍රබල ජාතියක් විය.

 
Cover Image Source – bcmtouring.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *