බොහෝමයක් මිනිස්සු තමුන්ගෙ සතුට වෙනුවෙන් වියදම් නොකර තමුන්ගෙ අනෙකුත් අවශ්‍යතා කියල සිතන දේවල් වෙනුවෙන් තමන් ඉතිරි කරගත් ධනය සියල්ලම යට කරනවා. නමුත් තමුන්ගෙ සිතේ සතුට වෙනුවෙන් සිදුකරන වියදමක් කවදාවත්ම නිකරුණේ කරන වියදමක් නොවෙන වග සිතේ තියාගන්න. එය සැමවිටම තමන් වෙනුවෙන්ම කරන ආයෝජනයක්. ඒ නිසා තමුන්ගේ සිතේ සතුට ඉෂ්ඨ කරගන්න විදිය ගැන තියෙන ඔබේ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් තියාගන්න. ඒ ප්ලෑන් එකට අනුව සල්ලි ඉතුරු කරලා ඔබේ සිතේ සතුට ඇති කරගන්න.
1. ඔබ කැමතිම ගමනාන්තය

Source – jonxmia.com
ඔබේ සිත කැමතිම ගමනාන්තයට යන්නට මුදල් ඉතිරි කිරීමෙන් ඔබේ ජීවිතයට එක්වන අත්දැකීම්, ඔබ ප්‍රයෝජනවත් යැයි සිතනා අනෙකුත් දෙයකට වඩා වැඩි සුබවාදී බලපෑමක් ඔබට කරන්නට ඉඩ තිබෙනවා. උදාහරණයකට ඔබ යන්නට කැමතිම ඊජිප්තුවට නම් එයට සාමාන්‍යයෙන් සිංගප්පූරු සවාරියකට වඩා වැඩි මුදලක් වියදම් වීම වළක්වාගන්නට බැහැ. එනිසාම ඔබ කැමතිම සවාරිය යන්නට ඔබ මුදල් ඉතිරි කිරීම අරඹන්න. අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ප්ලෑන් එකකට මුදල් ඉතිරි කරන්න.
2. මතක එක්කරගන්නට

Source – hanslodge.com
අපි දැන් ඉන්නෙ ඩිජිටල් ලෝකයක. සෝෂල් මීඩියා එක්ක අපේ ජීවිතේ මතක ආයෙ ආයෙත් අපට දකින්නට ලැබීම හිතට එක්වරම සතුටක් ගෙනෙන දෙයක් වෙලා. සාමාන්‍යයෙන් ගමන්බිමන් යන පිරිසට මේ වෙද්දි ඕන කරන සුවිශේෂම ටෙක් ගැජට් එක වෙන්නෙ කැමරාවක්. DSLR කැමරාවක් කියන්නෙ ඇබ්බැහි වෙන සුළු උපාංගයක් නිසාම ඔබේ සතුට දෙගුණ තෙගුණ වී දැනේවි. හැබැයි ඒ වෙනුවෙන් මුදලක් ඉතිරි කරන්නට, ඉස්සරහට ලෙන්ස් අලුතෙන් මිලදීගන්නට ඔබේ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් තියාගන්න එකනම් වටිනවා.
3. සිහිනය හඹා යන්න

Source – unepauselitteraire.com
ඔබේ සිහිනය නීරෝගී සිරුරක්ද? මනා ලෙස හැඩගන්වාගත් නීරෝගී සිරුරක් වෙනුවෙන් කාය වර්ධන මධ්‍යස්ථානයක සහාය අනිවාර්යයෙන් අවශ්‍යයි. නමුත් උදේ සවස එහි ගැවසෙනවා වෙනුවට ඔබට ඔබේ නිවසේම හෝම් ජිම් එකක් සාදාගත හැකියි. එසේනම් ඒ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් ඇතිවම සූදානම් වෙන්න. එය ඔබේ සිතේ සතුට ඇති කරනවා වගේම සිරුරත් නීරෝගී කරාවි.
4. විනෝදාංශයට වැඩි බරක්

Source – bayarea.com/futurecdn.net
ඔබේ විනෝදාංශය කුමක් වුවත්, ඒ විනෝදාංශය හමුවේ තවත් පියවරකින් හෝ ඉදිරියට යන්නට ඔබ බලාපොරොත්තු වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා ඔබේ විනෝදාංශය කුමක් වුවත් එය අංග සම්පූර්ණ කරගන්න. ඔබ විනෝදයට කඳු නගින්නෙකු නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සියළු දෑ අඩංගු කට්ටලයක්, ඔබ විනෝදයට වීඩියෝ ක්‍රීඩා කරන්නෙකු නම් ඒ වෙනුවෙන් අංග සම්පූර්ණ ගේමින් සෙටප් එකක් ඔබට අවශ්‍යයි. ඒ බලාපොරොත්තුවට සාර්ථක ප්ලෑන් එකක් තියාගත්තොත් පහසුවෙන්ම ඔබට එය ජයගන්නට හැකියි.
5. ස්මාට් ලෝකයක්

Source – itdevils.net
දැන් ලෝකයම සීඝ්‍රයෙන් ස්මාට්වෙමින් ගමන් කරනවා. නිවසේ විදුලි බුබුල පවා ස්මාට් වෙමින් ඉදිරියට යනවා. එනිසා ඔබත් ස්මාට් ලෝකයට පය තබන්නට සූදානම් නම් ඒ වෙනුවෙන් දහසකුත් එකක් ටෙක් ගැජට් බලා සිටිනවා. එය ඔබේ ජීවිතය පහසු කරවනවා පමණක් නොව, ඔබව යාවත්කාලීන කාර්යක්ෂම මිනිසෙකු බවට පත් කරනවා. ඒ පහසුව අත්විඳින්න. ඔබේ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් තියාගන්න.
6. සැප පහසුවට ජීවත්වෙන්න

Source – 1teh.by
ඔබේ සිරුරට සැපපහසුවෙන් ජීවත් වෙන්නට ඔබේ නිවසට අවැසි දේ මොනවාද? ඔබේ කාමරයට සෝෆාවක්, වායුසමන යන්ත්‍රයක් වැනි දෑ එක් වුනානම්, කාර්යබහුලව වෙහෙස වී ගෙවන ජීවිතයට යම් තරමකින් හෝ අස්වැසිල්ලක් ලැබේවි නේද? ඒ සැපපහසුව ඔබට ළඟා කරගන්නට ඔබේ බලාපොරොත්තුවට සරිලනම සැලසුමකින් මුදල් ඉතිරි කිරීම අරඹන්න.
7. ඇසට ප්‍රිය දසුනක්

Source – harrisonslandscaping.com.au
මිනිස්සු තමන්ගේ ගෙවත්තේ ගෙවන කාලය අඩුවෙලා. නමුත් තමුන්ගේ ගෙවත්ත තරම් හිත සතුටින් ගෙවන්න පුළුවන් තැනක් තවත් නැති තරම්. එනිසාමයි අපි ඔබේ ගෙවත්තට වැඩි අගයක් ලබාදෙන්නට අවස්ථාවක් යෝජනා කරන්නෙත්. ඔබේ ගෙමිදුලට දෙපයට සුසිනිඳු තණ පිඩලි, කුඩා ජල තටාකයක් සකසා ගතහොත් ඔබ ගෙමිදුලේ ගත කරන කාලය වඩා වැඩි වේවි. ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට ප්ලෑන් එකක් ඔබට සකසාගන්නට කාලයයි මේ.
අනාගතයේ සපුරාගන්නට තිබෙන, ඔබට තවමත් සිතී නැති බලාපොරොත්තු කිහිපයක්ම මේ සටහනේ තියෙන්නට ඇති. ඒ බලාපොරොත්තු තවමත් සඵල කරගන්නට ප්ලෑන් එකක් ඔබ තුළ නැතිනම්, එයට සරිලනම විකල්පය සොයාගත හැකියි. ඔබේ බලාපොරොත්තුව සපුරාගන්නට ඇති කාලයත්, අවශ්‍ය මුදලත් සමග බලාපොරොත්තුවේ ප්ලෑන් එක තෝරාගන්න.
Cover Image Source – mapo.al
Leave a Reply