සත්තු සහ මිනිස්සු අතර තියෙන්නේ අමුතුම විදිහේ බැඳීමක්. ගොඩක් වෙලාවට සුරතලෙක් විදිහට මනුස්සයෙක්ගේ පාළුව මකන්න ලඟින් ඉන්නේ සතෙක්. සමහරක් වෙලාවට මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කියන එක රහසක් නෙමෙයි. අපි අද ඔබට කියන්න යන්නේ ලෝකයේ ප්රකට පුද්ගලයන් කීප දෙනෙක්ගේ සුරතලුන් පිළිබඳවයි.
1. ටින්කර්බෙල් (Tinkerbell)
සුප්රකට සරාගී නිළියක් සහ කෝටිපතිනියක් වන පැරිස් හිල්ටන්ගේ වසර 14 ක ගමන් සඟයා වූයේ මෙම බලූ සුරතලායි.
2015 වසරේ දී ඔහුගේ මියයෑම ඇයව දැඩි ලෙස කම්පනයට ලක් කළ සිදුවීමක් වුණා. ඉන්පසුව තවත් බලු සුරතලුන් ඇය විසින් හදා වඩා ගනු ලැබුව නමුත් ටින්කර්බෙල් පිළිබඳ මතකය තමන්ට තවමත් අමතක කිරීමට නොහැකි බවයි ඇය පවසන්නේ. වාර්තා වී ඇති අන්දමට පැරිස් හිල්ටන් විසින් ඇගේ නිවස පවා සුරතලුන්ට හිතකර ආකාරයටයි සකසා තිබෙන්නේ. සුරතල් සතුන්ව කූඩු කිරීමකින් තොරව ඔවුන්ට රිසිසේ සැරිසැරීමට අවස්ථාව ලබා දීමට ඇය කටයුතු කරනවා ඒ වගේම බලු සුරතලුන්ගේ අවශ්යතාවයන් පිළිබඳව සොයා බැලීමට සේවක සේවිකාවන් සිටියත් පෞද්ගලිකව එම සුරතලුන් පිළිබඳව ඇය විමසිලිමත් වෙනවා.
2. මැක්ස් (Max)
ලංකාවේ එතරම් ජනප්රියව නොපැවතුණත් ඌරන් සුරතලුන් ලෙස හදා වඩා ගැනීම යුරෝපා රටවල ජනප්රිය වෙමින් පවතිනවා. සුප්රකට හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි එලෙස ඌරෙකු සුරතලා ලෙස ඇති කළ අයෙක්. මෙම සුරතලාව මැක්ස් ලෙස නම් කර තිබෙන අතර බොහෝවිට මැක්ස් ක්ලූනි ගේ ඇඳ මතම නිදා ගැනීමට ප්රිය කරන බව කියවෙනවා. කෙසේ නමුත් ක්ලූනිගේ ඇතැම් පෙම්වතියන් නම් ඔහුගේ මෙම ඌරු ආලයට කැමැත්තක් දක්වා නැහැ.
3. සනී සහ බෝ (Sunny and Bo)
හිටපු ඇමරිකා එක්සත් ජනාධිපති බැරැක් ඔබාමාගේ පවුලේ සාමාජිකයන් බල්ලන් හට අතිශයින් ප්රිය කරන පිරිසක්. ඔබාමා පවුල ධවල මන්දිරයට පැමිණීමෙන් අනතුරුව සිය දියණියන් සඳහා විශේෂ වර්ගයක බලු සුරතලෙකු සොයා යෑමට උත්සාහයක්ද ගෙන තිබුණා. එසේ විශේෂ සුරතල් බල්ලෙකු සෙවීමට හේතුවක් වූයේ ඔහුගේ එක දියණියක් සතුන්ගේ ලෝම වලට ආසාත්මිකතාවයක් දැක්වීම නිසායි. කෙසේ නමුත් ධවල මන්දිරය තුළ ඔවුන් ගත කළ කාලය තුළදී සනී සහ බෝ නම් බලු සුරතලුන් දෙදෙනෙකු ඔවුන්ගේ පවුලට එකතු වුණා. විශ්රාම යාමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාද රැගෙන යෑමට ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් අමතක කළේ නැහැ.
4. Hummingbirds
ඇමරිකානු ටෙලිවිෂන් තරුවක් වන ස්පෙන්සර් ප්‍රැට් (Spencer Pratt) හමින්ග්බර්ඩ් කුරුල්ලන්ව සුරතලුන් ලෙස ඇතිකරන තැනැත්තෙක්. ලෝකයේ කුඩාතම සහ වේගවත්ම පක්ෂීන් ලෙස සැලකෙන මෙම සුරතලුන්ගේ තොරතුරු ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිනුම හරහා රසිකයන් සමඟ බෙදා ගනු ලබනවා. එම ඡායාරූපවලට අනුව මෙම සුරතලුන් ස්පෙන්සර් හට අතිශයින් ආදරය කරන අතර ස්පෙන්සර්ගේ සමීපයටම පැමිණ ඔහු විසින් ලබා දෙන මල් පැණි අඩංගු විවිධ ආහාර සිය හොටවල් මගින් උරා ගනු ලබනවා.
5. මිස්ටර් ෆේමස් (Mr. Famous)
ටෙරියර් වර්ගයේ මෙම බලු සුරතලා සුප්රකට හොලිවුඩ් නිළි ඔඩ්රි හෙප්බර්න් අසල ගැවසීම එකල හොලිවුඩ් දර්ශන තල වල සාමාන්‍ය සිදුවීමක් වුණා. මේ නිසාම චිත්රපටි කීපයක ඇය සමඟ පෙනී සිටීමේ අවස්ථාවද එම සුරතලාට හිමිවුණා. එහි ප්රතිඵලය වූයේ ටෙරියර් වර්ගයේ බල්ලන් සඳහා දැඩි ඉල්ලුමක් ඇති වීමයි. සිය සුරතලාගේ මරණයෙන් පසුව ඇය දැඩි ලෙස මානසිකව ඇද වැටුණු අතර පසුව ඇගේ මිතුරෙකු විසින් තවත් එවැනිම වර්ගයේ බලු සුරතලෙකු ඇයට ලබා දුන්නා. ඇය විසින් එම සුරතලාව ඇසෑම් ලෙස නම් කරනු ලැබුවා.
6. ස්කැටර් (Scatter)
කාලයක් එල්විස් ප්රෙස්ලිගේ සෑම සංචාරයකටම නැතුවම බැරි සුරතලෙකුව සිටි මෙම චිම්පන්සියා දඟකාර සතෙකු ලෙස ජනප්‍රිය වුණා. උදාහරණයක් ලෙස කාන්තාවන්ගේ සායවල් උස්සා බැලීමට එම චිම්පන්සියා ප්රිය කළ බව කියැවෙනවා. කෙසේ නමුත් එක්තරා මොහොතකදී ඔහු ආවේගශීලී ලෙස හැසිරෙන අතර එක් අවස්ථාවක ප්රෙස්ලි හටද පහරදීමට උත්සාහ කළ බව කියැවෙනවා. එහි ප්රතිඵලය වූයේ එතැන් පටන් ප්රෙස්ලිගේ පෞද්ගලික වත්තක මෙම චිම්පන්සියාව රඳවා තැබීමයි.
7. එලන් පොම්පියෝ (Ellen Pompeo) සුභසාධන මධ්‍යස්ථානය
ජනප්‍රිය ඇමරිකානු නිළික වන එලන් පොම්පියෝ තමන් සත්ව සුබ සාධනය වෙනුවෙන් අවංකවම පෙනී සිටින කෙනෙකු බව යළි යළිත් ඔප්පු කරමින් පවතිනවා. මෑතකදී පැවති රූපවාහිනී වැඩසටහනක් සමග එක්වූ එලන්, තමන් සතුව බල්ලන් හතර දෙනෙක්, කුකුළන් හතර දෙනෙක් සහ මාළුවෙක් සුරතලුන් වශයෙන් ජීවිත දානය ලැබ සිටින බව ප්රකාශ කළා. සත්ව ඝාතනයට දැඩි ලෙස විරෝධය දක්වන එලන් පොම්පියෝ පවසා සිටින්නේ සත්ව සුබසාධනය වෙනුවෙන් මිනිස් ප්රජාව මීට වඩා කැපවිය යුතු බවයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply