ඝාතනයක් කියන්නෙ ඔබට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් ද..? කෙනෙක්ව මරන්න හිත වෙනස් කරගන්නවා කියන්නෙ වැඩිහිටියෝ වුණු ඔබට මට පවා බොහෝම අමාරු වැඩක්. ඒ තරමට අමානුෂික වෙන්නෙ කොහොමද අපි..? ඒත් අපි මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ ළමා ඝාතකයන් ගැන. ඒ කිවුවෙ ළමයි මරපු අය ගැන නෙමෙයි. මිනී මරපු ළමයි ගැන. මේ ලිපිය කියෙවුවම ඔබට හිතේවි සමහර ළමයි හිතන තරම් අහිංසක නැහැ කියලා. ඉතින් අපි අවධානය යොමු කරමු මේ ළමා ඝාතක ලැයිස්තුව දිහාවට.
1. ජොන් වෙනබල්ස් සහ රොබර්ට් තොම්සන්

Source – telegraph.co.uk
මේ එංගලන්තෙ පොඩ්ඩො දෙන්නෙක්. දෙන්නටම වයස අවුරුදු 10යි. දෙන්නගෙ වයස මෙහෙම වුණාට දෙන්නා දරුණු මිනීමැරුමක් කරනවා 1993 අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 12 වැනිදා. අවුරුදු දෙකක් වයස ජේම්ස් බල්ජර් කියන ළදරුවෙක් පැහැර ගන්න මේ දෙන්නා දරුණු විදිහට ඔහුට වද දීලා, යකඩ තහඩුවකිනුත් හොඳටම පහර දීලා ඝාතනය කරලා ඔහුව දුම්රිය මාර්ගයකට අත ඇරලා යනවා. මේ දෙන්නා මේ වරදට සිරගත වෙනවා. ඒ වගේම අවුරුදු 18ක් වෙද්දි මේ දෙන්නව නිදහස් කරන්න බලධාරීන් පියවර ගන්නේ ඔවුන්ට අලුත් ජීවිතයක් ලබාදෙමින්. අදත් ඔවුන් ජීවත් වන බව කියන්නේ වෙනස් නම් වලින්. දෙදෙනා අතර කිසිදු සම්බන්ධයක් පවත්වන්නත් මේ දෙදෙනාට නීතියෙන් තහනම් කොන්දේසි පැණවිලයි තියෙන්නේ.
2. එරික් ස්මිත්

Source – listwikis.com
1993 අවුරුද්ද ළමා ඝාතකයන්ගෙ අවුරුද්දක් ද කොහෙද..? ඇමරිකාවේ නිවුයෝක් වල ජීවත් වුණු එරික්, ගිම්හාන කඳවුරකට යමින් සිටි වයස අවුරුදු 4 ක් වූ ඩෙරික් රොබීව අසල තිබ්බ වනයකට අරගෙන ගිහිල්ලා ඔහුගේ ගෙල සිර කර, හිසට ගලකින් පහර දීලා ඔහුව ඝාතනය කරනවා. මේ අතරෙදී ඔහු දණ්ඩක් භාවිත කරමින් ඩෙරික්ට අස්වාභාවික ලිංගික බලහත්කාරකමක් කල බවට පවා කරුණු පසුව සොයාගැනුණා. පාසලේදී වැඩිමල් ළමුන්ගේ අඩන්තේට්ටමට තමන් නිරතුරුව ලක්වන බැවින් ඒ කෝපය පිට කරගන්නට කුඩා රොබීව මරා දැමූ බවටයි මේ මිනීමැරුමට හේතුව හැටියට එරික් ස්මිත් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ අපරාධය වෙනුවෙන් අවුරුදු 9ක සිර දඬුවමක් විඳින්නට එරික්ට සිදුවුණා
3. ලයනල් ටේට්

Source – insideedition.com
පළමු මිනීමැරුම කරද්දී අවුරුදු දොළහක් වෙච්ච ලයනල් ටේට් ඇමරිකානුවෙක්. ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවුණු ලාබාලතම ඇමරිකානු පුද්ගලයා වෙන්නෙත් ලයනල් ටේට්. ලයනල් ගෙ අම්ම ඇය විසින් බලාගත්තු අවුරුදු හයක දැරියක් (ටිෆනි ඉයුනික්) සමග ලයනල්ව තියන්නෙ ඝාතනයක් සිද්ධ වෙයි කියල හීනෙකින්වත් හිතන්නැතුව වෙන්නැති. ඒත් මිනිත්තු හතලිස් පහකට පමණ පස්සේ අම්මා වෙතට එන ලයනල් කියන්නේ ටිෆනි හුස්ම නොගන්නා බවයි. ඇත්තටම ඒකට හේතුව වුණේ රෙස්ලිං ක්‍රීඩාව අනුගමනය කරමින් ඇයට පහර දී මේසයක් මතට ඇයව දමා ගැසීමට ලයනල් කටයුතු කිරීමයි. ටිෆනිගේ හිස් කබලට සහ අක්මාවට සිදුවූ තුවාල නිසා ඇය මරණයට පත් වනවා. මේ සිදුවීමට ලයනල්ව සිරගත කරනු ලැබුවා. ඒ වගේම ඔහු එයින් පාඩමක් ඉගෙන ගෙන තිබ්බේ නැහැ. තවත් අපරාධ ගණනාවකට ඔහු දැනුත් වසර දහයක සිර දඬුවමක් විඳිමින් ඉන්නවා.
4. ජෙසී පොමිරෝයි

Source – wikipedia.org
මේක ටිකක් පරණ සිදුවීමක්. හරියටම කිවුවොත් 1871අවුරුද්දෙදී. ඇමරිකාවේ මැසචුසෙට්ස් වල ජීවත් වුණු එකොළොස් හැවිරිදි ජේම්ස් පොමිරෝයි බාල පිරිමි ළමුන් කැලයට රැගෙන ගොස් ඔවුන්ට පහර දීම, ශරීරය කැපීම වැනි හිංසා කිරීම් නිසා අත්අඩංගුවට පත් වුණා. එයින් පසු ඔහුව පුනරුත්ථාපන පාසලකට යොමු කෙරුණා. ඔහුට වයස අවුරුදු දහ හතරක් වෙද්දී ඔහුව නැවතත් ඔහුගේ බොස්ටන් වල ජීවත් වන මව සමග ජීවත් වීමට යවනු ලැබුවා. එහිදී ඔහු නිසි ලෙස පුනරුත්ථාපනය වී නැති බව පසක් කරමින් දස හැවිරිදි දැරියක් වූ කේටි කරන් ඔහු අතින් ඝාතනයට ලක් වෙනවා. ඒ 1874 වසරේදීයි. එයට ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වුණා.
5. ඇලිස්සා බුස්ටමන්ටේ

Source – news-leader.com
ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ජීවත් වූ ඇලිස්සා දැන් වයස අවුරුදු 24ක තරුණියක්. 2009 අවුරුද්දෙදී ඇයට අවුරුදු 15 ක්ව සිටියදී ඇය අසල්වැසි නව හැවිරිදි දැරියක් වන එලිසබෙත් ඕල්ටන්ව කැලේකට අරගෙන ගිහිල්ලා, අමානුෂික ලෙස ඝාතනය කරලා, ඇයගේ මිනිය එහිම වලදමනවා. මේ මිනීවල ඇය විසින් කපා තිබෙන්නේ මිනීමැරුම සිදුකරන්නටත් පෙර කියලා පසුව පරීක්ෂණ වලින් හෙළි වෙනවා. ඇලිස්සා විසින් මේ මිනීමැරුම සිදුකරන්නේ හුදෙක්ම මිනිසෙක් මැරෙන ආකාරය ගැන ඇයට තිබූ කුතුහලය සංසිඳුවාගැනීම පිණිස බවයි ඇය පසුව සඳහන් කරන්නේ. ඇය විෂාදය වැනි රෝගවලින් පෙලෙන බවත් මේ සිදුවීමට පෙර ඇය කිහිපවතාවක්ම සිය දිවි නසාගැනීමට ද තැත් කර ඇති බවත් කියවෙනවා. අවසානයේදී ඇලිස්සාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරෙනවා.
6. ජෝශුවා පිලිප්ස්

Source – youtube.com
1998 අවුරුද්දෙදී ඇමරිකාවේ ෆ්ලොරිඩාහිදී තමන්ගෙ අතේ තිබ්බ බේස් බෝල් පිත්තෙන් පහරදීලා අවුරුදු අටක මැඩී ක්ලිෆ්ටන් දැරියව ඝාතනය කොට වරදකරු වන ජෝශුවාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා. ජෝශුවා මේ අපරාධය කරන්නෙ ඔහුගෙ වයස අවුරුදු 14ක් ව තියෙද්දියි. ජෝශුවා දුන්න කට උත්තරේ තියෙන විදිහට නම් මැඩී නොනවත්වා ඇඬුව හන්දයි ජෝශුවා මැඩීට පිත්තෙන් ගහලා මරලා තියෙන්නේ. ජෝශුවා විසින් ඔහුගේ නිවසේම මැඩීගෙ මිනිය හංගලා තියෙද්දි පසුව සොයා ගැනෙනවා. මේ මිනීමැරුම් සිද්ධිය ඒ කාලයේ ඇමරිකානු මාධ්‍ය වල දැඩි උණුසුමක් මවන්නටත් සමත් වුණ සිද්ධියක්.
7. ක්‍රේග් ප්‍රයිස්

Source – wpri.com
ඇමරිකානු ඉතිහාසයේ ලාබාලතම දාම මිනීමරුවා (Serial Killer) හැටියටයි ක්‍රේග්ව හැඳින්වුනේ. 1989 අවුරුද්දෙදි අවුරුදු පහළොවක් වුණ මේ කොල්ලා ඝාතන 4කට වරදකරු වුණා. ක්‍රේග් අතින් මුලින්ම ඝාතනයට ලක් වන්නේ ඔහුගේ අසල්වැසි කාන්තාවක් වන රෙබෙකා ස්පෙන්සර් නම් තැනැත්තියක්. ඒ මිනීමැරුම සිදුකරන විට ක්‍රේග් ගේ වයස අවුරුදු 13ක්. ඊට වසර 2කට පස්සේ 39 හැවිරිදි ජෝන් හීටන් සහ වයස අවුරුදු 10ක් සහ 8ක් වන ඇගේ දියණියන් දෙදෙනාවත් මොහු අතින් අමානුෂික විදිහට ඝාතනයට ලක් වෙනවා. පොලීසිය ඔහු අත්අඩංගුවට ගන්න ආවම ඔහුගේ ළඟ ලේ තැවරුණු ආයුධ තිබී හමුවනවා. මේ අපරාධ සඳහා සිරගත කරනු ලබන ක්‍රේග් ප්‍රයිස්, සිරගතව සිටියදී සිදු කරන ලද වෙනත් අපරාධත් හේතුවෙන් වසර විසි ගණනක අමතර සිර දඬුවමක්ද විඳිමිනුයි පසුවන්නේ.
Cover Image Source – thedailybeast.com
Leave a Reply