ලෝකයේ ධනවත්ම පුද්ගලයන් සහ එයාලගෙ වත්කම් ගැන අපිට නිතර නිතර අහන්න ලැබෙනවා. ඒත් ලෝකයේ රාජකීය පරම්පරාවලට නෑකම් කියන කුමාරිකාවන් සතු ධනය ගැන නම් අහන්න නොලැබෙන තරම්. ඔයාල දන්නවද ධනවත්ම කුමාරිකාවන් අතර වයස අවුරුදු 7ක් තරම් ළාබාල කුමාරිකාවකුත් ඉන්න බව? ඔව්! ඉන්නවා. ඉතින් ඇයත් ඇතුළුව ලෝකයේ ධනවත්ම කුමාරිකාවන් ගැන කතා කරන්නයි lifie අපි සූදානම් වෙන්නේ.
07. සොෆියා කුමරිය
ලෝකයේ ධනවත්ම කුමාරිකාවන් අතර 7 වන ස්ථානය හිමිකර ගන්නේ සොෆියා කුමරිය. ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 10ක් කියල තමයි සදහන් වෙන්නේ. ඇය ස්විඩනයේ රාජකීය පවුලේ කාල් පිලිප් කුමරුගේ බිරිඳ. 1984 දෙසැම්බර් 6 වනදා තමයි ඇය ස්විඩනයේ උපත ලබන්නේ. ඇය නිරූපිකාවක් සහ රියැලිටි තරුවක්. මේ නිසාම කාල් පිලිප් කුමරා විවාහ කරගන්නට පෙර සිටම ඇය ස්වීඩනයේ ප්‍රසිද්ධියට පත්ව සිටියා. සොෆියා කුමරිය දරුවන් දෙදෙනෙකුගේ මවක්.
06. ඈන් කුමරිය
ඈන් කුමරිය කියන්නේ එංගලන්තයේ මහ රැජිනගේ එකම දියණිය. ඇය සිහසුනට පත්වන ලැයිස්තුවේ 12 වැනි ස්ථානයේ තමයි ඉන්නේ. ඇය එංගලන්තයේ ඔලම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ එකම රාජකීය කුමාරිය ලෙස ඉතිහාසගත වෙනවා. ඈන් 1976 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තරඟ කළේ අශ්වාරෝහක ක්‍රීඩිකාවක් විදිහට.
ඇය සතු ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 30 ක්. ඈන් උපදින්නේ ඇගේ මවගේ සීයා වන හයවන ජෝර්ජ් රජුගේ පාලන සමයේදී. ඒ 1950 අගෝස්තු 15 වන දින.
05. කැරොලයින් හැනෝවර් කුමරිය
මොනාකෝවේ කැරොලයින්, හැනෝවර් කුමරිය, මොනාකෝ හි කැරොලයින් කුමරිය ලෙසද හැඳුන්වනවා. ඇය ග්‍රේස් කෙලී සහ රේනියර් කුමරුගේ වැඩිමහල් දුව. කැරොලයින් පැරිසියේ සෝබෝන් හි දර්ශනය හැදෑරූ උගත් කාන්තාවක්. ඇය තුන් වතාවක් විවාහ වී තියෙනවා. ඇගේ වර්තමාන සැමියා හැනොවර් හි අර්නස්ට් ඔගස්ට් කුමරු.
ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 100 ක් වෙනවා. ඇය උපදින්නේ 1957 ජනවාරි මස 23 වන දා.
04. ස්ටෙෆනි මාරි එලිසබෙත් කුමරිය
මොනාකෝවේ ස්ටෙෆනි කුමරිය, ග්‍රේස් කෙලී සහ රේනියර් කුමරුගේ බාලම දරුවා. ඇය සතු ශුද්ධ වටිනාකම: ඩොලර් මිලියන 100ක්. ඇය ලෝකයේ (80 දශකයේ) නිරූපිකාවක් සහ ගායිකාවක් ලෙස ඉතා ප්‍රසිද්ධියට පත්වුනා. 1965 පෙබරවාරි 01 තමයි ඇය උපත ලැබුවේ. මේ වන විට මේ ධනවත් කුමරිය ගායිකාවක්, පිහිනුම් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ විලාසිතා නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා.
ඇය ගායිතාවක් කියල කව්වනේ. ඉතින් ඇයගේ පළමුවන ගීතය වන 1986 පෙබරවාරියේදී නිකුත් කළ “Ouragan” ගීතය සහ එහි ඉංග්‍රීසි පිටපත “Irresistible” යන දෙකම ලෝකයේ ඉතා ජනප්‍රිය වුනා. පිටපත් මිලියන 2 කට වඩා අලෙවි වූ බවත් සදහන් වෙනවා ඒ වගේම ඇයගේ “ෆ්ලෑෂ්” ගීතය, මෙන්ම එහි ඉංග්‍රීසි අනුවාදය වන “One Love to Give” ද යුරෝපය පුරා ජනප්‍රිය වුනා. මේ නිසා ඇය ගායිකාවක් විදියට වඩාත් ප්‍රසිද්ධයි වගේම ලෝකයේ 4 වන ධනවත් කුමාරිකාව විදියටත් ප්‍රසිද්ධයි.
03. චාලීන් කුමරිය (Charlene Wittstock)
ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 150ක්. ඇය මොනාකෝ හි සාමාන්‍ය පවුලක ඉපදුනු අයෙක්. ඇය ඉපදුනේ 1978 ජනවාරිය 25 දා.
ඇය සාමාන්‍ය පවුලක හැදී වැඩුණු අයෙක්. ඒ වගේම හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩිකාවක්. ඇය පිහිනුම් ක්‍රීඩිකාවක් වීම නිසා තමයි රාජකීය පවුලට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.
ඇයට සැමියා වන ඇල්බට් කුමරු හමුවන්නේ මොනාකෝ හි පවත්වපු ජාත්‍යන්තර පිහිනුම් තරඟයකදී. ඇයව දැන අදුරගත් ඔවුන් විවාහ වුනේ 2011 වසරේදී. මේ විවාහය නිසා තමයි ඇය රාජකීය කුමාරියක් විදියට පත්වන්නේ.
02. ජසීන් (Gesine) කුමරිය
ජසීන් කියන්නේ ඉතාලියේ ළමා නිවාසයක හැදී වැඩුණු දරුවෙක්. ඇය සහ ඇයගේ සොහොයුරා වන ජොනතන් ඩෝරියා පැම්ෆිල්ජ් ව ඉතාලි කුමරියක් වන ඔරියෙටා ඩෝරියා පැම්ෆිල්ජ්-ලැන්ඩි සහ නාවික නිලධාරියෙකු වූ ඇගේ සැමියා වන ෆ්‍රෑන්ක් පොග්සන් විසින් තමයි හදාවඩා ගන්නේ. මේ අනුව තමයි ඔවුන් රාජකීය පවුලට සම්බන්ධ වෙන්නේ.
ඇය සතු ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1.05ක්. ඇයගේ මව මැරුණ පසු ඔවුන්ට ජෙනෝවා හි ඉදිකර තිබූ දැවැන්ත මාලිගාවක් සහ විශිෂ්ටතම කලා එකතුවක් ද හිමි වුනා.
01. චාලට් කුමරිය
ලෝකයේ ධනවත්ම කුමරියට වයස අවුරුදු 7යි. හිතා ගන්නවත් බෑ නේද? ඒ වගේම ඇය සම්බන්ධයෙන් අනික් පුදුම කාරණය තමයි ඇය සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 4.2 ක් වීම.
චාලට් කුමරිය අපි කවුරුත් දන්න එංගලන්තයේ විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන්ගේ දියණියයි. ඇය මුලින්ම මිනිසුන්ට පෙන්වපු වෙලාවේ ඇය ඔතා තිබූ GH Hurt & Sons සළුව රට පුරා කතා බහට ලක්වී තිබුනා. ඇය නිසා මෙවැනිම සලු විශාල ප්‍රමාණයක් එංගලන්තයේ වහාම විකිණී අවසන් වුන බව සදහන් වෙනවා. ඇය උපදින්නේ 2015 මැයි මස 15 වනදා. අපි දන්නවා 2022 සැප්තැම්බර් 8 වන දා චාලට්ගේ මී ආච්චි II වන එලිසබෙත් රැජිණ මිය ගියා කියලා. ඒ නිසා මේ වනවිට ඇයගේ සීයා III වන චාල්ස් විදියට රජකමට පත්වුනා. මේ කාරණය නිසා ඇයට “වේල්ස් කුමරිය චාලට්” යන නව පදවියත් ලබාදුන්නා.
මුලින්ම සඳහන් කරපු ආකාරයටම මාධ්‍ය විසින් ඇය විවිධ භාණ්ඩ විකිණීමට සන්නාමයක් ලෙසත් යොදා ගන්නවා. ඇය භාවිතා කරන සෙල්ලම් බඩු, අඳින පලඳින ඇඳුම් ආදිය මාධ්‍ය විසින් උලුප්පා පෙන්වීම නිසා ඇගේ නම සහිත එවැනිම ඇය භාවිත කරන ආකරයේ ඇඳුම්, බඩු භාන්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරිමටත් විවිධ සමාගම් පියවර ගත්තා. ඒවා බ්‍රිතාන්‍යයේ උනු කැවුම් වගේ විකිනෙනවා. ඒ නිසාම සමාගම් වල ආදායමින් කොටසක් ඇයටත් ලැබෙනවා. මේ නිසා මේ පුංචි කුමරිය එංගන්තයේ ඉන්න වටිනාම වගේම ජනප්‍රිය පුද්ගලයන්ගෙන් කෙනෙකු බවට දැනටමත් පත්ව තිබෙනවා.
Leave a Reply