ආදරේ කරද්දි කොල්ලගේ පැත්තෙන් එන ප්‍රශ්න 7ක්

Boys Faults When They Are In a Love Affair

ආදරේ කියන්නේ තනියෙන් කරන වැඩක් නෙමෙයිනේ. ඒකට දෙන්නෙක් සම්බන්ධමයි. තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ එක් අයෙක්ට විතරක් සම්බන්ධතාවයක් ඉදිරියට පවත්වා ගෙන යන්න බෑ නොවැ. ඉතින් අද අපි මේ ඔබට කියන්න යන්නේ අෆෙයා එකක් ඉස්සරහට පවත්වාගෙන යද්දී කොල්ලගේ පැත්තෙන් එන්න පුලුවන් ප්‍රශ්න ගැටලු මොනවද කියලයි.

 

1. හැමවෙලේම යාළුවෝ එක්ක

Source – theglobeandmail.com

හැමවෙලේම යාළුවෝ එක්ක නට නටා ඉන්නවා කියලා පොඩි කාලේ අම්මත් කොල්ලන්ට බනිනවා. ඊට පස්සෙ සම්බන්ධයක් පටන් ගත්තම ගෑණු ළමයත් බනිනවා හැමවෙලේම යාළුවෝ එක්කමයි කියලා. ඕක දිගටම එහෙම උනොත් නම් පොඩි ප්‍රශ්නයක් වෙනවා පුතී. මේ කියන්නේ යාළුවෝ අත අරින්න කියලා නෙමෙයි. ගෑණු ළමයගේ හිත හැදෙන්න, කෝල් කරපු ගමන් “යාළුවෝ එක්ක ඉන්නේ” කියන්නැතුව ගෑණු ළමයා ගැනත් අවධානයක් දක්වන්න කියලයි.

 

2. බීමට එහා ගියපු බේබදු කම

Source – flickr.com

බොන්න හොඳ නෑ කියල නෙමෙයි මේ කියන්නේ. මද පමණට පානය කරන්න කියලයි. හැමවෙලේම අසීමාන්තික ලෙස මත්පැන් පානය කරන එක ඔබේ ශරීර සෞඛ්‍යයට හොඳ නෑ විතරක් නෙමෙයි ඔබේ මානසික සෞඛ්‍යයටත් හොඳ නැති වෙනවා. ඉතින් ප්‍රශ්න එන එක පුදුමයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මොන කෙල්ලද කැමති තමන්ගේ කොල්ලා බේබද්දෙක් කියලා කියන්න. ඔන්න ඔතනදී සම්බන්ධතාවයට මරු පහරක් වදිනවා. ඒ හන්දා ගාණට ගන්න.

 

3. පෞරාණික සම්බන්ධතා

Source – getyourexbackpermanently.com

කොල්ලට තිබ්බ පෞරාණික සම්බන්ධතා ගැන ගෑණු ළමයි බොහෝ වෙලාවට අවධානය යොමු කරනවා. ඒ කෙල්ල ගැන කොල්ල වචනයක් හරි කිවුවොත් ඉතින් පෙම්වතිය දත කට මැදන් ඉන්නේ හොඳවයින් දෙකක් කියලා බනින්නයි. ඒ සම්බන්ධතාවය සමහරවිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ තරම් ඈත අතීතයේ තිබ්බ එකක් වෙන්න පුලුවන්. ඒ්ත් බනිද්දී ඒක ගෑණු ළමයට ප්‍රශ්නයක් වෙන්නෙම නෑ. ඒ හන්දා ඔබ පරණ සම්බන්ධතා ගැන හිතනවා කියලා පෙන්නන්නවත් එපා.

 

4. සැකය

Source – rebrn.com

කොල්ලො ඉතින් ගොඩක් වෙලාවට සැක කරන අය නෙමෙයි. ඒත් ඉවක් වැටුණොත් සැක නොකර ඉන්නෙත් නෑ. හැබැයි මේ සැකය එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි. සැකය ඕවර් යනවනම් ඒක කොහෙත්ම හොඳ නෑ. විශේෂයෙන්ම කොල්ලො උනත් ගෑණු ළමයගේ අතීතය ඕනවට වඩා හාර හාර අවුස්සන්න යන එකෙන් සම්බන්ධතාවයට හොඳකට වඩා වෙන්නෙ නරකක්.

 

5. අරමුණු + ලස්

Source – videoblocks.com

කොල්ලෝ බොහොමයක් වෙලාවට කැමති නිදහසේ ඉන්න. වගකීම් වලින් මිදිලා ඔහේ ඉන්නන් වාලේ ඉන්න. ඒකට කෙල්ලෝ ගොඩක් දුරට කැමති නෑ. තමන් නිකන් ගෙදරට වෙලා හිටියත් තමන්ගේ පෙම්වතාට අනාගතය ගැන අරමුණු ටොන් එකක් විතර තියෙන්න ඕන කියලයි කෙල්ලෝ හිතන්නේ. අරක කරන්න මේක කරන්න කියලා ගෑණු ළමයි පෙම්වතුන්ට යෝජනා කරන්නෙ අන්න ඒ නිසයි. තමන්ට නැතත් තමන්ගෙ කොල්ලට ජොබ් වේකන්සි තියෙද කියලා කෙල්ලො බලන්නෙ අන්න ඒ හින්දයි. ඉතින් කොල්ලට ඒව ගැන අරමුණක් , උවමනාවක් නෑ කියලා තේරුණාම ඔන්න එතන ප්‍රශ්නයක්.

 

6. ඩබල් ගේම්

Source – huffingtonpost.com

ඔරිජිනල් පෙම්වතිය ඉඳිද්දී හොරාට තව සම්බන්ධතාවයක් තියන් ඉන්නවනම් ඒක ලොකු ප්‍රශ්නයක්. කොල්ලගේ පැත්තෙන් එන්න පුලුවන් තව ලොකු අවුලක් තමයි ඒ. මේ දේට යොමුවෙන්න හේතු භූත වුණු කරුණු සමහරවිට කොල්ලට තියෙන්න පුලුවන්. ඒත් ගෑණු ළමයින්ට ඒව අදාළ නෑ. ඒක හන්දා මේ වගේ සම්බන්ධතා ඔබේ සම්බන්ධතාවය බිඳෙන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙන්න පුලුවන්.

 

7. බදාගෙන වැඩ

Source – rd.com

“ඉස්කෝලෙන් එළියට ඇවිල්ලත් තාම ඉස්කෝලෙ බදාගෙන වැඩ, ඔෆිස් එක බදාගෙනම ඉන්න, ඕකුන්වම බදාගෙන ඉන්න, ඔය සෙල්ලම බදාගෙනම ඉන්න” මේ විදිහට කොල්ලොන්ට බනිනවා ඔබට ඇහිලා තියෙනවද..? මේකට හේතුව තමයි කොල්ලොන්ට මොකක් හරි දේකට හිත යෙදෙවුවම ඒකෙන් ඒ හිත ආපහු ගන්න ටිකක් අමාරු වීම. හැබැයි ඒක ඉතින් සම්බන්ධතාවයකදී හරියන්නෙ නෑ. හැමදේම ගාණට කලානම් හරි. එහෙමනම් ප්‍රශ්න නෑ.

ඔය වගේ ප්‍රශ්න ගොඩක් දුරට එන්නේ කොල්ලගෙ පැත්තෙන්. කෙල්ලගෙ පැත්තෙන් මේ ප්‍රශ්න නොඑනවම කියන්නත් බෑ ඉතින්. කොල්ලොන්ගේ පැත්තෙන් එන තව ප්‍රශ්න මතක් වෙනවනම් පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – huffingtonpost.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *