පළවෙනි පාර සෙක්ස් කරන්න කලින් කියවලා ඉන්න ඕන ටිප්ස් කීපයක්!

දැන් මේ ආටිකල් එක කියවන අය ගත්තහම, එතන ඉන්න පුලුවන් මීට කලින් සෙක්ස් කරලා තියෙන අය සහ මීට කලින් සෙක්ස් කරලා නැති අය. හැබැයි අපි මේ කතා කරන්නේ ස්වයං වින්දනමය අත්දැකීම් ගැන නෙවෙයි. කෙලින්ම තවත් මනුෂ්‍යයෙක් එක්ක ජීවිතේ එක පාරක් හරි සෙක්ස් කරලා තියෙන අය සහ නැති අය ගැන. මේ කතා කරන්නේ ලිංගික සංසර්ගය ගැන. ඉතින් ඔය මේ ආටිකල් එක ගොඩක්ම වැදගත් වෙන්නේ, මෙච්චර කාලෙකට කාත් එක්කවත් සෙක්ස් කරලා නැති, ජීවිතේ පළවෙනි වතාවට සෙක්ස් කරන්න යන අයට තමයි. හැබැයි ඒ විතරක් නෙවෙයි, මීට කලින් සෙක්ස් කරලා තියෙන අයටත් මේ ටිප්ස් වැදගත්. ඇයි? කවදාහරි දවසක ඔය සෙක්ස් කරලා පළපුරුදු කම් තියෙන කෙනෙක්ට වුණත් සමහරවිට ජීවිතේට සෙක්ස් නොකරපු කෙනෙක් එක්ක සෙක්ස් කරන්න සිද්ධ වෙන්න පුලුවනිනේ. ආන්න එතකොට, මේ කියන කාරණා තමනුත් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.

 

ඇත්තටම පළවෙනි වතාවට සෙක්ස් කරනවා කියලා අපි කියන්නේ කසාද බැඳලා හනිමූන් ගිහින් සෙක්ස් කිරීම විතරක් නෙවෙයි. එහෙම කාරණයකදීත් හනිමූන් යන්න බඩු පැක් කරගන්නේ කොහොමද කියලා අපි කලින් කියලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට සෙක්ස් කරනවා කියන එක විවාහ වෙලා වගේම, විවාහ නොවීත් සිද්ධ වෙන්න පුලුවන්. ඒ කොහොම වුණත්, ඕනම කෙනෙක් පළවෙනි වතාවට සෙක්ස් කරනවා නම්, මෙන්න මේ හොට් ටිප්ස් දැනගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්!

 

1. කතාබහ, විශ්වාසය, කැමැත්ත

මේක මුලින්ම කියන්න ඕන වැදගත් කාරණාව. අපි මෙතනදී කියන්නේ කොහේ හරි ගිහිල්ලා ඕරල් සෙක්ස් කරන එක හරි, ෆෝර්ප්ලේ කරන එක හරි නෙවෙයි. මෙතන අපි කතා කරන්නේ ලිංගික සංසර්ගය ගැන. ඒක සෘජු යෝනි සංසර්ගය වෙන්නත් පුලුවන්, සමහර වෙලාවට පළවෙනි ගුද සංසර්ගය වෙන්නත් පුලුවන්. හැබැයි විශේෂයෙන්ම මේ පළවෙනි යෝනි සංසර්ගීය අත්දැකීම නම්, එතනදී අපිට කාලාන්තරයක් තිස්සේ ඔළුවට කාවැදිලා තියෙන සංස්කෘතික කාරණා එහෙමත් බලපානවා. ඒ නිසාම කෙනෙක්ට ඒක බිග් ඩීල් එකක් වෙන්න පුලුවන්. ඒ ගැන අපි අන්තිමට කතා කරනවා.

 

කොහොම නමුත්, දෙන්නත් එක්ක පළවෙනි වතාවට සෙක්ස් කරන්න කලින්, දෙන්නම ඒ ගැන හොඳට කතාබහ කරලා ඉන්න ඕන. මූලිකවම, තමන් මේ දේට සූදානම්ද කියන එක ගැන හොඳ අදහසක් දෙන්නටම තියෙන්න ඕන. ඒ වගේම, දෙයියන්ගෙ නාමෙට බොරු විවාහ පොරොන්දු, බොරු ආදර පොරොන්දු එහෙම දීලා සෙක්ස් කරන්න යන්න එපා. ඒක කැතයි. අනික් කෙනාගේ හැඟීම් වලටත් ඒක හානියක්. අන්න ඒ නිසා, දෙන්නත් එක්ක ඒ විශ්වාසය හරියට තියාගන්න ඕන.

 

ඒ වගේම, දෙන්නම සෙක්ස් කරන්න ආස කොහොමද, කරන්න ආස දේවල් මොනවද, කොහොමද දෙන්නටම දැනෙන්නේ වගේ දේවලුත් මෙතනදී කතාබහ කරලා තියෙන එක වටිනවා.

 

2. උපත් පාලනය සහ ආරක්ෂාව

ඊළඟට හිතන්න ඕන උපත් පාලනය ගැන. විවාහ වුණු හෝ නොවුණු, ඒත් දරුවන් හදන්නට බලාපොරොත්තු වෙන දෙන්නෙක් නම් ඒ ගැන වදවෙන්න ඕන නෑ. හැබැයි එහෙම නෙවෙයි නම්, සීරියස් පිට උපත් පාලනය ගැන තීරණය කරන්න ඕන. මෙතනදී ජනප්‍රියම සහ පහසුම ක්‍රමය වෙන්නේ කොන්ඩෝම තමයි. හැබැයි උපත් පාලන ක්‍රම එතනින් එහාට තවත් ඒවා තියෙනවා. පොස්ටිනෝ වගේ හදිසි අවස්ථාවකදී ගන්න තියෙන උපත් පාලන ගිලින පෙති යොදාගන්න එකත් ජනප්‍රියයි තමයි. හැබැයි අපි නම් කියන්නේ, ඒවා දිගින් දිගටම භාවිතය ඒ තරම් යෝග්‍ය නැහැ කියලා. ඊට වඩා ගැටළු අඩු උපත් පාලන ක්‍රම තව තියෙනවා.

 

ඒ වගේම, ලිංගික ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. විශේෂයෙන්ම තමන් මුල් වතාවට සෙක්ස් කරන්නේ විශ්වාසවන්ත සහකරුවෙක් එක්ක නෙවෙයි නම්, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ලෙඩ රෝග ගැනත් යම් බයක් තියෙනවා නම්, හොඳම දේ තමයි කොන්ඩම් භාවිතා කරන එක. ඒක ආරක්ෂාවට වගේම උපත් පාලනයටත් හොඳයි.

 

3. රිදෙයිද අයියේ?

පළවෙනි වතාවට සෙක්ස් කරන ගොඩක් දෙනෙක් බය වෙන දෙයක් තමයි රිදෙයිද කියන එක. ඇත්තටම කන්‍යාපටලය හැමෝටම නැතිවෙන්න පුලුවන්. තිබුණත් ඒකෙන් රිදීමක් එන එක එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න, පළවෙනි වතාවට යෝනි සංසර්ගයකට ගියහම රිදෙන්නේ කන්‍යා පටලය කැඩෙන හින්දම නෙවෙයි. යෝනියේ මාංශපේෂි ලිංගයක් පිළිගන්න හැඩගැහිලා නැති නිසාත් යම් වේදනාවක් ඇති වෙන්න පුලුවන්. හැබැයි හොඳ පැත්ත වෙන්නේ, මේ හැම කාරණාවම විසඳාගන්න පුලුවන් ඒවා වීම තමයි. ඒ ගැන අපි ඊළඟට කියනවා!

 

4. ලුබ්‍රිකන්ට්

පළවෙනි වතාවට නෙවෙයි, නැවත නැවත ගුද සංසර්ගයේ යෙදෙනකොට වුණත් අනිවාර්යයෙන්ම ලිහිසිකාරක, එහෙම නැතිනම් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න ඕනනේ. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හිතන්නේ, යෝනිය ස්වභාවිකවම ලිහිසිකරණය වෙන විදියට නිර්මාණය වෙලා තියෙන නිසා, යෝනි සංසර්ගයට ලුබ්‍රිකන්ට් ඕන නෑ කියලා තමයි. හැබැයි අඩු ගාණෙ පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවන් වලදී හරි යෝනි සංසර්ගයටත් ලුබ්‍රිකන්ට් අවශ්‍යයි. ඒකෙන් පළවෙනි වතාවේදී රිදෙන්න පුලුවන් ඉඩ සෑහෙන්න අඩු කරනවා. එතනදී ලෝබ නැතුව ලුබ්‍රිකන්ට් පාව්ිච්චි කරන්න, යෝනියේ වගේම තමන්ගේ ලිංගේන්ද්‍රියේත් ලුබ්‍රිකන්ට් ආලේප කරන්න කියලා තමයි අපි කියන්නේ. බැරි වෙලාවත් පළවෙනි වතාවට ලිංගේන්ද්‍රිය නැතුව ඇඟිලි හරි සෙක්ස් ටෝයි එකක් හරි පාවිච්චි කරනවා නම්, ඒත් එම කතන්දරේම තමයි අදාළ වෙන්නේ!

 

5. ෆෝර්ප්ලේ!

සෙක්ස් කරන එක හරියට වින්දනය කරන්න නම්, වළං කඩේට පැන්න ගොනා වගේ සෙක්ස් කරන මනුස්සයන්ට හරියට සෙක්ස් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න වෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් ලිංගිකව හොඳින් උත්තේජනය වෙලා නැතිනම්, යෝනි සංසර්ගය යම් තරමකට අපහසු දෙයක් වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා, ෆෝර්ප්ලේ වලට සෑහෙන්න වෙලාවක් ගන්න. පියවරෙන් පියවරට සංසර්ගයට යන්න. පළවෙනි වතාවට සෙක්ස් කරනකොට ලොකුම සීන් එක සංසර්ගය වුණත්, ඇත්තටම සෙක්ස් කිරීමේදී සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි කියන එකත් අවබෝධ කරගන්න ඕන. විශේෂයෙන්ම කාන්තාවට පළවෙනි ලිංගික අත්දැකීම වින්දනීය එකක් වෙන්න වගේම, හොඳ සුරතාන්තයක් ලබාගන්නත්, වෙලාව අරගෙන ෆෝර්ප්ලේ කරන එක වැදගත්. එතනදී සිපවැළඳ ගැනීම්, දිවෙන්, තොල් වලින්, මුඛයෙන් කරන උත්තේජනය කිරීම්, පිරිමැදීම් වල ඉඳලා, නිර්මාණශීලීව කරන්න පුලුවන් දේවල් දක්වා යන්න පුලුවන්.

 

6. ෆිල්ම් රඟපාන්න එපා

දැන් ගොඩක් දෙනෙක් ලිංගික අධ්‍යාපනයට අත්පොත් තියලා තියෙන්නේ, එහෙම නැතිනම් අඩු ගාණේ මොනවා හරි දෙයක් සෙක්ස් ගැන ඉගෙන ගෙන තියෙන්නේ බ්ලූ ෆ්ල්ම්ස් බලලා වෙන්න පුලුවනිනේ. ඒකට කමක් නෑ. හැබැයි පළවෙනි ලිංගික අත්දැකීම ලබන්න ගිහින් ඒ ෆිල්ම්ස් එතන ඇක්ට් කරන්න නම් යන්න එපා. විශේෂයෙන්ම පළවෙනි සංසර්ගයට ගැලපෙන ඉරියව් නැතිනම් පොසිෂන් මොනවද කියන එක ගැනත් කලින් හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අවශ්‍ය නම් කාන්තාවට පුලුවන් උඩට එන්න. කව් ගර්ල් පොසිෂන් එකට. ඒකෙන් එයාට ඕන විදියට සංසර්ගයේ පීඩනය පාලනය කරගන්න පුලුවන්. එතකොට පිරිමියාට හොඳ පාලනයක් සහ ඉවසීමක් තියෙනවා නම්, මිෂනරි හරි ඩොගී හරි පොසිෂන් එකකින් වැඩේ කරගෙන යන්නත් පුලුවන්. ඒ ඇරෙන්න ඔය ෆිල්ම්ස් වල එහෙම දැකලා තියෙන සංකීර්ණ ක්‍රම සහ විධි පළවෙනි අත්දැකීමට ගාවගන්න යන්න එපා.

 

7. ස්ලෝ ඇන්ඩ් කාම්

දැන් කොහොම හරි යෝනි සංසර්ගය හරි ගුද සංසර්ගය හරි සිද්ධ කරන අවස්ථාවට එනවනේ. එතනදී පළවෙනිම කොන්දේසිය තමයි බොහොම හෙමින්, ඉවසිල්ලෙන්, නිස්කලංකව වැඩේ පටන් ගන්න එක. එහෙම නැතුව ඇදලා ගත්තා, දමලා ඇන්නා ටයිප් එකේ මිනිස්සුන්ට නම් සංසර්ගය වින්දනීය විදියට කරගන්න බැරි වෙයි. දැන් අපි උඩිනුත් කිව්වනේ යෝනිය, ගුදය සහ අදාළ අනෙකුත් ලිංගික අවයව හොඳින් ලිහිසිකරණය වෙලා තිබීම වැදගත් කියලා. හොඳම දේ තමයි, ලිංගික අවයවය යෝනියට ඇතුළු කරන්න කලින්, හොඳ උත්තේජනයක් යෝනියට ලබාදීලා යෝනිය සංසර්ගය සඳහා සූදානම් කරන එක. මේක ට්‍රේනින් එකක් වගේ තමයි. මුලින් යෝනිය තමන්ගේ මුඛයෙන් සහ දිවෙන් හොඳින් උත්තේජනය කරන්න පුලුවන්. ඊට පස්සේ ලිහිසිකාරක තවරලා තමන්ගේ ඇඟිල්ලෙන් යෝනිය පිට සහ ඇතුළු වෙන ආසන්නය හොඳින් වෙලාව අරගෙන උත්තේජනය කරන්න පුලුවන්. අන්න ඊට පස්සේ තමයි ටිකෙන් ටික ලිංගේන්ද්‍රිය ඇතුළු කිරීම කරන්න යෝග්‍ය වෙන්නේ. ඒකත් බොහොම ඉවසිල්ලෙන්, ප්‍රවේසමෙන්, හදිසි නොවී තමයි කරන්න ඕන. ටිකෙන් ටික ලිංගේන්ද්‍රිය යෝනියේ ඇතුළට පිටට ගැනීමෙන්, යෝනියේ මාංශපේෂි සංසර්ගයට ක්‍රමවත්ව සූදානම් කරන්න පුලුවන්.

 

8. බිග් ඩීල්?

අන්තිමට කතා කරන්න ඕන ඒ වගේම වැදගත්ම කාරණාවකුත් වෙන්නේ මේක. අපි මුලින්ම කිව්වනේ මේ කතා කරන්නේ දෙන්නත් එක්ක කොහේ හරි ගිහින් තුරුල් වෙලා කිස් කර කර ඉන්නවා හරි, ඕරල් සෙක්ස් කරනවා හරි වගෙ දෙයක් ගැන නෙවෙයි. කෙලින්ම ලිංගික සංසර්ගය ගැන මේ කියන්නේ. එතකොට, සමහරුන්ට ඒක ඉතාම ලොකු දෙයක්, විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට. කොහොමත් තමන් ජීවිතේ පළවෙනි වතාවට සෙක්ස් කරන එක කාන්තා පාර්ශවයට විතරක් නෙවෙයි, පුරුෂ පාර්ශවයට වුණත් අමතක නොවෙන වින්දනීය අත්දැකීමක් වෙන්න ඕන. ඒ අතරේ සමහර වෙලාවට, විශේෂයෙන්ම ගැහැණු දරුවට ඕක සෑහෙන්න බිග් ඩීල් එකක් වෙන්න පුලුවන්. ඒක බිග් ඩීල් එකක් වීම නිසාම එයා ඉමෝෂනල් වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ, අපි මුලින්ම කියපු දේවල් කතාබහ කරලා තිබුණත්, එතනදී එයා හැඟීම්බර වෙන්න පුලුවන්. ආන්න ඒක නිසා, අපි දැනගන්න ඕන එතනදී ඒ හැඟීම් වලට ගරු කරන්න සහ ආදරයෙන් සලකන්න. කොටින්ම කියනවා නම්, පළවෙනි සෙක්ස් කිරීම විතරක් නෙවෙයි, මොන සෙක්ස් කිරීම වුණත් ආදරයෙන් කරන්න බැරි නම්, තමන් එක්ක සෙක්ස් කරන, සෙක්ස් කරපු මනුස්සයාට ආදරයෙන් සලකන්න බැරි නම් ඒකේ ඇති වැඩකුත් නෑ. ආන්න ඒක අමතක කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *