අවුරුදු දෙකත් පහත් අතරෙ පොඩි දරුවෝ දෙමවුපියෝ කරන කියන දේවල්වලින් තමයි බොහෝමයක් සමාජය ගැන ඉගෙනගන්නෙ. ඒ වගේම සමාජයට ප්‍රතිචාර දක්වන විදිය ගැන ඉගෙන ගන්නෙත් ඒ අයගෙන්. අන්න ඒ නිසාම තමයි අපි මේ කතාව කියන්නෙ. දරුවට ආදරේ වුනාට, හොඳම මොන්ටිසෝරියට දැම්මට, ගුණදායකම කෑම කැවුවට, ලෙඩ වුනාම ස්පෙෂලිස්ට්ලා ගාවට ගෙනිච්චට විතරක් දරුවෙක් හදන වැඩේ ගොඩ යන්නෙ නෑ. දරුවාගේ හැදියාව සහ හැසිරීම සුබවාදී විදියට වර්ධනය වෙන්නත් දෙමවුපියන්ගෙන් විශාල බලපෑමක් සිදුවෙනවා සහ එසේ සිදුවිය යුතුයි.
1. කුණුහරුප

Image Source – brightviewhealth.com
වාහනේක යද්දි එකෙක් සිග්නල් නොදා හැරෙවුවොත්, ෆෝන් කනේ ගහගෙන ඉබි ගමනින් ගියොත් කේන්ති යනව තමයි. හැබැයි වාහනේ ඇතුළෙ තමුන්ගෙ වුනත් අනුන්ගෙ වුනත් දරුවෙක් ඉන්නවනං ඒ කේන්තියට කියවෙන්න එන හුට්ටප්පර වචන ගිලගන්න එක වඩා යෝග්‍යයි. මොකද දරුවො හැමදාම කියවෙන වචනවලට වඩා අමුතු වචනවලට වැඩි අවධානයක් දෙනවා වගේම, අපි එක සැරයක් හෝ කියන්න එපා කියන වචන පසු ප්‍රයෝජනයට හොඳින් හිතේ තියාගන්නවා. ඉතිං මොන්ටිසෝරිවලදි, මහපාරෙදි වගේ රෙදි ගැලවෙන ස්ථානවලදි ඔවුන් මුවින් ඒවා ප්‍රතිරාව වෙන්න පුළුවන්. ඒ වෙලාවට නොදරුවොන්ගෙ කටට ගහන්න කලින් තමුන් ඒවා නොකියා ඉන්න පුරුදු වෙන්න.
2. හෑන්ඩ් සයින්ස්

Image Source – giphy.com
වචන වලින්ම නැතත් හෑන්ඩ් සයින්ස්වලිනුත් සැළකිය යුතු කුණුහරුප ප්‍රමාණයක් කියවෙනවනෙ. එවුව කේන්තියටත් වඩා විහිළුවට පාවිච්චි කරන දේවල්. ඉතිං ඔය විහිළු තහළු ඇස් රතු වෙන මට්ටමට එන්නෙ මොන්ටිසෝරියෙදි අනිත් ළමයි අත් උස්සද්දි ළමයා ටීචර්ට මිඩ්ල් ෆින්ගර් එක දුන්නට පස්සෙ තමයි. ඊටපස්සෙ නිවාඩු දාගෙන ගිහින් ඒ දුක්ගැනවිලි අහන්න ඕන. ඒ මදිවට අපේ දරුවගෙන් අනිත් දරුවොත් මිඩ්ල් ෆින්ගර් එක දෙන්න ඉගෙනගත්තට පස්සෙ ස්ලිප්නොට් ලගෙ රොක් කොන්සර්ට් එකකට ගියා වගේ තියෙයි මොන්ටිසෝරිය.
3. බිරින්දෑ සහ සැමියාගේ හැසිරීම

Image Source – couplestherapyinc.com
අම්මයි තාත්තයි කියන්නෙ අම්මල තාත්තලට වඩා අඹුසැමියෝ නිසා ඒ අය අතරෙ නෝක්කාඩු අඬදබර තියෙන එක සාමාන්‍යයි. වැඩිහිටියෝ නිසා ඒ අය එවුව ඉක්මනින් සමථයකට පත් කරගන්න ඕන වගේම ඒවා දරුවොන්ගෙන් මගහරින්න ඕන. ලෝකෙට රඟපාගෙන ආදරෙන් නොහිටියත් තමුන්ගෙ දරුවා ඉස්සරහා ඒ දේ කරන්න. දරුවා ඉදිරිපිට අම්මයි තාත්තයි ගහමරාගන්න එක හෝ බැනගන්න එක කිසිම මොහොතක සිද්ධ වෙන්න දෙන්නෙපා. එක්කෙනෙක් රණ්ඩු වෙනවානම්, යටත් වීමක් කියලා නොහිතාම දරුවා ඉන්න තැනකදි ඒ රණ්ඩුව මගහැරලා යන්න. කිසිසේත්ම දරුවාට විරසකයක් පෙනෙන්න දෙන්න එපා.
4. ලේසි වැඩ

Image Source – interpersonal.stackexchange.com
දරුවා ඉදිරියේ ක්‍රමවත්ව වැඩ කරන්න. දරුවා ඉස්සරහ ලේසියට වැඩ කරන්නෙපා. තමුන්ගෙ අම්මා තාත්තට ඉනෙන් ලාවට නැවිලා වැඳලා යන තාත්තගෙ දරුවා ඒ තාත්තට වඳින්නෙත් ඒ විදියට තමයි. තමුන් සපත්තු දෙක නියාමාකර විදියට නොගලවා කකුලෙන්ම පන්නනවානම් දරුවගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙපා. තමුන් ෂර්ට් එක ගලවලා කුණු බාල්දිය තියෙන පැත්තට විසික් කරලා බාත්රූම් එකට දුවනවානම් දරුවාගේ ඇඳුම් මග හැලිලා තියෙද්දි බනින්නෙපා. රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර කියන මහත්තුරුන්ගෙ තියෙනව කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙකුගෙ දෙබසක් තියෙන සින්දුවක්. මේ කියන දේත් නොතේරෙනවානම් ඒ සින්දුවෙ කකුළු පැටවු ගැන කොටස අහලා බලන්න.
5. මිතුරු කතාබහ

Image Source – amazon.com
දරුවොන්ට කලින් ඉඳන්නෙ යාලුවො හම්බෙන්නෙ. කාලයක් තිස්සෙ යාලුවො එක්ක කතා කරන විදියක් තියෙනව. එවුව ඉතිං වෙනස් වෙන්නෙ නෑ. ඔයා කාලද ඉන්නෙ? කීයටද එන්නෙ? කියල යාලුවොන්ගෙන් අහන්නෙ නෑ. තෝ කාලනං දැන්ම වරෙන් කියලනෙ කියන්නෙ. හැබැයි පුතෝ දරුවත් මොන්ටිසෝරි ඇරිලා එන ගමන් තෝ හෙට එනවද? කියල මොන්ටිසෝරියෙ යාලුවගෙන් ඇහුවම ඇස් උඩ ඉන්දගන්න කලින් මේ දේවල් ගැන හිතන්න.
6. බලන ෆිල්ම්

Image Source – vecteezy.com
දරුවො ඉන්න තැන ෆිල්ම් බලනකොට දෙමවුපියො විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න ඕන. ගොඩක් දෙමවුපියෝ මේක ගැන හිතන්නෙ ෆිල්ම් එකක සෙක්ෂුවල් කන්ටෙන්ට් තිබ්බොත් විතරයි. ඒත් ලේ පෙරාගෙන, මිනී මරාගෙන, දඩයම් කරගෙන, මත්පැන් බීගෙන, දුම් බීගෙන ඉන්න චිත්‍රපට දර්ශන දරුවා ඉදිරියේ නොබලන්න තරයේ සිතට ගත යුතුමයි. නැත්තං ප්‍රශ්න පොරවෙන් කපන්න වෙන ගස් තරමට අනාගත ප්‍රශ්න වෙන්න පුළුවන්.
7. නිරුවත් වීම

Image Source – sheknows.com
මේක නං ගොඩක් සිද්ධ වෙන්නෙ දිගු කාලයක් තනිව ඉඳලා දරුවෙක් හදපු දෙමවුපියන්ටයි. කාලයක් තිස්සෙ අඹුසැමියො විදියට තනියම ගෙදරක ඉද්දි දෙදෙනාට දෙදෙනාගෙ නිරුවත මහා මැජික් එකක් නොවෙනවා වගේම, නාන කාමරයට ගොඩ වෙද්දි වගේම ඇඳුම් මාරු කරන අවස්ථාවලත් දෙදෙනාම තුවා දවටා නොගෙන නිරුවතින්ම නිදහසේ ඇඳුම් ඇඳගන්නවා. හැබැයි ඔය පුරුද්දට දරුවෙක් හැදුවට පස්සෙත් ඔය විදියට හැසිරෙන්න නම් බැහැ. දරුවා කුඩා කාලයෙදිත් ඔය දේ ප්‍රශ්නයක් නොවුනත් දරුවට මාස 10 පනිද්දි දරුවා ඔය ගැන සැළකිලිමත් වෙනවා. ඉතිං අඩුම තරමෙ දරුවා ලැබුණු මොහොතේ ඉඳන්වත් නිරුවත් නොවෙන්න ප්‍රැක්ටිස් කළොත් දරුවට තේරෙන වයස වෙද්දි සිද්ධ වෙන අත්වැරදි නවත්තගන්න පුළුවන්.
Cover Image Source – gachd.org/ dissolve.com
Leave a Reply