ග්‍රැමෆෝන් යුගයේ අපේ සීයලා ආච්චිලා අර ලොකු තැටිය හරියට ග්‍රැමෆෝන් යන්ත්‍රයට ස්ථාන ගත කරලා ලොකු වෙහෙසක් අරගෙන සංගීතයට සවන් දුන්නා. ටිකෙන් ටික තාක්ෂණය දියුණු වෙලා ඇවිත් අද වන විට අන්තර්ජාලයේ සැරිසරලා ඕනම සින්දුවක් හොයාගෙන එසැනින් අහන්න පුලුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන නොමිලයේ ගීත අහන්න හොඳම වෙබ් සයිට් කිහිපයක් ගැන.
1. Jamendo.com

Source – jamendo.com
ජමෙන්ඩෝ වෙබ් අඩවිය බොහෝ විට ඉලක්ක කරගන්නේ නව පරපුරේ ගායකයන්ගේ ගීතයි. ඒ වගේම පොප් ගීත, ජනප්‍රියම ගීත, ක්ලැසිකල් වර්ගයට අයත් ගීත වලට අදාළව වෙන වෙනම ඔන්ලයින් රේඩියෝ නාලිකා ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ගීත වලට පෙම් බඳින්නන්ගේ සමාජ වලට එකතු වන්නටත් ඔබට මේ වෙබ් අඩවිය මගින් අවස්ථාව ලබා දෙනවා.
2. Gaana.com

Source – gaana.com
ඉන්දියානු වෙබ් අඩවියක් වුණත් මෙහි ඉංග්‍රීසි ගීතත් නොමිලේ ඇසීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගායක ගායිකාවන් ගැන කල සඟරාමය වැඩසටහන්, සංගීතමය වැඩසටහන් වැනි සංගීත ලෝකයට සම්බන්ධ විවිධ නිර්මාණ වලින් මේ වෙබ් අඩවිය සමන්විතයි. හින්දි ගීත අසන්නම් ඔබට කියාපු තැන මෙතැනයි.
3. Hungama.com

Source – hungama.com
Hungama කිවුවම ගාල්ලෙ හුංගම මතක් වුණාද? ඒ විදිහට පෙනුනට මේ ඉන්දියානු සංගීතමය වෙබ් අඩවියේ නම කියැවෙන්නේ ‘හංගාමා’ කියලයි. විවිධ නිර්ණායක ඔස්සේ සැකසුණු ටොප් චාර්ට්ස් බොහොමයකින් සමන්විත නිසා ගීත තෝරාගැනීම ගොඩක් පහසුයි මේ වෙබ් අඩවියේ. මේකෙ වෙබ්සයිට් එකට වඩා ජනප්‍රිය ගූගල් ඇප් එක තමයි.
4. Saavn.com

Source – saavn.com
මේකත් ඉන්දියානු වෙබ් අඩවියක්. හින්දි පමණක් නොවෙයි දෙමළ, මලයාලම්, තෙලිඟු සංගීත රසයන්ට ඔබ ආසයිනම් මේ වෙබ් අඩවිය තමයි ඒකට සුදුසුම තැන වෙන්නේ. ඒ ඒ භාෂාවේ ගීත අතරින් ජනප්‍රියම ගීත, Ratings වැඩිම ගීත ආදී ලෙස ගීත වර්ගීකරණ රාශියක් යටතේ ඔබට ගීත තෝරාගන්න අවස්ථාව මේ හරහා ලබා දීල තියෙනවා.
5. Soundcloud.com

Source – soundcloud.com
සවුන්ඩ් ක්ලවුඩ් කියන්නේ ඔන්ලයින් රේඩියෝ වෙබ් අඩවියක්. නමුත් බොහෝ කලාකරුවන් ඔවුන්ගේ ගීත ඩවුන්ලෝඩ් කරන්න සවුන්ඩ් ක්ලවුඩ් හරහා අවස්ථාව ළඟා කර දී තිබෙනවා. නමුත් මතක තබාගත යුතු කාරණයක් තමයි බොහෝ ගීත ගායකයන් තමන්ගේ ගීත නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකියාව මෙහිදී සපයලානම් නැහැ.
6. Musixhub.com

Source – musixhub.com
අලුත් සහ පැරණි බටහිර ගීත ඇල්බම් වීඩියෝ මගින් අසන්න, නරඹන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි මියුසික්ස් හබ් කියන්නේ. විවිධ කැටගරි වලට වෙන්කරන ලද විශාල ගීත එකතුවක් මේ අඩවියෙන් ඔබට රස විඳින්න අවස්ථාව සැලසෙනවා.
7. Accuradio.com

Source – accuradio.com
Accuradio කියන්නෙත් තවත් සෑහෙන ලොකු මියුසික් කලෙක්ෂන් එකක් තියන වෙබ් අඩවියක්. මේකෙ විවිධ සංගීත කැටගරි වලට විතරක් නෙමෙයි, එක එක දශකයන් වලට අයත් සින්දුත් වෙනමම වර්ගීකරණය කරල තියනවා. ඒ නිසා පැරණි වගේම අළුත් සංගීතය අහන්න කැමති අයටත් ඉතාම ලේසියෙන් තෝරාගැනීමක් කරන්න හැකියාව ලැබෙනවා.
8. අනංමනං.lk

Source – ananmanan.lk
කාලයක් තිස්සේ ලංකාවේ මියුසික් සම්බන්ධ වෙබ් සයිට් එකක් නිසා සිංදු අහන අය වගේම නිර්මාණකරුවොත් අනංමනං එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. පැරණි ගීත වගේම නව පරපුරේ ගීතත් හැම එකක්ම වගේ තියෙන නිසා අනංමනං ගැන විශ්වාසය වැඩි වෙනවා. ananmanan.lk සංගීත ලෝලී ඔබට වගේම, නිර්මාණකරුවන්ට අත දෙන තෝතැන්නක්.
Cover Image Source – wikimedia.com / gettyimages.com
Leave a Reply