දැන් ඔය වෙළඳ ප්‍රචාරණය තියෙන්නේ. ඒ කියන්නේ අපි ටීවී එකේ දකින, පත්තර වල දකින, ඉන්ටර්නෙට් එකේ දකින, රේඩියෝ එකේ අහන ඇඩ්, අපි කඩේකට ගියහම ප්‍රොමෝෂන් කියලා ගන්න තියෙන එක එක දේවල් ඇතුළු අපිව මොනවා හරි බඩුවක් හරි සේවාවක් හරි ගන්න පොළඹවන හැම මගුලක්ම වගේ වෙළඳ ප්‍රචාරණය තමයි. හැබැයි ඔය වෙළඳ ප්‍රචාරණය කියන එක සමස්තයක් විදියට ගත්තහම නරක නැහැ. දැන් අපිට ටීවී එකක් ගන්න ඕන වුනහම, අපි ඇඩ්ස් බලලා අපිට හොඳම ටීවී එක මොකද්ද කියලා තෝරගෙන ගිහිල්ලා ගන්නෙ නැද්ද? එතකොට ඇඩ් එකකින් මොනවා හරි බඩුවක් ගැන දැනගෙන ගිහින් අරගෙන නැද්ද? අන්න ඒ නිසා අපි වෙළඳ ප්‍රචාරණය නරකයි කියන්නේ නෑ. හැබැයි ඔය වෙළඳ ප්‍රචාරණය නිසාම අපි අනවශ්‍ය විදියට අහුවෙන තැනුන් තියෙනවා. ආන්න එතනදී වෙළඳ ප්‍රචාරණය නරක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම අපි අහුවෙන්නේ මොන වගේ තැන්වලදීද කියලා දැනගෙන හිටියම කිසිම ගැටළුවක් නෑ. රැවුලත් බේරගෙන කැඳ ටිකත් බොන්න පුළුවන් ආන්න එතකොට. ඉතින් එහෙම ඇඩ්වර්ටයිසින් කාරයන්ගෙන් කණෙනුත් රිංගලා, ඇඩ්වර්ටයිසින් වලින් තමන්ට ඕන දේවල් ටික ගන්න ඩයල් එකක් වෙන්න පුළුවන්, මෙන්න මේ අපිව අහු කරගන්න වෙළඳ ප්‍රචාරණ උපක්‍රම අඳුනගත්තොත්. ආන්න ඒකට තමයි මේ ආටිකල් එක තියෙන්නේ!
1. හැමදාම නෑ, හැමතැනම නෑ!
මෙන්න මේක බොහොම ජනප්‍රිය උපක්‍රමයක්. පිටකොටුවේ තට්ටුවේ තියාගෙන රෙදි විකුණන අයියලාගේ ඉඳන්, ඔන්ලයින් ස්පෙෂල් ඩිස්කවුන්ට් දෙන්න කතාකරන කොම්පැණි දක්වා මේ ක්‍රමේ අනුගමනය කරනවා. ක්‍රමේ තමයි අදාළ භාණ්ඩය හෝ සේවාව ඉවර වෙන්න ලඟයි කියලා පෙන්නන එක. දැන් නිකම්ම ඩිස්කවුන්ට් එකකට දෙයක් දෙනවට වඩා, ඩිස්කවුන්ට් එක තව පැය හතරයි වලංගු වෙන්නේ කියලා දෙනකොට වැඩි දෙනෙක් ගන්න පෙළඹෙනවා. ඔය ඩේලි ඩීල් සයිට් වලත් ඩීල් එක සීමිත කාලයක් තියෙන්නේ කියලා පෙන්නන්නේ ඔය ලොජික් එක උඩ තමයි. හැබැයි ඉතින් ඒ දවස් දෙකෙන් ඉවර වෙනවා කියන ඩීල් එක තව දවස් තුනකට පස්සේ ඔන්න ආයෙමත් දවස් දෙකයි, තොග ඉවර වෙන්න ලඟයි කියලා පෙන්නනවා!
2. මේකෙන් අච්චරක් විකිණිලා තියෙනවා!
දැන් කාලේ ඔය පොත් පත් එහෙම විකුණන කොට ප්‍රකාශකයෝ කරන වැඩක් තමයි පොතෙන් මෙච්චර පිටපත් ප්‍රමාණයක් විකුණුනා, පොතේ දහවෙනි මුද්‍රණයත් ඉවරයි වගේ වචන දාන එක. ඔතන තියෙන්නෙත් පොඩි මයින්ඩ් ට්‍රික් එකක්. අපි පිටපත් දහදාහක් විකිනුණු පොතක් කිව්වහම හිතනවා අනිවා පොත හොඳ ඇති කියලා. එහෙම හිතලා දහදාස් එක් වෙනි කොපිය ඔන්න දුවලා ගිහිල්ලා ගන්නවා. ඇත්තටම හොඳ පොතක් නම් සිටි සිටි ගාලා විකිණෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර ප්‍රකාශකයෝ අච්චර විකිණුනා, මෙච්චර විකිණුනා කියලා බොරු ගණන් දාන එක. හැබැයි පොත් විතරක් නෙවෙයි, ඔය ටීවී වල ස්ටාර් ප්‍රෝග්‍රෑම් වලට ලක්ෂයක් ආවා, දෙකක් ආවා කියලා දාන්නේ. අන්න ඒවත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔය කියපු තියරියටම තමයි!
3. ඇණ වෙන ඇඩ්වර්ටයිසින්
මේකත් ජනප්‍රිය ඇඩ්වර්ටයිසින් ක්‍රමයක්. ඒ තමයි අපිට ඇණේ වෙලා ඇඩ් එක කොහොමහරි පෙන්නගන්න එක. ඔය පත්තරයක් ගත්තහම ඒක අස්සෙන් බිමට වැටෙන ලීෆ්ලට් වුනත් එහෙමයි. අපි ඉතින් කොයි තරම් වාතේ වුණත් ලීෆ්ලට් එක ඇහිඳලා අරගෙන කියවලා බලනවා. එතකොට ඔය මොකක් හරි සයිට් එකකට ගියහම පොප්-අප් වෙන ඇඩ්ස්, වීඩියෝ එකක් බලන්න යූටියුබ් එකට ගියහම වීඩියෝ එක මැද්දෙන් මතුවෙන ඇඩ්ස් එහෙම වුනත් අයිති වෙන්නේ ඔය ගණයට තමයි. හැබැයි ඉතින් මේක හදපු උන්ගේ අම්මට මුත්තට බැණ බැණ ඇඩ් එක ක්ලෝස් කළත්, ඇඩ් එක අපේ මතකයේ රැඳෙනවා.
4. මේක ඔයා ගන්නම ඕන දෙයක්!
සමහර බඩු භාණ්ඩ තියෙනවා, අපි ඇත්තටම දන්නෙ නෑ අපිට ඒවා ඕනද කියලා. ඒත් අපි ගන්නවා. සමහර කෑම බීම තියෙනවා, ඇත්තටම ඒ වලින් අපේ ඇඟට කිසිම ගුණයකුත් නෑ. අපිට කිසිම සහනයක් හෝ ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලබාදෙන්නෙත් නෑ. කොටින්ම කිවුවොත් ඒවා සල්ලි දීලා අරගෙන කන්නෙ බොන්නේ නැතුව හිටියා කියලා කිසිම අවුලකුත් නෑ. ඒත් අපි ඒවා ගන්නවා, කනවා, බොනවා. ඇයි? වෙළඳ ප්‍රචාරණය ඔස්සේ අපේ මනසට කාවද්දලා තියෙනවා අපේ ජීවිතේට ඒවා ඕන කියලා. ඔන්න ඕක බොහොම පරිස්සම් වෙන්න ඕන පොයින්ට් එකක්. මොකද ඔහොම අපේ ජීවිතේට ඕන කියන හැඟීම කාවද්දලා අපිට විකුණන සමහර දේවල් අපේ ජීවිතේට අහිතකර වෙන්නත් පුළුවන් නිසා!
5. ගන්නමයි නේද හිතෙන්නේ?
ඔය සුපර් මාකට් කියන්නේ ඇත්තටම අපිට ඉතාම විශාල පහසුවක් ගෙන දෙන තැන් නෙවෙයිද? ඇයි, ගෙදරට ඕන කරන හැම දෙයක්ම වගේ එකම වහලක් යටින් ගන්න පුළුවන් විදියට තමයි සුපිරි වෙළඳසැල් හදලා තියෙන්නේ. ඒකෙන් පොඩි කඩ වලට බඩේ පාර වදිනවද නැද්ද වගේ කාරණා ඇත්තටම වෙනම කතාකරන්න ඕන දේවල්. කොහොම හරි, ඔය සුපර් මාකට් එකකට ගොඩවදින කෙනෙක් සාමාන්‍යයෙන් පාරිභෝගික මීටර් ඩයල් එකක් නෙවෙයි නම් නවතින්නේ ඕන බඩුයි, එපා බඩුයි ඔක්කොම අරගෙන. මොකද, සුපර් මාකට් එකක බඩු අහුරලා තියෙන්නේම මිනිස්සුන්ට ගන්න ආස හිතෙන්න. කොහොමත් ලොකු ට්‍රොලියකුත් තල්ලු කරගෙන රාක්ක වල තියෙන බඩු ගන්න එක ආතල් එකක්. ඉස්සර අම්මලා තාත්තලා එක්ක පොත් ලිපිද්‍රව්‍ය තියෙන කඩේකට ගියහම පෑන්, පැන්සල්, මක්ක වගේ ඕන එපා හැම එකම ගන්න හිතෙනවා වගේ ආතල් එකක් තමයි මේකත්. ඕකෙන් බේරෙන්න ලේසිම ක්‍රමේ තමයි ගෙදරට ඕන බඩු ලිස්ට් එක කලින්ම හදාගෙන සුපර් මාකට් ගිහින්, හිත පාලනේ කරගෙන බඩු ගන්න එක.
6. මේ අපේ මනුස්සකමයි!
දැන් කාලේ ගොඩක් ඇඩ්ස් දකින්න පුළුවන් අපේ මනුස්සකමට, කරුණාවන්ත කමට එහෙම කතා කරන. මේවායින් වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් අම්මට තාත්තට සලකන ගුණය ගැන කඳුළු හැලෙන විදියේ කතාවක් පෙන්නන ඇඩ් එකකින් නොකියා කියනවා, අම්මව තාත්තව බලන්න යනකොට අහවල් ජාතියෙන් එකක් තමයි තෑග්ගක් විදියට අරගෙන යන්න ඕන කියලා. ඇත්තටම මෙහෙම ඇඩ්ස් වල අවුලක් නෑ අපි නම් කියන්නේ. හැබැයි එකම දේ තමයි, එහෙම අම්මගේ තාත්තගේ වටිනාකම පෙන්නලා දෙන කඳුළු වැටෙන විදියේ ඇඩ් එක බලලා හෙටම අම්මා තාත්තා බලන්න යන්න ඕන කියන පණිවිඩේ ගන්න. හැබැයි ඇඩ් එකෙන් කියන එක අරගෙන යන්න කලින්, අම්මට තාත්තට ඇත්තටම අරගෙන යන්න හොඳ මොනවද, එයාලට අරගෙන ගිහින් වැඩක් තියෙන්නේ මොනවද කියන එක පොඩ්ඩක් ඇඩ් එක පැත්තකින් තියලා කල්පනා කරලා බලන්න. එච්චරයි.
7. මේක ගත්තොත් අරක නොමිලේ!
ඇත්තටම අපි හැමෝටම ඔය නොමිලේ බඩු ගන්න උණ තියෙනවා. ආයෙ නිකං දෙනවනං දෙමළ පත්තරේ වුනත් ඕකේ. අන්න ඒ නිසාම තමයි සමහර බඩු විකුණන කොම්පැණි වලින් ඔය මේකෙන් එකක් ගත්තොත් අරකෙනුත් එකක් නොමිලේ වගේ උපක්‍රම යොදන්නේ. මේක අවුලක් නෑ. හැබැයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ මේකයි. අර නොමිලේ දෙන එකට පෙරේත කමේ අපි සල්ලි දීලා ගන්න ඕන නුවුමනා දේකුත් ගන්න පෙළඹෙන එක. එක්කෝ අර නොමිලේ දෙන එක ඇත්තටම අපිට වුවමනා නෑ, නොමිලේ එකත් එක්ක දෙන සල්ලි දීලා මිලදී ගන්න වෙන එකට වඩා අඩු මිලට ඒ ජාතියේම එව්වත් තියෙනවා. හැබැයි නොමිලේ දෙන එක නිසා අපි මේක ගන්නවා! ආන්න ඒ නිසා මෙහෙම අවස්ථාවක කල්පනා කරන්න ඕන පොඩි දෙයයි. නොමිලේ දෙන එක අපිට ඕනද? නොමිලේ එකත් එක්ක විකුණන එක අපිට ඕනද? ඒ දෙකෙන් එකක් හරි දෙකම හරි ඕන නම්, ඒ ගාණට වඩා අඩුවට ගන්න පුළුවන් ඒ විදියේ ඒවා තව මාකට් එකේ තියෙනවද? මේක ගත්තොත් ඒක නොමිලේ දෙන දෙකේ කොලිටිය ෂුවර්ද? ආන්න ඒ ප්‍රශ්න ගැන හිතුවොත්, අපිට හොඳ කරුණු පදනම් වුණු තීරණයක් ගන්න පුළුවන් මොකද්ද ගන්නේ කියලා!
අන්තිමටත් අපි ආයෙත් කියනවා. මේ කියන්නේ වෙළඳ ප්‍රචාරණය නරකයි කියලා නෙවෙයි. හැබැයි හොඳ මීටරේකින් ඉන්න කස්ටෙක් වෙන්න කියලයි. ආන්න එතකොට වෙළඳ ප්‍රචාරණයත් අපේ වාසියට හරවගෙන, අපිට ඇත්තටම ඕන දේවල් විතරක් ගන්න පුළුවන්!
Leave a Reply