සාමාන්‍ය මනුස්සයෙක් සිරගත වෙනවට වඩා තරමක් ප්‍රසිද්ධ මිනිස්සු හිරගත වුණොත් ඒක ගොඩාක් ආන්දෝලනාත්මක වෙනවා. අද අපි සිරගත වුණ බොලිවුඩ් තරු හත් දෙනෙක් ගැන කතා කරමු…
1. සල්මන් ඛාන්
බොලිවුඩ් වල විතරක් නෙමෙයි, මුළු ලෝකෙම මේ නම නොදන්න කෙනෙක් නැතුවත් ඇති. අතිශය ජනප්‍රිය ධාරාවේ සිනමාපට ගොඩක රංගනයෙන් දායක වුණ සල්මන් ඛාන් කියන්නේ බොලිවුඩයේ පුවත් මවන චරිතයක්. වරක් පදික වේදිකාවක නිදාගෙන සිටි යාචකයෙක් වාහනයෙන් යට කරගෙන යාම නිසා මොහු සිරගත වුණා. ඊට පෙර ඔහු ඉන්දියාවේ දුර්ලභ කළු ගෝනෙකුට වෙඩි තැබීම නිසාත් සිරගත වුණා…
2. සන්ජේ දත්
මොහු සිරගත වුණ හේතුවනම් නොදන්න කෙනෙක් නැති තරම්. සන්ජේ දත් මවගේ ආභාවයෙන් පසුව සිටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක්. 1993 අවුරුද්දේ මුම්බායි හි සිදූ වූ ත්‍රස්ත ප්‍රහාරයකට සම්බන්ධ වී නීතියෙන් වරදකරු වීම නිසායි සන්ජේ සිරගත වෙන්නේ. ඒ නිසාම බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් හා ඔහු අතර තිබුණු ප්‍රේම සම්බන්ධයත් එතැනින් නතර වෙනවා. කොහොමහරි මොහු ඉන්පසුව නිදහස් වුනා. 2019 අවුරුද්දේ තිරගත වූ කලන්ක් චිත්‍රපටයෙන් සන්ජේ හා මධුරි ඩික්සිත් නැවත වරක් එකට දැකගැනීමට අපට වරම් හිමිවුණා…
3. සයිෆ් අලි ඛාන්
වත්මන් ජනප්‍රිය නිළියක් වන කරීනා කපූර්ගේ සැමියාද වන සයිෆ්, බොලිවුඩයේ තවත් එක් ජනප්‍රිය නළුවෙක්. සල්මාන් ඛාන් සමග ‘හම් සාත් සාත් හේ’ චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර මුවෙක් දඩයම් කිරීම නිසාත් සායිෆ් ඒ කාලයේ ආන්දෝලනාත්මක කතා මවන්නෙක් බවට පත්වුණා.
මොහුට සිරගත වෙන්න සිදු වුණේ ආපන ශාලාවක සිටි පුද්ගලයෙකුට පහරදීම හා අඩත්තේට්ටම් කිරීමේ වරදටයි.
4. ආක්ෂේ කුමාර්
වර්තමානයේ ආදායම් අතින් බොලිවුඩයේ ඉහළින්ම ඉන්න නළුවා වන මොහුටත් වරක් සිරගත වෙන්න සිදුවෙනවා. තරමක් අමුතු විදියේ චෝදනාවක් නිසා තමයි ආක්ෂේට එම දඬුවම ලැබෙන්නෙ. ඒ ප්‍රසිද්ධ මාධ්‍යයක විලාසිතා උළෙලක් අතරතුරදී තම බිරිද ලවා කලිසමේ ෂිපර් එක ප්‍රසිද්ධියේ ගැලවීම නිසායි…
5. ආදිත්‍ය පංචෝලි
මොහුත් කාලෙන් කාලෙට බොලිවුඩයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නෙක් වුණා. 90 දශකයේ මොහු අඩ නිරුවතින් සිටි ඡායාරූපයක් ප්‍රසිද්ධ වීමත් එක්ක බොලිවුඩයේ දැඩි කතාබහකට ලක්වුණා. 2015 වසරේදී සමාජ ශාලාවක තමන් ඉල්ලූ සිංදුව වාදනය නොකිරීම නිසා කෝපයට පත්ව ගැටුමක් ඇති කරගන්නා ආදිත්‍ය පංචෝලි පසුව පොලිස් අත්අඩංගුවට පත් වුණා…
6. ෂයිනි අහූජා
ෂයිනි අහූජාව නම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති. නැත්නම් මතක නැතුවත් ඇති. ‘ගැන්ස්ටර්’, ‘වෝ ලම්හේ’ වගේ චිත්‍රපට බලපු කෙනෙක්ටනම් ෂයිනි අහූජාව මතක ඇති. මුල්ම චිත්‍රපටයෙන්ම සම්මානනීය වෙන්න මොහු සමත් වුණා. නමුත් 2009 වසරේදී තමන්ගේ මෙහෙකාරියව ලිංගික අපයෝජනය කිරීම නිසා ෂයිනිට වසර 7ක සිර දඬුවමක් නියම වනවා. එම නිසා නැගී එන නළුවෙක් වූ ඔහුගේ සිනමා දිවියද අතරමගදී නතර වනවා.
7. සූරජ් පංචෝලි
අපි කලින් කියපු ආදිත්‍ය පංචෝලිගේ පුතා තමයි සූරජ් පංචෝලි. ‘හීරෝ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සූරජ් එම වසරේ හොඳම නවක නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයත් දිනාගන්නට සමත් වුණා. ඒ කාලේ ජනප්‍රිය නිළියක් සහ ඔහුගේ පෙම්වතිය වුණ ජියා ඛාන්ගේ සිය දිවි නසාගැනීමත් එක්ක සූරජ්ටත් එම මරණය සම්බන්ධයෙන් සැක යොමු වුණා. දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එම සිද්ධියේදී ජියාගේ මරණයට සැක පිට අත්අඩංගුවට ගන්නා සූරජ් පංචෝලිට කලක් සිර දඬුවම් විඳින්නටද සිද්ධ වුණා.
මේ වගේ බොලිවුඩයේ ආන්දෝලනාත්මක පුවත් මවපු තරු ගැන ඔයාලා දන්න දේත් අපිට කියන්න අමතක කරන්න එපා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply