සත්‍ය කතා වලින් නිර්මාණය වුණු ඔබ නැරඹිය යුතුම හොල්මන් සිනමාපට හතක්

සාමාන්‍යයෙන් අපි හැමෝම ආසයි හොල්මන් චිත්‍රපට නරඹන්න. 

ඉතින් අද අපි හිතුවා සත්‍ය කතා ආශ්‍රයෙන් නිපදවුණු හොල්මන් සිනමාපට හතක් ගැනයි, ඒ චිත්‍රපටිවලට පාදක වුණු සත්‍ය කතාව ගැනයි ගැන කතාකරන්න…

01. A Nightmare on Elm Street

මේ කතාවේ සිද්ධ වෙන්නේ එක පවුලක දියණියක් වටා. ඒ දරුවවාට පේන අද්භූත හීන නිසා ගොඩක් වෙලාවට මේ දරුවා දෙමව්පියන්ට වද දෙනවා. මේ කතාපුවත මුලින්ම ප්‍රසිද්ධ වෙන්නේ ලොස් ඇන්ජලීස් පුවත්පතේ පළ වුණු සත්‍ය කතාවක් හැටියටයි. නින්දෙන් තමන් කරා එන ඒ බලවේග වලින් තමන් මැරෙයි කියලා බයෙන් තමයි මේ දරුවා හැම විටෙකම ඉඳලා තියෙන්නේ. ඒ හිංදා මේ දරුවා ගොඩාක් නිදාගන්නේ නැතිව දවස් ගාණක් ජීවත් වෙනවා. ඔය අතරේ එක් දවසක් දරුවා නිදාගන්නවා. ඊට පසුවදා දෙමව්පියන් දකින්නේ මේ දරුවගේ ආප්‍රාණික මළ කඳ. වෛද්‍යා වාර්තා අනුව මේ දරුවට මුකුත්ම වෙලා නෑ කියලා අනාවරණය වෙනවා.1984 හා 2010 වසරේ චිත්‍රපට දෙකකට මේ පුවත පදනම් වුණා…

 

02. Deliver us from Devil

මේ සිනමපටය තිරගත වෙන්නේ 2014 වසරේ. Eric Bana, Olivia Munn මෙහි රංගනයෙන් දායක වුණා. පොලිස් නිලධාරියෙක් සහ පූජකතුමෙක් එකතු වෙලා හොල්මන් ආත්ම සමග සටන් කරන කතාපුවතකිනුයි මේ චිත්‍රපටය සමන්විත වන්නේ. මේ කතාපුවත මුලින්ම පළ වෙන්නේ කෘතියක් විදියට. ඒ කෘතිය රචනා කරන්නෙ ඒ අත්දැකීම් වලට ඇත්තටම මුහුණ දුන්න Ralph Sarchie ම රචනා කළ Beware the night කෘතිය ඇසුරින් වීමත් විශේෂත්වයක්.

 

03. The Amityville Horror

ඉතින් මේ සිනමාපටය තිරගත වෙන්නේ 1979 වසරේ. James Brolin ,Rod Steiger වගේ නළුනිළි කැළක් මේ සිනමාපටයට දයක වුණා.. ඉතින් මේ කතාවේ කතා කරන්නේ නිව්යෝර්ක් හී ලූඩ්ස් පවුල පදිංචියට යන නිවසත් එක්ක. ඇත්තටම ඒ නිවසේ ඒ වෙද්දි මිනීමැරුම් හයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔය අතරවාරයේ පදිංචි යන ඔවුන්ට සිද්ධ වෙන විවිධ අකරතැබ්බයන් ගැන තමයි මේ චිත්‍රපටයේ කතාකළේ…

 

04. The Conjuring

ඔයා හොල්මන් ෆිල්ම්ස් නිරතුරුම වගේ බලන කෙනෙක්නම් Conjuring කියන්නේ ඔයා නොදන්න නමක් නම් වෙන්න බෑ. අතිශය ජනප්‍රිය වුණු සිනමාපටයක් ලෝකය පුරාවටම. ඔයා මේක නැරඹුවට මේක ඇත්ත කතාවක් කියලා දන්නේ නැතුව ඇති. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ බච්චි පයි කියන අද්භූත බලවේගයක් එක් පවුලකට කරන විවිධ අද්භූත දේවල් ඔවුන්ගේ පවුල විනාශ කරපු හැටි මෙයට පාදක වුණා. ඒ වගේම මේ සිනමාපටයේ දෙවැනි කොටසත් සත්‍ය සිදූවීමක් ඇසුරින් නිර්මාණය කරපු සිනමා පටයක්…

 

05. Annabelle

ඉතින් අපිව බෝනික්කන්ටත් බයකරපු මේ සිනමාපටය නම් ඔබ අනිවාර්යයෙන් නරඹලා ඇති. ගොඩක් අය දන්නවත් ඇති මේක සත්‍ය කතාවක් කියලත් නොදන්න අයත් ඇති. අවුරුදු හතක දරුවෙක් ගේ ආත්මයක් බෝනික්කේගේ ඇඟට ගිහින් පසුව සිදුවන සිද්ධි දාමයක් තමයි සිනමාපටයට පාදක වුනේ. ඉතින් මෙ සිනමාපටය තිරගත වෙන්නේ 2014 ව්සරේ ඉතින් මේ සත්‍ය බෝනික්කා තවමත් කෞතුකාගාරයේ ඉන්නවා කියලත් ඇය සමග ඡායාරූප ගන්න ගොඩක් අය මෙහි පැමිණෙනවා කියලාත් වාර්තා වෙනව…

 

06. The Haunting in Connecticut 

1986 වසරේ අලුත් නිවසකට පදිංචියට යන පවුලක් වටා තමයි මේ සිනමපටය නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ ගෙදර කලින් මිණි තිබුණු මෝචෙරියකට සමාන නිවසක්. ඉතින් මේ මුකුත් නොදැන මේ නිවසට ඔවුන් පදින්චියට යනවා. ඉතින් ඊට පස්සේ ඔවුන් මුහුණ දෙන අතිශය ත්‍රාසජනක සිදුවීම් මේ සිනමාපටයට පාදක වුනා. මේ සිනමාපටයට තිරගත වෙන්නේ 2009 වසරේ ඉතින් මේ චිත්‍රපටයත් ත්‍රාස රසය උපරිමයෙන් තියෙන ෆිල්ම් එකක් අනිත් ඒවා වගේම..

 

07. The Possession

මේ සිනමාපටය අනිත් ඒවා වලට වඩා ගොඩාක් වෙනස් සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. මොකද මේකේ හොල්මන මේ අද්භූත සිදූවීම් වෙන්නේ වයින් කැබිනට් එකක. ඉතින් මේ අද්භූත වයින් කැබිනට් එකක හිටපු අද්භූත බලවේගයක් හා එය මිළදී ගත්ත කපල් එකක් වටා මේ සිනමාපටය දිවයනවා.මේ චිත්‍රපටය 2012 වසරේ තිරගත වෙනවා. ලෝකයේම වගේ අතිශයින් ජනප්‍රිය වෙනවා…

 

මීට අමතරව ඔයා දන්න සත්‍ය කතා ඇසුරින් නිර්මිත වුණු හොල්මන් සිනමාපට ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *