ගිටාර් ගහන්න ආසයිද? එහෙමනම් හොඳ ගිටාර් එකක් ගන්න තියෙන තැන් මේවා තමයි

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ ඔය සංගීත භාණ්ඩ වාදනයට තියෙන දක්ෂතාවයන් සහ ආසාවන් දිහා බැලුවහම, ගිටාර් එකට ටිකක් විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා වගේ සීන් එකක් පේන්නෙ නැද්ද? ඒ කියන්නේ ගොඩක් කොල්ලො කෙල්ලො ආසයි ගිටාර් ගහන්න ඉගෙන ගන්න. එතකොට ගෑණු ළමයි එහෙමත් ආසයි ගිටාර් ගහන කොල්ලෙක්ට. ඔය ගැන ඉතින් කවුරුවත් සමීක්ෂණ කරලා නැතුව ඇතිනේ. මේක සාමාන්‍යයෙන් පේන දෙයක් විදියට තමයි අපි කිවුවේ. කොහොම නමුත්, සංගීතෙට මෙලෝම ඇල්මක් නැති හාදයෙක් වුනත් ගිටාර් එකක් සෝබනේට හරි එල්ලගෙන යන්න ආස වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා.

හරි. දැන් ගිටාර් එකට ගොඩක් අය ආසයි කියන එක කිව්වනේ. එහෙමනම් කරන්න තියෙන්නේ ගිටාර් ගහන්න ඉගෙන ගන්න එක. මේක අපි බැලූ බැල්මට කොහොම වුනත්, කැපවීම තියෙනව නම් අල්ලගන්න බැරි සාස්තරයක් නෙවෙයි. Lifie.lk අපි කලිනුත් කියලා තියෙන විදියට, ඕන නම් පැය විස්සකින් වුනත් සාමාන්‍ය වශයෙන් ගිටාර් එක ගහන්න පුළුවන් ලෙවල් එකට අත හුරු කරගන්න පුළුවන්!

හරි, දැන් ඔය කෝක කරන්නත් ගිටාර් එකක් ගන්න එපැයි. අපි මේ කියන්න යන්නේ, ආන්න ඒ ගැන. ලංකාවේ හොඳ ගිටාර් එකක් ගන්න තියෙන තැන් සහ, ඒ තැන්වල තියෙන ගිටාර් වල මිල ගණන් ගැන. මේක ආධුනිකයන්ට ඉගෙන ගන්න ගිටාර් එකක් ගන්න තැන් ගැන කියන ආටිකල් එකක් නිසා, අපි සෑහෙන්න මිල අධික ගිටාර් ගැන කතා කරන්න යන්නෙ නෑ.

 

1. සායි සංගීතා

 

සාමාන්‍යයෙන් ඔය සංගීත භාණ්ඩ ගැන ලංකාවේ බොහොම ප්‍රසිද්ධ නාමයක් තමයි සායි සංගීතා කියන්නේ. සායි සංගීතා එකේත් විවිධ මිල ගණන් වලට, විවිධ ආකාරයේ ගිටාර් විකුණන්න තියෙනවා. හැබැයි ආධුනිකයෙක්ට අඩු මිලකට හොඳ ගිටාර් එකක් හොයනවා නම්, හොඳ ඉන්ඩියන් ගිටාර් එකක් ගන්න පුළුවන් රුපියල් 10,500 ක් වගේ වෙනකොට. පොඩි එක්කෙනෙක්ට නම් ජූනියර් ගිටාර් එකක් ගන්න පුළුවන් රුපියල් 6,950ක් වගේ වෙනකොට. එතකොට යමහා C40 ක්ලැසික් ගිටාර් එකක් රුපියල් 16,000 ක් වගේ වෙනකොටත්, යමහා F310 එකක් රුපියල් 19,000 ක් වගේ වෙනකොටත් ගන්න පුළුවන්. සායි සංගීතා වෙබ් සයිට් එකෙනුත් ඕඩර් කරන්න හැකියි.

 

දුරකථන අංක: 0112384222

Website

 

 

2. යමහා සෙන්ටර්

 

සාමාන්‍යයෙන් ඔය කොලිටි ගිටාර් ගැන කියවෙන නාමයක් තමයි යමහා කියන්නේ. ජපාන බ්‍රෑන්ඩ් එකක් වුණු යමහා ගිටාර් එකක් ගන්න ඕන නම්, යන්න කොළඹ තියෙන යමහා සෙන්ටර් එකට. එහෙම නැතිනම් ලංකාවේ යමහා මියුසික් සෙන්ටර් එකේ වෙබ් අඩවියෙන් ඕඩරේ දාලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් යමහා මියුසික් සෙන්ටර් එකේ තියෙන ගිටාර් කොලිටියෙන් හොඳයි වගේම ගාණෙනුත් ටිකක් වැඩියි. ගිටාර් එකට ආධුනිකයෙක්ට ගන්න පුළුවන් Yamaha F310 ගිටාර් එක රුපියල් 22,500 කට. එහෙම නැතිනම් තවත් ජපන් බ්‍රෑන්ඩ් එකක් වෙන Aria ගිටාර් එකක් ගන්න පුළුවන් රුපියල් 17,000 වෙනකොට. වගකීම් සහිතයි.

 

දුරකථන අංක: 0112595608

Website

 

3. රසාංගී මියුසික් සෙන්ටර්

 

පන්නිපිටිය කොට්ටාව පැත්තේ කෙනෙක්ට ගිටාර් එකක් ගන්න හිතනවා නම්, රසාංගි මියුසික් සෙන්ටර් කියන්නේ හොඳම තැනක්. අඩුම රුපියල් 5000 ක ඉඳන් වගේ ගිටාර් මෙතන තියෙනවා. හැබැයි මෙතන සාමාන්‍යයෙන් අඩු ගාණට ආධුනිකයෙක්ට ගැලපෙන හොඳ ගිටාර් එකක් ගන්න පුළුවන් රුපියල් 10,000ක් 12,000 ක් වගේ වෙනකොට. එතනින් එහාට තව ටිකක් කොලිටි, බ්‍රෑන්ඩඩ් ගිටාර් වලට යනවා නම් එහෙමයි. සාමාන්‍යයෙන් යමහා බ්‍රෑන්ඩ් එකේ හොඳ ගිටාර් එකක් රුපියල් 18,000 කින් උඩට ගන්න පුළුවන්. එතකොට ෆෙන්ඩර් බ්‍රෑන්ඩ් එකේ ගිටාර් එකක් රුපියල් 18,500 කට වගේ ගන්න පුළුවන්. ඊට උඩින් වුනත් විවිධ මිල ගණන් වලට ගිටාර් මෙතන තියෙනවා. මේ ගිටාර් වලට අවුරුද්දක වොරන්ටියකුත් ලැබෙනවා.

 

දුරකථන අංක: 0755172088

Website

 

4. ලහිරු ගිටාර් ෂොප්

 

පන්නිපිටිය පැත්තට යන්න පහසු නම්, විශේෂයෙන්ම ගිටාර් සහ ගිටාර් වලට අවශ්‍ය අඩුම කුඩුම උපාංග උපකරණ ෂුවර් පිට ගන්න පුළුවන් තැනක් තමයි ලහිරු ගිටාර් ෂොප් කියන්නේ. මේ ගිටාර් ෂොප් එකේ සාමාන්‍යයෙන් අඩු මිල ගිටාර් වල ඉඳලා මිල අධික ප්‍රොෆෙෂනල් ගිටාර් දක්වා රේන්ජ් එකක ගිටාර් දකින්න තියෙනවා. එතනිනුත් ආධුනිකයෙක් වෙනුවෙන් මේ අය රෙකමන්ඩ් කරනවා Martin Lee කියන බ්‍රෑන්ඩ් එකේ ගිටාර් එකක්. මේ කට්ටිය කියන්නේ මේ ගිටාර් එක ආධුනිකයෙක්ට හොඳයි කිව්වට, ප්‍රොෆෙෂනල් ලෙවල් එකෙන් ප්ලේ කරන්නත් පුළුවන් හොඳ හඬක් මේ ගිටාර් එකේ තියෙනවා කියලා තමයි. මේක රුපියල් 19,500 ක් වගේ වෙනවා. ඊට අමතරව කුඩා කෙනෙක්ට නම් මීට වඩා ප්‍රමාණයෙන් පොඩි ගිටාර් එකක් ගන්න පුළුවන් රුපියල් 13,500 ක් වගේ වෙනකොට.

 

දුරකථන අංක: 0777512417

Website

 

 

5. චෙයාර්ස් – මැජෙස්ටික් සිටි

 

සාමාන්‍යයෙන් දැන් දැන් ගිටාර් ලෝලීන් චයිනීස් බ්‍රෑන්ඩ්ස් වෙන සකුරා සහ සුසුකි ගිටාර් වලටත් යොමු වෙන ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මේ ගිටාර් වලත් හොඳ ෂාප් හඬක් තියෙනවා කියලා තමයි පාවිච්චි කරන අය කියන්නේ. කොහොම වුනත් සකුරා හෝ සුසුකි ගිටාර් එකක් ගන්න නම්, මැජෙස්ටික් සිටි එකේ තියෙන Chears මියුසික් ඉන්ස්ටෘමන්ට් ෂොප් එක හොඳයි. මේ කට්ටිය කරන්නෙත් සකුරා සහ සුසුකි බ්‍රෑන්ඩ්ස් විතරයි. සාමාන්‍යයෙන් සකුරා බ්‍රෑන්ඩ් එකේ ගිටාර් එකක් රුපියල් 13,000 කට අඩුවෙන් ගන්න පුළුවන්. එතකොට සුසුකි බ්‍රෑන්ඩ් එකේ ගිටාර් එකක් රුපියල් 14,000 කට අඩුවෙන් ගන්න පුළුවන් මෙතනින්.

 

දුරකථන අංක: 0773841117

Website

 

6. මියුසික් කඩේ

 

දෙහිවල පැත්තේ යනවා නම්, ගිටාර් එකක් ගන්න විශ්වාසවන්ත තව තැනක් තමයි මියුසික් කඩේ කියන්නේ. ඇත්තටම මේ අය ගාව සෑහෙන්න ලොකු රේන්ජ් එකක ගිටාර් තියෙනවා. ඕන නම් රුපියල් 5,500 ක වගේ අඩු ගාණක ඉඳලා 10,500 ක් වගේ වෙනකල් පවා ගන්න ගිටාර් තියෙනවා. මේ ගිටාර් මැලේෂියා, චයිනා සහ ඉන්දුනීසියා වලින් තමයි එන්නේ. හැබැයි එතනින් එහාට බ්‍රෑන්ඩඩ් ගිටාර් වලට යන්න ඕන නම්, තෝරගන්න බ්‍රෑන්ඩඩ් ගිටාර් කලෙක්ෂන් එකකුත් මෙතන තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, යමහා ගිටාර් එකක් රුපියල් 18,500 ඉඳලා උඩට ගන්න තියෙනවා. එතකොට ෆෙන්ඩර් වගේ බ්‍රෑන්ඩ් එකක ගිටාර් එකක් රුපියල් 19,000 ඉඳලා උඩට ගන්න තියෙනවා.

 

දුරකථන අංක: 0769955107

Website

 

7. YMS මියුසික් සෙන්ටර්

 

බත්තරමුල්ල පැත්තේ ගියොත් ගිටාර් එකක් ගන්න පුළුවන් තැනක් තමයි මේ. සාමාන්‍යයෙන් හැම සංගීත භාණ්ඩයක්ම වගේ මෙතන තියෙනවා. ආධුනිකයෙක්ට ගැලපෙන කොලිටි ඉන්දුනීසියන්, චයිනීස් ගිටාර් එකක් සාමාන්‍යයෙන් රුපියල් 12,000 න් උඩට ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම බ්‍රෑන්ඩඩ් ගිටාර් එකකට යනවා නම්, රුපියල් 20,000 න් උඩට ගන්න පුළුවන් යමහා හරි ෆෙන්ඩර් හරි බ්‍රෑන්ඩ් වල ගිටාර් එකක්.

 

දුරකථන අංක: 0716912891

Website

 

 

මේ අපි දක්වලා තියෙන්නේ ගොඩක්ම කොළඹ අවටම තියෙන ගිටාර් එකක් ගන්න පුළුවන් තැන් කීපයක් විතරයි. අපි රෙකමන්ඩ් කරන්නේ හදිසියේ තැනකට ගොඩවැදිලා ගිටාර් එකක් ගන්නෙ නැතුව, මේ ෂොප් කීපෙකින් හරි පොඩ්ඩක් විමසලා, ඊට පස්සේ මිල ගණන් සංසන්දනය කරලා, එතනට ගියාට පස්සේ ගිටාර් එක පොඩ්ඩක් අතපත ගාලා, ගහලා කරලා බලලා ගන්න කියලා තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *