මේ කියන්න යන්නේ පුත්තලම සහ හලාවත සංචාරය කරන්න ඉන්න ඔබ, පුත්තලම සහ හලාවත ගිහින් යා යුතුම ස්ථාන පිළිබඳවයි. ඉතා ඉහල වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ථාන රැසක් පුත්තලම සහ හලාවත සතුයි.
1. ඕලන්ද බලකොටුව (Dutch Fort)
කල්පිටිය නගරයේ ප්‍රධානතම ආකර්ෂණය වන්නේ පැරණි ලන්දේසි කොටුවයි. දැන් නාවික හමුදා මූලස්ථානයක් වන මෙය පුරාවිද්‍යා දෙපාර්මේන්තුව යටතේ පවතින ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක්. ලන්දේසීන් විසින් සිය බලකොටුවක් ලෙසින් ඉදිකර ඇති මෙහි එදා තිබෙන්නට ඇතැයි සැලකිය හැකි ප්‍රෞඪ බවේ ශේෂයන් අදටත් දකින්න පුළුවන්. මෙහි සිට රන්, රිදී, ඇත් දළ වැනි වස්තූන් ගබඩා කර තැබීමටත්, ඒවා නැව් මගින් සිය දේශයට යවන්නටත් ඔවුන්ට ඉතා පහසු වන්නට ඇති බවට සැකයක් නැහැ. මේ වන විට ගරා වැටී තිබුණත් අතීතය ගැන පැහැදිලි චිත්‍රයක් මගේ මනසේ මවන්නට ලන්දේසි කොටුව සමත් වුණා. ඔවුන් මේ බලකොටුව ඉදි කළා යැයි සැලකෙන්නේ 1666 වසරේදීයි. බලකොටුවේ දොරටුවේ සටහන් කර ඇති අයුරින් ඔවුන් මෙය අත්හැර දමා ගොස් ඇත්තේ 1759 වසරේදීයි. වසර 93 ක් තිස්සේ ලන්දේසීන් විසින් නඩත්තු කළ, ලන්දේසීන් ජීවත් වූ මේ බලකොටුව වැදගත් අතීත කතාවකට සාක්ෂි දරනවා.
මෙන්න මෙතැන තමා ඕලන්ද බලකොටුව පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
2. ඕලන්ද රෙපරමාදු දේවස්ථානය (Dutch Reformed Church)
ඕලන්ද බළකොටුව පිළිබඳ තතු විමසීමේදී එහි පිවිසීමේ එකම දොරටුව වන්නේ පවුරු ප‍්‍රාකාරයෙන් සාදා ඇති විශාල ආරුක්කු ද්වාරයයි. එහි ද්වාරයට ඉහළින් වී ඕසී (VOC-Vereenigde Oost Indische Compagnic&) ලාංඡනය සටහන්ව ඇත. එහි පහළින් සරසනලද ඇතුන් දෙදෙනෙකුගේ සළකුණු සටහන්කොට සහ බළකොටුව ප‍්‍රතිසංස්කරණය කළ 1676 වසර කොටා ඇත.
මෙන්න මෙතැන තමා ඕලන්ද රෙපරමාදු දේවස්ථානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
3. ශාන්තා ආනා සිද්ධස්ථානය (St. Anne’s Church)
1898 අවුරුද්දේදි මට්ටාකොටුව මීසම් පාලක ජෝන් පහමුනේ පියතුමා මුල්වී ලබාගත් ඉඩමක පල්ලිය සාදා ඇත්තේය. “අහස් දිය වලෙන් මැටි ගෙන ලබු කැටෙන් දිය ඇද හැදූ දේව මාලිගාව” යනුවෙන් මේ දේවස්ථානය ඉතිහාසගත වී ඇත.
මෙන්න මෙතැන තමා ශාන්ත ආනා සිද්ධස්ථානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
4. පුත්තලම ලුණු ලේවාය (Puttalam Salt Ltd)
පුත්තලම කලපුවේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 32,000කින් සමන්විතය. පුත්තලම කලපුෙව් පටන් ගැන්ම පාලවියට ආසන්නයේ පිහිටි නාගවිල්ලුවට නුදුරින් නමුත් එහි අවසානය උතුරු මායිම ලෙස නිර්ණය වී ඇත්තේ කරවලකුඩා සිට ගඟේ වාඩිය උඩට සැතපුම් අටකට ආසන්න දුරකිනි.
මෙන්න මෙතැන තමා පුත්තලම ලුණු ලේවාය (පුත්තලම් සෝල්ට් ලිමිටඩ්) පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
5. ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය
ලක් විජය බලාගාරය, නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ලෙසද හඳුන්වයි. මෙම බලාගාරය ශ්‍රී ලංකාව තුල ඉදිකල පලමු ගල් අඟුරැ විදුලි බලාගාරයයි.
මෙන්න මෙතැන තමා ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
6. විල්පත්තු ජාතික වනෝද්‍යානය
හෙක්ටයාර 131,000කට අධික භූමි ප්‍රමාණයකට උරුමකම් කියන විල්පත්තුව අනුරාධපුර, මන්නාරම් සහ පුත්තලම් දිස්ත්‍රික්කයන්ට අයත්ව පිහිටා තිබේ. විල්පත්තුව පුරා ඝණව කටු පඳුරු හා තුරුවැල් පිහිටා ඇති අතර ඒ නිසාම අලි ඇතුන්ගේ ගහනය විල්පත්තුවේ කොටසකට සීමාවී පවතී. දිවියන්ගේත්, වලසුන්ගේත් තෝතැන්නක් ලෙස ප්‍රචලිත විල්පත්තුවේ විල්ලු 60ක් පමණ පිහිටා ඇති බව වාර්තා වේ. මුවන්, කුළු හරකුන්, කිඹුලන්, මොණරුන්, හිවලුන් මෙන්ම විවිධ පක්ෂි විශේෂ රාශියක්ද අපට විල්පත්තු වනෝද්‍යානය තුල දැකගන්නට හැකිය. මේ අතර ඉහත් කී විල්ලු 60න් 2ක් මුහුද හා කිසිඳු සම්බන්ධතාවයක් නොමැති වුවද කරදිය විල්ලු වීම විශේෂත්වයකි. අතීතයේදී මේ ප්‍රදේශයේ සිදු වූ භූ විපර්යාසයකින් මුහුද යට තිබූ ප්‍රදේශයක් වූ විල්පත්තුව ඉලිප්පී ඇති බව එක් මතයකි.
මෙන්න මෙතැන තමා විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
7. කුවේණි මාලිගය
කුවේණියගේ වාසභූමිය වන තම්මැන්නාව ශ්‍රී ලාංකික වයඹ පළාතේ කිසියම් ස්ථානයක් බවට තහවුරු කර ගත හැකි මානව විද්‍යාත්මක සාධක රැසකි. ඒ අනුව කුවේණියගේ මාලිගය දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කිසියම් ස්ථානයක පිහිටි බවට පොදු පිළිගැනීමක් තිබේ. පුත්තලම, අනුරාධපුර පාරේ පහළ මාරගහ වැව ඇඩ්ලින් විතාරණ සිහිවටනය අද්දරින් වමට හැරී කිලෝමීටර් අටක් යන විට විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිවිසෙන හුනුවිලගම ප්‍රවේශය හමුවෙයි. එතැන් සිට ජාතික වනෝද්‍යාන තුළින් කිලෝමීටර් තිහක පමණ දුරක් යනවිට හමුවන කාලි විල්ලුව නම් ප්‍රදේශයේ ඇති ගල්කණු කිහිපය කුවේණියගේ මාලිගාවේ නටබුන් ලෙස හඳුන්වනු ලැබේ.
මෙන්න මෙතැන තමා කුවේණි මාලිගය පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
8. අල්ලිරාණි මාලිගය
කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් එකසිය විස්සක් ගිය විට හමුවන පාලවි හන්දියෙන් වමට හැරීයන කල්පිටිය පාරේ තවත් කිලෝමීටර්
තිස්හයක දුරක් ගිය විට හමුවන පල්ලිවාසල්තුරේ හන්දියෙන් නැවත වමට හැරෙන අතුරු පාරේ හන්දියෙන් නැවත වමට හැරෙන අතුරු පාරේ තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය විට මෙම අල්ලිරාණි ස්ථානයට පිවිසිය හැක. දැනටමත් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස වෙන්කොට ඇති එම අල්ලිරාණි පුරාවිද්‍යා පරිශ්‍රය මධ්‍යයේ බැලූ බැල්මට පිහිටි පොළොවෙන් උසට නැගුණු ගොඩැල්ලක් තිබේ. ඊට අමතරව එහි ශිලා කර්මාන්ත අවශේෂ කිහිපයක්ද තැනින් තැන දැකිය හැක. එමෙන්ම දැනට මුළුමනින්ම වනයෙන් වැසී ගත් එම ගොඩැල්‍ලේ බොහෝ තැන්වල පැරණි ගඩොල් සේම කිසියම් ඉදිකිරීමක් සඳහා යොදා ගැණුනු හිරිගල් පාෂාණ කොටස් ද දැකිය හැක.
9. ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත් බිම
ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත් බිම් තුනෙන් දෙවැනිවරට ප්‍රකාශයට පත්කරන ලද තෙත්බිම ආනවිලුන්දාවයි. ලෝක සංරක්‍ෂණ සංගමය මගින් මෙහි ජෛවවිවිධත්ව, පාරිසරික සහ තෙත් බිම භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කළ අතර, 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් 1997 ජුනි මස 11 වැනිදා ආනවිලුන්දාව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි.
මෙන්න මෙතැන තමා ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත් බිම පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
10. මානාවරී කෝවිල
මහා බ්‍රහ්මයා විසින් අමරණීයත්වයට වරම් දී තිබූ රාවණා රජුගේ මරණයෙන් යැයි සැලකේ. බ්‍රහ්ම වංශික රාවණා රජු විනාශයෙන් පසුව ලංකා පුරයෙන් නික්මෙන රාමා පසුපස බ්‍රහ්ම ඝණ දෝෂය හඹා ආ බවත්, මුන්නේෂ්වරම් කෝවිල පසුකරද්දී කළු වළාවක් සේ ඇදී ආ එම දෝෂය ඔහුගෙන් ඈත්ව ගිය බවත් අතීත කතාවල සඳහන්ය. මින් ආශ්චර්යයට පත් ශ්‍රී රාමා මුන්නේෂ්වරම් පුරයේ පවතින අනුහසේ අහුමුලූ සොයා යන්නට පෙළඹී ඇත. එහිදී පහළ වූ ශ්‍රී මුන්නේෂ්වරම් දෙව් මහරජාණන් විසින් ශ්‍රී රාමාගෙන් ඉල්ලා ඇත්තේ ලංකා පුරවරයේ පිහිටි ශීව ක්ෂේත්‍රයන් වන මුන්නේෂ්වරම්, කේදීස්වරම් සහ කෝණේෂ්වරම් යන තුන් ඉසව්වේ ශිව ලිංගය පිහිටුවා බ්‍රහ්ම දෝෂයෙන් මිදෙනා ලෙසය. මුන්නේෂ්වරම් දේවාල බිමට උතුරින් පිහිටි මහා මානාවරී දේවාලය ඉඳිවී ඇත්තේ එලෙසින් බව පිළිගැනේ.
මෙන්න මෙතැන තමා මානාවරී කෝවිල පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
11. මුන්නේශ්වරම් කෝවිල
මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.
මෙන්න මෙතැන තමා මුන්නේශ්වරම් කෝවිල පිහිටා තියෙන්නේ ~ https://goo.gl/maps/
12. ශ්‍රී විජයාරාම විහාරය
හලාවත නගරයේ පිහිටි ප්‍රධානම පන්සල ලෙස ශ්‍රී විජයාරාම විහාරය සලකනු ලබයි.
මෙන්න මෙතැන තමා ශ්‍රී විජයාරාමය පිහිටා තියෙන්නේ ~https://goo.gl/maps/
Cover Image Source – costis.wordpress.com
Leave a Reply