ගෙදරදොරේ වැඩ ටික කරන ගමන් ස්වයං රැකියාවකුත් කරන ගෘහණියො ඇති. ඒ වගේම ස්වයං රැකියාවක් අරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් ඇති. ඔන්න ඒ අයට අපි අද සුබ ආරංචියක් ගෙනාවේ. අමතර ආදායමක් උපයාගන්න වගේම හොඳ ව්‍යාපාරයක් ගොඩ නගාගන්නත් ස්වයං රැකියා ක්‍රමය හොඳ මගක්. මෙන්න මේ කෑම වර්ග ස්වයං රැකියාවක් විදියට ලේසියෙන් අඩු මුදලට පටන් ගන්න පුළුවන්. ඒ නිසාමයි ලයිෆි අපි ඒවා ඔයාලා අතරට ගෙනාවේ.
1. පපඩම්
පපඩම් කවුරුත් ප්‍රිය කරන එදිනෙදා ආහාරයට ගන්නා රසවත් කෑමක්නේ. පපඩම් සඳහා වෙළෙඳපොලේ හොඳ ඉල්ලුමක් තියනවා. ගෙදරට උනත් කොච්චර ගෙනාවත් මදිනෙ පපඩම්. ඔන්න මේක ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන් ඔයාලට.
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 1
- උඳු පිටි කප් 1
- ලුණු අවශ්‍ය පමණ
- ආප්ප සෝඩා තේ හැඳි 1/4
- පිරිසිදු පාන් පිටි හා උඳු පිටි පෙනේරයකින් හොඳින් හලා, පිටි වර්ග දෙක ආප්ප සෝඩා සමඟ මිශ්‍ර කර නැවත හොඳින් හලා ගන්න.
- ලුණු අවශ්‍ය ප්‍රමාණය ජලය සමඟ මිශ්‍ර කර නටවා පෙරා සිසිල් වූ විට වරකට ස්වල්පය බැගින් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කර වංගෙඩියට දාලා මෘදු වෙනතුරු මෝල්ගහෙන් කොටන්න.
- ඉන්පසු පිටි තැවරුව ලෑලි කැබැල්ලක් මත තබා තුනී කර, රවුම් අච්චුවකින් රවුම් කපා ගන්න. මුලින්ම මද අව්වේද පසුව තද අව්වේද වේලාගෙන පොලිතින් කවර වල දමා වෙළඳපොලට ඉදිරිපත් කරන්න.
2. සව්බොර
ලේසිම ලේසි කෑමක්. කඩේ ගන්න තියනවා මතකද සව්බොර 5ක් රු.15/= ඒ කාලේ. දැන්නම් කොහොමද දන්නෙ නෑ. මේකත් වෙළඳපොළට හොඳටම ඉල්ලුම තියෙන එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- සව් ඇට 100g
- ගාගත් පොල් 100g
- බිස්කට්කුඩු 100g
- සීනි 100g
- ලුණු ටිකක්
- වැනිලා ටිකක්
- මහදුරු (මේ රසට අකමැති අය දාන්න එපා)
- භාජනයක් අරන් ඒකට ඉහත කියපු ඔක්කොම දාලා හොඳට කලවම් උනාම වතුර මේස හැඳි 2ක් වගේ දාලා කලවම් කරන්න.
- ඉන්පසු ගුලි හදාගෙන එය කුඩා රවුම් පරිදි පැතලි කරගන්න.1/2 cm වගේ ඝණකමට ගන්න. රවුම් කටර්ස් තියෙනවානම් ඒකක් අරන් ඇතුළට මිශ්‍රණය දාලා තද කරලා ගන්න. එතකොට නීට් ගොඩක්
- ඉන්පසු 150°c උෂ්ණත්වයට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.
3. තල කැරලි
අවශ්‍ය ද්‍රව්‍ය
- හකුරු 400g
- තල 500g
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා සීනි
- මුලින්ම තල ටික කබලේ රත් කරගෙන කොටා ගන්න. ඉන්පසු හකුරු ටික පොඩියට කපා තල සමඟ මිශ්‍ර කර නැවත කොටා ගන්න.
- ඉන්පසු එයට ලුණු, අවශ්‍ය පමණ සීනි එකතු කරන්න. කලවම් කරනකොට වේලුණු ගතියක් තිබේනම් උණු වතුර ටිකක් දාගන්න. එස්ලෝන් බටයක් ගෙන මිශ්‍රණය එය තුළට දමා පොල් කටු හැඳි මිටක් ගෙන මිශ්‍රණය එලියට එන ලෙස තල්ලු කරන්න. ඉන්පසු කෑලි වලට කපා ගන්න.
4. තක්කාලි සෝස්
කඩෙන් ගන්න තියන තක්කාලි සෝස් එකම ගෙදර හදලා අපිට අලෙවි කරන්න පුළුවන්. හැබැයි නියම ප්‍රමිතියට හදන්න ඕනේ. එතකොට තමයි හොඳ වෙළඳපොලක් හදාගන්න පුළුවන් වෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි පල්ප් එක 750g
- මිරිස්කුඩු 8g
- සීනි 120g
- ඉඟුරු 10g
- සුදුළූණු 10g
- විනාකිරි 80ml
- කරදමුංගු 1
- කරාබු නැටි 1
- කුරුඳු පොත්තක්
- ලුණු ටිකක්
- කෝන්ෆ්ලා තේ හැඳි 2ක්
- හොඳ තත්ත්වයේ තක්කාලි ගන්න අමතක නොකර. දැන් තක්කාලි ටික නටන උණු වතුරට දාලා විනාඩි 8ක් විතර තියන්න. දැන් පොතු ඇරලා පෙනේරෙකට දාලා ඇට අයින් වෙන විදිහට පොඩිකර ගන්න. දැන් මේ විදියට හදාගත්තු පල්ප් එක පැත්තකින් තියන්න.
- කුළුබඩු සියල්ලම විනාකිරෙන් අඹරලා පිරිසිදු රෙදි කෑල්ලකින් පොට්‍ටනියක් හදාගන්න.
- තක්කාලි පල්ප් එකට සීනි හා කෝන්ෆ්ලා දාලා මද ගින්නෙ රත් කරගන්න. දුම් දාගෙන එනකොට කුළුබඩු පොට්ටනිය දාලා ඉතුරු විනාකිරි හා සීනි ටික දාගන්න.
- හොඳට උකුවට නටනකල් රත් කරගෙන ලිපෙන් බා ජීවානුහරණය කළ බෝතල් වල අසුරගන්න.
5. චිලී පේස්ට්
බෝතල් කළ චිලී පේස්ට් වලට අද වෙනකොට හොඳ ඉල්ලුමක් තියනවා. මේ කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක මිනිස්සු ක්ෂණික කෑම වලට පුරුදු වෙලා ඉන්නෙ. ඒ වගේම සුකුරුත්තන් දදා කෑම හදන්න සමහරුන්ට කොහෙත්ම වෙලාවක් නෑ. සැරට, රසට කන්න ආසා අය කඩෙන් දැක්කත් උස්සන් එන එකක් තමයි මේ චිලී පේස්ට්.
අවශ්‍ය ද්‍රව්‍ය
- කූනිස්සො 500g
- සීනි 100g
- කෑලි මිරිස් 500g
- විනාකිරි 100ml
- ඉඟුරු 20g
- සුදුළූණු 20g
- පොල්තෙල්
- මුලින්ම කූනිස්සො හොඳට හෝදලා පෙරලා වේලගන්න. දැන් තෙල් ලිපේ තියලා රත්වෙනකොට කූනිස්සො ටික දාලා බැදගන්න.
- වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා ඉඟුරු, සුදුළූණු ටික රන්වන් පාට වෙනකල් තෙම්පරාදු කරගන්න. කෑලි මිරිස් නම් යාන්තමට රත් උනොත් ඇති. ඒ තෙත ගතියක් තිබ්බොත් ඒක අයින් වෙන්න විතරයි. වැඩිය බදින්න එපා ඉක්මනින් කළු වෙන්න බලනවා. එතකොට ලස්සන පාට නැතිවෙනවා.
- දැන් බැදගත් කූනිස්සන්ට කෑලිමිරිස් ටික, ඉඟුරු, සුදුළූණු, සීනී, විනාකිරි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් බෝතල් වලටඅසුරගන්න. මේ විදියට හැදුවාම මාස 6ක් වගේ තියාගන්න පුළුවන්.
Leave a Reply