ගුණයෙන් සපිරි බෙලි රෙසිපි 5ක්

කෑවොත් පළතුරක්, කැපුවොත් මරණයක්. අහලා ඇතිනෙ මේ ප්‍රසිද්ධ කියමන. ඉතින් මේකේ කතා නායකයා බෙලි ගැන තමයි අපි අද කියන්න යන්නේ. ගොඩක් අය දන්නෙ බෙලි වලින් ජූස් හදන්න, එක්කො බෙලි කටු තම්බලා බොන්න. ඒක ගොඩක් ගුණ පානයක් තමයි. මේ අපි කියන්න හදන්නෙ බෙලි මදයෙන් හදාගන්න පුළුවන් ඔයාල මීට කලින් හිතලවත් නැති රස ආහාර ටිකක් ගැන. හැමදාම බෙලි ජූස් විතරක් බොන අය ඔන්න අද ඉඳලා මෙහෙම හදලා බලන්න.

 

 

1. බෙලි ලස්සි

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බෙලි පල්ප් කෝප්ප 2
  2. යෝගට් කෝප්ප 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු
  4. අයිස් කැට කිහිපයක්
  5. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  6. එනසාල් ඇට 2
  7. සීනි මේස හැඳි 2

 

 

  • බෙලි පල්ප් එක ගන්න බෙලි ගෙඩිය පලලා, මදය අරන් පෙනේරෙකට දාලා, වතුර චුට්ටක් දාලා අතින් පොඩි කරමින් පෙරාගන්න.
  • දැන් මේ බෙලි පල්ප් එකට ලුණු, ගම්මිරිස්කුඩු, සීනි, යෝගට්, එනසාල් දාලා කිරි ටික ටික දාලා කලවම් කරන්න. ග්ලාස් එකකට අයිස් කැට දාලා හදාගත්ත ලස්සි එක දාලා පිළිගන්වන්න.

 

 

2. බෙලි පුඩින්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. බෙලි පල්ප් කෝප්ප 1
  2. ජෙලටින් තේ හැඳි 1 1/2
  3. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
  4. වැනිලා ස්වල්පයක්
  5. කරදමුංගු ඇට 2
  6. රස අනුව සීනි

 

  • ජෙලටින් ටික වතුර මේස හැඳි 2ක් දාල පෙඟෙන්න තියන්න.
  • කිරි, වැනිලා, සීනි හා කරදමුංගු හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට බෙලි පල්ප් එකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • දියකරගත් ජෙලටින් ටික දාලා හොඳට කලවම් කරලා, බටර් ගාගත් බෝල් එකකට දාලා පැය 4ක් ෆ්‍රිජ් එකේ තියන්න. සෙට් උනාම අනිත් පැත්ත හරවගන්න.

 

 

3. බෙලි ශර්බට්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. බෙලි පල්ප් කෝප්ප 1
  2. වතුර කෝප්ප 2
  3. අයිස් කැට කිහිපයක්
  4. සීනි මේස හැඳි 2
  5. දෙහි යුෂ ස්වල්පයක්

 

 

  • බෙලි පල්ප් එකට වතුර දාල දියකරගන්න. ඒක පෙරාගෙන සීනි, දෙහි දාල කලවම් කරගෙන, අයිස් කැට දාගත්ත ග්ලාස් එකකට දාලා පිළිගන්වන්න.

 

 

 

4. බෙලි ජෑම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. බෙලි පල්ප් කෝප්ප 1
  2. සීනි කෝප්ප 1
  3. දෙහි ගෙඩියක යුෂ

 

 

  • බෙලි පල්ප් එකට සීනි දාලා කලවම් කරල පැය 6ක් තියාගන්න.
  • දැන් මේක ලිපේ තියලා අඩු ගින්දරේ හැඳිගාන්න. හොඳට උතුරනකොට දෙහි යුෂ ටික දාගන්න.
  • තව ටිකක් හිඳෙන්න ඇරලා ජීවානුහරණය කරපු බෝතල් වල අසුරගන්න.

 

 

 

5. බෙලි අයිස්ක්‍රීම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. බෙලි පල්ප් කෝප්ප 1
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  3. මිල්ක්මේඩ් කෝප්ප 1
  4. කරදමුංගු කුඩු ස්වල්පයක් (අත්‍යාවශ්‍ය නැහැ)

 

 

  • කිරි ටික ලිපේ තියලා උණු කරන්න. කිරි උතුරනකොට ගින්දර අඩු කරලා මිල්ක්මේඩ් ටික දාගන්න. හොඳට හැඳිගාන්න. ලිපෙන් බාලා කරදමුංගු කුඩු ටික දාගන්න.
  • කිරි ටික හොඳටම නිවුනම බෙලි පල්ප් එක දාලා හොඳට බීට් කරගන්න. මේක ස්මූත් වෙනකල් බීට් කරලා අයිස්ක්‍රීම් කන්ටේනර් එකකට දාලා වහලා ෆ්‍රීසර් එකේ පැය 5ක් තියන්න.
  • පැය 5කට පස්සෙ ආයෙ විනාඩි 15ක් බීට් කරලා නැවත ෆ්‍රීස් කරගන්න. මේ වගේ 3 පාරක් කළාම අයිස්ක්‍රීම් එක ගාණට හැදිලා එනව.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *