තෙල් පෝලිමක සිහි නැති, හදවත නතර වුණු පුද්ගලවකුගේ ජීවිතය බේරා ගන්න ඔයා කරන්න ඕනි මොකක්ද?

වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා තෙල් පෝලිම් වල මිය යන මිනිසුන් ගැන අපේ හදවත් කම්පනය වන ආරංචි එක ළඟ එක ඇහෙන්න පටන් අරන්.

එහෙම ස්ථානයක ඔයා හිටියොත් ඔවුන් වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිත බේරා ගන්න ඔයාට කරන්න පුලුවන් මූලික දේවල් පිළිබද සහ කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන ඔයාව දැනුවත් කරන්න තමයි මේ lifie අපි සූදානම් වන්නේ.

“හෘද ස්පන්දනය නතර වූ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී හැම තත්පරයක්ම වටිනවා. කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන දන්නා උදවිය සමාජයේ වැඩි වන තරමට බේරා ගත හැකි ජීවිත ගණන වැඩි වෙනවා.”
බ්‍රිතාන්‍ය හෘද පදනමේ සහකාර වෛද්‍ය අධ්‍යක්‍ෂ, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝන්යා බාබු-නාරායන් පැවසුවා.

එම නිසා ඔයා රෝගියා වෙනුවෙන් කලහැකි උපරිමය කරන්න. ඔහුව රෝහලකට, වෛද්‍යවරයකු වෙතට වොමු කරන තුරු ඔහුගේ ජීවිතය රැක ගන්න ඔයා මොනවද කරන්න ඕනි.

01. තව කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න

මේ වෙලාවේ ඔබට තනියම මේ වැඩේ කරන්න අපහසුයි. ඒ නිසා මේ වගේ වෙලාවක අපිට සිද්ධ වෙනවා අනිත් අයගෙනුත් උදව් ලබා ගන්න. මොකද රෝගියාව වාහනයෙන්, පාරෙන් ඉවත් කරගන්න. ඒ වගේම ඔබට අනිකුත් මූලික කටයුතු සදහා වෙනත් අයගේ උදව් අවශ්‍යයි.

02. 1990 ට Call එකක් දෙන්න

1990 සුව සැරිය ගිලන් රථයේ පළපුරුදු අය සිටින නිසා සුවසැරියේ සේවාව ලබා ගැනීම ඉතා හොදයි. සුව සැරිය සම්බන්ධ කරගත නොහැකි නම් වෙනත් වාහනයකට කතා කරන්න.

03.හොඳින් වාතාශ්‍රය

ඒ පුද්ගලයාව පුලුවන් හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනිතලා බිමකට ගන්න. හාන්සි කරවන්න.

04. කතා කරලා බලන්න

ඔහු සමග කතා කරලා බලන්න. ඔහුගේ ශරීරයට තට්ටු කරමින් උස් හඬින් කතා කරන්න.

05. විමසිලිමත් වෙන්න ඔහු හුස්ම ගන්නවද කියලා

ඔහු හුස්ම ගන්නවාද නැද්ද යනවග බලා ගන්න ඔයා රෝගියාගේ පපු ප්‍රදේශය නිරාවරණය කර ගන්න. ඉන් අනතුරුව ඔයාගෙ කම්මුල සහ කන රෝගියාගේ මුඛය සහ නාසය ළඟට ගෙනිහිල්ලා පපුව දිහා බලන් ඉන්න. මේ විදියට රෝගියා හුස්ම ගන්නවාද නැද්ද කියල පියවරයන් තුනකින් ඔයාට දැනගන්න පුලුවන්.

  • පපුව උස් පහත් වනව බව ඔයාට පේනවා
  • හුස්ම වැටෙනවද කියල ඔයාගෙ කම්මුලට දැනෙනවා
  • හුස්ම ගන්න හඬ ඔයාගෙ කනට ඇහෙනවා

06. ඒ වගේම නාඩි වැටෙනවද බලන්න (හෘද ස්පන්දනය)

– හෘද ස්පන්දන වේගය මැනිය හැකි ආකාරය

ඔබ සරල පියවර කිහිපයක් අනුගමනය කරන්නේ. හෘද ස්පන්දන වේගය මැනීමට පහසුම ස්ථානය මැණික් කටුව. මාපටැඟිල්ලේ පාදයට පහළින් මාපටැඟිල්ලේ පාමුල අස්ථිය සහ කණ්ඩරාව අතර පුද්ගලයාගේ දර්ශකය සහ මැද ඇඟිලි තබන්න. තත්පර 15 කින් දැනෙන පහර ගණන ගණන් කරන්න. ස්පන්දන ගණන ගණනය කළ පසු, එම සංඛ්‍යාව හතරකින් ගුණ කරන්න. මෙය ඔයා⁣ට විනාඩියකින් රෝගියාගේ හදවත ස්පන්දන වාර ගණන ලබා දෙයි. උදාහරණයක් ලෙස, තත්පර 15 කින් හදවත 18 වතාවක් ස්පන්දනය වේ නම්, හෘද ස්පන්දන වේගය විනාඩියකට ස්පන්දන 72 කි.

– පුද්ගලවකුගේ හෘද ස්පන්දනය වන වාර ගණන

වයස අවුරුදු 18 ට වැඩි වැඩිහිටියන් සඳහා සාමාන්‍ය විවේක හෘද ස්පන්දන වේගය විනාඩියකට 60 ත් 100 ත් අතර විය යුතුය. වයස අවුරුදු 6 සිට 15 දක්වා ළමයින්ට විනාඩියකට ස්පන්දන 70 ත් 100 ත් අතර හෘද ස්පන්දන වේගය තිබිය යුතුය.

හුස්ම වැටෙන් නැත්නම්. නාඩි වැටෙන්නෙත් නැත්නම්, රෝගියාගෙන් කිසිම response එකකුත් නැත්නම් කඩිනමින් පපු තෙරපුම (Chest Compression) පටන් ගන්න. (නාඩි වැටෙන හුස්ම ගන්න ක්ලාන්ත හැදුන අයට මේවා කරන්න එපා)

හුස්ම නොවැටෙන්නෙ පුද්ගලයාගේ Heart එක නැවතිලා Brain එකට Blood යන එක නැවතිලා තියෙන නිසා ඔයා කරන්න ඕන නැවතුන Heart එක Start කරගෙන Brain එකට Blood supply එක දෙන එක.

– පපු තෙරපුම (Chest Compression) දෙන්න මෙහෙමයි

තමන්ගේ අත්දෙක එකට කරලා (හුරු අත උඩ නුහුරු අත හරි පහසු විදියකට) හාන්සි කරල ඉන්න රෝගියාගෙ පපුව පහලට වෙන්න මැද්දෙන් තියලා බරක් දෙමින් හොඳින් තෙරපන්න.

විනාඩියකට 120 වතාවක් වගේ වෙන්න frequency එකකින් එහෙම පපු තෙරපුම් 30 වතාවක් දෙන හැම වෙලාවෙම රෝගියාගේ නහය වහගෙන මුඛයට මුඛය තියලා හුස්ම දෙපාරක් දෙන්න. (මේ සඳහා තවත් කෙනෙකුගේ උපකාරය ගන්න) හොඳින් සිහි තබා ගන්න පපු තෙරපුම් 30යි ශ්වසන වාර 2යි. (30:2 අනුපාතෙට)

පපු තෙරපුම් දෙන ගමන් ඒ පුද්ගලයාගේ නාඩි වැටෙනවද බලන්න සැරෙන් සැරේට. නාඩි වැටෙන්න පටන් ගත්ත කියන්නේ Heart එක ආයෙත් Start උනා කියන එක. ඔයා වැඩේ හොඳින් කරලා.

නාඩි වැටෙන් නැත්නම් ළඟ රෝහලකට රැගෙන යන තුරු 1990 සුව සැරිය, ගිලන් රථය එනතුරු වෛද්‍යවරයකු වෙත යොමු කරණ තුරු, මෙි වැඩේ continue කරන්න.

මේ මගින් ඔයාට රෝගියෙකු ජීවත් කරවීමේ හැකියාව තුන් හතර ගුණයකින් වැඩි කරන්න් පුලුවන් වෙනවා.

Lifie ඔයාට ආරාධනා කරනව තවත් පුද්ගලයෙක්ගේ හුස්ම ඔහුට නැවත ලබාදෙන ආශ්චර්‍යමත් පුද්ගලයෙක් වන්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *