කෙල්ලොන්ට අම්මලා කරන්නම කියලා වද දෙන වැඩ 7ක්

Mothers Want Their Daughters to Do These Things

දුවෙක් නැති ගෙයක් මළ ගෙයක් වාගේ ය, දුවෙක් ඉන්න එක පුත්තු දහයක් ඉන්නවා හා සමානය කියලා ගෑල්ලමයාව මුරුංගා අත්තේ තියපු කියමන් අම්බානෙකට තියෙනවනේ. ඔය මොන කතන්දරවලින් උඩින් තිබ්බත් ප්‍රායෝගික ජීවිතේ ඒ කෙල්ලට ඉටිපන්දම් ගහපු කේක් ගෙඩියක් වගේ පැත්තකට වෙලා ඉන්න තියන ඉඩ අඩුයි. එහෙම ඉන්න අයත් ඉන්නවා. හැබැයි බහුතරයක් දුවලාට දුවෙක් වුණ නිසා ම කරන්න රාජකාරි කීපයක් තියෙනවා. සමහර රාජකාරි දුවලා හිතලාම කරනවා. තවත් ඒවා තියෙනවා කෙරෙන්න ඕනි නම් අම්මා දුම්මල වරම අතට ගන්න ඕනි විදියේ වැඩ. මේ එහෙම වැඩ රාජකාරී කීපයක්.

 

1. ගෙවල් අස් කරන එක

Mothers Want Their Daughters to Do These Things

Source – gotohomestay.com

උදේට ඇඳෙන් නැගිටලා ඇඳේ තියෙන රෙදි පෙරෙදි ටික හරි ගස්සන තැනේ ඉඳලා රෑට නිදාගන්න කලියෙන් නානකාමරේ හෝදන තැනට වෙනකන් අස්පස් කෙරිල්ල දුවෙක්ට කරන්න කියලා අම්මා වද දෙන්නේ නැත්නම් ඒ අම්මා කෙනෙක් නෙවෙයි. ඒ එකක්වත් නොකර ඉන්නවා නම් ඒ කෙල්ල දෝණියන්දෑ කෙනෙකුත් නෙවේ. කොස්සේ කොහු යනකන් අතුගාන්න නොකිව්වට ගෙදර පොඩ්ඩක් ප්‍රියමනාප ගතියෙන් තියාගන්න දුවගේ උදව් අම්මාට ඕනි. මකුළු දැල් කඩන්න, පරණ බඩු අයින් කරන්න, අල්මාරි අස් කරලා පිළිවෙළකට තියන්න, මිදුල අතුගාන එක, මල්වලට හවසට හවසට වතුර දාන එක අම්මා කෙනෙක් ටිකක් බර කරලා කිව්වාම දුවෙක් කරලා දෙනවා.

 

2. උයන්න උදව් වෙන එක

Mothers Want Their Daughters to Do These Things

Source – huffpost.com

ඉස්සර තමයි හැම අම්මෙක්ම ගෘහනියක් වගේ ලයින් එකක් තිබ්බේ. ඒත් දැන් අම්මාලත් වැඩට යන නිසා දිනචරියාව හරිම මහන්සි හැදෙන විදියේ එකක්. අම්මා කෙනෙක් වැඩට ගියත් නොගියත් උයන්න එන්න කියලා දුවට වදයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට දෙන දේ කාලා වෙන දේ බලන් ඉඳන් එලිසබත් මහා රාජිණී වෙන්න නොගිහින් අම්මට පොල් බෑයක් හරි ගාලා දෙන්න දුවෙක්ට සිද්ධ වෙනවා. උයලා අහවර වෙලා වළං පිඟන් හෝදන්නත් කියන්න බැරි කමක් නෑ.

 

3. සහෝදර සමාගමේ අවශ්‍යතා සොයා බැලීම

Mothers Want Their Daughters to Do These Things

Source – barkley.edu

ගෙදරක අක්කා කෙනෙක් වුණත් නංගි කෙනෙක් වුණත් අනිත් ඈයොන්ගේ අවශ්‍යතාවලට නැමෙන ගතියක් තියෙන්න ඕනි කියලා අම්මලා විශ්වාස කරනවා. ඒ නිසා මල්ලි කන්නේ නැත්තම් ඒ පෝරිසාදයාට බිත්තරයක් බැදලා දෙන්න වගේම මනුස්සයාට කන්න අතපය නැති ලයින් එකක් දෙනවා නම් කවන්නත් සිද්ධ වෙනවා. අධ්‍යාපන වැඩකටයුතු වලදී ගෙදරක දුව ටිකක් සැලකිලිමත් නිසා අම්මා කියනවා “දුවේ ගිහින් අහවලාට ගණන් ටිකක් කියලා දෙන්න” වගේ දේවල්. තව එතකොට අම්මලාට ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් සීමා තියෙනවනේ. ළමයි අම්මලාට නොකියන ඒත් සහෝදරියක් එක්ක කියන ප්‍රශ්න තියනවා. අන්න ඒ වගේ දේවල් ගැන අම්මා දැනගන්න භාවිත කරන සන්නිවේදන කුළුණත් දුව ම තමයි.

 

4. සහෝදර සහෝදරියන්ගේ ළමයි බලාගැනීම

Mothers Want Their Daughters to Do These Things

Source – equal post

ගෙදරට වෙලා ඉන්න තනිකඩ කෙල්ලෙක්ට ළමා ළපටි ඉන්න අයියෙක් අක්කෙක් ඉන්නවා කියන්නේ වෙන වැඩක් කරන්න වෙලාවක් නැති වෙන එක තමයි. ඒ පොඩි උන්ගේ ආවතේවකම් ටික දුව කරාවි කියලා අම්මා හිතනවා. අම්මා විතරක් නෙවේ බලාගන්න වෙන පොඩි එකාගේ අම්මා අප්පාත් හිතනවා මේ කෙල්ල පරිස්සමෙන් පොඩ්ඩෝ එක්ක ඉඳීවි කියලා.

 

5. ගෙදරට එන අමුත්තෝ එක්ක සිරික්කිය දාන් ඉන්න එක

Mothers Want Their Daughters to Do These Things

Source – youtube.com

ගෙවල්වලට එනවනේ එක එක විදියේ අමුත්තෝ. මේ වෙලාවට දෝණියන්දෑගේ උදව්ව අම්මට සෑහෙන වටිනවා. කතා කරන්න දේවල් නැති වුනාම දුව ගැන කතා කරන්න පුළුවන්. එතෝට තේ හදන්න, ඕවා එන මිනිස්සුන්ට අල්ලන්න වගේ වැඩත් අල්ලාප සල්ලාපයේ ඉන්න ගමන් පොඩි කැටයම් පාරක් දාන්නත් අම්මා කෙනෙක් දුවෙක්ට කියන්නේ ගෙදරට මිනිස්සු එන්න හිතලාවත් නැති කාලෙක ඉඳන්. මුස්පේන්තුකමට කාමරේට වෙලා ඉන්න එපා පොඩ්ඩක් එළි බැහැලා ඒ මිනිස්සු එක්ක කතා කරලා ඉන්නවා හොඳයි කියලා කලින්ම කියලා තියෙන්නේ දුවගෙන් විතරක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නිසා.

 

6. වැස්සක් එන වෙලාවට මීටර් සියය දුවන්න යවන එක

Mothers Want Their Daughters to Do These Things

Source – twitter.com

ලංකාවේ අපිට ඕනිම දෙයක් සිහියට එන්නේ අන්තිම මොහොතේ. අව්වේ වේලෙන්න දාපු රෙදි, කොට්ට විතරක් නෙවේ ගම්මිරිස්, මිරිස්, කහ, හාල් වගේ ඒවත් ගෙට ගන්න මතක් වෙන්නේ වැස්සක් එද්දී. නැත්තම් හැන්දෑ වෙලා ඒවා හොඳටම තෙතබරි වෙද්දී. අන්න එහෙම වෙලාවට උසේන් බෝල්ට් කරේ තියන් දුවන චීටෙක් වෙන්න සිද්ධ වෙන්නේ දුවට. අම්මට මතක් වෙන්නේ මේ දේවල් කරවන්න ගෙදර ඉන්න දුව විතරයි.

 

7. අම්මා එක්ක ගමන් බිමන් යෑම අනිවාර්‍ය කිරීම

Mothers Want Their Daughters to Do These Things

Source – greatist.com

අම්මට ටවුන් එකට, ළඟ ගෙදරකට, පන්සලට වගේ යන්න ඕනි වෙලා තනියම යන්න බැරි තනිකන් දෝසයක් ආවොතින් එහෙම ගෙදර ඉන්න කෙලීව තමයි එක්කන් යන්නේ. එන්න කියන විදියට නොගියොතින් ආය ගෙදර වසන්න හම්බ වෙන්නේ නෑ. අම්මලා කොහොමත් ආසයි දුවලා එක්ක ගමන් යන්න. ඉතින් ඒ නිසා කොහෝමහරි එක්කගෙන යනවා.

 
Cover Image Source – hechampatree.com / 123rf.com / youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *