පච්චා කෙටීම හෙවත් ටැටූ දැන් දැන් ඉතාම සාමාන්‍ය දෙයක් වී හමාරයි. ටැටූ ගහගත් අය රස්තියාදුකාරයන් ලෙස හැඳින්වීමේ සංකල්පය දැන් ඈතට ගිහින්. මීට වසර විස්සකට තිහකට පෙර පච්චයක් ගැහීම කියන්නේ වේදනාකාරී අත්දැකීමක්. එහෙත් අද යන්ත්‍රානුසාරයෙන් කරන පච්ච ගැසීම එදා තරම් දැඩි වේදනාවක් දෙන විශාල කාර්යයක් නෙමෙයි. කොහොම වුනත් ඇඳුමක් ඇඳලා ගලවන දෙයක් වැනි නොවන ටැටූ එකක් ගැසීමට පෙර ටැටූ එක ගැන දෙතුන් විටක් නෙමෙයි කිහිප වතාවක්ම සොයා බලන්නට අවශ්‍යයි. මන්ද අපේ සමේ බොහෝ කලක් මෙම ටැටූ එක අපි නියෝජනය කරමින් ලොවට පේන්නට තිබෙන නිසා.
1. සාම්ප්‍රදායික ටැටූ

Source – pintarest.com
1700 ගණන් වල යුරෝපීය නාවුකයින් ලොව වටා ආධිපත්‍යය පතුරුවන්නට පටන් ගැනීම ලොව උඩු යටිකුරු කරන්නක් වුනා. මේ හරහා ලෝකයේ එක් එක් පළාත්වල තිබූ ටැටූ කලාවන්ද ඊට සැතපුම් සිය දහස් ගණන් දුර ඈත පළාත් කරා සංක්‍රමණය වන්නට වුනා. එසේ මුලින්ම සොයාගත් පච්ච කලාවට කොලොම්බස්, කැප්ටන් කුක් වැනි දේශාටකයින් විසින් යටත් කරගත් ගෝත්‍රිකයින්ගේ කලාවන්ද යම් තරමකට බලපාන්නට ඇති. එසේ ජනප්‍රිය වූ එක් ටැටූ වර්ගයක් ලෙස සේලර් ජෙරී දැක්විය හැකිය.
2. රියලිසම්

Source – inkedcartel.com
ජනප්‍රිය පුද්ගලයින්ගේ මුහුණු ආදිය කෙලින්ම පච්චවලට යොදාගන්නා රියලිසම් නොහොත් අපට පෙනෙන සැටියෙන්ම ටැටූ එක ගැසීමේ කලාව එසේ හැදින්වේ. මෙය 20 වන සියවසේ දී පැන නැගී ලොව පුරා ජනප්‍රිය වූවකි. මෙම කලාවට වඩාත්ම යොදාගත්තේ කළු අළු සහ නිල් වැනි තද වර්ණ පමණි.
3. දියසායම් පච්ච

Source – pintarest.com
දියසායම් වලින් පාටකරන ලද චිත්‍ර වැනි වූ වෛර්ණ පච්ච මේ නමින් හැඳින්වේ. දියසායම් චිත්‍රයක් කැන්වසයක හෝ කොලයක නිමවීම පහසු වැඩකි. එහෙත් සිරුරේ සම මත සදා පවතින ලෙස එම චිත්‍ර සටහන් කිරීම අපහසු කාර්යයකි. එහෙත් විවිධාකාර වර්ණයන්ගෙන් අලංකාර වූ මෙම වෝටර්කලර් ටැටූ ගැසීමට උපන් දක්ෂයෝ රැසක්ම ලොව පුරා මෙන්ම අපේ රටේත් විසිරී පැතිරී සිටිති.
4. ගෝත්‍රික ටැටූ

Source – reddit.com
ගෝත්‍රිකයින් සම්බන්ධ චිත්‍රපට නරඹන විට ගෝත්‍රිකයෝ බොහෝවිට ටැටූවලින් සැරසී සිටිනු දකින්නට හැකිය. ගෝත්‍රික ටැටූ බොහෝවිට කළු සහ අළු වැනි වර්ණ වලින් යුක්ත විය. ඇතැම්විට මුළු සිරුර පුරාම විහිදෙන විශාලතර පච්චා මෙම ගෝත්‍රික ටැටූ ක්‍රමයෙන් සම මත බිහිකරනු ලැබේ.
5. නූතන පච්ච (නව පාසැල් පච්ච)

Source – pintarest.com
නිව් ස්කූල් ලෙස හඳුන්වන මෙම පච්චා කරළියට පැමිණියේ 1980 දශකයේ තරම් මෑතකදීය. කාටුන් චරිත සහ එම කාලයේ ජනප්‍රිය වූ මිත්‍යා කතා වල චරිත ආදිය මෙම නිව් ස්කූල් පච්චා වලදී ගහන්නට යෙදුනි.
6. පසු නූතන පච්ච

Source – pintarest.com
ඉන් පසු එළැඹෙන කාලයේදී පච්චා කලාව වඩාත් ප්‍රචලිත වන්නට විය. විවිධ ආකාරයේ පණිවුඩ රැගත් සංකීර්ණ පච්චා අත්වල බාහුවල සහ සිරුරේ තැන් තැන්වල මැවෙන්නට විය. මෙම පසු නූතන පච්ච වලදී පච්චාවේ ඉරි පැහැදිලිව නිරූපණය කරනු ලැබේ. සතුන් නිරූපණය කිරීමට මෙම ටැටූ වර්ගය පසුකලෙක සුලභව භාවිතා කරන ලදී.
7. ජපන් ටැටූ

Source – pintarest.ca
ජපානයේ ඇති ඉරෙසුමි පච්චා කලාව බටහිර ලෝකයට පච්චා හඳුන්වා දුන් කාලයටත් වඩා පැරණි පච්චා කලාවකි. විවිධාකාරයේ මකරුන්, මායා කතාවන්හි ඇති චරිත ජපන් පච්චා කලාවෙන් නිරුපණය කෙරේ.
8. බ්ලැක්වර්ක් ටැටූ

Source – stacymayer.com
මෙම ටැටූ කලාව ඔස්සේ සිරුර හැඩගන්වන ටැටූ විවිධ සම්ප්‍රදායන්ගෙන් ලබාගත් හරපද්ධතීන් ඇසුරෙන් නිර්මාණය කෙරේ. එවිට අලුත්ම ආකාරයේ ටැටූ එකක් සම මත කොටාගැනීමට හැකියාව ලැබේ. සම්පූර්ණයෙන් කලු වර්ණයෙන් හැඩ කරනු ලබන බ්ලැක්වර්ක් ටැටූ මනස කලඹන ටැටූ වර්ග රැසක් ඇති ටැටූ කලාවකි.
ටැටූ වර්ග ගැන පොඩි පහේ මූලික දැනුමක් ඔබට මේ හරහා ලැබෙන්නට ඇති. බොහෝ ටැටූ වලටත් විවිධ අර්ථකතන හා නිරූපණයන් තිබේ. ඒ ටැටූවල තේරුම් අනුව සිතූවිට ටැටූ එකක් ගැසීම යනු තවත් එක සිරුරු හැඩගන්වන විදියක් නොවේ. ඒ හරහා දීමට පණිවුඩයක්ද ටැටූ ගසාගන්නා ඇතැම් අය තුළ තිබේ.
Cover Image Source – tattoodo.com / tattooluv.com
Leave a Reply