මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
කාම සූත්‍රය සිංහලෙන් 37 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 40 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 41 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 42 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 43 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 44 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 45 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 46 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 47 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 48 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 49 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 50 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 51 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 52 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 53 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 54 කොටස
කාම සූත්‍රය සිංහලෙන් 55 කොටස
ඔන්න එහෙනම් හරියටම සති තුනකට පස්සෙ අපිට කාම සූත්‍රයේ අලුත්ම අලුත් ප්‍රකරණයක් කියවන්න අද ඉඩකඩ හම්බ වෙනවා. මේ ප්‍රකරණය හඳුන්වලා දීලා තියෙන්නෙ ‘ඊශ්වරකාමිතා ප්‍රකරණය’ කියලා. මෙහිදී විස්තර වෙන්නේ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන් බාහිර සබඳතා පවත්වාගෙන යෑමේ දී සැළකිය යුතු කරුණු පිළිබඳව.
ආරම්භයේ දී වත්ස්‍යායන පඬිතුමා පවසන්නේ (එවකට භාරතීය සමාජය ගැන සඳහන් කරමින්) රජවරු, මහ ඇමතිවරු අනුන්ගේ නිවෙස් වලට ඇතුළුවීම නොකළ යුතු බවයි. ඊට හේතුව වන්නේ ඔවුන්ව ආදර්ශයට ගෙන සාමාන්‍ය ජනතාවත් ඒ අයුරින්ම ක්‍රියාකිරීමට පටන් ගැනීමට ඇති ඉඩකඩ නිසාය. ඒ සඳහා එතුමා උපමාවක් දෙනවා. සියළු ලෝක වාසීන් ඉර උදාව දකිනවා, ඒ අනුව නින්දෙන් නැගිටීම ආදී තමන්ගේ කටයුතුවල යෙදෙනවා. එසේම සූර්යයාගේ ගමන පිළිබඳව සැළකිලිමත් වෙනවා. මේ නිසා රජවරු සහ ඇමැතිවරු සිදු කරනු ලබන ඕනෑම ගැලපෙන හෝ නොගැලපෙන ක්‍රියාවක් මුලු ලෝකයේම අවධානයට ලක්වෙනවා. ඒ නිසා මෙබඳු කටයුතුවලින් වැළකීමට එවැනි ප්‍රභූන් වගබලා ගත යුතුයි.
යම් අවස්ථාවක එවැන්නක යෙදීම අත්‍යවශ්‍ය නම් ඒ සඳහා සුදුසු උපාය අනුගමනය කළ යුතු වෙනවා.
ගැමි යුවතියන්, තරුණ ගම්පතිවරුන්, ආදායම් පාලක තරුණ නිලධාරීන්, ගොවීන් සහ ගොවිතැන් භාර තරුණ නිලධාරීන් වචන මාත්‍රයකින් වුණත් තමන් වෙත නම්මවා ගැනීමට ඉහත සඳහන් කළ ප්‍රභූවරුන්ට තමන්ගේ තනතුරු නිසා හැකියාව ලැබෙනවා. මෙවැනි අය සඳහා කාම සූත්‍රය “වර්ෂිණී”යන නම භාවිතා කරනවා.
විවිධ කටයුතු සඳහා තමන් වෙතට ඔවුන් පැමිණි විට යහපත් සබඳතාවක් ගොඩනැගීමට හැකියාව ලැබෙනවා.
මේ ආකාරයටම ගොපල්ලන්, වැන්දඹුවන්, අනාථ තරුණියන්, නූල් කටින තැනැත්තියන්, පැවිදි කතුන් තමන්ගේ සමීපතමයන් බවට පත් කරගැනීමට අවස්ථාව උදා වෙනවා.
රටවැසියන්ගේ සුවදුක් සොයා බැලීමටත් වෙස් වලාගෙන රෑ සැරිසරන විට හමුවන විවිධ පුද්ගලයන් සමඟත් මේ අයුරින්ම සම්බන්ධ විය හැකියි.
එසේම මේ ආකාරයටම සබඳතා ගොඩනගා ගත යුතු තවත් පාර්ශවයක් වන්නේ වෙළෙන්දන්ය.
කාම සූත්‍රය ලියැවෙන කාලයේදී පැවැත්වෙන විවිධ උත්සවවලදී අන්තඃපුර ස්ත්‍රීන් සහ සාමාන්‍ය තරුණියන් කෙළි සෙල්ලම් වල යෙදෙන සම්ප්රදායක් තිබී තිබෙනවා
එවැනි උත්සව අවසානයේ දී සාමාන්‍ය තරුණියන් තමන් දන්නා හඳුනන අන්තඃපුර ස්ත්රීන්ගේ කාමර වෙත පැමිණ කා බී රෑ බෝ වූ පසු හෝ පසුදින හිමිදිරියේ නික්මයෑම සිදුවුණා.
එවැනි කාලවලදී රජු විසින් හෝ අදාළ ඇමතිවරයා විසින් ලබාදුන් ත්‍යාග අතැතිව එම ප්‍රභූ නිවසේ දාසිය ප්රභූවරයාගේ සිත් ගත් කාන්තාව සමග සාකච්ඡා කළ යුතු වෙනවා. එවැනි සිත්ගත් කාන්තාවන් සඳහා වත්ස්‍යායන පඬිතුමා “ප්රයෝජ්යාව” යන නම භාවිතා කරනවා. එවැනි ප්රයෝජ්යාවන්ට දාසිය විසින් රජගෙදර ඇති විවිධ සිත්කළු වස්තූන් ඉන් අනතුරුව පෙන්විය යුතුයි.
මෙම උත්සව අවස්ථාව උදා වීමටත් පළමුව අන්තඃපුර ස්ත්‍රියක් හෝ රාජ දාසියක් ප්රයෝජ්යාවගේ නිවසට ගොස්, අසවල් උත්සව දිනයේ රජ මැදුරට පැමිණෙන ලෙසත් එහි ඇති සියලු විසිතුරු දේ දැක බලා ගැනීමට තමන් අවස්ථාවක් ලබාදෙන බවත් කියා එසේ පැමිණීමට ඇයව පොළඹවා ගත යුතුයි.
මේ ආකාරයෙන් ඔවුන් දෙදෙනා රජ මැඳුර තුළ ගමන් කරන අතරතුර රජු විසින් ඇය කෙරෙහි ඇතිකරගෙන තිබෙන බලාපොරොත්තුව පිළිබඳව හුදෙකලා ස්ථානයකදී පැවසිය යුතු වනවා. එසේම රජු රති ක්‍රීඩාවේ කොතරම් දක්ෂයෙක්ද යන්න පිළිබඳව යම් යම් ඉඟි ලබා දිය යුතුයි.
කිසියම් අවස්ථාවක රාජ දාසිය විසින් කියන ලද දේවල් ඇය විසින් පිළිනොගන්නේ නම් රජතුමාම පැමිණ ඇය සමග කතා බහ කිරීමෙන් අනතුරුව සංසර්ගය සඳහා මුල පිරිය යුතුයි. පසුදින ඇයට නිසි පරිදි සැළකීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත් කිරීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතුයි.
එසේම කිසියම් අවස්ථාවක ප්රයෝජ්යාවගේ ස්වාමියාට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වී ඇත්නම් ඔහු සමග මුළු පවුලම රජමැදුරට කැඳවා ඉහත ආකාරයෙන්ම රාජ දාසියක් යෙදවීම සුදුසුයි
එසේම අන්තඃපුර ස්ත්‍රිය සමග ප්රයෝජ්යාවගේ මේ මිත්‍රත්වය වැඩිදියුණු කොට නිතර නිතර රජමැදුරට ගෙන්වාගෙන වෙනත් කරුණක් මුවාවෙන් ඇය ඉදිරියේ පෙනී සිට තමන්ගේ අභිමතය ඇයට පැවසිය යුතුයි. අවශ්‍ය නම් ඊට පෙර ඇයට මත්පැනින් වූවත් සංග්‍රහ කිරීම සුදුසුයි.
එහෙමනම් අපි ලබන සතියේ මේ ප්‍රකරණයේ ඉතුරු කොටස කියවමු. මේ කොටසත් වෙනදා වගේම ගැලපෙන තැන්වල ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා .
Leave a Reply