මිනිස්සු කසාද බඳින්නේ ඇයි?

අවුරුදු 18-20 වගේ කාලෙදි කසාද බඳින්න කවුරුවත් කැමති නැහැ. ඒත් විසිපහ තිහ පනිනකොට කසාදයක් කරගන්න ඕනි කියන එක සිතුවිල්ලක් විදිහට කලාතුරකින් හරි හිතට එනවා. දැන් දැන් කසාද නොබැඳ ජීවත් වීම ගැන චීනය, ජපානය සහ අපේ රටෙත් කතා බහ ඇතිවෙනවා. ඒත් ජීවිතය සම්පූර්ණ වෙන්න කසාදයක් ඕනි කියන අදහස තරුණ තරුණියන්ට නැතත් දෙමාපියන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට තියෙනවා. විවිධ විවිධ මතිමතාන්තර ගොඩක් අතරේ අපි බලමු ඇයි මිනිස්සු කසාද බඳින්නේ, කසාද බැන්දම මොනාද මුහුණ දෙන්න වෙන අත්දැකීම් කියලා. 

 

1. නව ජීවිතයක් ආරම්භ වීම

දෙන්නෙක් කසාද බැඳීමත් එක්ක එතැන අලුතින් පවුල් ජීවිතයක් ආරම්භ වෙනවා. ඒ එක්ක වෙනදාට වඩා වගකීමෙන් වැඩි සාමූහික කාර්යයක් ජීවිතයට එකතු වෙනවා. තනිකඩ කෙනෙක්ට වඩා සමාජයේදී කසාද බැඳපු කෙනෙක් ගැන සමාජය සීරියස් හිතනවා වැඩියි. කොටින්ම සම්මුඛ පරීක්ෂණ ආදියෙදි වුනත් මැරීඩ් ද කියලා අහන්නේ වගකීම් සහගත බව මැරීඩ් අය තුළ ටිකක් වැඩි නිසා. දෙන්නෙක් එක්ක එකතු වෙලා, පවුල් දෙකක් එකතු වෙලා කරන විවාහය කියන දේ තුළින් සමාජීය වටිනාකමකුත් ජීවිත වලට එකතු වෙනවා.

 

2. ආර්ථිකමය අතින් ශක්තිමත් වීම

තනිකඩ පුද්ගලයින්ට වඩා බැඳපු අයගේ වියදම් වැඩියි. ඒ එක්ක අලුත් අලුත් රැකියා අවස්ථාවන්, අලුත් උසස්වීම්, රැකියා ස්ථානය වෙනස් කිරීම් වගේ වෘත්තීය ජීවිතයේ පිළිවෙලක් කරගන්නට බැඳපු අය උත්සාහ ගන්නවා. තනිකඩ කාලේ කරන ජොබ් එක කරගෙන පාඩුවේ කූල් එකේ ජීවත් වුනාට පවුල් වීමත් එක්ක ඊට වඩා එහාට ජීවිතය ගැන, රැකියා පරිසරය ගැන සැලසුම් කරන්න බැඳපු අය උත්සාහ ගන්නවා.

 

3. අකමැති වුනත් වෙනස් වෙන්න සිදු වීම

තනිකඩ රටාවට වඩා බැන්දාම අපේ අවකාශය පවා වෙනස් වෙනවා. වෙනදා කාමරේ හැඩි කරගෙන හිටපු පිරිමින්ට වුනත් කසාද බැන්දාට පස්සේ ටිකක් පිළිවෙලට ඉන්න සිද්ද වෙනවා. කොච්චර තද ගති තියෙනෙ කෙනෙක්ට වුනත් අලුත් කසාද ජීවිතේ එක්ක පෑහෙන්න නම් ඒ සඳහා කැපකිරීම් කරන්න වෙනවා. ඒ එක්ක එතෙක් තිබුන ඥාති මිත්‍ර සබඳකම්, විනෝද වැඩ, චාරිකා යෑම් ආදී ගොඩක් දේවල් කසාද ජීවිතයට අනුව හැඩගස්වාගන්න සිදු වෙනවා. ඇතැම් වෙලාවට කසාද බැඳපු කාන්තා පාර්ශවය පොඩි බහින්බස්වීමක් වුනත් තමුන් හමුවෙන්න කලින් පිරිමියා වනචාරී ගෝත්‍රිකයෙක් විදිහට ජීවත්වුන බවත්, තමුන් විසින් ඔහුව සමාජයට ගත් බවත් කියන්නට ආසයි. එහි සම්පූර්ණයෙන්ම සත්‍යයක් නැති වුනත් යම්තාක් දුරකට හෝ වඩාත් ශිෂ්ට වෙන්න, වඩාත් සමාජශීලී වන්න කසාදයෙන් පස්සේ ඉඩකඩ ලැබෙනවා. 

 

4. ලිංගික ජීවිතය

අපිට වඩා බොහොම නිදහස් වටපිටාවක් තියෙන ඇමරිකාවේ පවා කසාද බඳින්නේ නැති අයට වඩා කසාද බැඳපු අය ලිංගිකව සතුටු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. කුමන ක්‍රමයට හෝ ලිංගික සැපයක් කලාතුරකින් තනිකඩ කෙනෙක්ට ලැබුනත් බොහෝ අයට ලිංගික ජීවිතයේ අවශ්‍ය කරන හොඳ පිනුම් ගහන්නට කසාදයෙන් පස්සේ තමයි හොඳ අවකාශ ලැබෙන්නේ. අතන මෙතන හමුවී හදිසියේ ලිංගික හැසිරීම් දක්වනවාට වඩා ආදරණීය බැඳීමක් විවාහ ලිංගික ජීවිතයේ මුල් කාලේ තියෙනවා කියලා තමයි පර්යේෂකයින් කියන්නේ. ඒත් කාලෙත් එක්ක ලිංගික දේ ගැන තියෙන ආසාවත් කසාද ජෝඩු අතරත් අඩු වෙනවා.

 

5. දරු සුරතල් බලන්නට හැකි වීම

කසාද බඳින්නේ නැතුවත් දරු සුරතල් බල්නන පුළුවන්. ඒත් ඉන් පස්සේ සමාජයෙන් එන ගැරහුම් රැවුම් එක්ක ජීවත් වෙන එක ලොකු ගේමක් වෙනවා. ඒ නිසා කසාද බැඳලා දෙන්නා එක්ක එක්කාසු වෙලා දරු සුරතල් බැලීමත් කසාදයකින් පසු යුවළකට ලැබෙන අනගි තෑග්ගක්. දරුවකුගේ අගය වටිනාකම තනිකඩ අයෙක්ට කියලා දෙන්න අමාරුයි. තමුන්ගේම දරුවෙක්ගේ සුරතල් බලන්න ලැබෙන කලක එහි ඇති ආදරණීය සුන්දර බව විවාහකයින්ට හොඳින්ම අවබෝධ වෙනවා.

 

6. ජීවිතයට අලුත් වටිනාකම් එකතු කරගන්නට පහසු වීම

සමහර දේවල් කසාදය එක්ක ඉබේම ලැබෙනවා. දෑවැද්දම නොවුනත් ගෙවල්, කාර්, ඉඩකඩම්, දේපළ ආදී වටිනා කියන දේවල් සමහර අය කසාදයෙන් පස්සේ බෙදා හදා ගන්නවා. අලුතින් මොකුත්ම දෙන්නාගෙන් ලැබුණෙ නැතත් දෙදෙනාම එකතු වීමෙන් අලුත් ගෙදරකට යන්න, අලුතින් කාර් රියක් මිලදී ගන්න වගේ දේවලට පවුල් දෙකෙන්ම ආශීර්වාද ලැබෙනවා. ඒ එක්ක කලින්ට වඩා ටිකක් හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක ලයිෆ් එකකට යන්න බැන්දට පස්සේ සමහරුන්ට අවස්ථාව ලැබෙනවා. ඒත් හැමතැනදිම එහෙමම වෙන්නෙ නැහැ. ඒත් බුද්ධිමත් අඹු සැමි යුවළක් නම් නිතරම දෙදෙනාම එකතු වී ජීවන තත්ත්වය උසස් කරගන්නට වෙහෙසෙනවා.

 

7. වගකීම් හුවමාරු කරගන්නට හැකි වීම

තනිවම වෙනම ජීවත් වෙනවා නම් තනියම කෑම බීම උයාගෙන, තනියම රෙදි පෙරදි හෝදගෙන, තනියම ඉන්න තැන කාමරය හෝ ගෙදර අස් පරස් කරගෙන ඉන්න එක ටිකක් බෝරින් වැඩක්. කසාද බැන්දාට පස්සේ බිරිය සහ සැමියා අතර මේ ගෘහස්ත දේවල් වලට තියෙන වගකීම් බෙදී යනවා. මම ගෙදර් ඇතුළ අස් කරන්නම්, ඔයා එහෙනම් මිදුල පිළිවෙලක් කරන්න කියලා වගකීම බෙදාගන්න අවස්ථාවක් එනවා. ඒ වගේම තනියම ම උයන පිහනවාට වඩා දෙන්නා එක්ක එකතු වෙලා උයන වැඩ වුනත් කරන්න බැන්දාට පස්සේ සිද්ද වෙනවා. ඒ එක්ක ගෙදර තියෙන වැඩ කටයුතු ටික බෙදිලා යන නිසාත් දෙන්නත් එක්කම සමහර දේවල් සැලසුම් කරලා, කතාකරලා කරන්න ලැබෙන නිසාත් තනිකඩ කාලෙට වඩා ජීවිතේට අලුත් මිහිරක් එකතු වෙනවා.

 

කසාද බඳින්න නම් උවමනාවක්, ආසාවක් තියෙන්නට ඕනි. ඒ ගැන කිසිම ආසාවක් නැතිනම් දෙමාපිය, ඥාති, යාළුවන්ගේ බල කිරීමට කසාද ජිවිතේට පිවිසෙන එක මෝඩකමක්. කොහොම වුනත් කසාද බැඳපු අය කසාද ජීවිතේ ගැන විවිධ නොහොඳ නෝක්කඩු කිව්වත් එයාල ගොඩ දෙනෙක් කසාද ජීවිතයේ මිහිර, දවසේ ගොඩක් වෙලාවට අත් විඳිනවා. ඉතින් කසාද බැඳපු නැති, කසාද ප්‍රතික්ශේප කරන යාලුවන්ටත් පේන්න මේක ෂෙයාර් කරගන්න පුළුවන් නම් ඔවුන්ගේ අදහස ටිකක් හරි වෙනස් වෙන්න මේ විශේෂාංගය හේතු වෙයි. එහෙම නේද? 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *