කපල් එකක දෙන්නා අතර සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් එක නැතිවෙන්න පුළුවන් හේතු මේවා තමයි!

දැන් අපි සෑහෙන්න සෙක්ස් ගැන කතා කරනවනේ. විශේෂයෙන්ම ඔය ලව් එකක් එහෙම පටන් ගත්තු අලුත, සෙක්ස් කියන කාරණාවත් ඉතාම ඉක්මනට එතනට ඇදිලා එනවා. මොකද, දෙන්නෙක් බැඳුණු අලුත සෑහෙන්න තදබල සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් එකක්, ලිංගික ආකර්ෂණයක් තියෙන නිසා. ඒක හරියට මැග්නටික් වගේ. කිස් එකක් දුන්නත් ආයෙ අම්මෝ වෙලා ඉන්නේ. හැබැයි ඉතින් සමහර වෙලාවට කසාදයක් එහෙම බැඳලා ඉන්නකොට, එහෙම නැතිනම් සමහර අයගේ කසාද බඳින්නත් කලින් රිලේශන්ෂිප් එක රෙගියුලේට් වෙලා ගලාගෙන යනකොට දැන් ඔහොම ෆුල් මෙව්වා එකෙන් නැගලා යන සෙක්ස් ලයිෆ් එක පොඩ්ඩක් බෝරින් වෙන්න පටන් ගන්නවා, ඒකාකාරී වෙන්න පටන් ගන්නවා. අන්තිමට දෙන්නටම තේරෙන්න පටන් ගන්නවා ඉස්සර වගේ අර තිබුණු ගින්දර ලිංගික ආකර්ෂණය නැති වෙලා ගිහින් කියලා. ඒත් ඒකට හේතුවක් හිතාගන්න බැහැ. ඇත්තටම ඔය කාරණාව නිසා තමයි ගොඩක් සම්බන්ධතා කැඩිලා යන්නෙත්.

හැබැයි ඉතින් ඔය ලිංගික ආකර්ෂණය නැතිවෙන්න හේතුකාරණා හොයාගත්තොත්, ගොඩක් දුරට සෙක්ස් ලයිෆ් එක ආයෙමත් පරණ පුරුදු හීට් එකට ගේන්නත් පුළුවන්. ආන්න ඒ කාරණාව උඩ අපි හිතුවා, දෙන්නා අතරේ ලිංගික ආකර්ෂණය ඈලියාවට යන්න හේතු කාරණා මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. 

 

1. එකම කුකුළා, එකම කිකිළි!

අර නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියනවනේ, නිතර දකින කිකිළිගේ පෙඳේ සුදු පාට වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ කියන්නේ සරල කාරණාවක්. එකම දේ දිගින් දිගටම කරනකොට කම්මැලි වෙනවා. ඒක ලෝක සොබාවයක්. කොහොම වුණත්, මේක හැම කපල් එකකටම වෙන්නෙ නැහැනේ. ඒ කියන්නේ, මේ එකම දේ ඒකාකාරීව කරන එක කම්මැලි වෙනවා කියන කතන්දරේ ඇතුළෙම තමයි රහස තියෙන්නෙත්. එකම දෙන්නා වුණත්, හැමදාම දකින කොල්ලා හෝ කෙල්ල වුණත්, සෙක්ස් ලයිෆ් එක ඒකාකාරී විදියටම ගෙනියන්න ඕනෙද? අපොයි නෑ. අපි කලිනුත් කියලා තියෙන විදියට සෙක්ස් ලයිෆ් එක වෙනස් වෙනස් විදි වලට විඳින්න ඕන තරම් ක්‍රම තියෙනවා. ආන්න එහෙම සෙක්ස් ලයිෆ් එකේ වෙනසක් ඇති කරගත්තහම නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියලා පේන්නෙ නෑ!

 

2. මට මූව මරතැහැකි!

මෙන්න මේක නම් ටිකක් සීරියස් කතන්දරයක්. දෙන්නෙක් එකිනෙකා ගැන තරහෙන්, වෛරයෙන් එක වහලක් යට ජීවත් වෙන්න පුළුවන්ද? අපොයි පුළුවන්. කසාද බැන්ද නිසා, ඒක ලිහන්න අකමැති නිසා, ළමයි ඉන්න නිසා වගේ විවිධ හේතු උඩ දෙන්නා වෙන් වෙන්න හිතන්නේ නැහැ. හැබැයි මොකක් හරි හේතුවක් නිසා දෙන්නම එකිනෙකා ගැන හරි, එක්කෙනෙක් අනිකා ගැන හරි හොඳ හිතකුත් නැහැ. එහෙම වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු ඔන්න මිනිහා කොටුවක් පනින්න ගිහිල්ලා නෝනට මාට්ටු. ආයෙ නෝනා ඉන්නේ මිනිහව ඉස්ටු දාලා කන සයිස් එකෙන්. ඒත් ඉතින් කසාද මිනිහා නිසාත්, ළමයි බමයි ඉන්න නිසාත් උන්දැට සමාව දීලා, දීගේ පවත්වගෙන යන්න නෝනා තීරණේ කරනවා. හැබැයි මිනිහා වෙන ගෑණියෙක් ගාවට ගියාය කියන කේන්තිය නැති වෙලා නෑ. ඒ වගේම අපි කියමු කසාද බැඳලා අවුරුදු දහයකුත් ගෙවිලා, නෝනා දකින්නේ මහත්තයාගේ ඇද කුද විතරයි. දැන් මහත්තයට කම්මලේ බල්ලා වගේ ඕක පත්තියං වෙලා, මොකුත් කියන්නෙත් නෑ, දාලා යන්නෙත් නෑ. හැබැයි නෝනා ගැන තියෙන තරහත් අළු යට ගිණි පුපුරු වගේ තියෙනවා. ඉතින් සෙක්ස් කරන්න වුවමනාවක් එයිද දෙන්නට දෙන්නා ගැන? 

ඕක නම් සනීප කරගන්න එක්කෝ දෙන්නත් එක්ක අවංක කතාබහක් කරලා, දෙන්නගේ වැරදි හදාගන්න ඕන. එහෙම බැරිනම් උපදේශන සේවාවකට හරි යන්න ඕන.

 

3. කොමිනිකේෂන් අවුල්

අපි ගොඩක් වෙලාවට මේ ලව්, සෙක්ස් ඇන්ඩ් රිලේශන්ෂිප් ආටිකල් වල මතක් කරනම දෙයක් තමයි දෙන්නට දෙන්නා අතරේ තියෙන්න ඕන යහපත් සන්නිවේදනය කියන එක. මේක නැතිවෙනවා කියන්නේ ගොඩක් දේවල් නැතිවෙනවා කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, අපි පටන් ගැන්මෙදිම කිව්වා නේ දෙන්නෙක් හැමදාමත් එකම දේ ඇඳට නැගලා කරනකොට වැඩේ බෝරින් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඒක වෙනස් කරගන්න විදියකුත් නැහැ දෙන්නා අතරේ සන්නිවේදනය අවුල් නම්. උදාහරණයක් විදියට ගත්තොත්, මහත්තයා කැමතියි නෝනා ලස්සන සෙක්සි ඇඳුමක් ඇඳලා ඇඳට එනවට. හැබැයි ඒක කියාගන්න බෑ, කියාගන්න තේරෙන්නෙ නෑ, එක්කෝ ලැජ්ජයි. නෝනත් එහෙම දෙයක් කිව්වා නං එක පයින් හා කියයි. හැබැයි ඉස්සර වෙන්නෙ නෑ. ඉතින් ඔහොම තත්වයක් තියෙනකොට ලිංගික ආකර්ෂණය ඈලියාවට යෑම පුදුමයක් නෙවෙයි!

 

4. ප්‍රශ්න ප්‍රශ්න!

මේක නම් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ඔය මධ්‍යම පාංතිකයන්ට එහෙම ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. දැන් හිතන්න, ජීවත් වෙන්න සල්ලි ඕන, ඒකට ජීවනෝපායක් ඕන. හැබැයි ඉතින් ඔය ආර්ථිකය කෙළවුණු කාලෙට, තමන්ට ජීවනෝපාය මාර්ගය දියුණු කරගන්න බැරුව එක තැනම රැඳිලා තියෙන කාලෙට, රැකියාවේ ඉස්සරහට යෑමක් නැතුව එක තැන ඉන්න කාලෙකට ඒක සෑහෙන්න මානසික පීඩනයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද, තමන් උඩට නැග්ගේ නැති වුණාට, බඩු මිල, ජීවන වියදම එහෙම උඩට නොනැග තියෙන්නෙ නෑ. දෙන්නා තුන්දෙනා වෙනකොට වියදම් වැඩි නොවී තියෙන්නෙත් නෑ. ආන්න එතකොට සෙක්ස් ගැන හිතන්න පුළුවන් වෙයිද? සෙක්ස් ගැන හිතන්න වෙලාවක් තියෙයිද? එතකොට තවදුරටත් සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් එක තියෙයිද?

 

මේකට ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි, තමන්ගේ ලයිෆ් එකේ සීරියස් බැලන්ස් එකක් හොයාගන්න එක. වෙන කරන්න දෙයක් නෑ!

 

5. බර්ත් කොන්ට්‍රෝල් නිසා?

ඔව්, බර්ත් කොන්ට්‍රෝල් නිසාත් සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් එක නැතුව යන්න පුළුවන්. හැබැයි ඉතින් වාසනාවට මේක ගොඩක් දුරට කෙටි කාලීන දෙයක්. දැන් අපි හිතමු වයිෆ් මොනවා හරි උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරනවා කියලා. එතකොට ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට වයිෆ්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෙක්ස් කරන්න තියෙන ආසාවත් අඩු වෙන්න පුළුවන්. දැන් මහත්තයාට එහෙම ආසාවේ අඩුවක් නෑ. හැබැයි ඉතින් වයිෆ් වැඩේට කැමති නැති නං බලෙන් කරන්නැයි? ඉතින් මහත්තයත් හස්ත කර්මාන්තයක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ඕක දිගින් දිගටම යනකොට වෙන්නේ දෙන්නට දෙන්නා ගැන තියෙන ලිංගික ආකර්ෂණය දියවෙලා යන එක. ඒකේ තියෙන උත්ප්‍රාසය වෙන්නේ, බර්ත් කොන්ට්‍රෝල් කරන්න පටන් ගන්නෙත් නිදහසේ සෙක්ස් කරන්න වුවමනා හින්දා කියන එක!

 

මේ වගේ දේවල් ඇත්තටම කෙටි කාලීනයි. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්නයක් දැනෙනකොටම දෙන්නට දෙන්නා සාකච්ඡා කරලා, තමන්ගේ පවුල් සැලසුම් වෛද්‍යවරයා මුණගැහිලා, වෙන උපත් පාලන ක්‍රමයකට වගේ යන එක තමයි හොඳම දේ!

 

6. රූපේ දිරයි, ආතල් නොදිරයි

මේක ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් හිතයි හරිම නරක දෙයක් කියලා. ඇත්තටම නරක දෙයක් තමයි, ඒත් කරන්න දෙයක් නැති, ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක්. ඒ තමයි දෙන්නට දෙන්නා තවදුරටත් ශාරීරිකව ආකර්ෂණය නොවීම. මේක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්, විවාහ වෙලා කාරිය ළමා ළපටින් එහෙම හම්බුවෙනකොට, දෙන්නම තමන්ගේ පෙනුම, බාහිර රූපය ගැන, ඇඳුම් පැළඳුම් ගැන උනන්දුව අඩු වීම. අර කීමට කියන්නේ නෝනා හැමදාම අඳින නයිටි කඩමාල්ල ඇඳගෙන ඉන්නවා, මහත්තයා හැමදාම අඳින හඩු සරං කොටේ ඇඳගෙන ඉන්නවා කියලා. එහෙම නැතිනම් දෙන්නම හරහට ආරන්න පටන් ගන්නවා, ඇඟ එල්ලෙන්න, කැත වෙන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත්, එහෙම වෙනකොටත් ලිංගික ආකර්ෂණය නැතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් ඒකට කරන්න වෙන දෙයක් නෑ, දෙන්නට දෙන්නා තමන්ගේ බාහිර පෙනුම, රූපය, අඳින පළඳින දේවල් ගැන හැමදාමත් උනන්දු වෙන්න ඕන. ඔච්චරයි!

 

7. වෙන සම්බන්ධතා

මෙන්න මේක නම් ටිකක් සීරියස් කාරණාවක්. දැන් අපි හිතමු කසාද බැඳලා ඉන්න කපල් එකක් කියලා. ඔන්න මහත්තයා පොඩි කොටුවක් පනිනවා. ඒ කියන්නේ හෙනම ලව් එකක් නෙවෙයි. සම්පූර්ණයෙන් සෙක්ස් මත පදනම් වෙච්ච හොර සීන් එකක්. ඒක ආයෙ දිගට යන එකකුත් නෙවෙයි. හැබැයි එහෙම සීන් එකක් නිසා, ගෙදර නෝනව එපා වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. හැබැයි අපි හිතමු මහත්තයා ප්‍රයිවට් සෙක්‍රටරි එක්ක හොර ලව් එකක් පටන් ගත්තා කියලා. ආයෙ ප්‍රේම ගඟේ පීන පීන, අනාගත සැලසුම් හදන ලෙවල් එකේ ලව් එකක්. ආන්න එහෙම සීන් එකක් වෙනකොට ගෙදර නෝනා අමතක වෙන ඉඩ 100% යි! දැන් එහෙම දෙයක් තියෙනකොට ගෙදර නෝනා එක්ක ලිංගික ආකර්ෂණයක් තියෙයි කියලා හිතනවද? නෑ, ඒකත් එහෙම්මම නැතිවෙලා යනවා.

 

මේකට නම් ඉතින් කරන්න පුළුවන් එකම දෙයයි. දෙන්නට දෙන්නා අවංක වෙන එක. තමන්ගේ සම්බන්ධය නැතුව පස්සේ පටන් ගත්තු ලව් එක ඕන කියලා හිතෙනවා නම්, කසාදේ ඉවර කරලා ලව් එක කරගෙන යන්න ඕන. එහෙම නැතිනම් හොර ලව් එක නවත්තලා, ගෙදර නෝනට ආයෙමත් ලව් කරන්න පටන් ගන්න ඕන!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *