මේ දේවල් කලොත් ඉක්මනින්ම ඔයාගේ ආත්ම විශ්වාසය ඉහල යාවි

Boost your self confidence

ආත්ම විශ්වාසය කියන්නෙ මිනිහෙක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයක්. තමන් කරන ක්‍රියාවක් ගැන, තමන් ගැන තමන්ට තියෙන්න ඕන ඕනේ විශ්වාසය ආත්ම විශ්වාසය විදියට හඳුන්වනවා. තමන් ගන්න තීරණය සෘජුව ගන්න ආත්ම විශ්වාසය බලපානවා.

කොහොමද අපි අපේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නෙ?

ඒ ගැන තමයි මේ කියන්න හදන්නෙ…

 

1. අත්දැකීම් වැඩිකරගන්න

Boost your self confidence

Source – insightexperience.com

ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන දෙයක් තමයි අත්දැකීම් කියලා කියන්නේ. යම් ක්ෂේත්‍රයක බොහොමයක් අත්දැකීම් තියෙන කෙනෙක්ට ඒ ක්ෂේත්‍රය ගැන තීරණ ගැනීමේදී දෙගිඩියාවකට පත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම යම් ක්ෂේත්‍රයක අත්දැකීම් තියෙන කෙනෙක්ට ඒ ක්ෂේත්‍රය ගැන තියෙන නිපුණතාවත් වැඩියි. ඉතින් නිපුණතාවය ඉහළ නම්, දෙගිඩියාවකට පත් වෙන්න තියෙන ඉඩ කඩ අඩුනම් ඔබට ඒ ක්ෂේත්‍රය තුළ තමන් ගැන විශ්වාසයක් ගොඩ නගාගන්න හැකියාව ලැබෙනවා. අර කතාවටත් කියන්නේ අත්දැකීම් තමයි මිනිසා පරිපූර්ණ කරන්නෙ කියලා.

 

2. සෘජු පුද්ගලයෙක් වන්න

Boost your self confidence

Source – espncricinfo.com

සෘජු බව කියන්නේ මිනිසා තුළ තිබිය යුතුයි කියලා බුදුන් වහන්සේ පවා දේශනා කල ගුණාංගයක්. නායකයෙක් ලෙස කටයුතු කරද්දී නිරන්තරයෙන්ම මේ සෘජු බව ප්‍රයෝජනවත් වෙනවා. අද සමාජය හැදිල තියෙන ස්වභාවය අනුව හැම දෙනාම නායකයෝ නේ. ඒ හන්දා උපදෙස් ලබා දීමේදී, තීරණ ගැනීමේදී මේ සෘජු බව ප්‍රයෝජනවත් වෙනවා. වඩා යහපත් යැයි කියලා හිතෙන දෙයක් ක්‍රියාත්මක කරන්නට සෘජු තීරණ ගැනීම ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වන්න ලබා දෙන දායකත්වය මෙතකැයි කියන්නට බැහැ.

 

3. සියලු දෙනා කෙරෙහි මිත්‍රශීලී වන්න

Boost your self confidence

Source – confrontingissues.com

සෘජු කියලා අපි අදහස් කළේ ඒකාධිපති ස්වරූපය නෙමෙයි. අවසාන තීරණය ගැනීමේදී දක්වන සෘජු බව. මේ කතා කරන්නෙ යම් තීරණයක් ගැනීම ඔබට පැවරෙන තුරු, ඒ තීරණය හා සම්බන්ධ වන සියලු දෙනා සමග ඔබ දක්වන සබැඳියාව පිලිබඳවයි. ඔබට ඔබ කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩ නගාගන්න හේතු වන ප්‍රධාන සාධකයක් තමයි අනිකා ඔබ කෙරෙහි දක්වන විශ්වාසය. ගෙදරක පවුලේ අනිත් අය තමන් කෙරෙහි විශ්වාස නැත්නම් තාත්තට ඔහු කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නෑ. ගෙදරක විතරක් නෙමෙයි රටක උනත් රටේ නායකයා කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඒ නායකයාට ඔහු ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ආත්ම විශ්වාසය ඇති කර ගැනීම කෙරෙහි අනිකා තමන් කෙරෙහි දක්වන විශ්වාසයත් බලපානවා. ඉතින් මිත්‍රශීලී නොවී අනිකාගේ විශ්වාසය දිනාගන්නෙ කොහොමද..?

 

4. පසුතැවීම් වලින් මිදෙන්න

Boost your self confidence

Source – greatist.com

ඕනෑම කෙනෙක්ට පසුතැවීම් ඇති වෙන්න පුලුවන්. ඒත් ඒ පසුතැවීම් හැමදාම තියෙන පසුතැවීම් නම් ඒකෙ තේරුම ඔබ ඒ වරද නිවැරදි කරන්න උත්සාහ අරගෙන නෑ කියන එකයි. එහෙමත් නැත්නම් ඒ සඳහා සාර්ථක උත්සාහයක් අරගෙන නෑ කියන එකයි. කොහොම උනත් අතීතය ගැන තියෙන පසුතැවීම් ඔබට ඔබ ගැන විශ්වාසය ගොඩ නගා ගැනීම ප්‍රමාද කරනවා. එහෙම උනාම දෙයක් කරන්න කලින්, තීරණයක් ගන්න කලින් ඔබට හිතෙන්න ගන්නවා “අයියෝ මේකත් අර වගේ වෙයිද දන්නෑ.. අදත් එදා වගේ වේවිද දන්නෑ” වගේ දේවල්. අන්න ඒ සිතිවිල්ල ඔබට ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න ඉඩ දෙන්නෙ නෑ. ඉතින් ඔබ කරන්න ඕන පසුතැවීම් විය හැකි අවස්ථා අවම කර ගැනීම වගේම පසුතැවීම් ඉක්මනින් සමනය කර ගැනීමයි.

 

5. අනෙකා සමග අනවශ්‍ය ලෙස තරඟකාරී වීමට නොයන්න

Boost your self confidence

Source – bphope.com

අපි මානසිකව දුර්වල වෙන්න, අපි ගැන විශ්වාසයක් නැති වෙන්න තවත් හේතුවක් තමයි අපි තව කෙනෙක්ට සාපේෂක්ව අපව සැසඳීම. ඔහු හෝ ඇය හෝ ඒ පිරිස අපට වඩා පිටුපසින් නම් ඉන්නේ අපේ විශ්වාසය වැඩි වෙනවා. හැබැයි ඔවුන් ඉන්නේ අපට වඩා ඉදිරියෙන් නම් ඔබේ විශ්වාසය බිඳ වැටෙනවා. අඩු වෙනවා. ඔබට ඔබ ගැන අඩු තක්සේරුවක් එනවා. “අයියෝ අරයා මට වඩා ඉස්සරහින්නෙ ඉන්නේ” කියලා කලකිරීමක් එනවා. ඒ අඩු තක්සේරුව එක්ක, ඒ කලකිරීම එක්ක ඔබට ඔබ ගැන විශ්වාසය ගොඩ නගාගන්න එක අසීරු වන්න පුලුවන්. ඒ නිසා ඔබ කල යුතු වන්නේ ඒ වෙනුවට තමා සමගම තරඟයක් ඇති කර ගැනීමයි.

 

6. සියල්ල මනා ලෙස කළමණාකරණය කරන්න

Boost your self confidence

Source – pipedrive.com

මිනිහෙකුගේ සිතේ තමා ගැනම විශ්වාසයක් ගොඩ නැගෙන්නට හැම දෙයක්ම මනා ලෙස කළමනාකරණය වීමත් වැදගත් ලෙස බලපානවා. ඒ කියන්නෙ මොකක්ද? මෙහෙමයි. ඔබේ පවුල, සේවා ස්ථානය, ඔබේ මිතුරන්, ඔබේ ඥාතීන් ආදී නේක විධ මිනිස් පිරිස් ඇසුරේ ඔබ ගෙවනා ජීවිතය ඔබට මෙන්ම ඔවුනටද වටිනා කමක් එක්වන ලෙස ඔබ හැසිරුණොත් ඔබේ සිතට ප්‍රමෝදයක් එක්වනවා. ඒ ප්‍රමෝදය ඔබේ සිත කනස්සල්ලෙන් මුදවනවා. ඉතින් කලින් කිවුවා වගේ කනස්සල්ල නැති වෙන තරමට ඔබට ඔබ ගැන ඇති විශ්වාසය වැඩියි.

 

7. ශාරීරික සහ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගන්න

Boost your self confidence

Source – surgefitnessjc.com

අලස ජීවිතයකට හුරු නොවී යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන එකත් ඔබේ ආත්ම විශ්වාසයට දැඩි රුකුලක් වේවි. යහපත් ආහාර පාන සහ ව්‍යායාම ලැබීමත්, මානසික සුවයට අවහිර කරන අනවශ්‍ය බාධාවන් ඉවත්කර යහපත් මානසික තත්ත්වයක් පවත්වාගෙන යාමත්, ඔබට ඔබ ගැන හොඳ ආත්ම විශ්වාසයක් ඇති කරවන්න ඉවහල් වේවි.

ඉතින් මෙන්න මේ විදිහට ආත්ම විශ්වාසය ඉහළ නංවන්න අපට ඔබට උපදෙස් කිහිපයක් දෙන්න පුලුවන් කම තියෙනවා. ඇත්තටම ඔබට මේ ගුණාංග තියෙනවනම් ඔබ තුල ලොකු ආත්ම විශ්වාසයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හැම විටම ඔබ කෙරෙහි විශ්වාසය තබන්න. එය ඔබව ඉදිරියට ගෙනයාවි.

 
Cover Image Source – builttowin.com / psu.edu / thewellnessuniverse.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *